Skip to main content

භික්ෂූන් වහන්සේ සය නමකට ඇතුලුව වැඩිහිටියන් පනස්දෙනෙකු උපහාරයෙන් පිදුම් ලැබූ වගයි …

By December 15, 2015All Posts

2015 දෙසැම්බර් 12 දින අපි වැඩිහිටි උපහාර උළෙලක් පැවැත්තුව. ඒ පොල්ගහවෙල මැටිකුඹුර, හොදැල්ල ජයසුන්දරාරාම විහාරස්ථානයේදියි. ම් පින්කම වෙනුවෙන් පහත පින්වතුන් දායක උනා.

 

සමිල විජේසිංහ මහතා 12000/-
ජනක ලියනගේ මහතා රු 10345/-
අරවින්ද රත්නාය මහතා
වසිත පෙරේරා යන මිතුරන් රු 10,000/-
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5000/-
රොෂාන් අල්විස් මහතා රු 5000/-
ඉෂාර ප්‍රනාන්දු මහතා රු 3500/-
සමීර අබේවික්‍රම මහතා රු 2000/-
කසුන් ජයනාත් මහතා රු 2000/-
ඉෂාන් උදය මහතා රු 2000/-
ක්‍රීශාන්ත සමරවීර මහතා රු 2000/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1500/-
හිරන්ත මදුසංක මහතා රු 500/-
චන්දන මදුරංග මහතා500/-
—————————————–
මුලු ලැබීම්           රු 56,345/-

වියදම්

සුදු ඇදුම් සදහා රු 38,000.00

බෙහෙත් මංජුසා සදහා රු 22,000.00

උපහාර තිළිණ සදහා රු 8,000.00

පටිගතකල පිරිත්පොත්වහන්සේ රු 8,000.00

විදුලි ලාම්පු (ත්‍යාග ) රු 3,300.00

බැනර් සහ තේපැන් සංග්‍රහ සදහා රු 2525.00

ප්‍රවාහන වියදම් රු 1200.00

———————————————

මුලු වියදම් රු 83,025.00
හිග වූ මුදල 26280.00

හිග මුදල සජී ආරච්චිගේ මිතුරිය විසින් කඨින පින්කම වෙනුවෙන් ලබාදී ඉතුරු වූ මුදලින් පියෙව්වා.

සිය ජීවිත කාලයම සසුන වෙනුවෙන් කැපකල ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ප්‍රමුකව වැඩිහිටියන් පනස් දෙනෙකු වෙනුවෙන් පවත්වන ලද උපහාර උලෙල ඉතාම උත්කර්ශවත් අයුරින්පඅවඅත්වූවා. ජීවිත කාලයම දරුවන් වෙනුවෙන්, රට වෙනුවෙන් කැපකල රත්තරන් පියවරුන් අතර සමහරු අදවන විට නොයෙක් ආබාධ වලින් පෙලෙමින් සිටියා. ඒ අයගෙන් සමහරුන් දරුවන්ගෙන් නිසි සැලකුම් නොලබන දෙමාපියන්.

ඉතින් එවන් දෙමාපියන් වෙනුවෙන් මෙවැනි උපහාර උලෙලක් සංවිධානය කිරීමට ශක්තිය ලබාදුන් ඔබ සියලු දෙනාට අපමණ පින්සිදු වේවා.

විශේෂයෙන්ම ඔබගේ පින්වත් පියවරුන් හෝ මවුවරුන් මියගොස් සිටීනම් ඒ අයට හිමිවේවා. ඒ අය සිදුවූ අත්වැරදීමකින් හෝ චුතිසිත කුමන් හෝ හේතුවකින් නරකට යොමු වීමෙන් දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. දිව්‍ය මාලිගා පහල වේවා. තව්තිසා දෙව්ලොව වැනි නිතර බුදුබණ ඇසෙන තැනකම උත්පත්තිය සිදුවෙන්වාත ඒවන් තැනක සිටීනම් යස ඉසුරු වඩා වර්ධනය වේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. පින්වත් දෙමාපියන් සුජීවත්ව සිටීනම් මේ පින් බලෙන් ඒ අයට නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා.  ජාති, ජරා, ව්‍යාධි, මරණ අපි හැමෝටම පොදු උවත් ඒ සියල්ල ඉතාම සිහිනුවණින් ජයගන්නටත්, ස්වභාවිකව ලැබෙන වේදනා අනන්ත තුනුරුවන් ගුණ බලෙන් අවම කරගැනීමටත් මේ පින් හිමිවේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, සියලු දෙනා ඇතුලු විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ශාසනාරක්ෂක, ලෝකපාලක, දෙවියන් මෙන්ම සතර වරම් දෙවියන්ද මේ පින් අනුමොදන්ව ඔබට සතර වටින් ආරක්ෂාව සලසත්වා. උතුම් රත්නත්‍රයේ ආනුභාවයෙන්ද, ජයසිරි මහ බෝ හිමියන්ගේ අනුහසින්ද, වාම,දක්ෂිණ දන්තධාතූන් වහන්සේලාගේ බලයෙන්ද, ලලාට දාතුන් වහන්සේ, ග්‍රීවා ධාතූන් වහන්සේ ඇතුලු සිලුමින සෑයේ, නාගලොවේ වැඩ සිටින මෙන්ම තුන්ලෝකය පුරා වැඩ සිටින සර්වඥ ධාතුන්වහන්සේලාගේ බලයෙන්, අරහත් මහ ධාතූන් වහන්සේලාගේ බලයෙන්, තුන්ලෝකයේ වැඩ සිටින බුදුපිලිම වහන්සේලා, චෛත්‍යරාජයන් වහන්සේලා. ඇතුලු ශාරීරික, පාරිභෝගික, උදේදේසිය චෛත්‍ය ආනුභාවයෙන් සියලු ග්‍රහ දෝෂ, කර්ම දෝෂ, අමනුෂ්‍ය දෝෂ, භූමි දෝෂ ආදි සියලු දෝෂයන් හිරු දුටු අදුර මෙන්, දුරුවී යේවා. මරනින් මතු නිවන් දක්නා ජාති දක්වා සුගතිගාමී වීමෙන් කෙලවර බුදු පසේබුදු මහරහත් උතුමන් නිවී සැනසී වදාල ජාතියක්, ජන්මයක්, මරණයක්, දුකක්, සෝකයක් නැති ශාන්ති ලක්ෂණ පැතූ බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා..

මෙවන් මහ පින්කමක් සිදුකරගන්නට මට භාග්‍ය ලබාදුන් සියලු දෙනාට පින් අනුමොදන් කරන අතර මගේ හෘදයාංගම ස්තුතියි ද පුදකරමි. මෙපින් බලෙන් මෙවන් මහ පින්කම් තව තවත් සිදුකරගන්නට මට ශක්තිය ලැබේවා. දිවා රෑ ප්‍රාර්ථනා කරන ඉලක්කය වෙත ලගාවී අසරණ සත්වගට පිහිටක් ලබාදෙන්නට හැකියාව ලැබේවා. කෙලවර මා පතන බෝධියෙන් නිවන් ලබන්නටත් සසර කතරේ අනේක දුක් විදින අසරණ සතුන් හ‍ට ජාතියක් ජරාවක් මරණයක් නැති අමා මහ නිවන් අවබෝධ කර දෙන්නටත් මෙපින් ගංගාවෝ හේතුවාසනා වේවා.

 

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

වැඩිහිටි උපහාරය 2015

වැඩිහිටි උපහාරය 2015 – හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරය