Skip to main content

බුදුරැස් විහිදෙන සේමාවතී වන්දනාව  2016

By November 29, 2016Uncategorized

 

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල බුදුරැස් විහිදෙන සෝමාවතී වන්දනාව හා දළදා පූජාව පලමු වරට සිදුකලේ  2016 නොවැම්බර් 17 – 18 දෙදින තුලදීයි. මේ සදහා පූර්ණ මූල්‍ය දායකත්වට ලබාදුන්නේ

අසංක මල්ලි හා චායා නංගි රු 40,000.00
තුශාන් අබේවික්‍රම මල්ලි රු 10,000.00
ලලිතා රතුගේ මහත්මිය රු 5500.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5000.00
ඉෂාර ප්‍රනාන්දු මහතා රු 3000.00
ශෙහානි බොතේජු මහත්මිය රු 2000.00
හිරන්ත මදුසංක මහතා රු 1600.00
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1000.00
පුමුදු පෙරේරා මහතා රු 1000.00
රුවන් ජයසිංහ මහතා රු 1000.00
විජිතා වීරසිංහ මව රු 500.00
——————————–
ලද මුලු මුදල රු 70600.00

පදනමේ අරමුදල් තුන්පතුවල තිබූ මුදල රු 140,548.00

( ඒතුල පුබුදුනී අක්කා විසින් සිදුකල ව්‍යාපෘතියක ඉතිරි වූ රු 100,000/- ක් හා බිබිල ප්‍රෙද්ශයේ සිදුකල කඨින පින්කමේ ඉතිරි මුදල් සියල්ල පින්කමට යොමු කලා )

ඒ අනුව මුලු මුදල  රු 140,48.00 + රු 70600.00 = රු 211148.00

වියදම් …

පහන් 2600ක් හා, තෙල්, ආදිය සදහා රු 50,000.00
බස් දෙකක වියදම රු 44,000.00
දොලාවට රු37,000.00
දානයට සහ පිරිස වෙනුවෙන්ආහාර ද්‍රව්‍ය රු 30183.00
භාණ්ඩ ප්‍රවාහනයට ලොරිය හා ත්‍රීරෝද රථ වියදම රු 14,100.00
කප්රුක රු 9250.00
විශ්‍රාම ශාලා වියදම රු 7000.00
සුවද වර්ග රු. 5200.00
පලතුරු සදහා රු 4310.00
අටපිරිකර වියදම රු 3000.00
කැවිලි සදහා රු 2625.00
පහන්තිර රු 1500.00
සුලු වියදම් රු 1050.00
වට්ටි සදහා රු 750.00
සූකිරි ආදිය රු. 600.00
දෝළාව සදහා තිර රෙදි රු 580.00
———————————
මුලු වියදම රු 211148.00

පින්වත් මිතුරනේ දළදා පූජාව සදහා අවශ්‍ය පූජා භාණ්ඩ ඉහල ගුණාත්මක භාවයෙන් යුක්තව අරගන්න අපි කටයුතු කලා. ඒ වගේම පූජාව සදහා වශේෂ දොලා්වක් නිර්මාණය කල අතර එහි බුද්ධ පූජාවන් වගේම පුබුදුනී අක්කා විනිස් පූජා කල කරඩුවත් වඩමවන්නට අපිට පුලුවන් උනා. ඒ වගේම සෝමාවතී මහ පූජාවට අමතරව  ගිලන් පස 32ක පූජාවක්, කිරි ආහාර පූජාවන් අපි විසින්ද සිදුකලා. පහන් 2560ක මහ පූජාවක්ද සිදුකල අතර අපි විසින් සුදු සදුන් දරින් හිදින ලද රන්තැඹිලි පහන් පූජාවක්ද සිදුකලා. චෛත්‍යරාජයන් වහන්සේට සුවද දුම් වගේම සුවද පැන් ඉස අලංකාර කරන්නටත් අපිට හැකි උනා. ධර්ම පුස්ථක පූජාවක්ද සිදු උනා.  ඒ වගේම මහන් පූජාවට ඉහලම දායකත්වය ලබාදුන් අසංක මල්ලි සහ චායා නංගි නොවැම්බර් 9ට යෙදුන ඒ අයගෙ උපන්දිනය වෙනුවෙන් විශේෂ ආශිර්වාදයක් ලබාගත්ත. ඒ වගේම තුශාන් අබේවික්‍රම මල්ලි කප්රුක් පූජාව වෙනුවෙන් දායකත්වය දරමින් විශේෂ ආශිර්වාදයක් ලැබුවා. පුබුදුනී අක්ක විසින් වටිනා කරඩුවක් සෝමාවතී මහ ථූපයට පූජා කරමින් ආශිර්වාද ලැබුවා …

