Skip to main content

පින්වත් කළණ මිතුරෙකුගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් බක් පොහොය දින ලොව උතුම්ම දානය සිදුකල වගයි …

By April 4, 2015April 12th, 2016All Posts

( 2015/04/03) දිනය බක් පොහොය දිනයයි. බක් පොහොය  දින අපි ලෝකයේ උතම්ම දානය පූජා කලා. සම්බුද්ධ ශ්‍රී මුඛ පද්මයෙන් සුදේශිත අති පරම පූජණීය ස්වාසූ දහසක් ධර්මස්කන්ධය අද  පොල්ගහවෙල පූජාපිටිය මූලික පිරිවෙන් විහාරස්ථානයට සිදුකලා.  මේ පරිත්‍යාගයට පූර්ණ අනුග්‍රහය ලබාදුන්නේ රොෂාන් ප්‍රගීත් ද අල්විස් මහතා  සහ ඒ පවුලේ සාමාජික සමාජිකාවන් විසින්. මේ සදහා වියදම් වූ මුලු මුදල රු 47,000/- ක්. පොත් වහන්සේලා සදහා රු 40,000/- ක නාමික වටිනාකමක්ද ප්‍රවාහන ගාස්තු ලෙස රු 7,000/- ක් ද වියදම් උනා.

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද්‍දු දානයක් නෑ.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

1 බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)

  1. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
  1. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
  1. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
  1. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

 

  1. ධර්ම දේශනා කිරීම
  1. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
  1. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
  1. ධර්මය ඉගැන්වීම
  1. පිරිස් වලට බණපොත් කියවීම
  1. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
  1. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
  1. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
  1. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
  1. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
  1. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
  1. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
  1. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
  1. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
  1. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ ද මෛත්‍රි බුදුන් දකිති’.

 

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම

3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.

6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

 

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

බලන්න මේ පින්කමේ ආනිසංශය. මේ දිනවල සවස් වරුව පුරාවටම මහා වැසි ඇද වැටුන. අපිට මේ පින්කම කරගන්න බැරි තත්වයක් තිබුනෙ. ඒත් මම බබුදුන් වැදල දෙවියන්ට පින් දීල අධිෂ්ඨානයක් කලා මේ පින්කම කරගෙන දෙවි මිනිසුන්ට මහා කුසලයක් කරගන්න අවස්ථාව සැලසේවා කියල. වැසි බින්දුවක්වත් නොවැටේවා කියලත ඒ අයුරින්ම ඊයෙ දවස පුරාවටම එකස වැසි බින්දුවක් වත් වැටුනෙ නැහැ. ධර්මයේ ආශ්චර්යය කෙතරම්ද ඔබට තේරෙන්වා නේද ?

ඊට අමතරව මේ  විහාරස්ථානයට පැමිණ මේ පොත්වහන්සේලා කියවා ධර්මය ඉගෙන ගන්නට සෑම අයෙකුටම අවසර දෙන බව ගෞරවණීය ස්වාමීන් වහන්සේ සදහන් කලා. ඉන් ජනිත වන්නේ අපමණ කුසලයක්. පිරිවෙන් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය කරන්නටත් මේ පොත් වහන්සේලා ඉමහත් රුකුලක් ලබාදේවි.  ඒ තුලින් ස්වාමීන් වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය කරන්නට බලාපොරොත්තු වෙනව.

 

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ රොෂාන් ප්‍රගීත් මහතාගේ වගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  රොෂාන් මහතාට සහ එතුමාගේ සුදර්ශනී සොහොයුරියට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් එසේම  දයාබර බිරිද  සුමේදා. මහත්මියට  මෙලොව උත්පත්තිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

තෙනුක පුංචි පුතා ඇතුලු පවුලේ සියලු දූ පුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුල රොෂාන් මහතානෙනි, ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබතුමාගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා. සතර වරම් දෙවියන් සතරවටින් ඔබට රැකවරණය ලබාදෙත්වා.

 

මේ සියලු පින් ඔබටත්, දයාබර බිරිදටත්, දරුවන්ටත් සොහොයුරිය ඇත්ලු පවුලේ සියල ඥාතී හිතමිතුරන්ටත් ඇතුලු ඔබ සියලු දෙනාට දෙව් මිනිස් සැප කෙළවර ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නොමැති පරම ශාන්ත නිවන්මග පතන බෝධියෙන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා.

මෙවන් මහ පින්කමක් සිදුකරගන්නට මට භාග්‍ය ලබාදුන් රොෂාන් මහතාට පින් අනුමොදන් කරන අතර මගේ හෘදයාංගම ස්තුතියි ද පුදකරමි. මෙපින් බලෙන් මෙවන් මහ පින්කම් තව තවත් සිදුකරගන්නට මට ශක්තිය ලැබොවා. දිවා රෑ ප්‍රාර්ථනා කරන ඉලක්කය වෙත ලගාවී අසරණ සත්වගට පිහිටක් ලබාදෙන්නට හැකියාව ලැබේවා. කෙලවර මා පතන බෝධියෙන් නිවන් ලබන්නටත් සසර කතරේ අනේක දුක් විදින අසරණ සතුන් හ‍ට ජාතියක් ජරාවක් මරණයක් නැති අමා මහ නිවන් අවබෝධ කර දෙන්නටත් මෙපින් ගංගාවෝ හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

ත්‍රිපිටක පූජාව - පූජපිටිය

ත්‍රිපිටක පූජාව – පූජපිටිය- බක් පූන් පෝය දින