Skip to main content
Monthly Archives

September 2022

ගැබිණි මවුන් වෙනුවෙන් සිදුකල පෝෂණ මලු හා අත්‍යාවශ්‍ය උපකරණ පූජාව හා මහා සංඝයා උදෙසා සිදුකල සලාක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවිය
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් දුලිප් දෙනවක මහතාගේත් එම මහත්මියගේත් දෙවන දරුවා එලි දකින්නට ඉතා කෙටි කාලයක් තිබියදී එතුමන් විසින් සිය දරුවාට වගේම ඒ වකවානුවේ බිහිවන තවත් දරුවන්ට යහපතක් උදාවේවායි සිතිවිලි පෙරදැදිව ගැබිණි මවුන් 10ක් වෙනුවෙන් ප්‍රසූතියට අත්‍යාවශ්‍ය උපකරණ හා පෝෂණ මලු පූජාවක් සිදු කලා.

ඊට සමගාමීව පින්වත් සෑම් වැලිවත්ත මහතා සහ එම මහත්මිය විසින් වස්සාවාසික මහා සංඝයාගේ සිව්පසය වෙනුවෙන් වියලි සලාක පූජාවක් සිදුකරන්නට යෙදුනා …

Read More

2022 වසරේ සිදුකල දෙවන වස් ආරධනා පින්කම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මහා වස්සාන සමය වෙනුවෙන් ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා.

මෙවර මහා වස්සානය වෙනුවෙන් අපි කඨින පින්කම් දෙකක් සිදුකරන ලබනවා

ඒ , ගල්ගමුව සහ අම්පාර යන ප්‍රදේශ වලයි. ඒ වෙනුවෙන් ඇසල පුන් පෝදා වස් ආරානාවන් දෙකක් සිදු කෙරුනා … පළමු වස් ආරාධනාව ඇහැටුවැව හුණුගල්ලැව ආරණ්‍ය සේනාසනයේදී සිදු කලා….

මෙහිදී වස් ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නොවන්නට පිරිකර පූජා කෙරුනා.
Read More

2022 වසරේ සිදුකල පළමු වස් ආරධනා පින්කම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මහා වස්සාන සමය වෙනුවෙන් ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා.

මෙවර මහා වස්සානය වෙනුවෙන් අපි කඨින පින්කම් දෙකක් සිදුකරන ලබනවා

ඒ , ගල්ගමුව සහ අම්පාර යන ප්‍රදේශ වලයි. ඒ වෙනුවෙන් ඇසල පුන් පෝදා වස් ආරානාවන් දෙකක් සිදු කෙරුනා … පළමු වස් ආරාධනාව ඇහැටුවැව හුණුගල්ලැව ආරණ්‍ය සේනාසනයේදී සිදු කලා….

මෙහිදී වස් ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නොවන්නට පිරිකර පූජා කෙරුනා.

ඒ වෙනුවෙන්

ගල්ගමුව ඇහැටුවැව විහාරස්ථානය වෙනුවෙන් රු 28,000/- කට ආසන්න සලාක පූජා කරනු ලැබුවා. ඒ වෙනුවෙනුවෙන් ගමන් වියදම රු 8000/- ක් වූ අතර ඒ වෙනුවෙන් රු 36,000/- ක මුදලක් වැය උනා. මෙවර කඨින පින්කම වෙනුවෙන් පූර්ණ දායකත්වය දරනු ලබන්නේ සෑම් වලිවත්ත මහතා සහ එම මහත්මියයි.

එහිදී කිරිපිටි, සිද්ධාලේප, රේසර්, බුරුසු, දත්බේත්, සබන්, වැසිකිලි පවිත්‍ර දියර, ආදිය මෙන්ම ආරන්‍යයට අවශ්‍ය වියලි ආහාර පූජාවක්ද සිදු කලා. ඒ වෙනුවෙන්

එසේම අංග සම්පූර්ණ දැහැත් වට්ටියක් වෙනුවෙන් බුලත්, පුවක්, හුණු, කරදමුංගු, කරාඹුනැටි, සාදික්කා, වසාවාසි,ඉගුරුපියලි, ආදිය ඇතුලත් කලා.

භික්‍ෂූන් වහන්සේට වස් ආරාධනා කරනු ලබන්නේ දායකයන් විසිනි. ඒ අනුව විහාරස්ථානයේ වැඩ වසන භික්‍ෂූන් වහන්සේට මෙන්ම වෙනත් විහාරස්ථානවල භික්‍ෂූන් වහන්සේටත් ආරාධනා කිරීමට හැකිය. විහාරස්ථානයට පැමිණෙන දායක මහත්වරු බුදුන් වැඳ භික්‍ෂූන් වහන්සේට දැහැත් පිළිගන්වා වස් විසීමට ආරාධනා කරති. මෙම දැහැත් පිළිගැන්වීම සාමාන්‍ය දැහැත් වට්ටියක බුලත් තබා ආරාධනා කරන පිළිවෙළට වඩා වෙනස් ය.

මේ සඳහා බුලත් කොළ දහයක් පමණ ගෙන රවුමට තබා එකිනෙක සම්බන්ධවන ආකාරයට ඉරටු ගසා දැහැත් ගොටුව සකස් කරනු ලැබේ. එය අලංකාර නිර්මාණයකි. එහි මැදට පුවක්, හුණු සහ එනසාල් වැනි සුවඳ ද්‍රව්‍ය දමනු ලැබේ.

