Skip to main content

දෙවන වරටත් මහ සගරුවන සිරිපා වන්දනා කරවූ වගයි …

By April 4, 2018April 15th, 2018Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට

www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

සෑම වසරකම කිසිදින සිරිපා වන්සනා නොකල පූජණීය මහා සංඝරත්නය වැඩමවා අපි සිරිපා වන්දනා කරවනවා. දෙවන වරටත් ඒ පූජණීය පින්කම සිදුකරන්නට අපිට අවස්ථාව ලැබුනා. ඒ වෙනුවෙන් පහත මිතුරු මිතුරියන් අපිට දායකත්වය ලබා දුන්නා.

දියසෙන් පුර සිරිසුමන හිමි ………..රු 1100/-

සේපාලිකා නංගි ………………………..රු 23,000/

දීපාල් කාන්චන මහතා ………………රු 20,000/-

ඉෂාන් වික්‍රම මල්ලි ……………………..රු 10,000/-

සංජය මහතා …………………………….රු 10,000/-

ප්‍රියන්ත කුමාර මහතා …………………රු 5606/-

ලලින්ද්‍ර පෙරේරා මහතා ……………..රු 5,000/-

පුබුදු දිසානායක මහතා…………….. රු 5,000/-

රවින්ද්‍ර කුමාර මහතා ………………….රු 3,300/-

චාමර සංජීව මහතා ……………………රු 3,240/-

ගයාන් ගුණතිලක මහතා…………… රු 3,000/-

ප්‍රශාන්ත මහතා …………………………..රු 2562/-

සංජය ප්‍රසාද් මහතා ……………………රු 2,500/-

නදුන් විශ්වනාත් මහතා ……………..රු 2,500/-

කෝෂිලා ඉෂාන්ගනී මහත්මිය ……රු 2,500/-

හිරන්ත මල්ලි ……………………………….රු 2,200/-

නුවන් ලක්මාල් මහතා …………………රු 2,200/-

අනුර කුමාර මහතා………………………රු 2160/-

නිශාන්ත මහතා ………………………….රු 2,000/-

සංදීපනී ඉෂන්කා නංගී ………………..රු 1,500/-

රන්දිමා ධර්මසේන නංගි ………………රු 1,200/-

අශාන් චාරුක මහතා …………………..රු 1,200/-

නිලාන් එදිරිවීර මහතා …………………රු 1,100/-

මල්ෂා රණවීර මහත්මිය ………………රු 1,100/-

දුමිදු අසේල මහතා ……………………….රු 1,100/-

රංග ගමගේ මල්ලි ………………………….රු 1100/-

කමනී ගුණසේකර සොයුරිය …………රු 1080/-

පුලනි විජේ මහත්මිය …………………….රු 1,080/-

කෝසල දිසානායක මහතා …………..රු 1000/-

චතුරි විසුම්පෙරුම නංගි ………………..රු 1,000/-

තිළිණ විජේවර්ධන මහතා……………  රු 1,000/-

දනුෂ්ක නුවන් මහතා …………………….රු 1,000/-

————————————————————–

ලද මුලු මුදල —————————රු 122,328 /-

දරන ලද වියදම්

බස්රථය ( මොනඍාගල සිට රත්නපුරට යාමට හා ඒමට රු 35,000/-

සිවුරු පිරිකර සදහා වියදම ……………………………1000 X 30 =  රු 30,000/-

රන් ආලේපිත පහන් සහ වට්ටි ආදියට ………………………………රු 4,000/-

ගිලන්පස ආදිය සදහා ………………………………………………………..රු 5,000/-|
——————————————————————————————-
මුලු වියදම් ………………………………………………………………………….රු 74,000/=

ඉතිරි මුදල රු 122,328.00 – 74000.00 =  රු 48328.00

ඒ සියලු මුදල් මෙවර වෙසක් උත්සව වැඩ සටහන් වෙනුවෙන් වෙන් කලා.

මාර්තු 19 වැනි දින සිරිපා කරුණා කරන්නට ප්‍රථම කොරියාවේ සේවයේ නියුතු ධනුෂ්ක හේමලාල් මහතා සිය පැල් මඩුල්ලේ නිවස අසල පිරිවනේ දානය සූදානම් කර තිබුනා. ඉතාම උසස් අයුරින් ඒ දානය සූදානම්ව කර තිබුනා.   පිරිවනේ හිමිවරුන්ටද, මොනරාගල සිට සිරිපා කරුනා කරන්නට පැමිනි හිමිවරුන්ටද යන දෙපිරිසටම දානය සූදානම් ව තිබුනා.

එසේම සිරිපා කරුණා කර පහලට වැඩමකල වෙහෙසට පත් ස්වාමීන් වහන්සේලාට   සුගුලා මැද්දෙගොඩ අක්කා, අයියා සහ චන්ද්‍රිකා අක්කා අතුලු සියලු දෙනා ඉමහත් පරිශ්‍රමයක් දරා ඉතා අනර්ඝ දානවේලක් සකසා තිබුනා. පුංචි හාමුදුරුවරුන්ට උදේටත් දානය වැරදිලයි තිබුනෙ. ඉතින් මේ දානය ඉමහත් පින්කමක් උනා.

අපි සූදානම්මේව සිටියේ සියලු දානයන් අපේ වියදමින් සිදුකරගන්නටයි. එහෙත් මේ දෙපිරිස ඉතාම ශ්‍රද්ධාවෙන්  සියලු දානයන්  සූදානම් කල නිසා ඒ  සදහා අපි සතයක් වත් වැය කලේ නැහැ. ඒ නිසා ඒ සියලු මුදල් අපිට ඉතිරි උනා.

 ඉතින් ඔබ සියලු දෙනා සිදුකරගත්තෙ මහා පින්කමක් ඒ පිනේ ආනිසංස කොච්චරද කියල කියල්ල බැහැ. මහා සංඝරත්නය හිතේ හැටියට රන් සිරිපා පියුම වැදපුදාගත්ත.

මේ පින්කම වෙනුවෙන් මුදල් ආධාර වගේම ප්‍රවාහන පහසුකම් ලබාදුන්න, වෙහෙස මහන්සි උන බොහෝම දෙනෙක් ඉන්නව. ඒ වගේම මේ පින්කම කරගන්න ලැබුනෙ ගෞරවණීය මහා සංඝරත්නය නිසා. උන්වහන්සේලා ඇතුලු දායක වූ වෙහෙස මහන්සි වූ ඒ හැම දෙනාටම මේ පින් ඒකාකාරව හිමිවේවා.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

වීඩියෝ නරඹන්න

චායාරූප නරඹන්න

රන් සිරිපා වන්දනාව - 2018

මහ සංඝරත්රනය සමගින් සිරිපා වන්දනාව 2018