Skip to main content
All Posts By

Eranda

පින්වත් කළණ මිතුරෙකුගේ හා මිතුරියකගේ දායකත්වයෙන් රු 25,000/- ක් වටිනා ධර්මාසන පූජාවක් සිදුකල වගයි …

By All Posts

‍2015 සැප්. 23 වැනි දින පැවැත්වූ සුමදුර ධර්ම දේශනාවේදි පින්වත් කළණ මිතුරු මිතුරියන් දෙදෙනෙකුගේ පූර්ණ දායකත්වයෙන් රු 25,000.00ක් වටිනා ධර්මාසන පූජාවක් සිදු කලා.

මේ වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ

‍මධුභාෂණි මහත්මිය හා රොෂාන් පෙරේරාමහතා රු 12500.00

සම්පත් මහතා……………………………………………….රු 12,500.00

———————————————————————-

මුලු වියදම……………………………………………………රු 25,000.00

“සබ්බ දානං ධම්ම දානං ජිනාති” කියල අපි අහල තියෙනව. ධර්මදානය සියලු දානයන් අභිබවයි කියල. එතකොට ධර්ම දානය කියන්නෙ ධර්මය කියවීමම පමණක් නෙවෙයි. Read More

රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහනේ රු 50,000/-කට ආසන්න වියදමක් දරමින් සිදුකල සුමදුර ධර්ම දේශනය පැවැත්වූ වගයි …

By All Posts

රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහන 2015 සැප්. 23 වැනි දින ‍පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත් වූවා.

 

පින්කමවෙනුවෙන් පහත නම් සදහන් පින්වත් කළණ මිතුරැ මිතුරියන් දායකත්වය ලබාදුන්නා.

 

රොශාන් ප්‍රගීත් මහතා රු 62,000/-
කල්පන අතුරුගිරිය මහතා රු 40,000/-
මදුභාශිනි මිය හා රොෂාන් මහතා රු25,000/-
කැලූම් සම්පත් මහතා රු 25,000/-
දීපිකා මෙනෙවිය හා මිතුරියන් රු 20,700/-
දුලිප් දෙකනවක මහතා රු 16080/-
සේපාලිකා නංගි රු 16,000/-
පුබුදුනි අක්කා  රු15,000/-
සුජී ආරච්චිගේ මිය රු 11,000/-
අසංකා ජයමාලි මිය  රු 10,000/-
රජිත තෙන්නකෝන් මහතා රු 8,000/-
වසිත පේරේරා රු 4,000/-
එරංග සෙනෙවිරත්න මහතා රු 3,500/-
නුවන් මලින්ත මහතා 3,000/-
ඉෂාන් උදය මහතා රු 2,000/-
සුපුන් චතුරංග මහතා රු 2,000/-
තිළිණ විෙජ්වර්ධන මහතා රු 1,000/-
හිරන්ත මදුසංක මහතා රු 500/-
චෛත්‍ය ශ්‍රමදානයේ ඉතිරි රු 5,530/-

————————————————————

සම්පූර්ණ වැඩසටහනට යොමුකල මුදල  රු 270,310.00

 

පින්කමට අදාල එක් අංගයක් උනේ සුමදුර ධර්ම දේශනයයි. එහි වියදම් විස්තරය මේ අයුරින් සටහන වෙනව

විදුලි අලංකාරයට රු15000/-
පාවඩය  රු 6000/-
බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ගමන් වියදම  රු 5000/-
කැමරාව සදහා වයදම රු 5000/-
සමරැ ඵලක නිර්මාණය රු 4000/-
බැනර් රු 2800/-
හේවිස සදහා රු 3500/-
නුවර එළියෙන් මල් ගෙන්වීම රු 3000/-
ප්‍රවාහන වියදම  රු 1200/-
ශබ්ද විකාශණ සදහා රු 1000/-
පොල්තෙග් රු 900/-
ලිපිද්‍රව්‍ය රු 600/-
ගමන් රු 390/-
සුලූ වියදම් රු 1080/-

