Skip to main content

පින්වත් කළණ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් කුරුළණෑගල මහ රෝහලට රෝද පුටු තුනක් පරිත්‍යාග කල වගයි …

By March 11, 2015April 12th, 2016All Posts

එන්න අපේ බ්ලොග් අඩවියට

www.sasuna.blogspot.com

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍ෙම්ක.

www.facebook.com/buddhist.foundation

2015 මාර්තු මස 11 වැනිදා ( අද දින ) කුරුණෑගල මහ රෝහලට රෝද පුටු තුනක් පරිත්‍යාග කලා. මේ වෙනුවෙන් මිතුරන් දෙදෙනෙකු හා පින්වත් මිතුරියක් මුදල් එවා තිබූ අතර තවත් පින්වත් මිතුරියක් රෝද පුටුවක් ලබාදුන්නා.

ජනක පී ලියනගේ මහතා පින්කම් දෙකක් වෙනුවෙන් රු 22,000/- ක් එවා තිබූ අතර ඉන් රු 11,000/-ක් මේ පින්කම වෙනුවෙන් වෙන් කලා.

එම්.ටී.එල්.පී පෙරේරා මහතා වෙනුවෙන් අමල් ආර් මහගෙදර මහතා විසින් පින්කම් දෙකක් සදහා එවූ රු 15,000/- ක මුදලින්  රු 11,000/- ක් මේ වෙනුවෙන් වෙන් කලා.

ලේක්හවුස් ආයතනයේ සංස්කාරක වරියක ලෙස කටයුතු කරන අයන්ති විතාන මහත්මිය රු 1000/-

ඊට අමතරව වෙනූෂා පොතුහැර පින්වත් සොයුරිය විසින් රෝදපුටුවක් පරිත්‍යාග කලා.

මේ අනුව මේ පින්කම වෙනුවෙන් වෙන් කල මුදල රු 23,000/-ක් උනා. රෝද පුටු දෙක වෙනුවෙන් වැයවූ මුදල රු 22,000/-ක් වෙනව. රෝද පුටු රැගෙන ඒමේ වියදම රු 750/- ක් වුනා.

වෙන්කල මුදල  11,000.00 + 11,000.00 + 1,000/- = රු 23,000.00

වැය වූ මුදල 22,000.00 + 750.00 = 22750.00

ඉතිරි මුදල = රු 250.00

ඉතිරි රු 250.00 චෛත්‍ය පින්තාරු කිරීමේ පින්කම වෙනුවෙන් වෙන් කලා.

රෝද පුටු පරිත්‍යාග කිරීම මහා පින්කමක්. මේ බලන්න.

සැරයටි, කිහිලිකරු, රෝද පුටු පූජා කිරීමේ අනුසස් හයක් බුදු දහමේ සදහන් වෙනව

පුත්තා මය්හං බහු හොන්තී – තාසෝ මය්හං න විජ්ජති
අප්පසය්හෝ සදා හෝමි – සබ්බාරක්ඛේහි රක්ඛිතෝ
ඛලිතම්පි න ජානාමි – අහන්තං මානසං මම

1. සෑම ආත්මභාවයකදීම යහපත් කීකරු දරුවන් ලැබීම.

2. කවර කරුණක් නිසාවත් තැතිගැනිමක් ඇති නොවීම.

3. සතුරන් විසින් සිදුකරනු ලබන විපත්තිවලින් වුවද තමන්ට හොඳක්ම වීම.

4. පින විසින් ම තමා ආරක්ෂා කිරීම.

5. තමන්ගෙන් තව කෙනෙකුට වරදක් නොවීම.

6. සිතේ පසුතැවිලි ගති ඇති නොවීම.

මීට අමතරව ඔබට කිසිම කලෙක අතුරු ආන්තරාවක් වෙන්නෙ නැහැ. හැම විටම ඔබට සිදුවන අනතුරු වලින් ආරක්ෂා වෙනව. විශේෂයෙන්ම රෝහලකට රෝද පුටුවක් පරිත්‍යාග කරනව කියන්නෙ කියල නිම කරන්න බැරි තරම් මහ පින්කමක්. ඔය රෝද පුටු කැඩිල බිදිල යන අවස්ථාව දක්වා කීදෙනෙක් නම් ලෙඩ්ඩ ඔය පුටු මත එහාට මෙහාට යයිද? ඉතින් ඒ අයට සිදුවන්නෙ මහා සේවයක්. රෝද පුටුවෙ රෝදයක් කැරකෙන වාරයක් පාසා ඔබට මොන තරම් නම් පින්කමක් සිදුවෙනවද කිව්වෙත් ඔබට රන් දෝලා පහල වෙන්න තරම් මහා පින්කමක් මේක.

