Skip to main content

පින්වත් කළණ මිතුරු මිතුරියන්‍ගේ දායකත්වයෙන් උදුවප් පුන් පෝදා පහන් ගෙයක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By January 8, 2015All Posts

පිනවත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. මේ ගැන විස්තර ටිකක් දැනගන්න පුලුවන් මේ සසුන බ්ලොග් අඩවියෙන්. අනිත් ලින්ක් ටිකත් බලන්නකෝ.

හොදයි පින්වත් යාලුවනේ අපිට මේ පින්කම් වලට ආධාර ලැබෙන්නෙ විදෙස්ගත පින්වත් යහලුවන්ගෙන්. මම ඒ අයට සියලුම විස්තර නිතර යවනව ඒ පින්කම් පිලිබදව. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒ මුදල් ලද බවට සහතික කල ලිපි,ඣායාරූප ආදිය සියල්ල යවනව. හදවතට එකගව එයාලගෙ මුදල් වලට නියම වටිනාකම ලබාදෙනව. අපිත් ඒ පින්කම්වලට පොඩි මුදලක් හරි වියදම් කරනව විනා ඒ මුදල් අයුතු පරිභොජනයක් කරන්නෙ නැ කියල දිව්රල කියන්න පුලුවන්. එයාල පින්කමකට සල්ලි දුන්න කියන්නෙ ඒක බුද්ධ දේපල ක්. බුද්ධ දේපල අයුතු පරිභොජනය කරන ඇත්තන්ට ආයි ඉතින් ආත්මයක්නම් නෑ. ඒ ඇත්තො දහදිය මහන්සියෙන් හම්බුකරන මුදල් පින්කම්වලට වියදම් කරන්න දීපුවම ඒව අපි ගසා කෑවොත් වැහි නැති අකුණු වදීවි අපිට. ඒනිසා ඒ මුදල් අපි අයුතු පරිභොජනයක් කරන්නෙ නැතිව පුලුවන්නම් අතිනුත් මුදල් දාලයි ඒ පින්කම සම්පූර්ණ කරන්නෙ. ඒ අය සල්ලි දුන්න වෙලාවෙම වගේම පින්කමින් පසුවත් සතුටු සිතින් ඉන්නවනම් පින්කම හරියට කෙරුන කියල අන්න එතනයි අපි ලබන සතුට තියෙන්නෙ.

කුරුණෑගල බෝයගනේ නයිලිය විහාරස්ථානයේ ස්ථිර පහන් ගෙයක් තිබ්බෙ නැහැ. ඒ නිසා සෑම තැනම පහන් පත්තු කරනව. විශේෂයෙන් බෝධීන්වහන්සේගේ ආරක්ෂාවටයි, චෛත්‍යරාජයන් වහන්සේගේ ආරක්ෂාවටයි මේ පහන්ගේ ඉදිකරන්නෙ. මොකද බෝධිය වටා පහන් පත්තු කරද්දි ඒවගෙ තෙල් බෝධීන් වහන්සේගේ මුල් අසල හැලෙනව. ඒව බෝධියේ පැවැත්මට අහිතකරයි. ඒ විතරක් නෙවෙයි. පහන් එළියෙන් නැගෙන උෂ්ණය බෝධියට ඒතරම් සුදුසු නෑ. අනිත් කාරනේ වැසි දවස්වලට පහන් පත්තු කරන්න ඉඩකුත් නෑනෙ. අනිත් කාරණේ චෛත්‍යයෙ වටා පහන් පත්තු කලාම තෙල් හැලිල සිමෙන්තිය දිරන්න පටන් ගන්නව.

ඔන්න ඔය කාරනා නිසයි පහන් ගෙයක් ඉතිකරන්න තීරණය කලේ. මේ සදහා මගෙ යාලුවො තුන් දෙනෙක් මුදල්පරිත්‍යාග කලා.

සුමිත් නන්දන මහතා                                 –             15,000/-
නිමල් පෙරේරා මහතා                              –            3,500/-

දිනූෂා නානායක්කාර මෙනෙවිය               –             5,000/-
මංජුල සිල්වා මහතා                                     –            5,000/-
හොදයි යහලුවනේ මේ සිදුකල පින්කමේ ආනිසංස ඔබ දන්නවද ? මෙතනදි සිදුකලේ පහන් ගෙයක් පූජා කිරීමයි. මේක ගැන බලන්න ඉස්සරල පහන් පිදීමේ අනුසස් පොඩ්ඩක් බලමු.

