Skip to main content

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල තුන්වන ගංවතුර සහනාධාරය …

By July 11, 2017Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

අපි තුන්වන ගංවතරු සහනාධාර ව්‍යාපෘතිය සිදුක‍ලේ රත්නපුර ඇලපාත ප්‍රදේශ‍යේයි. ‍මේ සදහා පූර්ණ අනුශාසකත්වය ලබාදුන්‍නේ පූජ්‍ය කුකු‍ලේගම ගුණරතන හිමියන් විසින්. අදාල පින්කමට ආදාර කල පින්වත් පිරිස ‍මෙ‍සේයි …

ගිහාන් බස්නායක මහතා සහ පිරිස රු 76205.70
සංජය මහතා  මහතා  රු 25,000.00
බුද්ධි මුණසිංහ මහතා රු 20,000.00
මදුෂිකා ලක්මාලි අක්කා රු 18115.00
චාරු නයන් මහතා රු 10,000.00
දිනූෂා හදපාන්ගොඩ මහත්මිය 7000.00
ධනුෂ්ක වර්ණකුලගේ මහතා රු 4000.00
නම් සදහන් නොකල රු 3500.00
කෝෂිලා ඉෂාන්ගනී සොයුරිය රු 3000.00
ශෙහානි බොතේජු මහත්මිය රු 2,000.00
දුමින්ද ජයදේන මහතා රු 3000.00
නම් සදහන් නොකල රු 3000.00
හිරන්ත මදුසංඛ මහතා රු 500.00

——————————————

මුලු එකතුව 175,320.70

වියදම්

ඇදුම් සදහා වියදම රු 160,052.50
ප්‍රවාහන වියදම
කුරුනෑගල සිට රත්නපුර දක්වා රු 8500.00
වෙනත් වියදම් රු 750.00
————————————–
මුලු වියදම් රු 169.302.50
ඉතිරි මුදල රු 6018.20

එය ඊලග පින්කම  වෙනුවෙන් එම මුදල යොමු කරනු ලැබේ.

‍මේ පින්කම සදහා සම්පූර්ණ සහ‍යෝගය ලබාදුන්‍නේ පූජ්‍ය කුකු‍ලේගම ගුණරතන හිමියන් විසින්. උන් වහන්‍සේ අපිට සියලු කටයුතු සංවිධානය කර ‍දෙමින් ඉදුම් හිටුම් පවා ලබා‍දෙමින් ආගන්තුක සත්කාරය ඉහලින්ම සිදුකලා. වි‍ශේෂ‍යෙන්ම උන් වහන්‍සේට පුන්‍යානු‍මෝදනා සිදුකල යුතුයි.

මිතුරනි ඔබ විසින් සිදුකලේ මහා පින්කමක්. මේවාට කියන්නොකාල දාන කියලයි.අත්‍යාවශ්‍ය අවස්ථාවේදී අත්‍යාවශ්‍ය දේ පිරිනැමීම කාල දානයයි. එහි ප්‍රතිඵලය වන්නෙත් අපිට යමක් අත්‍යවශ්‍ය වෙනකොට එය කිසිදු ගැටලුවක් නැතිව අලිට ලැබීමයි. සිංහලයා කියන්නෙ ආගන්තුක සත්කාරයට, කලගුණ සැලකීමට විතරක් නෙ‍වෙයි. දන්දෙන්නත් උපන් හපන් ජාතියක්. කන්න ගත්ත බත්පත හරි දෙන්න හුරුවෙච්ච ජාතියක්.

වරක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශකලේ දානයේ අනුසස් දන්නා පුද්ගලයා කෑමට අතට ගත් බත් පත උවද දන් දෙන්නට සූදානම් බවයි.

සත්පුරුෂ පින්වතුනි දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ.

▶ තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්‍යයන් ඊට සහභාගී කර නො ගනී. ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.

▶ තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට ඒ අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.

▶ තමා ද දන් නො දෙන අතර දෙන දානයකට ද සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙක ම නො ලැබේ.

▶ තම ධනය ද යොදා අන් අය ද ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙකම ලැබෙනු ඇත.

ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව ද මහත් ඵල වන බව පෙන්වීමට අපදාන පාලියට අනුව පෙන්වා දිය හැකිය.

බොහෝ දෙනෙක් කථා කරනුයේ ජාතියේ නැගිටීම හා පිබිදීම පිලිබදවයි.  එහෙත් අසරණ අපේ ම මිනිසුන් වෙනුවෙන් පුංචි හෝ පරිත්‍යාගයක් කරන්නේ කීයෙන් කී දෙනාද? අපේ මුහුණුපොතේ මිතුරන් සියලු දෙනා එක්වී අද සිදු කර ඇත්තේ මහා පරිත්‍යාගයක්. ඔබ උපයන ධනයෙන් කොටසක් අපේම හිතවතුන් අතු බෙදා දීමට කටයුතු කල ඔබට ම‍ාගේ ප්‍රණාමය.

පින්වත් ඔබ සිදුකලේ මහගු පින්කමක්. මා කෙරේ විශ්වාසයෙන් මට ලබාදුන් සියලු මුදල් කිසිදු සතයක් අපතේ නොයන අයුරින් සංවිධානය කලා. මේ එකුදු සතයක් කිසිදු අපයෝජනයක් සිදු නොකල බවට මම සහතික වෙනව. ඒ වගේම ඉතාම සුදුසු අය තෝරලයි මේ උපකාරය සිදු කලේ.

ඉතින් පින්වත් ඔබට මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායිකමානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසානොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පිනහේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ටඅභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටනොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන්ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙනපරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපතලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා.සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙකසිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා,අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටනොලැබේවා, අපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණට, මහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවා.බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන් වහන්සේ නළල්තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා. තව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතරවරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතන උතුම් අධිගම ලාභය ඒඅයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරක බාධක, සතුරු උපද්‍ර‍,රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් ,තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන්වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදීඋප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්, තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක්ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් ඒ සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම්සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක්තත්පරයක් පාසාරත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වාවිහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍ර‍ඥා පහල වේවා. වාප පිත් සෙම් තුන්දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා,කර්ම, ඍතු, ආහාර, චතුසමුට්ඨානික, ඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා. සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන්විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා. දෙදෙව්ලොවට අධිපත්,සක්දෙවිදුන්, සුමන සමන්දෙවියන්, විෂණු කතරගම ඇතුලු මේ බුද්ධ ශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂාකරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. මේ පින්වත්පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේ දුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරනචන්ද්‍ර‍යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්,කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ,ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලුසර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී,පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී,වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවාකල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින්සාර්ථක වේවා.

මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම්වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහසෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත්බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලකදෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්,පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදිදෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින්අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්,සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධශක්තිය ලැබේවා. ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්‍යය නිවැරදිව සුවසේ අවබෝධකරගෙන දාන සීල භාවනා තිවිධ පුණ්‍ය ක්‍රියා සිදුකරමින්, සිල සමාධි ප්‍ර‍ාව ආදිී ත්‍රි ශික්ෂාව වර්ධනයකරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.‘

 

අපද පතන යම් බෝධියක් වේද ඒ බෝධියෙන්ම නිර්වාණ අවබෝධයට මේ පින හේතු වාසනා වේවා ..

සියලු චායාරූප නරඹන්න

2017 ගංවතුර සහනාධාරය 03

2017 ගංවතුර සහනාධාරය 03 – රත්නපුර

වීඩි‍‍යෝ නරඹන්න