Skip to main content
Monthly Archives

November 2013

වැස්සෙන් ආරක්ෂා වීමට අබලන් ධර්මශාලාවක් සදහා තහඩු ලබාදුන් වගයි …

By All Posts, වැස්සෙන් ආරක්ෂා වීමට අබලන් ධර්මශාලාවක් සදහා තහඩු ලබාදුන් වගයි

හොදයි පින්වත් යාලුවනේ අපි අදත් ලොකු පින්කමක් කලා. අනිත් පින්කම් එක්ක බලනකොට කුඩාවගේ පෙනුනත් මේක මහා ආනිසංස දායක පින්කමක්. ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියාහි, මෙල්බන් නුවර සේවයේ නියුතු දිනූෂ විජේතුංග පින්වත් සොහොයුරා සුදුසු පින්කමකට යොදන්න කියල රු. 10,000/=ක මුදලක් මට එවල තිබුන.

ඔබට මතකද යාලුවනේ අපි ධර්ම හාලාවක් හදන්න ආධාර ඉල්ලුව. ඒකට පින්වත් යාලුවො හැකි උපරිමයෙන් මුදල් එවල තිබුන. ඒ මුදල් යොමුකරල තිබුනෙ පන්සලේ දායක සභාවෙ ගිනුමටයි. ඒ නිසා ඒ මුදල් ධර්ම ශාලාව ගොඩනැගීමේ අරමුදල තුලම තියෙනව. ඒ මුදල් ආපසු ගන්න හිතදුන්නෙම නැහැ. මොකද කොහොම හරි මේ ධර්ම ශාලාව ගොඩනගනව කියන ස්ථාවරයෙයි අපි ඉන්නෙ.

වැසි දවසට ධර්මශාලාවේ පියස්ස තහඩු අතරින් වැහි වතුර ගලනව. මොකද දිරපු තහඩු උඩට කොස් ගෙඩි වැටිල වහලෙ හොදටම කැඩිලයි තියෙන්නෙ. අන්න ඒ නිසා අර පින්වත් යාලුව එව්ව මුදල් ටික හරිම ප්‍රයෝජනවත් උනා. ඒ නිසා අඩි 10ක් දිග තහඩු 18ක් විහාරස්ථානයේ ධර්මශාලාව තෙමෙන එක නවත්තන්න පියස්ස හදන්න පූජා කලා.

Read More

කඨින පින්කමක් වෙනුවෙන් සිවුරු පිරිකර විස්සක් පරිත්‍යාග කල වගයි …

By All Posts, කඨින පින්කමක් වෙනුවෙන් සිවුරු පිරිකර විස්සක් පරිත්‍යාග කල වගයි

නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයේ  2013/11/03 දින පැවැත්වූ කඨින චීවරය පූජාව වෙනුවෙන් පැමිණි විසිනමක් (20) පමණ වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම අපි සිව්රු පිරිකර  පූජා කලා. කඨින පූජාව පැවැත්වුනේ කුරුණෑගල බෝයගේනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයේදීයි. මේ වෙනුවෙන් විදෙස්ගතව සිටින අපේ පින්වත් මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ම දායක උනා. ඒ අයගේ නම් මෙසේයි.

01.  නිශාන් සුරංග
02.  අසංක ජයමාලි
03.  මංජුල කිලක් කුමාර
04.  ගගන මංජුල
05.  ප්රභාත් ප්රේමතිලක
06.  සුනාලි මධුවන්ති
07.  නිරෝෂා දමයන්ති
08.  නෙත්සර තේජාන්
09.  චමින්ද රත්නායක
10. දර්ශන නිලාන් පරණමාන්න

යන පින්වත් සොයුරැ සොයුරියන් තමයි මේ වෙනුවෙන් දායකඋනේ.

Read More

පන්සිය පණස් ජාතක පොත් වහන්සේ නමක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By All Posts, පන්සිය පණස් ජාතක පොත් වහන්සේ නමක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි

මේ කියන්න යන්නෙ තවත් අපි සිදුකල පින්කමක් පිලිබදවයි

චෛත්යරාජයන් වහන්සේ සසුනට පිද්න දා පන්සිය පණස් ජාතකපොත් වහන්සේ නමක් අපි සසුනට පූජා කලා. මේ මහා පින්කමටදායක උනේ රෝෂිණී පෙරේරා මහත්මියයි. පින්කමට අදාල සියලුපින්තූර මෙහි පහල දැක්වෙනව.

හරි. එතකොට මේ මහ පින්කම ධර්ම දානයක් බව දන්නවනෙ. හොදයිමොනවද ධර්මදානයේ ආනිසංස.
පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහිසඳහන්ව තියෙනව.