“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදනතැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේවදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි.ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින්ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි.එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීමඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැපලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙනඅනුසස්ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂපින්කමකි. උපනුපන් තැන හොද ඇස් ලැබීමටත්, ශරීරකාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමටද මෙයවිශේෂ පින්කමකි.

අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝඅනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තරබුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛමහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිතතථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස්ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන්පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹදිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එයසදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේවදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන්වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයයවෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක්කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස්ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක්කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධකාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝරන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්දතබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදිකාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබාවිශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වාහිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහාපහන් පූජාවක් කලේය.

එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන්වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත්තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේචන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ,

කල්ප ල්ක්ෂයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතීනගරයේ ආරාමයෙන් ආරාමයට වන්දනාවේ ඇවිදිනකාන්තාවක් වූවාය. ඕ එක් මාසේපෝය දිනයක එක්බෝධිවුක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයෙහිහිදගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබාබෝරුකට වැදගෙන මහත් සොම්නසින් “ඉදින් බුදුරජානන්වහන්සේ අනන්ත ගුණ ඇති සේක නම්, අසම අප්‍රතිපුද්ගල වූසේක් නම්, මේ බෝධින් වහන්සේ ප්‍රාතිහරයයක් දක්වනසේක්වා, මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා” යි සිතූවාය.

එකෙණෙහිම බෝරුක දිලිසුණි. සියලු බෝරුක ස්වර්ණ වර්ණවිය. සෑම තැනම ආලෝකය පැතිරිණි. ඒ ප්‍රාතිහාර්යයෙන්අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මුලවිසුවාය. සත්වන දින රාත්‍රීයෙහි පූජාසනය මත පහන් පසක්දැල්වූවාය. ඒ පහන් පසුදින හිර උදාවන තෙක් ම දැල්විණ.

පසු කාළයේ ඕ කළු්‍රිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය.ඈට එහි සැටයොදුන් උස තිස්යොදුන් පළල පඤ්චදීපිකා නම්විමානයක් පහළ විය. එහි ගනනක් නැති පහන්දැල්වෙන්නේය. ඇයට දක්නට කැමති උඩ යට සරසා ඇතිසියල්ල ඇසට පෙනෙන්නේය.

ඒ පිනෙන් ඕ අසූවරක දෙව් රදුන්ගේ බිසව වූවාය. සියවරෙකසක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑම තැනමඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස්දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විද අන්තිම ජාතියේ අපබුදුරජානන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදුවියෙහිම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් හවුරුදුවියෙහිම ඕ උපසම්පදාවද ලැබුවාය. ඇය වසන සෑම තැනමඇය උදෙසා පහන් පසක් දැල්විණ.

සතයහස්සිතො කප්පෙ යං දිපමදදිං තදා,

දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.

මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්‍රකාශනයකි.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීපදානයක් දුන්නෙම්ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියටනොපැමිණියෙමි, මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහිතෙරුමය.

දැන් ඔය කිව්වෙ පහනක් පිදීමේ අනුසස්. එතකොට පහන් ගෙයක්ම පිදුවම මොනතරම් අනුසස්ද ? මොකද පහනක් පිදුවම ඒක පත්තු වෙලා එතනින් ඉවර වෙනව. හැබැයි පහන් ගෙයක්ම පිදුවම මොනතරම් ආනිසංසයක් ලැබේවි කියලහිතෙනවද?  අනිත් කාරනේ මේ පහන්ගෙය දශක කීයක්නම් පවතීද? ඒ හැම ගතවෙන බොහෝ දිනවල මෙතන පහනක් පත්තුවෙනව. ඒ විතරක්ද? පහන් පත්තු කරන්නට සෙවන සලසනව. පිහන නිවෙන්න පලිබෝදක වන සුලගින්,ජලයෙන්, කොලඅතු වලින් ආරක්ෂාව සලසනව. තෙල් වැටිල, උෂ්ණෙ වැදිල සිදුවන උවදුරු වලින් බෝධින් වහන්සේආරක්ෂාවෙනව.  ඉතින් මේ හැම කාරනයකටම ආනිසංසකියල නිම කරන්න බැහැ. ඔබ සිදුකර ගත් මේ කුසලයේ බලය වචනවලින් කියන්න තරම් මම දක්ෂයෙක් නෙවෙයි.

