Skip to main content

රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහනේ ධාතු පූජාවක් සිදුකල වගයි …

By September 25, 2015April 11th, 2016All Posts

රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහන 2015 සැප්. 23 වැනි දින ‍පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත් වූවා.

පින්කමවෙනුවෙන් පහත නම් සදහන් පින්වත් කළණ මිතුරැ මිතුරියන් දායකත්වය ලබාදුන්නා.

රොශාන් ප්‍රගීත් මහතා රු 62,000/-
කල්පන අතුරුගිරිය මහතා රු 40,000/-
මදුභාශිනි මිය හා රොෂාන් මහතා රු25,000/-
කැලූම් සම්පත් මහතා රු 25,000/-
දීපිකා මෙනෙවිය හා මිතුරියන් රු 20,700/-
දුලිප් දෙකනවක මහතා රු 16080/-
සේපාලිකා නංගි රු 16,000/-
පුබුදුනි අක්කා  රු15,000/-
සුජී ආරච්චිගේ මිය රු 11,000/-
අසංකා ජයමාලි මිය  රු 10,000/-
රජිත තෙන්නකෝන් මහතා රු 8,000/-
වසිත පේරේරා රු 4,000/-
එරංග සෙනෙවිරත්න මහතා රු 3,500/-
නුවන් මලින්ත මහතා 3,000/-
ඉෂාන් උදය මහතා රු 2,000/-
සුපුන් චතුරංග මහතා රු 2,000/-
තිළිණ විෙජ්වර්ධන මහතා රු 1,000/-
හිරන්ත මදුසංක මහතා රු 500/-
චෛත්‍ය ශ්‍රමදානයේ ඉතිරි රු 5,530/-

————————————————————

සම්පූර්ණ වැඩසටහනට යොමුකල මුදල  රු 270,310.00

පින්කමට අදාල එක් අංගයක් උනේ සුමදුර ධර්ම දේශනයයි. එහි වියදම් විස්තරය මේ අයුරින් සටහන වෙනව

නෙලුම් මල් ගෙන්වීම සදහා වියදම රු 500.00
ධාතුන් වහන්සේ වැඩම වීමට රු 550.00
පූජාව පැවැත්වූ ස්වාමීන් වහන්සේගේ ප්‍රවාහන වියදම රු 1000.00
——————————————————-

මුලු වියදම රු 2050.00

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර විසූ බුදුවරුන්ගේ ධාතූන් වහන්සේලා ගැනත් එම ධාතු පූජාවේ යෙදී සිටියවුන් ගැනත් තොරතුරු අපදාන පාළියේ සඳහන් වෙයි. ධාතු පූජාවේ අනුසස් පෙන්වන එක් තැනක මෙසේ සඳහන් වෙයි. “…… යමෙක් ජීවමාන වූ ලෝකනායක බුදුරදුන් පුදන්නේ නම්, එසේම පිරිනිවී බුදුරදුන්ගේ අබැටක් පමණ වූ ධාතූන් වහන්සේ නමකුදු පුදන්නේ නම් චිත්තප්පසාදය සම වූ කල්හි පින ද සමානය. මහත් බවට ගියේද වේ. එහෙයින් සෑයක් කොට සර්වඥ ධාතූන් පුදනු මැනවි. …….” විමාන වත්ථුවෙහි සඳහන් පරිදි බුදුරදුන් පිදීමත් පිරිනිවනෙන් පසු ධාතුන් වහන්සේලා පිදීමත් සමඵල ඇති පුණ්‍ය ක්‍රියාවකි. චෛත්‍යයක් වැඳීමට බෝධියක් වැඳීමට ගිය විට එයින් මෛත්‍රී සහගත කාය කර්මයක් සිදුවන අතර චෛත්‍යයක් හා බෝධියක් වැඳීමට යමුයයි කී කල්හි මෛත්‍රී සහගත   වචී කර්මයක් සිදුවේ. චෛත්‍යයක් වැඳීම ඊටත් වඩා ලොකු පින්කමකි. චෛත්‍යයක් වන්දනා කිරීමට පහන් සිතින් ගිය කෙනෙකු අතර මගදී මළහොත් ඔහු එකෙණෙහිම දෙව්ලොව ඉපදෙන්නේ යයිද සුමංගල විලාසිනියේ සඳහන් වේ. අනෙක් අතට චෛත්‍යයක් කැඩීම දෙමාපියන් මැරීම ආදී ආනන්තරීය කර්මයක් මෙන්ම බැරෑරුම් පාපයක් ලෙස මනෝරත පූරණියෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ දළදාව ලක්දිවට වැඩම වූයේ ක්‍රි. ව. 360 සිරිමේඝවර්ණ රාජ්‍ය සමයේදීය. මේ වන විට බුදු සමය මේ දිවයිනෙහි පිහිටුවා සියවස් හයක් පමණ ගතවී තිබුණි. එහෙත් මීට බොහෝ කලකට පෙරසිටම ලක් වැසියන් ධාතු පූජා කිරීමේ සිරිත අනුගමනය කොට ඇත.