එක භික්‍ෂූන් වහන්සේ නමකට නම්, එක ගොටුවක් ප්‍රමාණවත් ය. එහෙත් භික්‍ෂූන් වහන්සේ හතර නමකට ආරාධනා කරනු ලබන්නේ නම්, එවැනි දැහැත් ගොටු හතරක් අවශ්‍ය ය. එයින් පසුව භික්‍ෂූන් වහන්සේට දැහැත් ගොටුව පිළිගන්වා දායක තැන විසින් පහත සඳහන් ආකාරයට ආරාධනා කළ යුතු ය. මේ තුන් මාසයේ අප විහාරයේ අප කෙරෙහි අනුග්‍රහය පිණිස වස් වාසය කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි යනුවෙනි.

එයින් පසුව භික්‍ෂූන් වහන්සේ පහත සඳහන් වාක්‍යය ප්‍රකාශ කිරීමෙන් ආරාධනාව පිළිගනිති.

ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි,

ඉධ වස්සං උපෙමි, ඉධ වස්සං උපෙමි, ඉධ වස්සං උපෙමි යනුවෙනි.

(උපෙමි, එළඹෙති)

වස් සමාදන් වෙනවා යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

“ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධ වස්සං උපේමි” යනුවෙන් තනි තනිව කියලා වස් සමාදන් වනවා. මේ ගාථාව කියලා වස් තුන් මාසයෙහි විහාරස්ථානයේ වාසය කරන්න ඕන. ආගමික කටයුතු වැඩියෙන්ම භික්ෂූන් වහන්සේලාට කරන්න පුළුවන් වන්නේ වස් තුන් මාසය තුළදිය. ඒ වගේම ගිහි පක්ෂයටත් පින් වැඩියෙන්ම කර ගැනීමට හැකි වන්නේ වස් තුන් මාසයේ දීයි.

වස් පවාරණය ලෙස හැඳීන්වෙන්නේ කුමක්ද?

වස් කාලය අවසානයේ භික්ෂූන් වහන්සේ පවාරණ පොහොය කොට නික්ම යාම විනය චාරිත්‍රය වනවා. උපෝසථ කර්මයෙන් පසු සියලුම භික්ෂූන් වහන්සේ වෙන් වෙන්ව සංඝ රත්නය ඉදිරියේ උක්කුටිකයෙන් හිඳගෙන “ස්වාමීනි, දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සිතීමෙන් මා වරදක් කර ඇතැයි හැඟේ නම් මා වෙත අනුකම්පා කර කියනු මැනවි” යනුවෙන් ඉල්ලා සිටිනවා. වරදක් ලෙස පෙනේ නම් එය සකසා ගන්නා බවද පවසනවා. වස් පවාරණ දින දෙකක් විනයෙහි සඳහන් වෙනවා.! පෙරවස් සමාදන් වු භික්ෂුව ඔක්තෝබර් පෝයට වස් පවාරණය කරනවා. පසුවස් විසු භික්ෂුව නොවැම්බර් මස පෝය දිනට වස් පවාරණය කරනවා.

ඉතින් වස් ආරාධනා කර මේ පවාරණය දක්වා ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු සකසාලමින් රැක බලාගැනීම සිදු වෙනවා.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ සියලු දෙනාගේ නමින් මිය පරලොවගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනකඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල සියලු දෙනාටමෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක්නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මියපරලොව ගොස් ඇත්නම් වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්,යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාවමෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන්වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි.නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙනඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන්මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, අයටත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන් ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත්පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිතනිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්. සිදුකලසියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත්අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිතනොවේවා. ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. සසරේ සුදුකල බොහෝ අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒලෙසින්ම දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන,කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින්බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරවසැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නානුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකටඑල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසිවැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරුධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකමඋපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා.නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණසෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන්වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන්වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ,සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු,මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත,සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස,ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේබුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම්දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘදිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්සමහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදීසතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ,ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලුදෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නටමේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද ල්වා විසිනි.

විස්තර නරඹන්න

2022 first was aradhana ...

 

44 වන පියවර සලාක පූජාව ….

By Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

මේ සදහා පහත පින්වත් පිරිස මුල් පරිත්‍යාග කලා
Read More

රාගම රෝහලක් වෙනුවෙන් සිදුතල රෝදපුටු පරිත්‍යාගය ….

By Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගියදා අපි රාගම ශ්‍රී ලංකා අංගාදේශක හා ඍජු කාරක පුහුණු පාසැලට රු ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුතු රෝදපුටු පරිත්‍යාගයක් සිදුක කලා

මේ වෙනුවෙන් දායකත්වය දරන ලද්දේ දුෂාන්තා හේරත් නංගි විසින්.

රෝදපුටු 10 සදහා වියදම රු 380,000.00 ක් වූ අතර ප්‍රවාහන වියදම රු 20,000.00ක් උනා.

මුලු වියදම රු 400,000.00ක් උනා ….

Read More