Skip to main content
Monthly Archives

January 2015

පින්වත් කළණ මිතුරන්ගේ දායකත්වයෙන් ධර්ම සන්නිවේදනය සදහා සන්නිවේදන උපකරණ ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By All Posts

අපි ලෝකයේ උතුම්ම පූජාවක් කලා. ඒ තමයි සන්නිවේදන උපකරණ කට්ටලයක්  අදදින කුරුනෑගල බෝගමුව ජේතවන විහාරස්ථානයට පූජා කිරීම සිදු කලා. මේ පරිත්‍යාගයට පූර්ණ අනුග්‍රහයලබාදුන්නේ මා හිතවත් කඝ්‍යාණ මිත්‍රයන් වන ජීවන් විජේතුංග මහතාත්, තනුජය විජේතුංග මහතාත් විසින්.

ජීවන් විජේතුංග මහතා ලබාදුන් මුදල රු 30,490.00

තනුජය විජේතුංග මහතා ලබා දුන මුදල රු 5,000.00

_______________________________________

එකතුව  රු 35490.00

ඈම්ප් එකට සහ හෝන් දෙකට රු – 31450.00

වයර් රෝල සහ මල්ටි ප්ලග් එකට රු – 2550.00

ප්‍රවාහන වියදම                    රු 900.00

—————————————————-

එකතුව                 රු 34,000.00

ඉතිරි රු1490.00  වෙනත් පින්කමක් සදහා යොමු කර දැනුම් දෙන්නම්.

මෙහි ප්‍රවාහන වියදම් සදහා 900/- වියදමක් ගියේ අඩු මුදලට වැඩි වටිනාකමක් ඇති උපකරණ සොයා ගියනිසයි. මේ උපකරණ කට්ටලයක් රු 47,000/-ක් පමණ මිලවන බව බොහෝ තැන් වලින් කිව්ව. ඉතින්අඩුමිලට ගන්න පුලුවන් තැනක් හොයල තමයි මේ ගත්තෙ. ඒ නිසා ප්‍රවාහන වියදම ටිකක් වැඩි උනා. Read More

පින්වත් කළණ මිතුරෙකුගේ දායකත්වයෙන් ත්‍රිපිටක පොත්වහන්සේලා පූජා කරමින් ධර්මදානයක් සිදුකල වගයි …

By All Posts

පින්වතුනේ අද දින අපි ලෝකයේ උතුම්ම දානය පූජා කලා. සම්බුද්ධ ශ්‍රී මුඛ පද්මයෙන් සුදේශිත අති පරම පූජණීය ස්වාසූ දහසක් ධර්මස්කන්ධය අද දින කුරුනෑගල බෝගමුව ජේතවන විහාරස්ථානයට පූජා කිරීම සිදු කලා. මේ පරිත්‍යාගයට පූර්ණ අනුග්‍රහය ලබාදුන්නේ රුවන් එස්. ජයසිංහ මහතා සහ ඒ පවුලේ සාමාජික සමාජිකාවන් විසින්.

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්නබැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

  1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
  2. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
  3. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
  4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
  5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

Read More

පින්වත් කළණ මිතුරු මිතුරියන්‍ගේ දායකත්වයෙන් උදුවප් පුන් පෝදා පහන් ගෙයක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By All Posts

පිනවත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. මේ ගැන විස්තර ටිකක් දැනගන්න පුලුවන් මේ සසුන බ්ලොග් අඩවියෙන්. අනිත් ලින්ක් ටිකත් බලන්නකෝ.

හොදයි පින්වත් යාලුවනේ අපිට මේ පින්කම් වලට ආධාර ලැබෙන්නෙ විදෙස්ගත පින්වත් යහලුවන්ගෙන්. මම ඒ අයට සියලුම විස්තර නිතර යවනව ඒ පින්කම් පිලිබදව. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒ මුදල් ලද බවට සහතික කල ලිපි,ඣායාරූප ආදිය සියල්ල යවනව. හදවතට එකගව එයාලගෙ මුදල් වලට නියම වටිනාකම ලබාදෙනව. අපිත් ඒ පින්කම්වලට පොඩි මුදලක් හරි වියදම් කරනව විනා ඒ මුදල් අයුතු පරිභොජනයක් කරන්නෙ නැ කියල දිව්රල කියන්න පුලුවන්. එයාල පින්කමකට සල්ලි දුන්න කියන්නෙ ඒක බුද්ධ දේපල ක්. බුද්ධ දේපල අයුතු පරිභොජනය කරන ඇත්තන්ට ආයි ඉතින් ආත්මයක්නම් නෑ. ඒ ඇත්තො දහදිය මහන්සියෙන් හම්බුකරන මුදල් පින්කම්වලට වියදම් කරන්න දීපුවම ඒව අපි ගසා කෑවොත් වැහි නැති අකුණු වදීවි අපිට. ඒනිසා ඒ මුදල් අපි අයුතු පරිභොජනයක් කරන්නෙ නැතිව පුලුවන්නම් අතිනුත් මුදල් දාලයි ඒ පින්කම සම්පූර්ණ කරන්නෙ. ඒ අය සල්ලි දුන්න වෙලාවෙම වගේම පින්කමින් පසුවත් සතුටු සිතින් ඉන්නවනම් පින්කම හරියට කෙරුන කියල අන්න එතනයි අපි ලබන සතුට තියෙන්නෙ.

