
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet
අපි අටවන ධාතු කරඩු පූජාවත් සිදු කලා. ඒ අවිස්සාවේල්ල දුන්කොල හේන විහාරස්ථානයටයි.
මේ වෙනුවෙන් රු 60,000/- ක් වියදම් වූ අතර ඒ වෙනුවෙන් දායකත්වය ගයේෂා අබේවීර නංගි වන අතර ධාතු කරඩුවේ පබලු හැඩගැන්වීම් සිදුකලේ රන්දි සමරනායක මහත්මියයි.
කරඩුවක් කියන්නෙත් දාගැබක්. පුන්නාගපුප්පිය රහතන් වහන්සේගේ ථේර ගාථා මීට කල්ප අනූ දෙකකට පෙරමනුෂ්ය ලෝකයේ වැද්දෙක් වූ මම එක්තරා දිනක මහා වනයට පිවිසියෙමි. පිපුන මල් ඇති දොඹ ගසක් දැක බුදුරජාණන් වහන්සේව සිහි කලෙමි. බුදු රජාණන් වහන්සේ උදෙසා වැලි වලින් සෑයක් කොට දොඹ මල් නෙලා සෑයටපූජා කලෙමි. එදා මම බුදු රජාණන් වහන්සේ උදෙසා සිදු කල ඒ උතුම් පූජාව නිසා කිසි කලෙක දුගතියක (කල්ප අනූදෙකක් ) නොඉපදුනෙමි. ඒ පිනෙන් මෙයින් අනූ එක වෙනි කල්පයෙහි සක්විති රජ කෙනෙක් වුනෙමි. මේ ජීවිතයේදීසිව්පිලිසිබියාවන් සහිත අරහත්වයට පත් වුනෙමි. (අපදාන පාලිය ඇසුරෙනි)