—————————————–

එකතුව 49170

 

ඉතිරි 221140 ක මුදල එදින පැවැත් වූ ගැබිණි මවුන්ට පෝෂණ මලු ප්‍රදානය, අසරණ වැඩිහිටියන්ට ආහාර මලු ප්‍රදාණය හා පාසැල් දරුවන්ට පාසැල් උපකරණ ප්‍රදානයට වෙනුවෙන් යොදාගත්තා. එම විස්තර එකින් එක පලකරන්නම්. වියදම් වලට අදාල බිල්පත් ලැබෙමින් පවතින අතර ඉක්මනින් ඒවා පලකරන්නම්.

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

බොහෝ දෙනාට පි‍්‍රය වීම (බහුනො ජනස්ස පියො හොති)

  1. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
  2. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
  3. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
  4. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

 

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

ධර්ම දේශනා කිරීම

  1. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
  2. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
  3. ධර්මය ඉගැන්වීම
  4. පිරිස් වලට බණපොත් කියවීම
  5. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
  6. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
  7. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
  8. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
  9. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
  10. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
  11. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
  12. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
  13. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
  14. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

 

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම

3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.

6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

 

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

මෙවන් මහ පින්කමක් සිදුකල ඔබ සියල්ලන්ගේ  නමින් පරලොව ගිය වරිග පරම්පරාවේ සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්, නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.

මේ පින්කම සිදුකල සිදුකල ඔබ සියලු දෙනාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් බලයෙන් සසර පුරාවටම නිදුක් නිරෝගී ජීවිතයක්ම උදාවේවා. පින්කමේ අනුහසින් නිවන් දක්නා ජාති දක්වාම ඔබ ලබාදෙන වතුර වීදුරුව පවා තව කෙනෙකුට ඖෂධයක් වේවා නිවන් දක්නා ජාති දක්වා ඔබට පඨයි, ආපෝ,තේජෝ,වායෝ ධාතූන්ගෙන් ( උණුසුම හෝ දිරුරේ උෂ්ණය ) කිිසදු පීඩාවක් නොවේවාත ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්සාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා.  මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා.  සතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා …

මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා….

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

 

තණමල්විල සූර්ය පැනල පූජාව ...

තණමල්විල සූර්ය පැනල පූජාව …

මුහුණුපොකේ පින්වත් කළණ මිතුරන්ගේ දායකත්වයෙන් හෙළ දිව සංස්කෘතික කවයේ සභාපති වෛද්‍ය දහම් රත්වත්තේ මැතිතුමාගේ ජන්ම දිනය සමරා කතරගම මහ පින්කම් සිදුකල වගයි …

By All Posts

මුහුණුපොතේ පින්වත් මිතුරෙකු රොෂාන් ප්‍රගීත් මහතාත් පින්වත් මිතුරියක වූ වත්සලා ජීවපානී මෙනෙවියගේත් පූර්ණ මූල්‍ය දායකත්වයෙන් හෙළදිව සංස්කෘතික කවයේ සභාපති වෛද්‍ය දහම් රත්වත්තේ මැතිතුමාට දීර්ඝායුෂ පතා කතරගම කිරිවෙහෙර, අෂ්ඨපල බෝධිය, දේවලාය යන ස්ථානයන්හි පින්කම් පුද පූජා පැවැත් වුනා.

 රොෂාන් ප්‍රගීත් මහතා රු 10,000.00කින්ද වත්සලා ජීවපානී මෙනෙවිය රු 1000.00ක්ද දායකත්වය ලබා දුන්නා.

වියදම්
අට පිරිකර සහ සිව්රු පිරිකර වෙනුවෙන් වියදම රු 9.000
නෙලුම් මල් වෙනුවෙන් රු 1 000.00
කතරගම දේව පූජාව රු 1250.00
————————————————-
මුලු වියදම රු 11,250.00

 අය වැය පියවීම රු 250.00 අප විසින් සිදු කලා.