මේ සිදුකල මහත්ඵල මහානිසංස කුසලයේ බලයෙන් පළමුකොට ඔබ සියලු දෙනාගේම දෙමාපියන්ට අනන්තවත් දීර්ඝායුෂ ලැබේවා. නිදුක් නිරෝගී ජීවිතයක් මෙන්ව වයෝවෘද්ධභාවය නිසා ඇතිවන ඇස්නොපෙනීම ආදී සියලු ස්වාභාවික ආපදා පවා මග හැරේවා. මොකද පහන් පූජාව කියන්නෙ ඇස් දන්දුන්නා හා සමාන නිසා. සියලු අපහසුකම්දුරුවී පරමායුෂ විදීමට ඔබ තිදෙනාගේම දෙමාපියන්ට මේ පින හේතු වේවා. ඔබේ අනිකුත් ඤාතීන්ටත් විශේෂයෙන්ම ඔබ විවාහකනම් ආදරණීය බිරිදටත් දරුවන්ටත් මේ පින මෙලෝ වශයෙන්ම විපාක දෙන මහා කුසලයක්ම වේවා. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු මේ පහන් ආලෝක පූජාවේ අනන්ත ගුණ බෙලෙන් ආශ්චර්යමත් ලෙස වර්ධනය වේවා.. විශේෂයෙන්ම නුවණපහන් දැල්වී අසාමන්‍ය අයුරින් බුද්ධි වර්ධනය වේව‍ා. නුවණ පහලවේවා.

පින්වත් යහලුවනේ. ඔබ මාකෙරේ තැබූ විශ්වාසයට ඔබට ස්තුති කිරීමට වචන මා නොදනිමි. මගේ රූපය හෝ නොදැක,කටහඩවත් නොඅසා, මා ඉන්න තැනක් හෝ නොදැන, ඔබ දහදිය මහන්සියෙක් ඉපයූ මේ මුදල් මාවෙත එවීමට කටයුතුකිරීම මට ඔබ ලබාදුන් මහා ගෞරවයකි. ඔබ කල මේ පින් ඔබට මෙලෝ වශයෙන්ම විපාක ගෙන දේවා. අනන්ත  නව අරහාදී බුදුගුණ බලයෙන් ඔබට ඔබේ ඉදිරි ගමන් සදහා ඇති බාධක මේ මොහොතේ පටන් නිවන් දක්නා ජාති දක්වාම  හිරු දුටු පිණිමෙන් විද්වංසනය වේවා. ඔබට ඇති සතුරුබාධාවෝ මේ මොහොතේ පටන් නිවන් දක්නා ජාති දක්වාම දුරු‍වේවා. ඔබ කරන කියන සෑම කටයුත්තක්ම විශේෂයෙන් බුද්ධිය මෙහෙයවා සිදුකරන වැඩ කටයුතු සියල්ල මේ පහන් ගෙය පූජාවෙන් ලැබෙන අනන්ත ආනිසංස බලෙන් ආශ්චර්යමත් අයුරින් සාර්ථක වේවා. බුද්ධිය, ප්‍රඥාව, මතක ශක්තිය ආදී සියලු කාරණා මේ මහා පහන් පූජාවේ අනුහසින් අසීමිතව වර්ධනය වේව‍ා. විශේෂයෙන් බෝධි යනු බුද්ධියට කියන නමක්. ඒ සර්වඥයන් වහන්සේ බුදුවීම‍ට පිටදුන්බෝධීන්වහන්සේ සිහිපත් කරන මේ බෝධීන්වහන්සේ ආරක්ෂා කිරීම ඔබ සිදුකල මේ පින්කමේ වක්‍ර ප්‍රතිඵලයක් උනා. මේ සියල්ල ඔබට නිවන් දක්නා ජාත දක්වාම කල්ප කෝටි ගනන් සැප විපාක බලාදේවා. කෙළවර ඔබ පතන බෝධියෙන් බුදු, පසේබුදු, මහරහත් උතුමන් නිවී සැනසී වදාල අමා මහ නිවනින් සැනසීමට මේ කුසල ධර්මයෝ හේතු වේව‍ා… වාසනාවේව‍ා …

මේ පින්කමින් මා ලබන  උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහට ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙනයාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් යහපත් වචනයෙන් මට ශක්තිය දෙන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා … … …

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

වළකුඹුර විදුහලය පරිත්‍යාගය

වළකුඹුර විදුහලය පරිත්‍යාගය