Skip to main content

වෙඩිවැදුන ගෝමරන්කඩවල හස්ථියා රැකගන්නට දායක උනෙමු …

By February 24, 2018Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනක ලැබුන ආරංචියක් අනුව අපිට ගෝමරන්කඩවල වෙඩි වැදුන හස්ථියෙක් පිලිබද අපි සොයා බලුව. කතාව ඇත්ත. සිත් පිත් නැති වෙඩි උන්ඩයක් අසරණයගෙ වම් කකුල පසාරු කර‍ගෙන ගිහින් තිබුන. සතා බොහොම අසාධ්‍ය තත්වයෙන්  වැව් තාවුල්ලක වැටිල ඉද්දි අපේ පින්වත් මිතුරු මිතුරියන් එකතු වෙලා මේ අසරණය බේරගන්න කටයුතු සූදානම් කරමින් හිටිය. ඉතින් සතාගේ කකුල ශෛල්‍ය කර්මයකට භාජනය කරන්න කටයුතු සූදානම් කරන්නට පෙර ආහාර පානආදියෙන් සතා ශක්තිමත් කලයුතු බවත් ඒ සදහා දින දහයකට රු 35,000.00 කට ආසන්න මුදලක් වැය වන බවත් දැනගන්නට ලැබුනා. ඒ අනුව අපි පින්වත් මිතුරු මිතුරියන් දැනුවත් කර  රු 35600.ක් සූදානම් කලා. ඒ වෙනුවෙන් පහත පින්වත් මිතුරු මිතුරියන් දායකත්වය ලබා දුන්නා.

පූජ්‍ය දියසෙන්පුර සිරිසුමන ස්වාමීන් වහන්සේ රු 2000.00
ඉන්දික දැකුම්පිටිය මහතා රු 10,000.00
ප්‍රියන්ත ජයසේන මහතා 5602.00
රෝෂිනී පෙරේරා අක්කා රු 5000.00
ප්‍රශාන්ත මහතා රු 5000.00
ශෙහානි බොතේජු නංගි රු 5000.00
ස්වර්ණා සහබන්දු මාතාව රු 2000.00
හිරන්ත මදුසංක මල්ලි රු 500.00
සේනුක ගොවින්ද මහතා රු 500.00
——————————————————
ලද මුලු මුදල රු 35,602.00

 

බුදු දහමට අනුව සියලු සත්වයෝ දුකට අකමැත්තෝය. එය විශ්ව සත්‍යයකි. සුත්න මරන්නට අනදෙන ආගම් වගේම එහ් අගම්වල පූජකයන්ද ඒව ඉහලපින් අගය කරති. සතුන් මරණ චාරිත්‍රද හදුන්වා දෙති. එහෙත් ඒ ඇත්තන්ට කරදරයක් වූ විට විලාප තබති.

බුදු දහම සිකල සත්වගට මෙත් සික පතුරුයවි. මවක් තම එකම දරුවාට දක්වන දෙනෙහස කෙබදුද ඒ අයුරින්ම සියලු සත්වයන් කෙරේ මෙත් සිත පතුරවන්නයි  බුදු හිමියන් දේශනා කල සේක.

ගෝමරන්කඩලව හස්තියා පිලිබද මා දැනගන්නේ පාගොඩ ජනිතවංශ හිමියන් මගිනි. ගෝමරන්කඩවල සිටින මේ හස්ථියාගේ වම් පයට වෙඩි වැදීම නිසා දැඩි අසාධ්‍ය තත්වයෙන් සිටින බව දැනගන්නට ලැබුනි. දැඩි දුර්වල තත්වයෙන් පවතින සත්වයා ශෛල්‍යකර්මයකට භාජනය කරන්නට පෙර ආහාර දී ශක්තිමත් කලයුතු බව දැනගන්නට ලැබුනි. ඒ නිසාම ඔහුට සුදුසු ආහාර ලබාදීමට අවශ්‍ය වූ අතර දින දහයක් සදහා රු 35,000.00 කට ආසන්න මුදලක් වැයවන බව දැනගන්නට ලැබුනි. ඒ අනුව පින්වත් මිතුරු මිතුරියන් මගින් හැකි පමණ මුදල් රැස්කර හස්ථියා රැකගැනීමේ මෙහෙයුමට අපිත් දායක වීමු.

ඉතින් මේ හස්තියා වෙනුවෙන්  සහයෝගය ලබාදුන් අපේ ඉහත නම් සදහන් ස්වාමීන් වහන්සේ ඇතුලු කල්‍යාණමිත්‍ර සියලු දෙනාටත්, මේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිවන පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියන්ටත්,  Protect eco wild life  සංවිධානයටත්, සමිත පුෂ්ප කුමාර මහතාටත්, අනිකුත් සියලු හිතවතුන්ටත්, අපමණ කුසල් රැස්වේවා.

ඉතින් ඔබ සියලු දෙනා සිදුකරගත්තෙ මහා පින්කමක් ඒ පිනේ ආනිසංස කොච්චරද කියල කියල්ල බැහැ. ලන්තෑරුමක්  සහ පුංචි ටෝච් එකක් පමණක් තියාගෙන අතිශය දුෂ්කර දිවියක් ගෙවන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ආලෝකය ලබාදීමේ පින මෙපමණයි කියල නිම කරන්න බැහැ.

මේ පින්කම වෙනුවෙන්, වෙහෙස මහන්සි උන බොහෝම දෙනෙක් ඉන්නව. ඒ වගේම මේ පින්කම කරගන්න ලැබුනෙ ගෞරවණීය මහා සංඝරත්නය නිසා. උන්වහන්සේලා ඇතුලු දායක වූ වෙහෙස මහන්සි වූ ඒ හැම දෙනාටම මේ පින් ඒකාකාරව හිමිවේවා.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

චායාරූප නරඹන්න

ගෝමරන්කඩවල හස්ථියා ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

වීඩියෝ නරඹන්න