 මෑතකාලයේදී මුහුණුපොතින් හැමදෙනාම පින්වත් දහම් රත්වත්තේ මහතා  දුකින් පෙලෙන සත්වයන් හට සැනසීම ලබාදෙන සාදුවරයෙක් බවට ඉක්මනින් පත්වුනා. අපි විසින් පුද්ගලිකව දන්නා පරිදි බොහෝ පිරිසකට සැනසීම ලබාදෙන්නට එතුමා සමත් උනා. ඒ වෙනුවෙන් මැදිහත් වී කටයුතු කරන්නට හැකිවීම අප ලද සුවිශේෂ පිනක්. කෙසේ උනත් එතුමා පිපිලබද වැඩි දුර තොරතුරු එතුමා විසින් පැවසීම ප්‍රතික්ෂේප කිරීම නිසා අප එතුමා පිලිබද දන්නේ ඉතාම අල්ප තොරතුරුප්‍රමාණයක්. කොහොම නමුත් සැප්තැම්බර් 17 වැනිදාට එතුමාගේ ජන්මදිනය යෙදී තිබුනා. ඒ වෙනුවෙන් එතුමාට ආශිර්වාද පතා සැප් 16 වැනි දින රාත්‍රියේ කතරගම දෙවියන් අභියස විශේෂ පූජාවක් සිදුකලා. පසුදින කිරි ආහාර පූජාවක්, නෙලුම්මල් පූජාවක්, අෂ්ඨපරිෂ්කාර පූජාවක් සිදුකල අතර කතරගම පිහිටි අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේට චීවර පිරිකර පූජාවක් සිදු කෙරුනා. එපින්  පින්වත් රත්වත්තේ නිලමේතුමන්ටද හිමිවීම තුලින් එතුමා‍ෙග් දේවාත්මය තවදුරටක් ශක්තිමත් වේවා. වඩ වඩාත් දිව්‍ය ඉසුරු හිමිවේවා.

Read More

ශ්‍රී සම්බුද්ධ රාජ චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙන් ශ්‍රමයෙන් දායක වීමු …

By All Posts

පින්වත් මිතුරු මැතුරැ මිතුරියන්ගේ දායකත්වයෙන් අපි මාතලේ උල්පත්ගම මහමෙව්නා භාවානා අසපුවේ ඉදිවන ශ්‍රී සම්බුද්ධ ජාජ චෛත්‍යරාජයන් වහන්සේට ශ්‍රමදානයක් සිදුකලා.

N.හේරත් අක්කා   13000/-

ශෙහාන් බොතේජු මහතා   රු 1000/-

සමීර අබේවික්‍රම 1000/-

නම් සදහන් නොකල රු 1000/-

හිරන්ත මදුසංක රු 500.00

ශ්‍රවණාධා රඋපකරණයෙන් ඉතිරි මුදල රු 8700/-

—————————————–

එකතුව 25200.00

 (රු 8700.00 ලද ලින්ක් එකට මෙතනින් පිවිසිය හැකිය http://www.sasuna.blogspot.com/2015/08/blog-post_9.html )

බස් රථය සදහා වියදම රු 14,200.00

උදෑසන ආහාරය සහ තේ වියදම 5530.00

——————————————–

එකතුව 19730.00

 ඉතිරි මුදල රු 5470.00
සැප්තැම්බර් 23 ධර්ම දේශනය වෙනුවෙන් එම මුදල් වෙන් කලා.

වියදම් සදහා සම්පූර්ණ බිල්පත් නොලැබුන බැවින් ඒවා දින දෙක තුනක් ඇතුලතදී පලකරන්නම්.

 පින්වත් මිතුර මිතුරයනි ඔබ මේ පින්කමට දායක වීමෙන් සිදුකර ගත්තේ මහා කුසල් නස්මබාරයක්.

මේ බලන්න.

