Skip to main content

පින්වත් ඔබේ දායකත්වයෙන් ඉදිවූ අසිරිමත් මාණික්ඛමඩු ධර්මශාලාව …

By December 14, 2021Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් යාලුවනේ අපි පහුගිය දිනෙක මහා පින්කමක් කලා. අම්පාර මාණික්කමඩුව රජ මහා විහාරයේ ධර්ම ශාලාව වහලය ගසා අවසන් කර සග සතුකොට පූජා කිරීමයි.
මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා.

ජනක ( පාත් නිර්වාණ) මහතා            රු 678,000.00
මුතුරාජ් නානයක්කාර මහතා            රු 300 000.00
කුමෝෂා අබේවීර නංගි                        රු 200,000.00
යමුනා බටුවංගල මහත්මිය                රු 100,000.00
පුබුදුනී දාබරේ නංගි                            රු 30,500.00
තුසිලා ද සිල්වා ඇතුළු පිරිස ( කරුණාතිලක,, ශිරාණි,, මර්ලින්,වසන්ත,, දීපිකා, ලලන්ති,,භද්‍රා, ප්‍රියංගනී, කුසුම්, යන පින්වත් පිරිස )                            = රු 91,500.00

දීප්තිකා ධර්මපාල මෙනෙවිය——– රු 28,550.00
• දීප්තිකා නංගි – රු 10,000.00
• නිලුක්ශි නන්ගි , සමීර මල්ලි – 7000/=
• දීප්තිකා – 3500/=
• ලසන්ත මල්ලි – 3050/=
• තරින්ද අයියා – 3000/=
• (හිශාන්ති නන්ගි – 1000/=
• ප්‍රියන්ජලී අක්කා – 1000/=

ලලින්ද්‍ර මහතා                                   රු 20,000.00
රූපිකා මහත්මිය – ලෙබනන්           රු 19029.00
සුනේත්‍රා මල්කාන්ති අක්ක              රු 18,000.00
ශම්මික ජයනන්ද අයියා                  රු 15,250.00
උදේශිකා වීරබද්දන සොයුරිය         රු 15,000.00
අවන්ත ඕපාත මල්ලි                        රු 12,200.00
සේපාලිකා නංගි                               රු 10,000.00
නිමිල අමරසිංහ මහතා                   රු 10,000.00
සම්පත් වික්‍රමසිංහ මහතා              රු 10,000.00
සචිනි රණවක නංගි                           රු 6200.00
ජයන්ත නානායක්කාර මහතා         රු 6100.00
තරංගා වාසල අක්ක                          රු 6100.00
මහේෂ් යකුපිටි මහතා                       රු 5000.00
ගයාන් ජයසූරිය මහතා                     රු 5000.00
යොහානිද සිල්වා මහත්මිය              රු 5000.00
තරිදු බණ්ඩාර මහතා සහ මිතුරා    රු 4050.00
තිලංගා පෙරේරා සොයුරිය               රු 4,000.00
මල්ලිකා ගුනවර්ධන අම්මා                රු 3500.00
රමනි නංශ්ශංක                                 රු 3500.00
දුෂාන්ත වේවැල්දෙණිය මල්ලි            රු 3200.00
අචල තරංග මහතා                            රු 3100.00
ඉෂූ මදුෂානි නංගි                                රු 3050.00
හිරන්ත මදුසංක මහතා                     රු 3500.00
හිතාෂි පිටිගල මහත්මිය                    රු 3050.00
තිලින විජේවර්ධන මල්ලි                    රු 2000.00

මීට අමතරව අපගේ ඉල්ලීම පරිදි නැගෙනහිර ආණ්ඩුකාර තුමිය රු ලක්ෂ 02ක මුදලක් පරිත්‍යාග කලා …
—————————————————————————
ඒ අනුව රු 18,24 379ක මුලක් අපි ධර්ම ශාලාව වෙනුවෙන් පූජාකොට තිබෙනවා ……

සියලු මුදල් විහාරස්ථ දායක සභාවට පරිත්‍යාග කල අතර සියලු ඇඹිලිපිටියේ පින්වත් මහත්මයෙක් විසින් වහලයේ සියලු ඉිකිරීම් නොමිලයේ සිදුකර දුන්නා …

මේ කටයුත්ත සදහා විහාරමාධපති සීලරතන හිමියන් ඇතුලු මහා සංඝරත්නය නොමද සහයක් ලබා දුන්නා …

ඒ වගේම මෙම ධර්මශාලාවේ වහලය නොමිලේ නිර්මාණය කරදුන් ඇඹිලිපිටියේ සරත් බාසුන්නැහැට වශේෂ ස්තුතිය හිමි වෙනවා..

අපිට මේ කටයුත්ත සදහා මුදල් සොයාගන්නට අනුපමෙය සහයෝගයක් ලබාදුන් චරිදු අසංඛ මහතාටත් මේ පින් හිමි වෙනවා …

එසේම මේ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසුන සිවිල් ආරක්ෂකනලධාරීන්ටද අපගේ ප්‍රණාමය හිමිවේ …

මේක අටමහා කුසලයකට අයත්වන පින්කමක්.

අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම,සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

ඊලගට මේ පින්කම සදා පින් වැඩෙන පින්කමක. මේ බලන්න.
හැමදාම පින් වැඩෙන ආමිස දාන නාමාවලියක් සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයේ සඳහන් වේ. එනම්,

ආරාමරෝපා වනරොපා
යෙ ජනා සෙතුකාරකා
පපඤ්ච උදපානඤ්ච
යෙ දදන්ති උපස්සයං

තෙසං දිවා ච රත්තෝ ච
සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨා සීල සම්පන්නා
තෙ ජනා සග්ගගාමිනොති

මෙහි අදහස නම්, “ යම් ජනයෝ මල්වතු පලතුරු වතු (ආරාම) වවන්නෝ ද, වන ලැහැබ් වවන්නෝ ද, ඒ දඬු, පාලම්, මංමාවත් ආදිය කරන්නෝ ද, පැන්හල්, වැව් පොකුණු කරන්නෝ ද, වාසස්ථාන කරන්නෝ ද දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. ධර්‍මයෙහි පිහිටි,ශීල සම්පන්න ඒ ජනයෝ සුගතිගාමී වෙති.”

මේ කියන්නෙ මේ ධර්මශාලා ආදිය නිතර පරිහරණය වෙන්න වෙන්න පින් ජනනය වෙනව. අපි මැරුනත් අපිට අඛණ්ඩව පින් ගලාගෙන එනව.

ඊගලට මෙය ධර්ම දානයක් වෙනව. ඇයි? බණ කියන/ බණ අසන ඇත්තන්ට පහසුකම් සැලසීමත් ධර්ම දානයේම කොටසක්.

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම

8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්,වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම

9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම

10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම

11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ සියල්ල ධර්ම පූජාවට අයත්. ඒ අනුව මේ සිදුකොට ඇත්තේ අපරිමාන කුසලයක්.

බෝසතාණන් වහන්සේට අපමණ රජ සැප ලැබුනේත් සක්‌විති රජ සැප අත්හැර, තුන් සෘතුවට ගැළපෙන රම්‍ය, සුරම්‍ය, සුබ වගේ දැකුම්කළු මහා ප්‍රාසාද අත්හැර මහන වුණු මහ බෝසතාණන් වහන්සේට ශාක්‍යයන් විසින් නිග්‍රෝධාරාමය, බිම්බිසාර රජතුමා විසින් වේළුවනාරාමයත්a, අනේපිඬු සිටුතුමා විසින් ඡේතවනාරාමයත්, විශාඛා උපාසිකාව විසින් පූර්වාරාමයත්, මහා ධන පරිත්‍යාගයන් සිදුකරමින් සකස්‌ කර පූජා කලේත් සසර සිදුකල මෙවන් අපමණ කුසල් නිසයි. පාවාරික සිටුවරයා කළ පාවාරිකාරාමය, කොසබෑ නුවර ඝෝෂිතාරාමය තවත් ඒ වගේ විහාර අතර වෙනවා. සුනාපරත්ත ජනපදයේ රත් සඳුන්වලින් විහාරයක්‌ බුදුරදුන් සඳහා ගොඩනැගූ බව පුණ්‌ණෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. මුලදී ගහක්‌ යට, ලෙනක්‌ තුළ වැඩ වාසය කරමින් බුදුන්වහන්සේගේ දහම් පණිවිඩය බෙදාහැරීමේ නිරතවෙලා හිටපු ශ්‍රාවක සංඝයා සඳහාත් බුදුන් දවස ආරාම ගොඩනැගූ බව අට්‌ඨක නාගර සූත්‍ර වර්ණනාවේ සඳහන් වේ. අට්‌ඨක නගර වැසි දසම කියන ගෘහපතියා ආනන්ද හිමියන් සඳහා පංචසතික විහාරයක්‌ කළ බවත්, චිත්ත ශෘහපති විසින් මහානාම හිමියන් සඳහා ආරාමයක්‌ කළ බවත් සඳහන් වෙනවා.

ඉතින් මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ඔබ සියලු දෙනා සිදුකරගත් මහා පින්කම සැබැවින්ම මහා ආනිසංස දායක පින්කමක් බවයි

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ සියලු දෙනාගේ නමින් මිය පරලොවගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනකඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල සියලු දෙනාටමෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක්නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මියපරලොව ගොස් ඇත්නම් වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්,යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්රඥාවයි. මෙපින් බලෙන් ප්රඥාවමෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන්වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්රමාණයද අප්රමාණයි.නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙනඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්රයට ලැබේවා. විශේෂයෙන්මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන් ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත්පහලවීම ම ඔබ ලද මහා භාග්යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිතනිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්. සිදුකලසියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත්අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිතනොවේවා. ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒලෙසින්ම දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්රාර්ථනාවන් ඉටුවේවා. ව්යාපාර, අධ්යාපන,කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින්බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරවසැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නානුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකටඑල්ලවන අභියෝග සාමාන්ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසිවැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරුධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකමඋපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා.නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම

උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්රශ්රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්රාවකයන් වහන්සේලා / ප්රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද / බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්ය ප්රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

නොපැමිණි / උතුම් වූ ඒ භාග්යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු 7 නිරවද්ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

ජයශ්රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණසෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන්වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන්වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්රතිමා වහන්සේ,සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු,මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත,සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස,ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේබුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම්දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ ඒ දිව්යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘදිව්යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයටඅපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්සමහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ, දෘතරාශ්ඨ ආදීසතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූගණදෙවියන්, ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ,ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලුදෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නටමේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

විස්තර නරඹන්න

Dharmashala 03

Dharmashala 03 _ Manikkamaduwa