කුරුණෑගල බෝයගනේ නයිලිය විහාරස්ථානයේ ස්ථිර පහන් ගෙයක් තිබ්බෙ නැහැ. ඒ නිසා සෑම තැනම පහන් පත්තු කරනව. විශේෂයෙන් බෝධීන්වහන්සේගේ ආරක්ෂාවටයි, චෛත්‍යරාජයන් වහන්සේගේ ආරක්ෂාවටයි මේ පහන්ගේ ඉදිකරන්නෙ. මොකද බෝධිය වටා පහන් පත්තු කරද්දි ඒවගෙ තෙල් බෝධීන් වහන්සේගේ මුල් අසල හැලෙනව. ඒව බෝධියේ පැවැත්මට අහිතකරයි. ඒ විතරක් නෙවෙයි. පහන් එළියෙන් නැගෙන උෂ්ණය බෝධියට ඒතරම් සුදුසු නෑ. අනිත් කාරනේ වැසි දවස්වලට පහන් පත්තු කරන්න ඉඩකුත් නෑනෙ. අනිත් කාරණේ චෛත්‍යයෙ වටා පහන් පත්තු කලාම තෙල් හැලිල සිමෙන්තිය දිරන්න පටන් ගන්නව. Read More

නෙත් දෙකෙහි සුද මතුවීම නිසා ශෛල්‍යකර්මයකට භාජනය කිරීමට සදහා වසර හතක් පමණ වයස පුංචි පුතෙකුට පින්වත් කළණ මිතුරු යුවලකගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් රු 30,090/-ක මුදලක් පරිත්‍යාග කල වගයි …

By All Posts

කුරුණෑගල බෝයගනේ නයිලිය ප්‍රදේශයේ ජීවත්වන පුංචි පුතෙකුගේ ඇස්වල සුද මතුවීම නිසා ඔහුව ශෛල්‍යකර්මයකට භාජනය කිරිමට සිදුවි තිබෙනවා. නව කාච යුවලක් බද්ද කිරීමට අවශ්‍ය බවත් ඒ සදහා රු 25,000/- ක පමණ මුදලක් අවශය බවත් වෛද්‍යවරුන් කියා හිටියා. ඒ අනුව ඒ පුංචි පුතාගේ ශෛල්‍යකර්මය වෙනුවෙන් රු 30,090/- ක මුදලක් අද දින (2014/11/28 )පරිත්‍යාග කලා. ඒ වෙනුවෙන් පූර්ණ ධන පරිත්‍යාගය සිදුකලේ මා හිතාදර දුලිප් දෙනවක මහතාත්, ඔහුගේ බිරිද වන තනුජා නයෝමි නිස්සංක මහත්මියත් විසින්.

එම දෙපල මුදල් පරිතයාග කරන අවස්ථාව වන විටත් කිහිප දෙනෙක් මුදල් ලබා දෙන්නට කැමැත්ත පලකර සිටියත් දුලිප් මහතා විශේෂ උනන්දුවකින් සිය බිරිද සමග මේ පින්කමට දායක උනා. මුදල් එවන ලෙස මා ඉල්ලා සිටි සැනින් දුලිප් මහතා විසින් මුදල් ප්‍රේෂණය කර මාහට රහස්‍ය අංකය ලබාදෙන්නට තරම් ඉතාම උනන්දුවෙන් මේ පින්කමට දායක උනා.

පින්වත් දුලිප් මිතුර, නයෝමි නංගියේ ඔබ සිදුකරගත්තේ පුංචි පින්කමක්නම් නොවේ. Read More

පුංචි නෙතග සතුටු කදුලු නංවමින් රු. 56,000/= ක් වටිනා පාවහන් පාසැල් දූ දරුවන්ට බෙදාදුන් වගයි …

By All Posts

පි විහාරස්ථාන වලට වගේම ආර්ථික අපහසුකම් ඇති පාසැල් දරුවන්ටත් හැකි අයුරින් උදව් උපකාර කරනව. අද අපි එවන් මහ පින්කමක් කලා. පොල්ගහවෙල පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ආර්ථික අපහසුකම් ඇති දුවා දරුවන්ට රු. 56,000/= ක් වටිනා පාවහන් ප්‍රදානය කලා.

මේ සදහා දායකත්වය ලබාදුන්නෙ මෙන්න මේ අපේ යහලුවන්.

01. එරංග සෙනෙවිරත්න මහතා – රු. 5,000.00

02. ඉෂාර ප්‍රනාන්දු මහතා. – රු. 4000.00

03. සමීර මධුරංග මහතා – රු.2000.00

04. මාධව ජයසේන මහතා – රු. 14,000.00

05. නදීරා තේජානි මිය- රු. 15,000.00

06. ගිහාන් ගමගේ මහතා – රු. 2000.00

07. ඉෂංක නානායක්කාර මහතා – රු.2147.00

08. අටපිරිකර පූජාවේ ඉතිරි. රු. 21343.00

එකතුව – රු. 65490.00
Read More