Skip to main content

පස්වැනි වරටත් සිදුකල රුවන්වැලි මහ සෑ කප්රුක් පූජාව …

By July 17, 2018Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ පස්වන වරටත් අපි ස්වර්ණමාලී මහසෑ කප්රුක් පූජාව පවත්වනු ලැබුවා. මේ පින්කමට පූර්ණ දායකත්වය ලබාදුනනෙ පහත සදහන් පින්වත් මිතුරු මිතුරියන් විසින්.

 

සංජය ඉරේෂ් මහතා ඇතුලු මිතුරු කැල ————-රු 49,000.00
ලසන්ති කෞන්දිකා නංගි —————————-රු 25,000.00
යමුනා මහත්මිය —————————————-රු 20,000.00
හිරුනි යටිවැල්ල මහත්මිය —————————-රු18,434.86
ඉෂාර ප්‍රනාන්දු මහතා ———————————රු  4,500.00
උදිත අයියා, ඉසුරි විජේතුංග, දෙමව්පියන් සහ
නානායක්කාර කෝට්ටගේ ඇතුලු සියලු දෙනා —–රු 1,880.00
දේශානි සංල්වා නංගි ———————————–රු    500.00
හිරන්ත මදුසංක මහතා ———————————රු    500.00
හර්ෂනී ප්‍රනාන්දු මහත්මිය————————— රු    500.00
—————————————————————————
මුලු ලැබීම් ———————————————රු 120,314.86

අට පිරිකර 10 සමග ප්‍රධාන කප්රුක හා පරිවාර කප්රුක් 04  රු 76,300.00
බස්රථය සදහා වියදම————————————————- රු 17,500.00
ස්වාමීන් වහන්සේලාට මුදල් පිරිකර———————————– රු 7000.00
සංග්‍රහ සහ සුලු වියදම් ————————————————– රු 2450.00
———————————————————————————————–
මුලු වියදම් ————————————————————–රු 103,250.00

ඉතිරි මුදල රු රු 120,314.86 – රු 103,250.00 = රු 07,064.84

සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකර ඇති චෛත්‍යයන් වන්දනා කිරීමේ දී, සැදැහැවත් බෞද්ධ ජනකාය අතීත යුගයේ සිට ම නොයෙක් පුද පූජා පිළිවෙත් අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේට තම අපමණ සැදැහැ බැති පෙම පළ කළ අයුරු වර්තමානයේ සිදුකරනු ලබන පුද පූජාවලින් ද වටහාගත හැකි ය. සෑ මළුවේ සිවු කොණේ පිහිටුවා ඇති වාහල්කඩ හා බුදු කුටිවල ද පුදසුන් මත ද මල් පහන් හා සුවඳ දුමින් පුද පූජා පවත්වන අයුරු දිනපතා දැක්ක හැකි ය. සෑ මළුවේ සිදුකරනු ලබන මෙම පුද පූජාවලට අමතරව ස්තූපයේ පේසාවළලූ වටා මෙන් ම ස්තූප ගර්භය වටා ද, විවිධ පුෂ්පමාලා දාම, විදුලි බුබුළු, සැරසිලි මෙන් ම කාෂාය වස්ත‍්‍ර හා ෂඞ්වර්ණ රෙදි පිළි (බෞද්ධ කොඩි) පලඳවා, වන්දනාමාන කිරීම වර්තමානයේ බෙහෙවින් දක්නට ලැබේ. චෛත්‍යයේ ගර්භය වටා කාෂාය සිවුරක් හෝ ෂඞ් වර්ණ කොඩි ඇතුළත් පලඳනාවක් හෝ යොදා වන්දනාමාන කිරීම නූතන යුගයේ ඇතැම් දෙනා හඳුන්වන්නේ ‘කප්රුක් පූජාව’ වශයෙනි. අනුරාධපුරයේ මහා ථූපය කරවූ ගැමුණු රජතුමාට තම ජීවිතයේ අවසාන කාලය ළංවන විට එය නිම කළ හැකිවූයේ සතරැස් කොටුව දක්වා පමණි. මිය යෑමට පළමු මහා සෑය නිමවා සම්පූර්ණ වූ විට පෙනෙන ආකාරය දැක ගැනීමේ බලවත් ආශාවක් රජතුමා තුළ ඇති විය. රජුගේ මල් සද්ධාතිස්ස කුමරු රජුගේ අභිලාෂය මුදුන්පත් කරනු සඳහා කටයුතු යෙදූ අයුරු මහාවංශය සඳහන් කරන්නේ මෙසේ ය; ‘මෙකුමරු සන්නාලින් ලවා සුදු පිළියෙන් සැට්ටයක් (කඤ්චුකයක්) කරවා එයින් සෑය වැස්වී ය. සිත්තරුන් ලවා ඊ මත වේදිකාවක් (ගරාදිවැට) ද පුන්කලස් පන්තීන් හා පංචාංගුලික පන්තීන් ද සිත්තම් කරවී ය. වඩුවන් ලවා හුණු දඬුමුවා ඡත‍්‍රය ද මුද්ධ වේදිකාවෙහි කරපත්මුවා හිර සඳ ද කරවී ය. මෙසේ කළ සෑය ලාකඩින් හා කංකුට්ඨක නම් දැයින් සිත්තම් කරවා සෑයෙහි කටයුතු කිස නිමියේ ය යි රජුට දැන්වී ය.’ (ශ්‍රී ලංකාවේ ස්තූපය, පරණවිතාන – 26 පිටුව) එය වූ කලී චෛත්‍යයක් වටා කඤ්චුකයක් ( නොහොත් කප්රුකක්) යෙදූ පළමුවැනි අවස්ථාව වෙයි. පසු කලෙක භාතිය රජු විසින් ද මහා ථූපය වටා කඤ්චුකයක් පලඳවා පුද පූජා පෙරහැර පැවැත්වූ බවට වංශ කතා ඇතුළු බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ සාක්ෂි දරයි. කණ්ඨක සෑයේ පේසා වළලූ වටා ගඩොලින් කඤ්චුකයක් ඉදි කොට ස්තූපය ශක්තිමත් කළ බවත්, අනතුරුව තවත් රජෙකු විසින් ශෛලමය කඤ්චුකයක් යොදා එය විශාල කොට තහවුරු කළ ආකාරය ද පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් හෙළි කරගෙන ඇත. මහා දාඨික මහානාග රජතුමා මහා ථූපයේ වෘත්තාකාර මාලකය වටා ශෛලමය පුෂ්ප දානයක් කළ බව වංසත්තප්පකාසිනියෙහි දැක්වෙයි. එය පද්මයක් විකසිත වන්නාක් මෙන් නිර්මිත වූ බව ‘පදුම විකසිත කිඤ්චික්ඛ පාසාණෙ’ යන යෙදුමෙන් හෙළි වෙයි. අතීත යුගයේ සිට ම රාජකීය ප‍්‍රභූන් ඇතැම් සැදැහැවත් ජනතාව විසින් මහ පෙරහැර පවත්වා චෛත්‍යයන් පැදකුණු කොට දාගැබ වටා පලඳවන ලද කඤ්චුකයන්, දේවතා රූප, පද්ම – හංස – හස්ති හා මල්කම් මෝස්තරවලින් යුතුව පැවති බව ඒ පිළිබඳව දැක්වෙන වර්ණනාවලින් හෙළි වෙයි. ස්තූපයේ පේසාවළලූ දිගේ ද ගර්භය වටා ද පුණ්‍ය සංකේත ඇතුළත් කඤ්චුකයන් පැලඳවීමේ සිරිත නූතන යුගය දක්වා ම විකාශනය වෙමින් පවතී. චෛත්‍ය වන්දනාව සඳහා යොදා ගනු ලැබූ එකී පලඳනාව විවිධ නම්වලින් කලින් කල හඳුන්වා තිබිණ. ‘ආයාග පට’ නම් කඤ්චුක පලඳනාවක් කළ චෛත්‍ය පූජාවක් ගැන අපදානපාළි ධර්ම ග‍්‍රන්ථ පාඨයකින් අනාවරණය වෙයි. ‘භට්ඨො භට්ඨෙන චිත්තෙන අවන්දිං ථූපමුත්තමං වඞ්ඪකෙහි කථා පෙත්වා මූලං දන්වාන’හං තදා භට්ඨො භට්ඨෙන චිත්තෙන ආයාගං කාරපෙය්යහං දුග්ගතිං නාභි ජානාමි ආයාගස්සං ඉදං ඵලං’ ‘තුටු පහටු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේගේ උත්තම ස්තූපය වන්දනා කළෙමි. නිර්මාණ ශිල්පීන්ගෙන් (වඞ්ඪකෙන) උපදෙස් ගෙන වියදම් පිරිමසා ආයාගයක් කරවා ලීමි. එම ආයාගය හේතු කොට ගෙන මම අගතියක ඉපදීමක් ගැන නො දනිමි. මේ වූ කලී එම ආයාගය පැලඳවීමේ ප‍්‍රතිඵලයයි’ එකී උදානය පහළ කරන ලද්දේ මේ මහා භද්‍ර කල්පයෙහි ආයාගයක් (කඤ්චුකයක්) දානය කිරීමෙන් රහත් ඵල ලැබීමට හේතු වාසනා ලද එක්තරා තෙරනමක විසිනි. ලංකාවේ පැරණි සෙල්ලිපිවල ‘අයක’ නමින් හැඳින්වුණ මෙම චෛත්‍ය සැරසිල්ල පැරණි ඉන්දියාවේ ඇතැම් ස්තූපයන්හි ද යොදා තිබුණේ යයි, පුරාවිද්‍යා සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පසුව මහාචාර්ය පරණවිතානයෝ පෙන්වා දුන්හ. ( උපුටාගන්නා ලදි.)

කප්රැක සහ කංචුකය යන වචනය පිලිබද නොයෙක් ගැටලු පැවතින බවද සිහිපත් කල යුතුය.

ඉතින් මේ පින්කම වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි වන්ත වෙනව.  ඔබ සියලු දෙනාගේ දායකත්වයෙන් තමයි මේ පින්කම සාර්ථකව කරගන්නට පුලුවන් උනේ.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්‍රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

වීඩියෝ ඉදිරි දිනක නරඹන්න

චායාරූප නරඹන්න

5th Kapruk Pooja

5th Kapruk Pooja – Ruwan weli maha seya