Skip to main content

බිනර පුන් පෝදා චෛත්‍යරාජයන් වහන්සේ නමක් වෙත රු. 40,000/- වියදමින සුදුයකඩ ආරක්ෂිත ගේට්ටු දෙකක් ගෞතම බුදු සසුන වෙනුවෙන් පූජාකල වගයි …

By September 12, 2014April 12th, 2016All Posts

මේ චෛත්‍යරා‍යන් වහන්සේට පිවිසුම් දොරටු දෙකයි තියෙන්නෙ. මේ මලුව සුනක ආදී සතුන් නිසා නිතර අපවිත්‍ර වෙනව. ඒ නිසා මේ දොරටයු දෙකට සුදුයකඩෙන් ගේට්ටු දෙකක් දාන්න අවශ්‍යය වෙලා තිබුන. දොරටු දෙකටම අවහ්‍ය ගේටු පලු හතර සදහා වියදම රු. 40,000/= ට ආසන්න වනබව අපිට පෙනී ගියා. ඉතින් මේ වෙනුවෙන් දායකත්වය ලබාදෙන්න පින්වත් යාලුවෙක් ඉදිරිපත් උනා. ඒ පනාගොඩ ජනක මහතායි. එතුමා විසින් ඉමහත් ශ්‍රද්ධා සිතින් යුතුව මේ ගේට්ටු දෙක නිර්මාණය කරන්න බාරගත්ත. අද බිනර පුන් පෝදා මේ ගේට්ටු දෙ ගෞතම බුදු සසුනට පූජා කෙරුන.

මේ සදහා ගිය සියලු වියදම් වාර්ථාව ථ බිල් හා අනිකුත් ඡායාරූප පහත දක්වා තියෙනව.

චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණයට දායක වීම මහා පුණ්‍යකර්මයක්.
සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වෙනව.,

1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.

2. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී

3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි

4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි

5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ

6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ

7.සක්විති රජ පදවිය හිමි වේ

8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ

9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ

10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ

11.නිර්වාණය අවබෝධ වේ

12.එතෙක් කිසිදු දුගතියක නූපදී

තවද මෙයින් දෙ අනූවන කපෙහි බුදුවූ ඵුස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහ වනයෙහි ඇතුන් විසින් පලුදු කරනු ලදුව ගස් වැවී ජරාපත් වී තිබිණ. එක් සැදැහැවතෙක් ඒ චෛත්‍යයෙහි කැඩුම් බිඳුම් වලට බදාම හා ප්‍රතිසංස්කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා ද දෙඅනු කපක් මුළුල්ලෙහි අපමණ දෙවු මිනිස් සැප විඳ අප බුද්ධ ශාසනයේ පැවිදිව රහත්ව දුක් කෙළවර කළේය. ඒ රහතන් වහන්සේ “චණ්ඩ ඵුල්ලයන්ථෙර” යන නමින් හඳුන්වන ලදහ.

මෙයින් සිවු අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැලී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිවු අනූ කපක් දෙවු මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා, රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ “සුධා පිණ්ඩිය” යන නමින් ද හඳුන්වන ලදහ.

ඉතින් ඒ හා සමාන මහ පින්කමක් අද ජනක මහත්මයා විසින් සිදු කරගත්තෙ. ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව එතුමා විසින් මේ කටයුත්තට දායක උනේ. චෛත්‍යරාජයන් වහන්සේගේ පිරිසිදුකම රැක ගැනීමට වගේම ඉමහත් අලංකාරයක් ලබාදෙන්න මේ ගේට්ටු දෙක ඉමහත් පිටුවහලක් උනා.

ඉතින් පින්වත් යාලුවේ, ඔබ සිදුකල මේ මහානර්ඝ පින්කමේ බලයෙන් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා. ඔබ සිදුලකලේ චෛත්‍යයකට දොරටු දෙකක් පූජා කිරීමේ පින්කමක් පමණක් නෙවෙයි. අතීත, වර්තමාන, අනාගත සියලු බුදුවරුන්ගේ පාරිශුද්ධ ශ්‍රී ධාතූන් වහන්සේලා වැඩ සිටි, වැඩ වෙසෙන, අනාගතේ වැඩ සිටින්නා වූ සියලු චෛත්‍යරාජයන් වහන්සේලාට ආරක්ෂාව සැලසීමට සමාන මහ පිනක්. එක් පුද්ගලයෙක් වැලි වලින් චෛත්‍යයක් සාදා දොඹ මල් පූජාකල පිනෙන් කල්ප ගණනක් සුගතියෙහි ඉපදුනා. එසේනම් මෙවන් මහ පින්කමක ආනිසංස කියන්න තරම් පෘතග්ජන මගේ මනස දියුණු මදි. කෙසේනමුත් මෙවන් පින්කමක් සිදුකල ඔබවන් පුතෙකු බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඔවුන්ගේ ජීවිත සැපවත් වේවා. නිදුක් නිරෝගී ජීවිත හිමිවේවා. ජරා, ව්‍යාදි, මරණ යන දේවල් කාටත් පොදු උවත් ඉන් ලැබෙන අපහසුව දුරුවී සුවදායක ජීවිතයක් උදාවේවා. …
ඔබේ සමීපතමයන්ටද මේ පින් හිමිවී දිවිගමන යහපත් වේවා …
දෙවි බඹුන් පවා සාදුනාද දෙන මෙවන් පහ පින්කම් සිදුකල ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. සියලු රැකියා කටයුතු අතිශයින් සාර්ථක වේවා. සියලු අනතුරු, කරදර, දුක් කම්කටොලු අරුණ දුටු ගනදුර මෙන්, හිරු දුටු පිණිමෙන් විද්වංසනය වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් මල් මෙන් සුපිපේවා. නිවන් දක්නා ජාති දක්වා අසවල් දේ අඩුයැයි කිව නොහැකි තරමින් ඔබේ ජීවිතය පරිපූර්ණ වේවා. චෛත්‍යරාජයාණන් වහන්සේ ආරක්ෂා කනිරීමේ පිනෙන් සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාව නිවන්දක්නා ජාති දක්වාම ඔබට හිමිවේවා. සුනකාදී සතුන්ගෙන් සිදුවන අපිරිසිදු කිරීම් වැලැක්වීමේ පිනෙන් නිවන්දක්නා ජාති දක්වාම ඔබේ ශරීරය ප්‍රභාෂ්වර වේවා. චිත්ත සන්තානය තුල රාගාදී, මෝහාදී, ද්වොශාදී සියලු අකුසල මූලයන් දුරුවේව‍ා. අවසනදී පතන බෝධියෙන් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා …

‍අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ….

සුදු යකඩ අරක්ෂිත ගේට්ටු දෙක