Skip to main content

බත් දන්සැලක් සදහා රැ 20,000/-ක් පරිත්‍යාග කල වගයි …

By June 12, 2014All Posts

මෙවර 2014 වසරෙ පොසොන් පොහොයට දන්සැල් කිහිපයක් සංවිධානය වෙලා තියෙනව. ඉතික් අපිත් දන්සැලක් දෙන්න ගියානම් එතන ප්‍රශ්නයක් පවා නිර්මාණය වෙන්න ඉඩ තිබුන. අන්න ඒ නිසා පැවැත්වෙන දන්සැලක් වෙනුවෙන් ආධාර මුදලක් ලබාදීල ඒ අයට සහය දෙන්න අපි තීරණය කලේ.

අපට දන්සැල වෙනුවෙන් රු. 46500/-ක මුදලක් ලැබිල තියෙනව. පහත නම් සදහන් අයයි ඒ මුදල් පරිත්‍යාග කලේ.

නිම්මි නදී මිය                        –     රු. 10,000/=
නිශාන් සුරංග මයා හා දර්ශණ මයා     –     රු. 11,000/=
මහිල් උදයංග මයා                    –     රු. 10,000/=
රුවන් විජේසංහ මයා                  –     රු.  5000/=
මදු මංචනායක මිය                   –     රු.  3000/=
ලයනල් ගුණතිලක මහතා              –     රු.  2500/=
පසිදු චිරන්ත මයා                    –     රු.  2000/=
මංජුලා මහත්මිය                     –     රු.  2000/=
නදීශා රනවක මිය                    –     රු.  1000/=

……………………….

ලද මුදල                            –     රු. 46,500/=

මේ මුදලින් රු. 20,000/=ක් පමණ පරිත්‍යාග කලේ. ඊට අදාල ලියුම පහත බලන්න පුලුවන්.

මින් ඉතිරිවන මුදල එනම් 46,500 – 20,000 = 26500/= පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් පවත්වන බණ අවසානයේ ආර්තික අපහසුකම් ඇති ගැබිනි මාතාවන් කිහිපදෙනෙකුට අවශ්‍ය උපකරණ බෙදාදීමට කටයුතු සංවිධානය කරල තියෙන්නෙ.

ඉතින් ඔබ සිදුකලේ මහත් ඵල මහානිසංස ලබාදෙන පින්කමක්. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කලා “මහණෙනි, දානයේ ආනිසංස දන්න පුද්ගලයා අහාරයට ගනිමින් සිටින බත් පත පවා දන්දෙන  පුද්ගලයෙක් බව. ”

ආහාරය අපට මොනතරම් වැදගත්ත කිව්වොත් බුදුහාමුදුරුවො සාමනේරපඤ්ඤභාවෙහි අංක එක ලෙසින් හදුන්වා ඇත්තේ ආහාරයයි. අපි ගිහියටන්ට නොයෙක් අවස්ථාවලදි නොයෙක් දන් දීම් සිදුකරනව. සමහර විට වයසක දෙමාපියන්ට, බඩදරු මව්වරුන්ට, කුඩා දරැවන්ට, පිරිසනුන්ට දන්දීම් සිදු කරනව. නමුත් අද ඔබ ඒ සියල්ල එකතැනකදි කරගත්ත හා සමාන පිනක් ජනිත වෙනව. ඔබදුන් මුදලින් බත් කටක් කා සතුටට පක්වන අය කෙතරම් ඇද්ද? කුසට රස අහරක් නැතිව සිටි අසරණ වයසක දෙමාපියන් කී දෙනෙක් කුස පුරවා ගන්න ඇත්ද? අසරණ සතුන් කෙතරම් ප්‍රමාණයක් අද ඔබ දුන් මුදලින් කුස පුරවාගන්න ඇද්ද?

ඉතින් මුදල් ආධාර ලබාදී දායක වූ ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් උදා වේවා. සංසාරය පුරාවටම කිසිදු දිනක කුසගින්නක් නොදැනේවා. තබන තබන පය සාර්ථකත්වයේ හිනිපෙත්තටම රැගෙන යත්වා.  කිසිදු කලෙක නෑ බෑ කියන වචන අසන්නටවත් නොලැබේවා. ඔබට ආහාර අවශ්‍ය ඌ විට හිස් භාජන පවා පිරී ඉතිරී යේවා. මතු නිවන් දකිනා තාක්කල්ම ආහාරාදියෙන් කිසිදු අවහිරයක් නොවේවා. මතු නිවන් දකින්නට මේ පින් හේතුවාසනා වේවා.

ඔබවන් පින්බර දරැවන් බිහිකල රත්තරන් දෙමාපියන්ටත් මේ පින් ලැබේවා. ඔවුන් ජීවත් වේනම් නිදුක් නිරෝගී ජීයික ගතකරත්වා. මියගොස් ඇත්නම් ඉහල දිව ඉසුරැ වර්ධනය වේවා. මතු නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා.

මේ පින්කම වෙනුවෙන් කටයුතු කල මට නිරන්තරයෙන් උදව් උපකාර කරන අදෘශ්‍යමාන සියලු බලවේගවලට මේ පින් ලැබී තව තවත් ඉසුරු වර්ධනය වේවා. මගේ දෙමාපියන් ඇතුලු සියලු දෙනාට මතු නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්කර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

ආලෝක පූජාව

ආලෝක පූජාව