Skip to main content
All Posts By

Eranda

ආර්ථික දුෂ්කරතා ඇති දූ දරුවන්ට පාසැල් නිල ඇදුම්, පාවහන් හා පාසැල් උපකරණ පරිත්‍යාග කල වගයි …

By All Posts

ආර්ථික අපහසුතා ඇති දරුවන්ට පාසැල් උපකරණ, නිල ඇදුම් හා පාවහන් ලබාදෙන්න පුලුවන් උනා.  මේ පින්කම වෙනුවෙන් මුදල් ලබා දුන් අය මෙසේයි.

අජිත් මහතා ( ඔහු සම්පූර්ණ නම දානවට අකමැතියි)
සුමිත් මහතා ( ඔහු සම්පූර්ණ නම දානවට අකමැතියි)
නිම්මි නදී අක්කා
ජනක සම්පත් මහතා
මදුෂ රණතුංග මහතා

ඉතින්  උදව් කල ඔබසියලු දෙනාටම මේ පින්කමේ අප්‍රමාන ආනිසංශ බලයෙන් යහපතම උදාවේවා…
ඔබ වන් දූ පුතුන් සැදු පින්වත්දෙමාපියන්ට දීර්ගායුෂ වේවා. ඔවුන් මියගොස් ඇත්නම් ඒ ඇත්තන්ට මේ පි්කමේ බලෙන්අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා … Read More

මුහුණුපොතේ මිතුරු මිතුරියකගේ දායකත්වයෙන් පැන් පොකුණක් නිර්මාණය කල සම්බුදු සසුනට පූජාකල වගයි …

By All Posts

බෝයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයේ මල් පැන් දොවනය කිරීම සදහා ඉදිකල පැන් පොකුණ පසුගියදා සම්බුදු සසුනට පූජා කලා. ඒ ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ විසින් පැවැත්වූ ධර්ම දේශනය අවස්ථාවේදීයි.
පින්කම සදහා රු. 35.000කට ආසන්න මුදලක් වැයවූ අතර ඒ සදහා දායකත්වය ලබා දුන්නේ බහරේන් වල සේවය කරනා මංජුලා මහත්මියයි.

ඉතින් මෙවන් මහ පින්කමකට දායක උන අපේ දයාබර පින්බර සොයුරිය මේ සිදුකලේ මහ පිනක්. විහාරස්ථානයට ගෙනෙන මල්වලට පැන් දෝවනය කරනව කියන්නෙ මල්වල ඇති දූවිලි හා අපද්‍රව්‍ය ඉවත් කිරීමක්. බුදු හිමියන්ට පූජා කිරීමට පෙර මල් පිරිසිදු කිරීමක්. ඉතින් ඒ සදහා පහසුකම් සැලසීම කියන්නෙ මහා වටින පින්කමක්. බුදුහිමියන්ට රන්වන් පැහැති සමක් ලැබුනෙ සසර පුරාම මේවගේ මහ පින්කම් සිදුකල නිසා. ඒ විතරක් නෙවෙයි. කුණු දූවිලි නොරදන සමක් ලැබුනෙත් මෙවන් මහා පින්කම් සිදුකල නිසයි. ඉතින් මේ පින්කමමේ බලය මෙපමණයි කියල කියන්න බැහැ. මේ මහා පින්බලෙන් ඔබවන් දරුවකු බිහිකල මව සුගති ගාමි ආත්මයක සිටීනම් යස ඉසුරු වර්ධකය වේවා. අභව්‍ය ස්ථානයක සිටීනම් මේ පින් ලැබී සුගති ගාමී ආත්මයක උපදීවා. Read More

ආර්ථික අපහසුතා ඇති ගැබිණි මව්වරුන්ට අවශ්‍ය උපකරණ ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අතින් පරිත්‍යාගකල වගයි …

By All Posts

ආර්ථික අපහසුකම් ඇති ගැබිණි මව්වරුන් පස් දෙනෙකුට රු 26500/=ක් වටිනා භාණ්ඩ පරිත්‍යාග කලා. මේ සදහා දායක උනේ පහත පින්වත් සොයුරු සොයුරියන්

