
යාලුවනේ පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් චෛත්‍යරාජයන් වහන්සේගා 06 නමක් සුදු පිරියම් කලා. මුහුණුපොතේ පින්වත් යාලුවන්ගෙන් ලද රු 101,237.00 මුදලින් වැඩ කටයුතු පටන් ගත්තත් අපිට කාලය මදි වීම නිසා චෛතළ්ය 06ක් පමණයි සුදු පිරියම් කරන්න පුලුවන් උනේ. ඉතිරි සියලු මුදල් බෝධි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යෙදෙව්ව. ඒ මුදල රු 29122.00ක් මේ තියෙන්නෙ එහි ලින්ක් එක.
http://wp.me/p4XCOM-hp
http://sasuna.blogspot.com/2015/05/blog-post.html
චෛත්‍යය ප්‍රතිසංස්කරණයට දායක වූ පින්වතුන් පින්වතියන්
රජිත තෙන්නකෝන්, සුලන්තිද
කොස්තා මහත්මිය, දීප්ත පේ‍්‍රමසිංහ මහතා රු. 29,500.00
රොෂාන් ප්‍රගීත් මහතා රු 28,000.00
ජනක මහතා රු. 18,000.00
සේපාලිකා මෙනෙවිය රු 10,000.00
අමල් මහගෙදර මහතා රු. 3500.00
නිසංසලා උදය කුමාරි හා තිලෝකා රු 3000.00
අසංක බස්නායක මහතා රු. 2237.00
නෙව්ෂිකා හේරත් රු 2500.00
ඩිලාන් ලක්මාල් මහතා රු 2000.00
තිළින විජේවර්ධන මහතා රු 1500.00
යසින් ද්‍ර ගුණවර්ධන මහතා රු1000.00
———————————————-
ලද මුලූ මුදල 101,237.00
තින්ත හා ෆිලර් වියදම රු 38075.00
හුණු රු1590.00
ශ්‍රම වියදම 29530
ප්‍රවාහන වියදම රු 2400.00
උපකරණ (බ්‍රෂ් ආදිය) 520
මුලු වියදම රු 72115
අපි දැන් දාගැබ් කරවීමේ හා ප්රතිසංස්කරනය කිරීයේ ආනිශංස මොනවාදැයි විමසා බලමු.
පලුමුවෙන් මෙහෙම පටන්ගනිමුකො. අපි හැමෝම බලාපොරොත්තු වෙනනෙ මෛත්‍රී බුදුන් දකින්නනෙ. එහෙනම් අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව.
මෛත්‍රී බුදුන් දකින්නෝ කවරහුද යත් … … තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහුද යත්? පන්සිල් රැක්කාහුද දස කුසල්වල යෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය දාගැබ් කරවූවෝද දාතු කරඩු පිදුවෝද දාන ශාලා තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.
දැක්ක නේද? මෛත්‍රී බුදුන් දකින්නෙ කවුද කියල.
මේ බලන්න …
මෙයින් සිවු අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැලී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිවු අනූ කපක් දෙවු මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා, රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ “සුධා පිණ්ඩිය” යන නමින් ද හඳුන්වන ලදහ.
තවද මෙයින් දෙ අනූවන කපෙහි බුදුවූ ඵුස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහ වනයෙහි ඇතුන් විසින් පලුදු කරනු ලදුව ගස් වැවී ජරාපත් වී තිබිණ. එක් සැදැහැවතෙක් ඒ චෛත්‍යයෙහි කැඩුම් බිඳුම් වලට බදාම හා ප්‍රතිසංස්කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා ද දෙඅනු කපක් මුළුල්ලෙහි අපමණ දෙවු මිනිස් සැප විඳ අප බුද්ධ ශාසනයේ පැවිදිව රහත්ව දුක් කෙළවර කළේය. ඒ රහතන් වහන්සේ “චණ්ඩ ඵුල්ලයන්ථෙර” යන නමින් හඳුන්වන ලදහ.
ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම කියා නිමකල කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.
සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,
1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.
ශරීරයේ කිසිම කැළලක් හටනොගනී