Skip to main content

රු. 68,000/= ක් වටිනා පාවහන් පාසැල් දූ දරුවන්ට බෙදාදුන් වගයි.

By February 13, 2014April 12th, 2016All Posts

පින්වත් යහලුවනේ අපි විහාරස්ථාන වලට වගේම ආර්ථික අපහසුකම් ඇති පාසැල් දරුවන්ටත් හැකි අයුරින් උදව් උපකාර කරනව. අද අපි එවන් මහ පින්කමක් කලා. කුරුණෑගල බෝයගනේ බෝගමුව මහා විද්‍යාලයේ ආර්ථික අපහසුකම් ඇති දුවා දරුවන්ට රු. 68,000/= ක් වටිනා පාවහන් ප්‍රදානය කලා.

මේ සදහා දායකත්වය ලබාදුන්නෙ මෙන්න මේ අපේ යහලුවන්.

01. ක්‍රිශාන්ති සමරතුංග මිය – රු. 24,900.00
02. කල්පන අතුරුගිරිය. – රු. 6,400.00
03. අමන්දි ඉසුරිකා මිය – රු.5000.00
04. තනුජ විජේසිංහ මයා – රු. 5000.00
05. නිරෝ සත්කුමාර – රු.5000.00
06. *************- රු. 5000.00
07. ************ – රු. 5000.00
08. ජයනාත් කුමාර – රු.4275.00
09. රාධිකා ප්‍රනාන්දු මිය. රු. 2000.00
10. නදීශා රණවක මිය රු. 1000.00
11.සංජය ජයරත්න මයා. – රු.500.00
12. නිපුණ අබේකෝන් මයා – 500.00
13.මදූ මංචනායක මිය රු. 3000.00

එකතුව – රු. 65575.00

මීට අමතරව තවත් පින්වත් යාලුවෙක් අපිට සපත්තු ජෝඩු 07ක් ලබා දුන්න. ඒ සපත්තු දුන්න කෙනයි ඔය තරු ලකුනින් සටහන් වෙලා ඉන්න දෙන්නයි එයාලගෙ නම් සදහන් කරල නැහැ. කරුණාකර ඒ ඔබනම් මුදල් එවූ දිනය සමග මට පොඩි මැසේජ් එකක් දාන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව.

ඉතින් පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක්. බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ධ වචනයට ගරැකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. ඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා …

මේ පිනට ඔබ වෙනුවෙන් දායක වීමෙන් ලබන අප්‍රමාණ පුණ්‍යස්කන්ධයෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් සිදුකිරීමට ශක්තිය ලබා දේවා … ගෞතම සාම සංදේශය ලෝපුරා ගෙනයමින් සත්වග සිත් දුක්ගිනි සිදලන්නට හැකියාව ලැබේවා … මා පතන බෝධියෙන් උතුම් නිවන් මගට පිවිසෙමින් ලෝ සත දුකින් මුදවාලන්නට මේ පින් හේතුවාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

 

රු. 68,000/= ක් වටිනා පාවහන්

රු. 68,000/= ක් වටිනා පාවහන් ලබාදුන් අවස්ථාව