Skip to main content

මුහුණුපොතේ මිතුරු මිතුරියකගේ දායකත්වයෙන් පැන් පොකුණක් නිර්මාණය කල සම්බුදු සසුනට පූජාකල වගයි …

By June 23, 2014April 12th, 2016All Posts

බෝයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයේ මල් පැන් දොවනය කිරීම සදහා ඉදිකල පැන් පොකුණ පසුගියදා සම්බුදු සසුනට පූජා කලා. ඒ ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ විසින් පැවැත්වූ ධර්ම දේශනය අවස්ථාවේදීයි.
පින්කම සදහා රු. 35.000කට ආසන්න මුදලක් වැයවූ අතර ඒ සදහා දායකත්වය ලබා දුන්නේ බහරේන් වල සේවය කරනා මංජුලා මහත්මියයි.

ඉතින් මෙවන් මහ පින්කමකට දායක උන අපේ දයාබර පින්බර සොයුරිය මේ සිදුකලේ මහ පිනක්. විහාරස්ථානයට ගෙනෙන මල්වලට පැන් දෝවනය කරනව කියන්නෙ මල්වල ඇති දූවිලි හා අපද්‍රව්‍ය ඉවත් කිරීමක්. බුදු හිමියන්ට පූජා කිරීමට පෙර මල් පිරිසිදු කිරීමක්. ඉතින් ඒ සදහා පහසුකම් සැලසීම කියන්නෙ මහා වටින පින්කමක්. බුදුහිමියන්ට රන්වන් පැහැති සමක් ලැබුනෙ සසර පුරාම මේවගේ මහ පින්කම් සිදුකල නිසා. ඒ විතරක් නෙවෙයි. කුණු දූවිලි නොරදන සමක් ලැබුනෙත් මෙවන් මහා පින්කම් සිදුකල නිසයි. ඉතින් මේ පින්කමමේ බලය මෙපමණයි කියල කියන්න බැහැ. මේ මහා පින්බලෙන් ඔබවන් දරුවකු බිහිකල මව සුගති ගාමි ආත්මයක සිටීනම් යස ඉසුරු වර්ධකය වේවා. අභව්‍ය ස්ථානයක සිටීනම් මේ පින් ලැබී සුගති ගාමී ආත්මයක උපදීවා. පියාටත්  මේ පින් ඒකාකාරවයම ලබේවා. දීර්ඝායුෂ වේවා. ඔබේ දරු මුනුබුරන් මෙන්ම සොයුරු සොයුරියන්ද මේ පින් බලෙන් සැපතින් සැපතට පත් වේවා. විශේෂයෙන් ඔබට පින්බර දරුවන් බිහිකරන්නට  මේ පින් හේතුවාසනා වේවා …
මෙපින් බලෙන් ඔබටත් නිවන් දකිනා ජාති දක්වාම පින්බර උප්පත්තියක් හිමිවේවා. උපතේදී කිසිදු දුකක් කරදරයක් ඇති නොවේවා. පිරිපුන් සිරුරු ඇති තේජවන්ත ශක්තිමක් පුද්ගලයන් බවට පත්වේවා. උපදින හැම භවයකදීම යස ඉසුරු සහිත ජීවිතයක් හිමිවේවා. අවසනදී ඔබ පතන බෝධියෙන් නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්කර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

පැන් පොකුණක් නිර්මාණය කිරීම

පැන් පොකුණක් නිර්මාණය කිරීම