Skip to main content

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් බෝධි ප්‍රාකාරයක් පින්තාරු කර සම්බුදු සසුනට පූජාකල වගයි …

By April 23, 2016May 6th, 2016Uncategorized

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

කුරුණෑගල බෝයගනේ බෝගමුව ශ්‍රී මාපාරාමයේ බෝධීන් වහන්සේ පින්තාරු කර සම්බුදු සසුනට පූජා කරන්නට හැකි උනා.  ඊයේ දිනයේ විහාරස්ථානයේ පැවැත් වූ ධර්ම දේශනාව වෙනුවෙන්ද, වෙසක් පුන් පොහොය වෙනුවෙන්ද  මේ සියලු කටයුතු සිදු කලේ …

මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නේ

ජනක පී ලියනගේ මහතා රු 25,000.00
පදනමේ අරමුදලින්           රැ 14,690.00
——————————————–
එකතුව                             රු 39,690.00

වියදම්

තින්ත සදහා වියදම රු 23,190.00
කුලී වියදම්  රැ 15,000.000
ප්‍රවාහන වියදම් රු 1,500.00
————————————
මුලු වියදම රු 39,690.00

මේ පින්කමේ අනුසස් මොනවාද ?

පින්වත් මිතුරනේ බොධීන් වහන්සේ නමක් පිරිසිදු කිරීමේ අනුසස් ලෙස පහත අනුසස් ටික බලන්නකො. බෝධි මළුවක් පිරිසිදු කිරීමෙන් සම්මජ්ජක නම් රහත් මුනිඳුන් ලද විපාක විස්ස මෙසේ උන්වහන්සේගේ ථේරාපදානයේ සඳහන්

  • දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම
  • .සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම
  • අංගසම්පූර්ණ රූමත් සිරුරක් හිමි වීම
  • ශරීරය රන්වන් පැහැ ඇති වීම
  • ඉතා මෘදු සිනිදු සමක් ලැබීම
  • ශරීරයේ දූවිලි හා කුණු නොරැඳීම
  • දුගඳ හමන දහඩිය නොගැලීම
  • රෝග නොවැළඳීම
  • කුෂ්ඨ, දද, හොරි, ගඩු, පිළිකා ආදිය නොවැලඳීම
  • චිත්ත පීඩා ඇති නොවීම
  • සතුරන් ඇති නොවීම
  • භෝගයන්ගේ ආහාරපාන, යාන වාහන අඩුවක් නොවීම
  • සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
  • දැසි දස්සෝද අනුචරයෝද කීකරු වීම
  • පරමායුශ විඳීමට ලැබීම
  • ගමේ රටේ සියළු දෙනාම තමන්ට කීකරු වීම
  • භෝග සම්පත්, යසස්, ශ්‍රියා ඇතියෙකු වීම, ඥාතීන්ට ප්‍රිය වීම හා කිසි බියක් සැකක් නැතිව විසීමට හැකි වීම
  • දෙවියෝද, අසුරයෝද, ගාන්ධර්වයෝද, යක්ෂයෝද යන යන තැන ආරක්ෂා කිරීම
  • දෙවි මිනිසුන් අතර පමණක් හිඳ නිවනට පැමිණීමට ලැබීම
  • මාර්ගඵල, අධිගම, ධ්‍යාණ ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබීම

මේ තියෙන්නෙ බොධීන් වහන්සේ ඇමදීමේ අනුසස්. එසේනම් බෝධීන් වහන්සේ නමක් ආරක්ෂා කරගැනීමට සිදුකරන යමකට කොතරම් පිනක් රැස් වෙයි කියල ඔබ හිතනවද?

