Skip to main content

පින්වත් මිතුරන් දෙදෙනෙකුගේ දායකත්වයෙන් Vacuum cleanerක් සහ Collar Micක් පූජා කල වගයි …

By December 30, 2018Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් චමිල රත්නායක  මහතාගේ දායකත්වයෙන්  මහා සංඝරත්නය උදෙසා Vacuum cleaner යක් සහ චේතන රංග මහතාගේ මූල්‍ය දායකත්වයෙන් Collar Mic එකක් ලබා දෙන්නට අපිට පුලුවන් උනා.  ස්වාමීන් වහන්සේ අභිධර්මය උගන්වනු ලබන ධර්ම ශාලාවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  නිරන්තරෙයෙන් කුනු දූලි වලින් අපිරිසිදු වීමත් වීමත්, හූනන් වැනි කුඩා සතුන්ගේ වසුරු වැටීමත් නිසා අපවිත්‍ර වීමත්, ධර්ම පොත්පත් දූවිලි වලින් අපවිත්‍ර වීම වලක්වන්නටත්,  ස්වාමීන් වහන්සේගේ කුටිය පිරිසිදු කිරීමටත් මේ සියල්ල සිදුකරන්නේ ලොව පරමාර්ථ සත්‍ය වන අභිධර්ම මන්දිරයක වීමත් නිසා මේ Vacuum cleaner ය බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරේම සිදුකල පූජාවක් වනවා.

එසේම චේතන රංග මහතා ලබාදුන් Collar Mic එක නිසාස්වාමීන් වහන්සේ ඉතා පහසුවෙන් අභිධර්ම දේශනාවන් සිදුකරනු ලබන අතර විශේෂයෙන්ම ධර්මය උගැන්වීමේදී හිටගෙන ඉගැන්වීම නිසා සිදුවන විනය නීති බිදවැටීමේ ගැටලුව නිරාකරනය වෙනවා. ඒ අනුව මෙම කොලර් මයික් එක ධර්ම දේශනා සදහා රුකුලක් වන බැවින් ධර්ම දානයක් ලෙසද,  ස්වාමීන් වහන්සේගේ විනය ආරක්ෂා කරගන්නට කල මහා උපකාරයක් ලෙසද හදුන්වා දෙන්නට පුලුවන්.

Vacuum cleaner

මුදල් ලැබීම්
චමිල රත්නායක  මහතා රු 12900.00

වියදම්
Vacuum cleaner රු 11,500.00
ප්‍රවාහන වියදම රු 800.00
————————————
මුලු වියදම රු 12,300.00

ඉතිරි  රු 600/- ක මුදල් පදනම් අරමුදලට බැර කලා.

Collar Mic
චේතන රංගන මහතා රු 7,000.00

වියදම්
Collar Mic රු 3,800.00
————————————————–

ඉතිරි මුදල රු 3,200.00

එම මුදල ජනවාරි සෝමාවතී වන්දනාවට යොමු කලා …

පින්වත් යහලුවනේ මේ Vacuum cleaner එක යොදාගන්නෙ පිරිසිදු කිරීමේ උපකරන විදිහටයි. එ‍හෙමනම් මෙය ඇමදීමේ ආනිසංස වලට සමාන වෙනවා.

අපමන පින් දෙන ඇමදීම –

වන්දනාව සඳහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නො සළකා නො යා යුතුය. තමන් පැමිණි විට මලසුන්වල පරමල් ඇති නම් ඉවත් කළ යුතුය. මලසුන් අපවිත්‍ර වී ඇති නම් සෝදා පිරිසිදු කළ යුතුය. විහාරගෙය අපිරිසිදු වී නම් ඇමද පිරිසිදු කළ යුතුය. මිදුල් ඇමද පිරිසිදු කළ යුතුය. දාගැබ අවට බෝධිය අවට කසල ඇති නම් ඇමද ඉවත් කළ යුතුය. තණ හා වල් පැළෑටි වැවී ඇති නම් ඉවත් කළ යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමෙකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කරගත හැකි පින්කමෙකි.

ඇමදීමෙන් ලැබෙන බොහෝ අනුසස් සකිං සමජ්ජක ථෙරාපදානය, බෝධිසමජ්ජක තෙරාපදානය යන දෙක්හි දක්වා තිබේ.