මේ වෙනුවෙන් මුදල් ලබාදුන් එම්.ටී.එල්.පී පෙරේරා මහතා මහත්මයාණෙනි, ඔබතුමා මගේ කටහඩ පවා අහල අත්තෙ වරක් දෙවරක් පමණයි. ඒත් මාව විශ්වාස කල ඔබතුමා අදවන විට කොපමණ මුදල් ප්‍රමාණයක් ලබාදුන්නද කියල මතකයක් නැති තරම්. ඒ තරමට ඔබතුමා නොමසුරුව පමණක් නොවෙයි. ක්ෂණිකව පින්කම් වලට සම්බන්ධ වෙනව. එක් අවස්ථාවක විහාරස්ථානයකට නිදන ඇදන් තුනක් ලබාදෙන්නට ඔබතුමා ක්ෂණිකව මුදල් වෙන් කලා. පුංචි මුදලක් නෙවෙයි. රු 50,000.000 ක්. ඉතින් ඔබතුමා අදත් සිදුකලේ මහා පින්කමක් මෙ පින් බලෙන් ඔබතුමාට ඉහත ආනිසංස නිකම්ම ලැබෙනව.  ඊට අමතරම මම ඔබතුමාට තෙුරන් සරණ පතනව. සියලු කටයුතු අතිශයින් සාර්ථක වේවා. වැඩි වැඩියෙන් පින්කම් කිරීමට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා. ධන සම්පත් සමග ආධාත්මික වර්ධනයත් ඇතිවී රහසින් වත් වරදක් කරන්නට සිත් පහල නොවේවා. සසර පුරාවටම සතර වරම් දෙවියන් සතර වටින් ආරක්ෂා කරත්වා. නිවන් දක්නා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටවත් නොලැබේවා. පවුලේ සියලු දෙනාට මේ පින් ඒකාකාරවම ලැබේවා.  කෙලවර අමාමහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

එම්.ටී.එල්.පී පෙරේරා මහතා වෙනුවෙන් අමල් ආර් මහගෙදර මහතා විසින් අනෙක් පුටුව සදහා මුදල් පරිත්‍යාග කලා. මේ පරිත්‍යාගයේ මූලිකම අරමුණ එම්.ටී.එල්.පී පෙරේරා මහතාට විදෙස්ගත වන්නට ඇති සියලු බාධා දුරුවී නෛතික පසුබිම සැකසේවා යන්නයි.  පින්වත් අමල් මහතා  සිය කළණ මිතුරා වෙනුවෙන් සිදුකරන ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටුවේවා. එම්.ටී.එල්.පී පෙරේරා  මහතාණෙනි, සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් මේ වගේ අවස්ථාවක කරන්නෙ පූජා වට්ටි කරේ තියන් දෙවියන්ට බාරහාර වෙන්න යන එකයි. ඒත් බුදු දහමට අනුවනම් එය නිෂ්ඵල ක්‍රියාවක්. නමුත් පෙරේරා මහතා සිය මිතුරා සමග සිදුකලේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවක්. තමන්ට ඇති නෛතික බාධා දුරුවන්නට මහා පින්කමක් සිදු කරගත්තෙ.  වේදනා විදින ලෙඩෙක් වෙනුවෙන් සහනයක් ලබා දෙන්නට මේ සිදුකල පරිත්‍යාගය මහා ආශ්චර්යජනකයි. ඔබතුමා සිදුකල මේ පරිත්‍යාගය නිසා කී දෙනෙක් නම් ජීවිත බේරා ගනීද ? කී දෙනෙක් පහසුව ලබයිද? ඉනි ජනිතවන මහා පුන්‍යස්කන්ධයෝ ඔය රෝද පුටු කැඩිල විසික්ක කරනකල් ඔබට ගොඩනැගෙනව. ඉතින් හරියට ස්ථාවර තැන්පතුවකින් අඛණ්ඩව පොලිය ජනිතවනව වගේ. මේ පින් බලෙන් ඔබේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවේවා. යන එන සියලු ගමන් වලට ඇති බාධාවෝ හිරුදුටු ගණදුර මෙන් විද්වංසනය වේවා. ගිනි දුටු  ඉටි මෙන් ඔබේ සියලු බාධාවෝ විනාශ වේවා.  අනන්ත බුදුගුණ සිහිපත් කරමින් අප සිදුකල මේ පින්කම බොහෝම පිරිසිදු සිතින් කල එකක්. ඉන් අපමණ ඵල ලැබේවි. සියලු කටයුතු අතිශයින් සාර්ථක වේවා. වැඩි වැඩියෙන් පින්කම් කිරීමට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා. ධන සම්පත් සමග ආධාත්මික වර්ධනයත් ඇතිවී රහසින් වත් වරදක් කරන්නට සිත් පහල නොවේවා. සසර පුරාවටම සතර වරම් දෙවියන් සතර වටින් ආරක්ෂා කරත්වා. සසර පුරාවටම අමල් මහතා වන් කළණ මිතුරන්ම මුනගැසේවා.නිවන් දක්නා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටවත් නොලැබේවා. පවුලේ සියලු දෙනාට මේ පින් ඒකාකාරවම ලැබේවා. කෙලවර අමාමහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