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ‍ප්‍රමාණය කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

  1. පභංකර ථේරාපදානය

පදුමුත්තර බුදුරජුන්ගේ ස්ථූපයක් චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත් මහා වනයෙහි විය. චෛත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලුනු බිඳී ගිය එකක් විය.

මම වනයේ කටයුතු කරන වන කාර්මිකයෙක් වීමි. මම එම බුදුරජුන්ගේ ධාතු නිදන් කළ සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපිදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වයහන්සේගේ මෙම ස්ථූපය පිරිසිදු නොකර අන් කටයුතු වල යෙදෙන්නේ නම්, එය නුදුසුදුයි සිතා මම චෛත්‍යයෙහි වූ කොළද, දරද, වැල්ද, පිරිසිදු කොට ගලවා දමා අටවරක් නැවුණේ, උක්කුටියෙන් හිඳ වැඳ ගියෙමි. මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද චිත්ත ප්‍රීතියෙන් කළ පැතුම කරණ කොට ගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොව උපත ලැබුවෙමි. එහි මට මැනවින් කරන ලද විමානය රුවන්මුවාය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පළලය. මම තෙසිය වරක් දිව්‍ය රාජ්‍ය කරවීමි. පස්විසි වරක් සක්විති රජවීමි.

මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භෝග ලැබීමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නම් නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ. දෝලාවකින් හෝ ඇතුපිටින් වනයෙහි ගමන් කරන්නා වූ මට එහි යම් යම් දිශාවකට ගමන් කළෙම්ද වනයම මට පිහිට ඇතිකරයි. එසේ යන කල්හි කණුවක් හෝ කටුවක් හෝ මම ඇසින් නොදකිමි. චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාකයෙන් එම කණු කටු තෙමේම ඉවත් වෙයි. කුෂ්ඨද සිරුරෙහි හැදෙන ගඩ ගෙඩිද, කිලාසනම් කුෂ්ඨ විශේෂයද, අපස්මාරයද, මීමැස්මොරයද, විතච්ඡිකානම් කුෂ්ඨද, දද ද, කැසිලි ද මට නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මාගේ සිරුරෙහි, හටගත්තා වූ ස්වල්ප මාත්‍රවූ ද බිබිලක්ද නොදකිමි.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් දිව්‍ය වූද මනුෂ්‍ය වූද භව දෙකෙහි පමණක් සැරි සැරුවෙමි.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මම හැම තන්හි රුවන්වන් වූයේද පැහැ පත් වූයේ ද වෙමි.

බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා නොකැමති දෑ බැහැරවෙයි. කැමති දෑ එළැඹසිටි.

බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා ගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත්වූ පිරිසිදු එකක් වේ.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් එක අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.

මින් සියක් දහස් ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කලෙම් ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ සෑය පිරිසිදු කිරීමෙහි විපාකයයි.

  1. නාගසමාල ථේරාපදානය

මම සියලු නගර වාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා නගර මැද වීදියෙහි සුණු ගඩොල් ආදියෙන් නිමවන ලද සිබී බුදුරජුන්ගේ ස්තූපයට ආදර සිරතව පලෝ මලක් ගෙන තැබීමි.

මින් එක්තිස්වන කපෙහි වූ, එකල්හි යම් පුණයකර්මයක් කලෙම්ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ ස්ථූප පූජාවෙහි විපාකයයි. මින් පසෙලොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති “භූමීය” නම් සක්විති රජෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද අෂ්ඨි විමෝක්ෂයෝද ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

  1. සුධා පිණ්ඩිය ථේරාපදානය

සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ සෑයට මා විසින් පැහැදුනු සිතින් සුණු පිඬක් දෙන ලදී. එයින් සෑය පිළිසකර කෙරිණි.

මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් පින් කමක් කලෙම්ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. සෑ පිළිසකරෙහි ප්‍රතිසංස්කරණයෙහි විපාකයයි මේ.