උපදින උපදින ජාතියේ අංග ප්‍රත්‍යංග සම්පූර්ණ වීම, උසමහතින් යුක්ත වීම, ශරීරය වර්ණවත් වීම, සම සිනිඳු වීම, ජනප්‍රිය වීම, දීර්ඝායුෂ්ක වීම, ශරීරය ශක්තිමත් වීම, බෝ කල් දුක් විඳින ජනයාට අප්‍රිය වන ලාදුරු පරංගි කඩුවේගන් වන හා නොයෙක් නපුරු කුෂ්ඨ රෝග ඇති නොවීම, සුදුකබර වායු ගෙඩි ඉණිගැට සුදුලප කළුලප කුරුළෑ අලුහන් තොල් අතුල් පතුල් පැලීම සම ඉරිතැලීම යන මේ රෝග නො හට ගැනීම ඇමදීමේ අනුසස් වශයෙන් විශේෂයෙන් කියා තිබේ.

ස්ත්‍රීන්ට, සත්පුරුෂයන්ට අපරාධ කිරීම, පරසන්තක වස්තුව පැහැර ගැනීම ආදී පව්කම්වලින් කුෂ්ඨ රෝගය හට ගන්නා බවත් කුෂ්ඨ රෝගියා මළ පසු එය භවාන්තරයට යන බවත් වෛද්‍ය ග්‍රන්ථවල කියා තිබේ. ගුණවතුන්ට අපරාධ කිරීමේ පවින් කුෂ්ඨ රෝගය හටගන්නා බව බුදුදහමෙහි ද කියා තිබේ. කෙතෙක් ප්‍රතිකාර කළ ද නිෂ්ඨාවට සුව නොවන කුෂ්ඨ රෝගයට සිද්ධස්ථානය ඇමද පිරිසිදු කිරීම හොඳ ප්‍රතිකාරයෙකි. කලක් එසේ කිරීමෙන් සමහර විට කුෂ්ඨ රෝගය නිෂ්ඨාවටම සුව වේ.

ඇමදීම කය පිරිසිදු වීමට පමණක් නොව සිත පිරිසිදු වීමට ද හේතු වන පින්කමෙකි. “මාගේ මේ ව්‍යායාමයෙන් මේ ස්ථානය පිරිසිදු වන්නාක් මෙන් ලෝභ – ද්වේෂ – මෝහ – මාන – දෘෂ්ටි – විචිකිත්සාදි කෙලෙස් කසළින් මාගේ සිත ද පිරිසිදු වේවා” යන අදහස ඇතිකර ගෙන ඇමදීම කළ යුතුය. එසේ කළ කල්හි ඇමදීමේ කුශලයෙන් චිත්තපාරිශුද්ධිය ද ලැබේ. චිත්තපාරිශුද්ධිය සත්ත්වයනට ඉතාම අවශ්‍ය දෙයකි. සත්ත්වයන් නොයෙක් පව්කම් කොට නැවත නැවත අපායෙහි උපදින්නේ ද චතුස්සත්‍යාවබෝධ කොට නිවනට නො පැමිණිය හැකිව සසර රැඳී සිටින්නේ ද සිතෙහි අපිරිසිදු බව නිසාම ය. චිත්තපාරිශුද්ධිය ලැබීමට කරන්නට ඇති හොඳම පින්කම සිද්ධස්ථාන පවිත්‍ර කිරීම ය.

Collar Mic එක යොදාගන්නෙ ධර්ම දානයක් විදිහටයි …

ධර්ම දානයේ ආනිසංස

“සබ්බ දානං ධම්ම දානං ජිනාති” කියල අපි අහල තියෙනව. ධර්මදානය සියලු දානයන් අභිබවයි කියල. එතකොට ධර්ම දානය කියන්නෙ ධර්මය කියවීමම පමණක් නෙවෙයි.

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

  1. ධර්ම දේශනා කිරීම
  2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
  3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
  4. ධර්මය ඉගැන්වීම
  5. පිරිස් වලට බණපොත් කියවීම
  6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
  7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
  8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
  9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
  10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
  11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
  12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
  13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
  14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
  15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම
——————————————————–
උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්රශ්රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්රාවකයන් වහන්සේලා / ප්රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද ? බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්ය ප්රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

නොපැමිණි / උතුම් වූ ඒ භාග්යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු 7 නිරවද්ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොවගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනකඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාටමෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක්නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මියපරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්,යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාවමෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන්වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි.නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙනඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන්මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම මෙම කරඩුව නිර්මාණය කල ශාන්තඅයියාටත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත්පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිතනිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකලසියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත්අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිතනොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන,කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින්බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරවසැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නානුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකටඑල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසිවැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරුධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකමඋපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා.නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණසෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන්වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන්වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ,සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු,මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත,සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස,ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේබුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම්දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘදිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයටඅපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්සමහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදීසතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ,ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලුදෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නටමේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි

චායාරූප නරඹන්න

Vacuum cleanerක් and Collar Mic

Vacuum cleanerක් and Collar Mic – Ududumbara