Skip to main content

දහතුන්වන හා දාහතරවන සූර්ය බල ආලෝක පූජාව සිදුකල වගයි …

By February 28, 2018Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පසුගිය සතියෙ දහතුන්වන හා දා හතරවන මහා ආලෝක පූජාවන් සිදු කලා.

මේ වෙනුවෙන් මුදල් ලබාදුන්නෙ විදෙස් රටක සේවයේ නියුතු චාමර සියඹලාපිටිය මහත්මයා සහ ඔහුගේ කළණ මිතුරන් පිරිසයි..

ලද මුදල රු 89,840.00

සූර්යබල පැනලයන් දෙකට රු 22,000.00
බැටරිය දෙනට  රු 33,284.50
කුරුණෑගල සිට ගලෙන්බිදුනුවැවට ප්‍රවාහවනය රු 6000.00
කන්ට්‍රෝලරය දෙකට 4400.00
වයර්, හෝල්ඩර් ආදිය රු 1040.00
සුලු වියදම් රු 1855.00
——————————-

මුලු වියදම රු 68,579.50

ඉතිරි මුදල රු 21260.50

එම මුදල සිරිපා වන්දනාවට යොමු කලා.

ඉතින් මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්න නොහැකියි.

මහ ගන වනාන්තරයක් තුලයි මේ සූර්ය පැනලයන් සවිකලේ. උන් වහන්සේලාගේ එකම ආලෝක ප්‍රභවය වන්නේ එයයි. ඒ නිසා එහි ආනිසංස මෙතැකැයි කියන්න බැරි තරම්.

පහන් ( ආලෝක) පූජාවේ අනුසස් -ප්‍රඥාව ලැබීමට හේතු වීම
හො‍ද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම
ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම

ලෙස අනුසස් රාශිකය් ධර්මයේ සදහන් වෙනව.

“දීපදෝ හොති චක්ඛුදො” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි.

ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණෙකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම  ඇස් පිදීමක් වැනි පින්කමෙකි. සෑම පිනකින් ම දෙව්මිනිස් සැප ලැබිය හැකි ය. ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස් ද ඇත්තේ ය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි. උපනුපන් තැන හොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමට ද මෙය විශේෂ පින්කමෙකි.

අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත්වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන් වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂ්‍යයෙක්ව සිටි බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට සතියක් මහදන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍ර ද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහා සංඝයා වහන්සේ වෙත එළඹ “දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදැ”යි ඇසීය. “උපාසකය, එය සඳහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්‍යය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය.

ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවත ද හෙතෙමේ කාශ්‍යප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින් ද තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශ්‍යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛත්‍යය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍යය වටා සර්ව රාත්‍රියේ ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කෙළේ ය. ඒ අනුරුද්ධ ථේරාපදානනයිය.

මේ මහා පින්කම නිසා ස්වාමීන් වහන්සේලාට ඉතාම හොදින් මහණදම් පුරන්නට අවස්ථාව ලැබෙනව. ඉන් ජනිත වන්නෙ මහා පිනක්.

ඉතින් ඔබ සියලු දෙනා සිදුකරගත්තෙ මහා පින්කමක් ඒ පිනේ ආනිසංස කොච්චරද කියල කියල්ල බැහැ. ලන්තෑරුමක්  සහ පුංචි ටෝච් එකක් පමණක් තියාගෙන අතිශය දුෂ්කර දිවියක් ගෙවන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ආලෝකය ලබාදීමේ පින මෙපමණයි කියල නිම කරන්න බැහැ.

මේ පින්කම වෙනුවෙන්, වෙහෙස මහන්සි උන බොහෝම දෙනෙක් ඉන්නව. ඒ වගේම මේ පින්කම කරගන්න ලැබුනෙ ගෞරවණීය මහා සංඝරත්නය නිසා. උන්වහන්සේලා ඇතුලු දායක වූ වෙහෙස මහන්සි වූ ඒ හැම දෙනාටම මේ පින් ඒකාකාරව හිමිවේවා.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා

ඡායාරූප නරඹන්න

13 වන හා දාහතරවන සූර්ය බල ආලෝක පූජව ..

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

වීඩියෝ නරඹන්න