මින් තිස්වන කපෙහි සත් රුවනින් යුත් “පටිසංඛාර” නම් වූ සක්විති රජ කෙනෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද, අෂ්ඨ විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් සුධා පිණ්ිය තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

  1. සපරිවාරිය ථේරාපදානය

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතු නිදන් කල මහත් සෑයක් විය. මම අති උතුම් ධාතු ගර්භයෙහි දිව රෑ දෙක්හි උවටැන් කලෙමි. පහන් සිත් ඇතිව, සොම්නස් ඇතිව එහි සඳුන් වේදිකාවක්ද කලෙමි.

මේ පුණ්‍ය කර්මයේ විපාකයෙන් දිව්‍ය වූ හෝ මානුෂීය වූ හෝ භවයෙහි උපදින කල්හි මාගේ පහත් බවක් නොවීය. මේ පූර්ව කර්මයේ මින් එක් දහස් පන්සිය වන කපෙහි මහත් බල ඇති “සමත්ත” නම් වූ ඒ සියලු සක්විති රජවරු අට දෙනෙක් වූහ.

  1. පිළින්දවච්ඡ ථේරාපදානය

සුමේධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති සොම්නස් වූ මම ස්ථූප පූජාවක් කළෙමි.

එම ථූප පූජා කිරීම් වශයෙන් ඇතිවූ චිත්ත ප්‍රසාදය කරණ කොටගෙන මම දිව්‍ය විමානයක උපනිමි. අසූ දහසක් දෙවඟනෝ මාගේ සිත සතුටු කරවූහ. එම අප්සරාවෝ සියලු කාමයන් කරණ කොටගෙන මා අනුවම පවතිත්, මම අනෙක් දෙවියන් සම්පත්තියෙන් ඉක්ම වීමි. මේ ස්ථූප පූජා පුණ්‍යකර්මයාගේ විපාකයයි.

මම එකල්හි පස් විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති “වරුණ” නම් සක්විති රජෙක් වීමි.

මම එහි රාජ්‍ය කොට නැවත දිව්‍ය ආත්මභාවයට පැමිණියෙමි. එකල්හි ද මට මෙබදුම වූ භෝග සම්පත්ති තොමෝ උපන්නය.

මිතුරු වූ හෝ පසමිතුරු වූ හෝ සියලු ප්‍රාණීහු මට හිංසා නොකෙරෙත්. මම සියලු දෙනාටම ප්‍රිය වීමි.. මේ ස්ථූප පූජා පුණ්‍යකර්මයාගේ විපාකයයි.

මේ භද්‍ර කල්පයේ මම මහානුභාව ඇති මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.

06 සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.හැම තැනම ප්‍රදීප දැල්වේ.

2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)

3.තීක්ෂණ නුවණ ලැබේ.

4.යසසින් දිලිසෙත්

5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්

6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

ඊට අමතරව පහත ආනිසංස දක්වා ඇත

1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.

  1. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී

3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි

4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි

5.අප්‍රියයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ

6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ

7.සක්විති රජ පදවිය හිමි වේ

8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ

9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ

10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ

11.නිර්වාණය අවබෝධ වේ

12.එතෙක් කිසිදු දුගතියක නූපදී

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා.

ඉතින් මේ පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාටත් ඔබේ බිරිද හෝ ස්වාමි පුරුෂයාටත් දරු මුනුබුරන්ටත් දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා. මේ අප්‍රමාණ පූජාවේ ආනුභාවයෙන් ඒ දෙමාපියන්ට ස්වභාවිකව ඇතිවන පංචස්කන්ධ‍යේ දුර්වලකම් පවා අවම මට්ටමකට පත්වේවා. ඇස් පෙනීම අඩුවීමෙන් කණ් ඇසීම අඩුවීමෙන් ඇතිවන පීඩාවන් පවා අවම වේවා. ඒ පින්වත් දෙමාපියන් මියගොස් ඇත්නම් ඔවුන් දුක්ඛිත ස්ථානවල සිටීම සුවදායී ස්ථානයන්ට පැමිණේවා, සුවදායි ස්ථාන වල සිටීනම් තව තවත් ඒ සැප සම්පත් වර්ධනය වේවා.

