Skip to main content

රු ලක්ෂ 3.5ක වියදමින් මහරගම පිළිකා රෝහලට තැඹිලි, රෝගීන් වෙනුවෙන් ත්‍යාග සහ අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදු කල වගයි …

By June 27, 2015April 12th, 2016All Posts

යාලුවනේ අපි මහරගම පිළිකා රෝහලට තැඹිලි, රෝගීන් වෙනුවෙන් ත්‍යාග  සහ අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගයක්

රූපසිංහ මිය 20758/-
රූපසිංහ අක්කා 20000/-
ජනක පී ලියනගේ මහතා 10000/-
රොෂාන් ප්‍රගීත් මහතා 10000/-
උදාරා ධර්මසේන මෙනෙවිය 7500/-
සේපාලිකා සොයුරිය 5000/-
අරවින්ද බණ්ඩාර මහතා 5000/-
එරංග සෙනෙවිරත්න මහතා 5000/-
සුනිල් පතිරණ මහතා 5000/-
අසංක බස්නායක මහති 2147/-
සෙනුදි දම්සර පුංචි දුව 2000/-
කැලූම් සම්පත් මහතා 2000/-
දිලාන් ලක්මාල්් මහතා 1500/-
ආන්යා එන්.පෙරේරා මහත්මිය 1250/-
හිරාන් මදුසංඛ මහතා 1100/
අෙජ් මහතා 1000/-
සමීර මධුරංග මහතා 1000/-
බියන්කා මිය 1000/-
වත්සලා ජීවපානී මෙනෛවිය 1000/-
නෙව්ශිකා හේරත් මිය 1000/-
ඩබ්.එම්.කේ.මදුසංක මහතා 500/-
සත්සර ගාමිනී මහතා 300/-
නම් සදහන් නොකල ලැබීම් 13250/-

ෆේස්බුක් ඔස්සේ ලැබීම් රු 117,305/-

 

තැඹිලි පරිත්‍යාග කල අවස්ථාවේදී ලද ආධාර

 

ඩී. චාමර අසේල මහතා 10,000/-
එම්.ජී. රොහාන් මහතා     5000/-

රසික එරංග සෙනෙවිරත්න මහතා 5000/-

කේෂව පීරිස් මහතා 1000/-

පී.එච්.සිරිමල් මහතා       1000/-

චාමර චමින්ද මහතා 1000/-

ඩිලානි පෙරේරා මිය       2000/-

එම් ඒ කරුණාරත්න මහතා 500/-

‍ෙක්.එල්.සිරිල් පෙරේරා මහතා 500/-

කේ.එල්.අසංක මහතා      500/-

රාජ් චන්ද්‍රා මිය 500/-

——————————————

එදින ලැබීම් රු 27,000/-

 

මුලු ලැබීම් රු 144,305.00

 

චන්දන ප්‍රසන්න මහතා පානීය ජල බෝතල් 100

රසික ප්‍රභාත් මහතා තැඹිලි ගෙඩි 500

කොළඹ සෞන්ධර්ය කලා විශ්ව විද්‍යාලය මගින් තැඹිලි ගෙඩි 500 සහ සියලු රෝගීන් හට අවශ්‍ය තෑගි රු ලක්ෂ දෙකක පමණ වියදමින් සිදුකලා.

ශ්‍රී ජයවර්ධන පුර ‍ොර්හලේ කාර්ය මණ්ඩලය තැඹිලි ගෙඩි 500ක් සහ රු 10,000/- ක අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගලයක් සිදුකලා.

බුජ්ගොමුව සහ කීනවල ප්‍රදේශවාසීන් තැඹිලි ගෙඩි 1000ක් සහ සහභාගී වූ අයට පලතුරු බීම සහ බිස්කට් ආදිය ලබාදුන්නා

 

වියදම්

පින්කමට සහභාගි වූ සියයකට අධික සියලු දෙනාටම උදෑසන සහ දවල් ආහාර වේල සදහා දායකත්වය රු 6500.00

පානීය ජල බෝතල් 50ක් සදහා රු 840.00

ධර්ම පත්‍රිකා මුද්‍රණය රු 4000.00

තැඹිළි ප්‍රවාහන වියදම සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම රු 7500.00

බස්රථය සදහා ප්‍රවාහන වියදම රු 27,000.00

මුලු වියදම      = 38415.00

 

ඉතිරි මුදල  = රු 105,890/-

ඉතිරි මුදල් පිළිකා රෝහලේ ළමා රෝගී අංශය සදහා අවශ්‍ය වායු සමීකරණ යන්ත්‍රය මිලදී ගැනීම සදහා යෙදවෙනවා.

ඉතින් එදින ඔබ විසින් සිදුකරගත්තේ මහා විශාල පුණ්‍යකර්මයක්. ඒ රෝගීන් නිරන්තරයෙන්ම දාහයෙන් ඉන්න පිරිසක්. නිතර දෙනු ලබන බෙහෙත් නිසා මේ රෝගීන් නිරන්තරයෙන් අධික දාහයෙන් පීඩා විදිනව. ඒ අයට මේ ලැබෙන්නෙ දිව්‍ය ඔසුවක් වැනි දෙයක්.

 

බුදුරජාණන් වහන්සේ දේශනා කලේ

“යෝ ගිලානං උපට්ඨෛය, සෝ මං උපට්ඨෛය”
“යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම්, හේ මට උපස්ථාන කළා වැනිය”

අපි විසින් සිදුකල මේ මහා පින්කම ඒ සියලු රෝගීන්ට මහා සහනයක් ලබාදෙන්නට ඇති. ඒ මහා පින්කම ලොව්තුරු බුදු හාමුදුරුවන් වහන්සේට සිදුකල මහා උපස්ථානයක් වගෙයි.

රෝගීන් කියන්නෙ නිතර මානසිකව පීඩාවෙන් පෙලෙන පිරිසක්. විශේෂයෙන්ම පිළිකා රෝගීන් කියන්නෙ එය තවත් වැඩියෙන් දැනෙන පිරිසක්. ඉකින් එවන් පිරිසක් වෙත නොයෙක් අයුරින් මෙවැනි පහසුකම් ලබාදීම තුලින් ඔවුන්ට ලැබෙන්නෙ විශාල මානසික ශක්තියක්.

කොහොම නමුත් මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන් දෙස් විදෙස් ඔබටත්, පින්කම සදහා විශාල කැපකිරීමක් සිදුකල ක්‍රිශාන් කන්නන්ගර මල්ලී ඇතුලු කොළඹ සෞන්ධර්ය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලේ අපේ නංගිල මල්ලිලාටත්, ශ්‍රී ජයවර්ධනලුර රෝහල් කාර්ය මණ්ඩලයටත්, වේයන්ගොඩ  සංචාරක දුම්රිය ස්ථානාධිපති තුමා ඇතුලු කීනවල සහ බුජ්ජොමුව ජනතාවටත්, එයාටෙල් ආයතනයේ නාලක ලසන්න මහතාටත්, ඩිලානි පෙරේරා මහත්මියටත්, චාමර දිලූ පෙරේරා නංගියාටත්,  චාමර අසේල මහතාටත්, අශාන් අයියා සහ වත්සලගා අක්කාට ඇතුලු නම් කියවූ නොකියවුනු සියලු දෙනාටම අනනත්ත පුණ්‍යස්කන්ධයෝ එක ලෙසම හිමිවේවවා.

මෙවන් මහ පින්කමක් සිදුකල ඔබ සියල්ලන්ගේ  නමින් පරලොව ගිය වරිග පරම්පරාවේ සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්, නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.

මේ පින්කම සිදුකල සිදුකල ඔබ සියලු දෙනාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් බලයෙන් සසර පුරා පිළිකා රෝගියෙක් දකින්නටවත් නොලැබේවා. එවන් දුක් විදින රෝගියෙකුගේ අදෝනාවක් වත් අහන්නටවත් නොලැබේවා. සසර පුරාවටම නිදුක් නිරෝගී ජීවිතයක්ම උදාවේවා. මේ තැඹිලි පැන් ලබාදුන් අනුහසින්ද, තෑගි භෝග ආදියෙන් සංග්‍රහ කිරීමේ අනුහසින්ද නිවන් දක්නා ජාති දක්වාම ඔබ ලබාදෙන වතුර වීදුරුව පවා තව කෙනෙකුට ඖෂධයක් වේවා. ඔබේ ස්පර්ෂයෙන් පවා දහස් ගණන් රෝගීන් ක්ෂණිකව සුවය ලබත්වා. තැඹිලිපැන් බීමෙන් ඒ සිරුරු යම් සේ සැනසුනිද ඒ අයුරින්ම නිවන් දක්නා ජාති දක්වා ඔබට තේජෝ ධාතුවෙන් ( උණුසුම හෝ දිරුරේ උෂ්ණය ) කිිසදු පීඩාවක් නොවේවාත ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්සාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා.  මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා.  සතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා …

මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා….

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

 

මහරගම තැඹිළි දානය

මහරගම තැඹිළි දානය සහ ත්‍යාග ප්‍රදානය