බස් දෙකක් හා වෑන් රථතුනක් සහභාගි වූ අතර සියලු දෙනා වෙනුවෙන් අපි ආහාර හා තේපැන් ලබාදුන්නා.

සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකර ඇති චෛත්‍යයන් වන්දනා කිරීමේ දී, සැදැහැවත් බෞද්ධ ජනකාය අතීත යුගයේ සිට ම නොයෙක් පුද පූජා පිළිවෙත් අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේට තම අපමණ සැදැහැ බැති පෙම පළ කළ අයුරු වර්තමානයේ සිදුකරනු ලබන පුද පූජාවලින් ද වටහාගත හැකි ය. සෑ මළුවේ සිවු කොණේ පිහිටුවා ඇති වාහල්කඩ හා බුදු කුටිවල ද පුදසුන් මත ද මල් පහන් හා සුවඳ දුමින් පුද පූජා පවත්වන අයුරු දිනපතා දැක්ක හැකි යි.

පුන්නාගපුප්පිය රහතන් වහන්සේගේ ථේරාපදානය

මීට කල්ප අනූ දෙකකට පෙර මනුෂ්‍ය ලෝකයේ වැද්දෙක් වූ මම එක්තරා දිනක මහා වනයට පිවිසියෙමි. පිපුන මල් ඇති දොඹ ගසක් දැක බුදු රජාණන් වහන්සේව සිහි කලෙමි. බුදු රජාණන් වහන්සේ උදෙසා වැලි වලින් සෑයක් කොට දොඹ මල් නෙලා සෑයට පූජා කලෙමි. එදා මම බුදු රජාණන් වහන්සේ උදෙසා සිදු කල ඒ උතුම් පූජාව නිසා කිසි කලෙක දුගතියක (කල්ප අනූ දෙකක් ) නොඉපදුනෙමි. ඒ පිනෙන් මෙයින් අනූ එක වෙනි කල්පයෙහි සක්විති රජ කෙනෙක් වුනෙමි. මේ ජීවිතයේදී සිව්පිලිසිබියාවන් සහිත අරහත්වයට පත් වුනෙමි.

නාගසමාල ථේරාපදානය

මම සියලු නගර වාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා නගර මැද වීදියෙහි සුණු ගඩොල් ආදියෙන් නිමවන ලද සිබී බුදුරජුන්ගේ ස්තූපයට ආදර සිරතව පලෝ මලක් ගෙන තැබීමි.

මින් එක්තිස්වන කපෙහි වූ, එකල්හි යම් පුණයකර්මයක් කලෙම්ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ ස්ථූප පූජාවෙහි විපාකයයි. මින් පසෙලොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති “භූමීය” නම් සක්විති රජෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද අෂ්ඨි විමෝක්ෂයෝද ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

සපරිවාරිය ථේරාපදානය

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතු නිදන් කල මහත් සෑයක් විය. මම අති උතුම් ධාතු ගර්භයෙහි දිව රෑ දෙක්හි උවටැන් කලෙමි. පහන් සිත් ඇතිව, සොම්නස් ඇතිව එහි සඳුන් වේදිකාවක්ද කලෙමි.

මේ පුණ්‍ය කර්මයේ විපාකයෙන් දිව්‍ය වූ හෝ මානුෂීය වූ හෝ භවයෙහි උපදින කල්හි මාගේ පහත් බවක් නොවීය. මේ පූර්ව කර්මයේ මින් එක් දහස් පන්සිය වන කපෙහි මහත් බල ඇති “සමත්ත” නම් වූ ඒ සියලු සක්විති රජවරු අට දෙනෙක් වූහ.

පිළින්දවච්ඡ ථේරාපදානය

සුමේධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති සොම්නස් වූ මම ස්ථූප පූජාවක් කළෙමි.