මෙපින් බලෙන් ඔබ සියලු දෙනාගේම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව යන සියලු කාරණාවෝ වර්ධනය වේවා. ඔබට ඇති දුක් හිරිහැර බාධා සියල්ල දුරුවේවා. සසරේ සිදුකල ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් පින් ඇති මේ කුසලයෙන් ඔබේ සියලු නරක කර්ම විපාක යටපත් වේවා.  සැගවී ඇති පුණ්‍යස්කන්ධයෝ මතුවේවා. හොද නරක හොදින් හදුනාගෙන හොද මගේ යාමට ඔබට වාසනාව ලැබේවා. සතර වරම් දෙවියන් ඔබට සතර වටින්ම ආරක්ෂාව සලසත්වා. යන එ‍න සියලු ගමන් බිමන් වලදී දෙවියන්ගේ අරක්ෂාව ලැබේවා. නිවක් දක්නා ජාති දක්වාම නැහැ බැහැ කියයන වචනයවත් අසන්නටවත් නොලැබේවා. සෑම වස්තු සම්පතක්ම පිරී ඉතිරේවා. පිරිස්සම්පත් පිරී ඉතිරේවා. කෙතරම් ධනය බලය තිබුනත් නිහතමානී සිත් පහලවී දාන ශීල භාවනා ආදී සියලු කුසල්වලට සිත් පහල වේවා. වැඩි වැඩියෙන් දන්දෙන්නත් හිතූ පැතූ සම්පත් දන් දෙන්නත්, දන් දෙන ප%මාණය දෙකුළ තෙලුන වී ආපසු ලැබෙන්නටත් මේ කුසල් හේතුවාසනා වේවා. සම්බුද්ධ ධර්මය හොදින් හදුනාගෙන අවබේධ කරගෙන ඒ මහගේ ගමන් කිරීමටත් කෙළවර පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීමටත් ඔබට මේ පින්කම් හේතුවාසනා වේවා.

අපටද පැතූ බෝධියෙන් නිර්වාණ සුවය ලගාකරගන්නය මේ පින් හේතුවාසනා වේවා …

 

සම්බුද්ධ රාජ චෛත්‍ය ශ්‍රමදානය - මාතලේ

මාතලේ මඩවල මහමෙව්නා භාවනා අසපු‍වේ සම්බුද්ධ රාජ චෛත්‍ය ශ්‍රමදානය

මහානුභාව සම්පන්න ධර්මදානයක් සිදුකල වගයි …

By All Posts

අද දින 2015/08/24 ජනකලියනගේ  මහතා විසින් සන්නිවේදන උපකරණ කට්ටලයක් කුරුණෑගල නැළව පරමාර්ථ ධර්මායතනයට පූජා කලා .

එතුමා මේ වෙනුවෙන් රු 40,500/- ක මුදලක් යොමු කලත් ඒ සදහා අපට වියදම් වූයේ 29,200.00 ක් පමණයි. ඇම්ලිෆයරය, සහ බෆල් සදහා රු 28,500.00 ක් පමණක් වැය උනා. ප්‍රවාහනය සදහා රු 700/- ක් පමණ වැය උනා. ඉතිරි මුදල් පිලිබද එතුමා දැනුවත් කලා.

පින්වත් යාලුවනේ ඔබ හිතන්නෙ මේ දානය කුමන වර්ගයට අයත් එකක්ද කියලද ? මේක මහා ධර්ම දානයක්.

පින්වත් යාලුවනේ, බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.‘

 වරත් බුදුහාමුදුරුවො දේශනා කරනව “ධම්මං විනා නත්ථි පිතාච මාතා ”කියල. ධර්මය ඉක්මවා ගිය  මවෙක් පියෙක් නොමැත කියලයි කියන්නෙ.

Read More