Skip to main content

මහා සංඝයා වෙනුවෙන් සිදුකල ගිලාණෝපස්ථානය …

By August 7, 2020Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක පින්වත් චානක සිරිනුවන් මහතා විසින් මෙම මහගු පින්කම සිදුකරනු ලැබුවා. පින්වත් ස්වාමීන් වහන්සේ නමක් රෝගාතුරවී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම මුහුණ දීමට සිදුවී තිබූ අතර අදාල ගාස්තු ගෙවීම චානක මහතා විසින් සිදු කලා. එම මුදල රු 20,000/-ක්. එසේම පින්වත් හිරන්ත මදුසංඛ මල්ලි විසින් ස්වාමීන් වහන්සේගේ ගමන් වියදම ලෙස රු 1000./- ක් පරිත්‍යාග කරන්නට යෙදුනා.

ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ සිදු කලේ මහගු පින්කමක් …

ඉතා දිළිඳු අන්ත අසරණයාටද පොහොසත් වංශවතාටද නිවන්මඟට පිළිපන් ප්‍රතිපත්ති පූරණය කරන භික්ෂූන් වහන්සේට සහ අතිඋතුම් ලෝකෝත්තර මගඵලලාභී ක්ෂීණාශ්‍රවයන් වහන්සේටද යන කවර තරාතිරමක අයකු හට වුවත් ගිලන් වූ කල වෙනත් අයකුගේ උපස්ථානය පැතීමට සිදුවෙනවා.. භික්‍ෂු සමාජයේ කිසිවකුට රොවින් පෙළෙද්දී පිහිටක් නොවී සිටීමට කිසිදු අවසරයක් නැත. “යො ගිලානස්ස උපට්ඨපේති සෝ මං උපට්ඨපේති” යමෙක් ගිලනුන්ට උවටැන් කරයිද හෙතෙම තමන් වහන්සේට උපස්ථාන කළා හා සමානයි යන බුදුවදනෙන් ද අවධාරණය කරන්නේ රෝගියකුට උපස්ථාන කිරීම එතරම්ම ගෞරවාන්විත හා සදාචාරාත්මක සද්කාර්යක් බවයි. එහිදී ඥාති බන්ධු මිත්‍රාදී හා ස්වකීය පරපුරේ යැයි සිතා තෝරාගත් රෝගී පිරිසකට පමණක් උපස්ථානය සීමා නොකළ යුතුය.

තරාතිරම නොබලා දයාවෙන් පිරි සිතින් රෝගීන්ට උවටැන් කළ යුතු වන්නේ කවර හෝ මොහොතක තමන් ද රෝගියකු විය හැකි බැවිනි. එවන් විටකදී කවරකුගේ හෝ සරණක් පැතීමට තමන්ටද සිදුවන නිසාත් රෝගියකුට උවටැන් කිරීමෙන් ජීවිතයේ පවත්නා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය පිළිබඳව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කර ගැනීමට අවස්ථාවක් ලැබෙන නිසාත් රෝගීන්ට කරන උපස්ථානය තමන්ටද මහත් සේ උපකාරවත්ය. පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේට තථාගතයන් වහන්සේ සියතින්ම උවටැන් කිරීමෙන් ගිලානෝපස්ථානයේ වැදගත්කම ආදර්ශයෙන්ම පෙන්වා දුන් සේක.

ඉතින් ඔබ සියලු දෙනා සිදුකරගත්තෙ මහා පින්කමක් ඒ පිනේ ආනිසංස කොච්චරද කියලකියල්ල බැහැ.

මේ පින්කමකරගන්න ලැබුනෙ ගෞරවණීය මහා සංඝරත්නය නිසා. උන්වහන්සේලා ඇතුලු දායක වූ වෙහෙසමහන්සි වූ ඒ හැම දෙනාටම මේ පින් ඒකාකාරව හිමිවේවා.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසිකපීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලුඅවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝගසාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින්බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාමසද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදීඅඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තුසම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමටනැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින්හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්,තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන්වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර,කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවාකල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසමසම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද,සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන්ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතුබුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදීසතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණටඅධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුවදැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින්අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රටජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණයගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින්සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන්නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා

විස්තර නරඹන්න.

Gilan Upasthana

Gilan Upasthana -Isipathanaya – Thelambugammana