Skip to main content

නව වසරේ අසරණ සීයා කෙනෙකු වෙනුවෙන් මහ පින්කමක් සිදු කලෙමු …

By April 14, 2015April 12th, 2016All Posts

යාලුවනේ අපි නව වසරේ තවත් පින්කමක් සිදුකලා. ගසක් කඩා වැටීම නිසා පැල්පත විනාශ වූ සීය කෙනෙකුට ඔහුගෙ නිවස නැවත ගොඩනගාගන්න අවස්ථාව ලබා දුන්න. මේ සීය ඉන්නෙ කුරුණෑගල මල්පිටියෙ.  තනියම ජීවත්වෙන සීයට උපකාර කරන්න ජනක පී. ලියනගේ මහාත් තිලිණ විජේවර්ධන මහතාත් දායකත්වය ලබාදුන්න.

 

ජනක ලියනගේ මහතා රු 10,000.00

තිළිණ විජේවර්ධන මහතා රු 500.00
————————————–

එකතුව                   රු 10,500.00

 

වියදම්

තහඩු සහ තොප්පි ඇණ වෙනුවෙන් වියදම් වූ මුදල රු 945.00

කම්කරු කුලී දින 3ක් වෙනුවෙන් රු 3000.00

සාමාන්‍ය ඇණ වියදම 130.00

වියලි ආහාර සහ මුලුතැන් ගෙයට අවශ්‍ය උපකරණ රු 1140.00

——————————-

මුලු වියදම රු 5215.00

 

මේ පින්කම සිදුකල ජනක මහතාටත් තිළිණ මහතාටත් ඉතාම පින්සිදුවෙනව. මේ අසරණ සීයට සලකන්න අඹු දරුවන් නැහැ. ඥාතීන් හිටියත් සලකන්නේ නැහැ. තනියම කුලියක් කරල මෙයා ජීවත් වෙන්නෙ. ඉතින් මේ සීයට හිසට නිවහනක් හදාගන්න පුලුවන් උනේ පින්වත් මිතුරන් නිසා. ඔහුට තනියම නිවස හදාගන්න හැකියාවක් තිබුනෙ නැහැ. ඒ නිසා දින තුනක් එයාට උදව් කරන්න කෙනෙක් කුලියට යෙදෙව්ව. ඊට අමතරව සීයට අවශ්‍ය වලං මුට්ටි මෙන්ම හාල්, සහ අනිකුත් වියලි ආහාර ද්‍රව්‍ය ලබාදුන්න.

ඉතින් මේ මහා පින්කමේ බලයෙන් ජනක මහතාටත් තිළිණ මල්ලිටත් අප්‍රමාණ කුසල් හිමියෙනව. යමෙකුට හිසට වහලක් හදනව කියන්නෙ අප්‍රමාණ කුසලයක්.

පින්වත් ජනක මහතාණෙනි, තිළිණ මහතාණෙනි. මුහුණුපොතේ ලිපියක් පලකල පමණින් ඔබ මාකෙරේ අපමණ විශ්වාසයකින් මෙවන් මහ පින්කමක් සිදුකලේ. මෙපින් බලෙන් ඔබ කරන සියලු දේ අතිෂයින් සාරථක වේවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන මේ සියල්ල ඔබට හිරුරැස් මෙන් ගලා ඒවා. ඔබට ඇති සියලු බාධාවෝ දුරුවේවා. සසර කතර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවා. ඔබට සසර පුරාවටම සතරවරම් දෙවියන සතර වටින් ආරක්ෂා කරත්වා. යක්ෂ, ප්‍රේත, ඉරි,වැල් පැන්නුම්, දිෂ්ඨි ආදි නොයෙක් දුෂ්ට බලවේග ඔබ දුටුතැන පලායන තරම් මහා ආරක්ෂාවක් ඔබ වටා ජනික වේවා. යන යන තැන කිරි ඉතිරේවා, සැමට ප්‍රිය ජනක වේවයා. කිසිදින හිග නොවන මහා භාණ්ඩාගාර, ධාන්‍යාගාර පහල වේවා.  හිසට සෙවන ලබාදුන් පිනෙන් දිව්‍ය මාලිගා පහලවේවා. ආහාර ආදිය ලබාදුන් පිනෙන් දිව්‍ය ඕජස් පහලවේවා.  තව තවත් මෙවන් මහ පින්කම් සිදුකරගන්නට අවශ්‍ය වටපිටාව සැලසේවා. මතු ප්‍රාර්තනීය බෝධියකින් නිවන් දකින්නට මේ පින් හේතුවාසනා වේවා …

අප හටද පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ මුලාවූ අසරණ මිනිසුන්ට පිළි සරණක් වන්නටත් මෙපින් හේතුවාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

අසරණයෙකු වෙනුවෙන් ඉදි වූ නිවසක් ...

අසරණයෙකු වෙනුවෙන් ඉදි වූ නිවසක් …