එම ථූප පූජා කිරීම් වශයෙන් ඇතිවූ චිත්ත ප්‍රසාදය කරණ කොටගෙන මම දිව්‍ය විමානයක උපනිමි. අසූ දහසක් දෙවඟනෝ මාගේ සිත සතුටු කරවූහ. එම අප්සරාවෝ සියලු කාමයන් කරණ කොටගෙන මා අනුවම පවතිත්, මම අනෙක් දෙවියන් සම්පත්තියෙන් ඉක්ම වීමි. මේ ස්ථූප පූජා පුණ්‍යකර්මයාගේ විපාකයයි.

මම එකල්හි පස් විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති “වරුණ” නම් සක්විති රජෙක් වීමි.

මම එහි රාජ්‍ය කොට නැවත දිව්‍ය ආත්මභාවයට පැමිණියෙමි. එකල්හි ද මට මෙබදුම වූ භෝග සම්පත්ති තොමෝ උපන්නය.

මිතුරු වූ හෝ පසමිතුරු වූ හෝ සියලු ප්‍රාණීහු මට හිංසා නොකෙරෙත්. මම සියලු දෙනාටම ප්‍රිය වීමි.. මේ ස්ථූප පූජා පුණ්‍යකර්මයාගේ විපාකයයි.

මේ භද්‍ර කල්පයේ මම මහානුභාව ඇති මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.

පින්වත් යාලුවනේ, මේ සියල්ල චෛත්‍ය පූජාවේ ආනිසංසයි.

මාගම රාජ්‍ය විචාල කාවන්තිස්‌ස රජුගේ සොහොයුරිය වූ සෝමාදේවිය සරණපාවා ගනු ලැබුවේ, කැලණිතිස්‌ස රජකම් කළ ශිව රජුගේ බෑණා වූ අභය කුමාරයායි. මෙම සෝමාදේවියගේ ඉල්ලීම පරිදි ඉදිකල සෝමාවතී මහ සෑ රදුන් වැඩ සිටින්නේ සම්බුදු පියාණන්ගේ දකුනු දන්තදාතූන් වහන්සේ දරාගෙනය.

ඉතින් නිරන්තරයෙන් බුදුරැස් විහිදෙන සෝමාවතී පූජාවෙන් පින්වත් ඔබ සිදුකරගත්තේ අති මහත් පින්කමක්.

ඉතින් මේ පින්කමට විශේධ ශක්තියක් වූ අපගේ වනවාසී ස්වාමීන්වහන්සේටත්,  දායක වූ පින්වත් ඔබසැමටත් මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා, අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවා, අපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණට, මහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවා. බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන් වහන්සේ නළල් තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා. තව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතර වරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතන උතුම් අධිගම ලාභය ඒ අයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරක බාධක, සතුරු උපද්‍ර‍, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් , තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන් වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදී උප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්, තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක් ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් ඒ සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම් සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක් තත්පරයක් පාසාරත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වා විහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍ර‍ඥා පහල වේවා. වාප පිත් සෙම් තුන් දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා,කර්ම, ඍතු, ආහාර, චතු සමුට්ඨානික, ඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා. සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා. දෙදෙව්ලොවට අධිපත්, සක්දෙවිදුන්, සුමන සමන්දෙවියන්, විෂණු කතරගම ඇතුලු මේ බුද්ධ ශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. මේ පින්වත් පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේ දුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්‍ර‍යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා.

මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්‍යය නිවැරදිව සුවසේ අවබෝධ කරගෙන දාන සීල භාවනා තිවිධ පුණ්‍ය ක්‍රියා සිදුකරමින්, සිල සමාධි ප්‍ර‍ාව ආදිී ත්‍රි ශික්ෂාව වර්ධනය කරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

අපද පතන බෝධියෙන් නිර්වාණ සුවය අවබෝධ කරගන්නට මේ පින හේතුවාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා …

අසිරිමත් සෝමාවතී වන්දනාව - 2016

අසිරිමත් බුදුරැස් විහිදෙන සෝමාවතී කප්රුක් හා අටපිරිකර පූජාව 2016

වීඩියෝ නරඹන්න