නිම්මි නදී මිය
නිශාන් සුරංග මයා හා දර්ශණ මයා
මහිල් උදයංග මයා
රුවන් විජේසංහ මයා
මදු මංචනායක මිය
ලයනල් ගුණතිලක මහතා
පසිදු චිරන්ත මයා
මංජුලා මහත්මිය
නදීශා රනවක මිය

යහලුවනේ ගැබිණි මව්වරුන්ට ලබාදෙන දානය හරිම වටින එකක්. Read More

බත් දන්සැලක් සදහා රැ 20,000/-ක් පරිත්‍යාග කල වගයි …

By All Posts

මෙවර 2014 වසරෙ පොසොන් පොහොයට දන්සැල් කිහිපයක් සංවිධානය වෙලා තියෙනව. ඉතික් අපිත් දන්සැලක් දෙන්න ගියානම් එතන ප්‍රශ්නයක් පවා නිර්මාණය වෙන්න ඉඩ තිබුන. අන්න ඒ නිසා පැවැත්වෙන දන්සැලක් වෙනුවෙන් ආධාර මුදලක් ලබාදීල ඒ අයට සහය දෙන්න අපි තීරණය කලේ.

අපට දන්සැල වෙනුවෙන් රු. 46500/-ක මුදලක් ලැබිල තියෙනව. පහත නම් සදහන් අයයි ඒ මුදල් පරිත්‍යාග කලේ.

නිම්මි නදී මිය                        –     රු. 10,000/=
නිශාන් සුරංග මයා හා දර්ශණ මයා     –     රු. 11,000/=
මහිල් උදයංග මයා                    –     රු. 10,000/=
රුවන් විජේසංහ මයා                  –     රු.  5000/=
මදු මංචනායක මිය                   –     රු.  3000/=
ලයනල් ගුණතිලක මහතා              –     රු.  2500/=
පසිදු චිරන්ත මයා                    –     රු.  2000/=
මංජුලා මහත්මිය                     –     රු.  2000/=
නදීශා රනවක මිය                    –     රු.  1000/=

……………………….

ලද මුදල                            –     රු. 46,500/=

මේ මුදලින් රු. 20,000/=ක් පමණ පරිත්‍යාග කලේ. ඊට අදාල ලියුම පහත බලන්න පුලුවන්.

මින් ඉතිරිවන මුදල එනම් 46,500 – 20,000 = 26500/= පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් පවත්වන බණ අවසානයේ ආර්තික අපහසුකම් ඇති ගැබිනි මාතාවන් කිහිපදෙනෙකුට අවශ්‍ය උපකරණ බෙදාදීමට කටයුතු සංවිධානය කරල තියෙන්නෙ. Read More

අනතුරකින් අතක් අහිමි වූ තරුණයෙක් වෙනුවෙන් රු. 100,000/=ක මුදලක් පරිත්‍යාග කල වගයි …

By All Posts

තවත් ඉතාම වදගත් පින්කමකට මැදිහත් වෙන්න පුලුවන් උනා. ඒ අනතුරකින් අතක් අහිමි වෙච්ච තරුණයෙකුට මුදල් පරිත්‍යාගයක් කිරීම. මේ මුදල් පරිත්‍යාගය සිදුකලේ විදෙස් රටක සේවය කරන දිල්ෂාන් ප්‍රබෝධ පින්වත් සොහොයුරායි. තමන් දහදිය මහන්සියෙන් උපයන මුදල් මේවගේ පින්වැඩ වලට යොදවන අය හරිම අඩුයි. ඒත් පින්වත් දිල්ශාන් අයිය ඒ යුතුකම ඉටුකලා තමන්ගෙ රට වෙනුවෙන්. මේ පින්කමට සම්බන්ධ වීමට අපටත් අවස්ථාව ලැබුන. මේ රූපයේ දැක්වෙන්නේ මුදල් පරිත්‍යාග කරන්නේ හොදැල්ල ජයසුන්දරාරාම විහාරාදිපති පූජ්‍ය දලුපතේ ගෙදර මේධංකර හිමියන්. ඒ වගේම දිල්ශාන් අයිය නියෝජනය කරමින් පැමිනියේ ( වමේ සිට ) පල්ලේගම දම්මරතන හිමි, උරියාවේ සිරිනන්ද හිමි යන හිමිවරුන් දෙදෙනායි. Read More