1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
2. සත්පුරුෂ ආශ්රය ලැබීම (සප්පුරිසො භජන්ති)
3. කීර්තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)
ධර්ම දානය කරන ක්රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්,වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන්කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙනගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත්දීම
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්ය වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු,පාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන්ඇල්ලීම, පාවාඩ දැමීම
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වලයෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීමධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්මදේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේඅත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහරශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති.ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල්බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්රී බුදුන්දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන්දැල්වූවෝ දකිනි’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණපැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝදකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්රවර්තී සම්පත් ආදි වූසැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවදආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහකුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්.මෙන්න ඒ අට.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංසකියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව.ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියාමැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත්සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ රෝෂිණී අක්කගෙනමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිතතැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා.. සැපවත් තැනක ඇත්නම්වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා හම නිවන අත්වේවා.විශේෂයෙන් ඔබවන් පින්වත් දරුවෙක් හදා වඩා පෝෂණයකල ඔබේපින්වත් දෙමාලියන්ට මේ කුසලය මහා පාරමිතාවක්ම වේවා. ඔබගේ දූදරුවන්ට යහපත් අනාගතයක් අතිවේවා. නිදුක් නිරෝගී සුවබරජිවිතයක් ලැබේවා. විශේෂයෙන් දූ දරුවන්ගේ ඉගෙනීම් සාර්ථක වේවා.සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. කෙලවර පතන බෝදියෙන් නිවන්දැක්මට හේතාවේවා වාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම  එරන්ද ලක්මාල්ද සිල්වා …

පන්සිය පණස් ජාතක පොත් වහන්සේ - ටැංබාන විහාරස්ථානය

පන්සිය පණස් ජාතක පොත් වහන්සේ – ටැංබාන විහාරස්ථානය

මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් කොත් වහන්සේලා දෙනමක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි …

By All Posts, මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් කොත් වහන්සේලා දෙනමක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි

පින්වත් යාලුවනේ අපි තවත් පින්කමක් සිදුකලා. ඒ තමයි කොත් වහන්සේලා දෙනමක් පූජාකලා. මේ කොත් වහන්සේලා දෙනම පූජා කලේ පොල්ගවෙල, පනලිය, රන්සිරි විජයාරාම විහාරස්ථානයටමයි. හරියටම  කියනවනම් චෛත්‍යරාජයන් වහන්සේ ප්‍රතිදංස්කරණය කොට පූජාකල පන්සලට. මේ විහාරස්ථානයේ ධාතුමන්දිරය පමණයි තිබුනෙ. ඒ අවස්ථාවදි පුස්ථකාලයක් නිර්මාණය උනා. ඉතින් පින්වත් යාලුවනේ මේ පුස්තකාලය සහිත ධාතු මන්දිරයට කොත් වහන්සේලා දෙනමක් පූජා කරන්නට අපිට හැකි උනා. ඒ සදහා දායක උනේ

01.  මොශාන්ත නිරන්ජන් මහතා – රු. 6750/=
02.  රුවන් එස් ජයසිංහ මහතා – රු.6750/=

රු. 13500/= කට මේ කොත් වහන්සේල අපිට ලැබුන. මේ පිලිබද විස්තර සහිත ඡායාරූප  මෙහි ඡායාරූපවලින් බලන්න පුලුවන්.
Read More

බුදුපිලිම වහන්සේ දෙනමක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By All Posts, බුදුපිලිම වහන්සේ දෙනමක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි

පහුගිය කාලෙ අපි චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරනය කරල සසුනට පූජා කලා.  චෛත්‍යරායන් වහන්සේට අපේ පින්වත් යහලුවන් දෙදෙනෙක් අනුග්‍රහය දක්වමින් බුදුපිලිම වහන්සේ දෙනමක් පූජා කලා. ඒ සදහා දායක වු පින්වත් දෙපලක් ඉන්නව.

ලයනල් ගුණතිලක මහතා
මංජුල සිල්වා මහතා

බුදුපිලිම වහන්සේ දෙනමට ගිය වියදම රුපියල් අටදහසක්. ඒ සියලු විස්තර පහත ඡායාරූප වලින් බලන්න පුලුවන්.

ඉතින් ඔබ දෙපල කරගත්තෙ සුලු පටු පින්කමක් නෙවෙයි. අටමහ කුසලයක්. බුදුපිලිම නෙලීම, නෙලවීම, පූජාව  අටමහ කුසලයට අයත්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න තරම් සවියක් ඇති මහ පින්කමක් මේක. මේ බලන්නකො අනුසස්.
බුදුපිළිම නිර්මාණයේ වටිනාකම මොහතෙක් මම ඔබට කිය දෙන්නම්. Read More