අශෝක රජතුමාගේ ධර්ම විජය ව්‍යාපාරය යටතේ මෙරටට වැඩම වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා විසින් ධාතු වන්දනාව ගැන ලක්වැසියන් තුළ හැඟීම් ඇති කරන්නට ඇතැයි සිතිය හැකිය. “ධාතූන් වහන්සේ නමක් දැකීම තථාගතයන් වහන්සේ දැකීමක් ලෙස මිහිඳු මාහිමියන් පවසා ඇත. උන්වහන්සේ මෙරටට වැඩමවා නොබෝ දිනකින්ම බුදුරදුන්ගේ ශාරීරික ධාතු තැන්පත් කොට ස්තූපයක් කරවීමේ අදහස දෙවනපෑතිස් රජතුමාට දන්වා ඇත. ඒ අනුව දෙවන පෑතිස් රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුව ඇතුළුව ධාතූන් වහන්සේලා මෙරටට වැඩමවා අනුරාධපුරයෙහි ථූපාරාම දාගැබ ඉදිකොට එහි තැන්පත් කරවන ලද බව මහාවංසය සඳහන් කරයි.

ධාතූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෙස සලකා පූජා පැවැත්වීම දෙවන පෑතිස් සමයේ පටන්ම මෙරට වැසියන් අතර තහවුරුව පැවති බව වංසකතා අනුව සිතිය හැකිය. දුටුගැමුණු රාජ්‍ය සමය වනවාට මේ පිළිවෙත කෙතරම් දුරට ජනප්‍රියව පැවතියේද යත් රජුගේ කුන්තායුධයේ පවා ධාතූන් වහන්සේලා තැන්පත් වූහ. දුටුගැමුණු රජතුමා විසින් ගොඩනංවන ලද මහා ථූපයේ තැන්පත් කිරීමට සොණුත්තර තෙරණුවන් විසින් නාගලෝකයෙන් ධාතූන් වහන්සේලා ගෙන එන ලද බවත්, එම ධාතූන් වහන්සේට ලංකා රාජ්‍ය සත්දිනක් පූජා කළ බවත් මහාවංසය සඳහන් කරයි. මහසෙන් රජු දවස බුදුරදුන්ගේ පඨී ධාතුව ගෙනවුත් ස්ථූපයක තැන්පත් කරන ලද බව පූජාවලිය සඳහන් කරයි. ක්‍රි. ව. 4 වන සියවසේදී ලංකාවට දළදා වහන්සේ වැඩමවන විට ධාතු පූජාව පිළිබඳ කෙබඳු භක්තිමත් පසුබිමක් තිබුණිදැයි මේ අනුව අපට සිතාගත හැකිය. දළදා වහන්සේගේ ඉතිහාසයත් ලංකාවේදී ඒ සඳහා කෙරෙන පුදපූජා හා වත් පිළිවෙත් ගැනත් විමසා බලන විට දන්ත ධාතූන් වහන්සේ කෙරෙහි පවත්නා අති මහත් ගෞරවය ද තේරුම් ගත හැකිය.

මෙවන් මහ පින්කමක් සිදුකල ඔබ සියල්ලන්ගේ  නමින් පරලොව ගිය වරිග පරම්පරාවේ සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

මේ පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාටත් ඔබේ බිරිද හෝ ස්වාමි පුරුෂයාටත් දරු මුනුබුරන්ටත් දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා.

මෙපින් බලෙන් ඔබ සියලු දෙනාගේම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව යන සියලු කාරණාවෝ වර්ධනය වේවා. ඔබට ඇති දුක් හිරිහැර බාධා සියල්ල දුරුවේවා. සසරේ සිදුකල ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් පින් ඇති මේ කුසලයෙන් ඔබේ සියලු නරක කර්ම විපාක යටපත් වේවා.  සැගවී ඇති පුණ්‍යස්කන්ධයෝ මතුවේවා. හොද නරක හොදින් හදුනාගෙන හොද මගේ යාමට ඔබට වාසනාව ලැබේවා. සම්බුද්ධ ධර්මය හොදින් හදුනාගෙන අවබේධ කරගෙන ඒ මහගේ ගමන් කිරීමටත් කෙළවර පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීමටත් ඔබට මේ පින්කම් හේතුවාසනා වේවා.

මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා….

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

මහ රහත් ධාතු පූජාව

මහ රහත් ධාතු පූජාව – හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානය