Skip to main content

රට ජාතිය ආගමට සෙත් පතා විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිදුකල මහා ආශිර්වාද පූජාව …

By September 6, 2016Uncategorized

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

අද වන විට රට ජාතියට ආගමට අත් වෙලා තියෙන්නෙ ඉතාම ශෝචනීය ඉරනමක්. සිංහලජාතිය, රට, බුදු දහම මේ සියල්ල අදුරු අගාධයකට වැටෙමින් පවතින යුගයක අපි ඉන්නෙ. ඉතින් පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදි රටට, ජාතියට, ආගමට සෙත් පතා ආශිර්වාද පූජාවක් සංවිධානය කලා.

මේ මහා පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ පහත් පින්වත් පිරිස් විසින්

රීටා දැකුම්පිටිය මාතාව රු 10,000/-
නදීෂා රණවක මහත්මිය රු 2000/-
හිරන්ත මදුසංක මහතා රු 1000/-
—————————————-
එකතුව               රු 13,000/-

මේ මුදල් වැය උනේ බෝධි පූජාවට අවශ්‍ය තෙල් මල් පහන් ආදිය සහ අනිකුත් අඩුම කුඩුමමිලදී ගැනීමටයි. ඒ නිසා පින්කම වෙනුවෙන් සැබැවින්ම අපිට වැය උනේ රු 3,000.00 නට ආසන්න වියදමක්. ඉතිරි සියලු මුදල් වනවාසී ස්වාමීන් වහන්සේට ජලය ලබාදීමේ වැඩ සටහන වෙනුවෙන් යොමු කලා.

අද වන විට රට දැය සමය මෙන්ම ජනතාවද දැඩි අසීරුතාවයන්ට මුහුණ දීල. ඒකට හේතුව තමයි සමහර නායකයන්කේ අදූරදර්ශී පාලනය. ලොව උතුම්ම ජාතිය ලෙසින් සිංහල ජාතියද ලොව ශ්‍රේෂ්ඨතම ධර්මය ලෙසින් බුදු සසුනදආරක්ෂා කිරීමේ වගකීම වර්තමාන ඇතැම් අදූර දර්ශී නායකයන්ට අමතක වීම කෙතරම් අවාසනාවක්ද?

එවන් වකවානුවක් තුල සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත්ආරක්ෂාව පතා මෙවන් ආශිර්වාද පූජාවක් සංවිධානය කිරීමට සිත් පහල වීමත් පින්වත් ඔබේ හදවතේ ඇති ජාතිකානුරාගය පිලිබද හොදම ඉගිය පෙන්නුම් කරනව. කොහොම උනත් මේ පින්කමට විශාල පිරිසක් සහභාගි උනා වගේම පූජ්‍ය ගිණිගම මෙත්තානන්ද හිමියන් විසින් පින්කම ඉතාම අලංකාර ආකාරයට සිදුකරනු ලැබුව.

ඉතින් මේ මහා පුණ්‍යකර්මය වෙනුවෙන් මූල්‍යාධාර ලබාදුන් පින්වත් ඔබ වගේම පින්කමට වෙහෙස මහන්සි උන, දායක උන, සහභාගි උන සියලු දෙනාටම අප පින් අනුමොදන් කරනව.

ඉතින් මේ මහා පුණ්‍යකර්මය වෙනුවෙන් මූල්‍යාධාර ලබාදුන් පින්වත් ඔබ වගේම පින්කමට වෙහෙස මහන්සි උන, දායක උන, සහභාගි උන සියලු දෙනාටම අප පින් අනුමොදන් කරනව. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහනිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

 

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින්සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

ආශිර්වාද පූජාව ...

ආශිර්වාද පූජාව – ජය ශ්‍රී මහා බෝධිය