ඉතින් මේ පින්කමට සහය දැක්වූ ජනක මහතාටණෙනි, පදනමේ අරමුදල් ශක්තිමත් කල සියලු මිතුරු මිතුරියණි,  මෙපින් බලෙන් ඔබ හැදූ වැඩූ පින්වත් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඔවුන් ජීවත්ව සිටීනම් ඔවුන්ට නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, කියන කාරනා අපි හැමෝටම මුහුණ දෙන්න සිදුඋනත් මෙපින් බලෙන් ඒ ඇත්තන්ට අවමවශයෙන් ඒවන් දේවල් වලට මුහුණ දෙන්න ලැබේවා. කෙළවර අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා. ඒ පින්වත් දෙමාපියන් මිය ගොස් ඇත්නම් ඔවුන් සිටින භවයන් ඉතාම සුවබර භවයන් බවට පත්වේවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාවෙන් පිරි ජීවිත ලබේවා. ඔබේ සමීපතමයන්ටත් මෙපින් බෙලෙන් යහපතක් උදාවේවා. මෙවන් උදාරතර පින්කමක් සිදුකල දයාබර ඔබටත්, ඔබේ ස්වාමි, භාර්යා දරුවන් ඇතුලු ඔබගේ පවුලටම අප්‍රමාණ කුසල් සම්පත් හිමිවේවා. ගෞතම බුදුසසුන තුල විරාජමාව පරම පවිත්‍ර බෝධීන්වහන්සේට නැවත ආලෝකය දුන් පින ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ වේවා.

නිවන් දක්නා ජාති දක්වාම ඔබට දුක යනු කුමක්දැයිවත් නොදැනේවා. සසර පුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට වත් නොලැබේවා.  ආහාර අවශ්‍ය වන විට දිව්‍ය බොජුන් පහලවේවා. දිව්‍ය ඕජස් ලැබේවා. ඔබ සිටින ගම රට පවා අතිශය සශ්‍රික වේවා. ගොවිතැන් බත්, හරකා බාන, වතුපිටි ආදිය දින දින දියුනු වේවා.  කිසිදු කලක ඔබේ භෝග, වතුපිටි, හරකබාන, වස්තුව, ගින්නෙන්, ජලයෙන්,සුලගින් වැනි ස්වාභාවික උපද්‍රවයන්ගෙන් පමණක් නොව සොර සතුරන්ගෙන් පවා ආරක්ෂා වේවා.

තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ඔබ පය තබන තැනක් පාසා කිරියෙන් පැණියෙන් ඉතිරේවා. කරන කියන හිතන පතන සෑම යහපත් දෙයක්ම ඒ අයුරින්ම ඉටුවේවා. පෘතග් ජන පුද්ගලයන් වශයෙන් ඔබේ සිතේ ඇතිවන නරක නපුරු අයහපතක් සිදුවන ඔබේ සියලු සිතිවිලි වලට බාධා ඇතිවී ඔබේ සසර ගමන යහපත් කරගැනීමට හැකිවේවා. සතර වරම්දෙවියන් සතර වයින් ඔබ ආරක්ෂා කරත්වා. නිවන් දකිනා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයවත් අසන්නටවත් නොලැබේවා.

ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. ප්‍රඥාව වර්ධනය වේවා. තාර්කික බුද්ධිය ඇතිවේවා.

බෝධි යනු බුද්ධිය ඥානය සම්බන්ධ වූවක්. ඉතින් මේ බෝධීන් වහන්සේ ට ආරක්ෂාව සලසන බැම්ම පිලිසකර කිරීම යනු බුද්ධ ඥානයට කල පූජාවක්. මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. දාව වස්තූන් ලබාගන්නට මහා පින්වත් පුරුෂයන් ඔබට ලැබීමෙන් දාන චේතනා මස්ථකප්‍රාප්ත වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කම සිදුකල දයාබර පියාටත් මවටත් මෙපින් බලෙන් ඒ අයුරින්ම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආකරෂණයත්ලැබේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

චායාරූප නරඹන්න …

          

බෝධි සංවර්ධන ව්‍යාපෘතිය ...

කුරුණෑගල බෝයගනේ, බෝගමුව ශ්‍රී මාපාරාම විහාරස්ථනයේ බෝධී ප්‍රාකාරය තීන්ත ගා අලුත්වැඩියා කිරීම.

වීඩිවෝව නරඹන්න