අයන්ති විතාන මහත්මියනි. ඔබතුමිය මා දුටුවේ එක් වතාවයි, කථා කලේත් ඒ අවස්ථාවේ පමණයි. එහෙත් ඔබ මාකෙරේ තැබූ විශ්වාසයට අපමණ කුසල් රැස් වෙනව. මේ පින්කම වෙනුවෙන් වැය කල මුදල් අසවලාගේ මුදල රෝද පුටුවට, අසවලාගේ මුදල ප්‍රවාහනයට කියල වෙන් කලේ නැහැ. රු 23,000/- න් 22, 750/-ක මුදලක් වෙන් කලේ සියලු වියදම් සදහායි. ඉතින් ඔබතුමිය පරිත්‍යාග කල මුදල රෝද පුටු දෙකක් වෙනුවෙන් සහ ප්‍රවාහනය වෙනුවෙන් බෙදී ගියා. ඒක ඔබතුමිය අද දින සිදුකරගත් මහා පින්කමක්. මෙව්න් මහා පින්කමක ආනිසංස කියල නිම කරන්න බැහැ. මම ඉහලින් පින්කමේ ආනිසංස දාල තියෙනව. ඊට අමතරව ඔබතුමිය සිදුකල මහ පින්කමේ බලෙයෙන් ඔබ තුමිය සිදුකරන සියලු කටයුතු සාර්ථක වේවා. පවුලේ සැමටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඔබතුමියගේ රැකියා හා අනෙක් සියලු කටයුතු වලට ඇති බාධාවෝ දුරුවේවා. සසර පුරාවටම සතර වරම් දෙවියන් සතර වටින් ආරක්ෂා කරත්වා. සසර පුරාවටම අමල් මහතා වන් කළණ මිතුරන්ම මුනගැසේවා.නිවන් දක්නා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටවත් නොලැබේවා. කෙලවර අමාමහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

වෙනූෂා පොතුහැර පින්වත් සොයුරිය විසින් රෝද පුටුවක් මේ පරිත්‍යාගය වෙනුවෙන් ලබාදුන්නා. පින්වත් සොයුරිය විසින් පින්කම‍ේ වටිනාකම නිසි පරිදි හදුනාගෙන සිදුකල පරිත්‍යාගය වෙනුවෙන් අනන්තවත් පින් රැස්වේවා.  ඔබතුමිය මීට කලින් මා දැක නැතත් ඔබ අප කෙරේ දැකූ සහයෝගය මෙන්ම එම අව්ස්ථාවේ සහභාගි වෙමින් අපහට දැක්වූ ශක්තිය මිල කල නොහැකියි. ඉහලින් පින්කමේ ආනිසංස දාල තියෙනව. ඔබතුමියටත් ඉහත ආශිර්වාදයම අදාලයි. ඔබතුමිය සිදුකල මහ පින්කමේ බලෙයෙන් ඔබ තුමිය සිදුකරන සියලු කටයුතු සාර්ථක වේවා. පවුලේ සැමටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඔබතුමියගේ රැකියා හා අනෙක් සියලු කටයුතු වලට ඇති බාධාවෝ දුරුවේවා. සසර පුරාවටම සතර වරම් දෙවියන් සතර වටින් ආරක්ෂා කරත්වා. සසර පුරාවටම අමල් මහතා වන් කළණ මිතුරන්ම මුනගැසේවා.නිවන් දක්නා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටවත් නොලැබේවා. කෙලවර අමාමහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

කාශ්‍යප බණ්ඩාර ඔලුපැලියාව මහතා විසින් තමයි අපිට මේ පින්කම සිදුකරන්නට මූලික කටයුතු සකස් කලේ. ඔහුගේ යෝජනාවක් අනුවයි මේ කටයුතු සාර්ථක කරගත්තෙ ඉතින් මේ අවස්ථාවට සහභාගි වූ එතුමාටත් වෙනූෂා පොතුහැර සොයුරියගේ පියාටත් මේ පින් ඒකාකාරවම ලැබේවා.  ඊට අමතරව අපට මේ අවස්ථාව ලබාදුන් හිතවත් හෙද සොයුරියන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා.

මාර්තු 11 වෙනි දිනට මාගේ උපන් දිනය යෙදී තිබූ අවස්ථාවක මෙවන් මහ පින්කමක් සිදුකරගන්න ලැබීම පිලිබද මමද අතිශයින් සතුටු වන අතර පින් අනුමෝදන් වෙනව.

කෙලවර ජාතියක් ජරාවක් නැති අමා මහ නිවනින් සියලු දෙනාටම සැනසීම උදාවේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරව්නද ලක්මාල්ද සිල්වා

 

කුරුණෑගල ‍රෝහලට රෝද පුටු පරිත්‍යාගය.

කුරුණෑගල ‍රෝහලට රෝද පුටු පරිත්‍යාගය.