Skip to main content
Monthly Archives

January 2015

තවත් ධර්ම දානමය පින්කමක් සිදුකල වගයි …

By All Posts

අපි තවත් ධර්ම දානයක් සිදුකලා. මුදල්මය වශයෙන්  වටිනාකම අඩු උනත් ධර්මදානමය පින්කමක වටිනාකම මෙච්චරයි කියන්න බැහැ. මේ පින්කමට කාරුනික අනුග්‍රහය ලබාදුන්නෙ තුසාර සම්පත් කියන මගෙ හොද හිතමිතුරෙක්.

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.
බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)

සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)

කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)

ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)

දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

Read More

කඨින පූජාවක් ලෙස අටපිරිකර විසි දෙකක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By All Posts

 කුරුණෑගල බොයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්තානයේ 2014 වසරේ කඨින පූජා පින්කමේදී  අප අටපිරිකර 22 පූජා කිරිම සිදු කලා.

තත්වයෙන් උසස්  අට පිරිකරක වෙළද වටිනාකම රු 3500/-ක් උනා. නමුත් අපි එකවර තොගයක් ගත් නිසා රු 2600/- ට ලබාගන්න පුලුවන් උනා. මේ වෙනුවෙන් දායකත්වයන් ලබාදුන් අයුරු පහතින් දැක්වෙනව.
රුවන් එස්. ජයසිංහ මහතා – රු. 6000/-
එතුමා විසින් සුවිශේෂයෙන් සකස්කල අට පිරිකරක් පූජා කල නිසා එයට රු. 5500/-ක් උනා. ඉතිරි මුදල 500/-
ඉෂාර ප්‍රනාන්දු මහතා – රු. 6000/-
එතුමා විසින් අටපිරිකර 02ක් පූජා කලා. 2600 X 2 = 5200.00. ඉතිරි මුදල රු. 800/-
ප්‍රභාත් සමින්ද්‍ර මහතා – රු. 6000/-
එතුමා විසින් අටපිරිකර 02ක් පූජා කලා. 2600 X 2 = 5200.00. ඉතිරි මුදල රු. 800/-
ලයනල් ගුණතිලක මහතා – රු. 3500/-
එතුමා විසින් අටපිරිකර 01ක් පූජා කලා. 2600 X 1 = 2600.00. ඉතිරි මුදල රු. 900/-
රංජිත් විජේසිංහ  මහතා – රු. 20, 000/-
එතුමා විසින් අටපිරිකර 07ක් පූජා කලා. 2600 X 7 = 18200.00. ඉතිරි මුදල රු. 1800/-
ඉහළම දායකත්වය ලබාදුන්නේ ලක්ෂාන් රණසිංහ මහතායි.
ලක්ෂාන් රණසිංහ මහතා – රු. 37343.20/-
අපට ඉතිරිය අවශ්‍ය  අටපිරිකර 08ක් පමණයි.. 2600 X 8 = 20,800.00. ඉතිරි මුදල රු. 16,543/-
ඊට අමතරව චක්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් අටපිරිකරක් රැගෙන ඇවිත් පූජා කලා.
මේ අනුව රු 21343.00 ක පමණ මුදලක් මා අත ඉතිරි උනා. මුදල් වටිනාකම් ආරෝහණ ආකාරයට ගත්තේ හැමදෙනාටම එක් අටපිරිකරක් හෝ පූජා කිරීමට අවස්තාව ලබාදෙන්නයි. ඉතිරි මුදල් සියල්ල  නව වන වතාවට අසරන දරුවන්ට පාවහන් ලබාදීමේ  සත්කාර්යයට යොමු වෙන අතර ලබන සතිය ඇතුලත එය සිදුවෙනව.
Read More

හිටිපිලිම වහන්සේ නෙලිම සදහා රුපියල් හාරලක්ෂ හැත්තෑ හයදහස් පන්සියයක් (රු 476,500/- ක්) ගෞතම බුදු සසුනට පූජා කල වගයි …

By All Posts

පින්වත් යාලුවනේ ඔයාල දන්නව පහුගිය කාලෙ අපි කල පින්කම්. මේ පිලිබද අපේ මේ බ්ලොග් එක පුරාවටම දැනගන්න පුලුවන්.
www.sasuna.blogspot.com

අපේ පිටුවට එක්වන්න.
www.facebook.com/buddhist.foundation

පොල්ගහවෙල, පනලිය. ලෝඨාබය රජමහා විහාරයේ ඉදිවන 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් අපි අද දින රුපියල් හාරලක්ෂ හැත්තෑ හයදහස් පන්සියයක් (රු 476,500/- ක්) ප්‍රධානය කලා.

මේ වෙනුවෙන් ඉහලම දායකත්වයක් දුන්නේ අපේ විදෙස් රටක ඉන්න නංගි කෙනෙක්. නංගියගෙ නම දැන්ම පල නොකරන්නෙ ඒක නංගියට කරදරයක් වෙන්න පුලුවන් නිසයි. ඊට අමතරව දනූෂ විජේතුංග මහතාත්, නිශාන් සුරංග මහතාත්, නෙව්ශිකා හේරත් මහත්මියත්, අහාන් චතුරංග මහතාත් මේ වෙනුවෙන් දායකත්වයන් දැරුව. ඒ ඒ අය ලබාදුන් මුදල් පිලිබද විස්තර ඉදිරියෙදි දන්වන්නම්.

අපට මේ පින්කම වෙනුවෙන් ලක්ෂ 8-10 දක්වා වියදමක් යන්න පුලුවන්. සමහර විට ඊටත් වැඩ්වේවි. ස්වාමීන් වහන්සේ යම් වියදමක් දරන නිසා අපිට හරියටම මේ මුදල කියන්න අමාරුයි. කොහොම ඔනත් එබටත් මේ වෙනුවෙන් දායක වෙන්න පුලුවන්.

මා අමතන්න – 0712933180

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාතයන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …