Skip to main content

දෙවනගලදී සිදුකල තිස්වන කරඩු පූජාව, දෙවන රන් බුදු පිලිම වහන්සේ හා දෙවන රන්පාත්‍ර පූජාව …

By April 18, 2021Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

  අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය දවසක අපිට අසිරිමත් පූජාවක් කරන්න අවසර ලැබුනා. ඒ  මාවනැල්ල දෙවනගල රජ මහා විහාරයට කරඩුවක් ඇතුලු පූජා භාණ්ඩ පූජා කරන්නට යෙදුනා. මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා.

 දෙවනගල පුදබිමට පිදෙන බුදුපිලිම වහන්සේ පින්වත් කුමෝෂා නංගිද, පාත්‍රා ධාතුව පින්වත් අවන්ත මල්ලිද, කරඬුන් වහන්සේ පින්වත් ශම්මික අයියාද බාරගත්තා.

  වියදම්
අඩි 06 කරඩුවට——————- රු 60,000.00
අඩි 3.5 බුදුපිලිම වහන්සේ —-රු 145,000.00
පාත්‍රයට—————————-රු 50,000.00
————————————————————
වියදම——————————– රු 255,000.00

 මේ පින්කම වෙනුවෙන් මහා සංඝ රත්නය විශේෂඅනුග්‍රහයක් ලබා දුන් අතර  උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව පින්කම සිදු කලා

  මේ මහා පූජාවේ අනුසස් දැකගනිමු.

 කරඩු පූජා, බුදුපිලිම වහන්සේ ඇතුලු සියලු දේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පූජා කිරීම අති මහත් පින්කමක්.

 කරඬු පූජා කිරීමේ ආනිශංස 🌻

 🔸ශරීරයේ විවිධ රෝග හට නොගනී.නිරෝගී සම්පත්තිය ලැබේ.
🔸ශරීරයේ කැලැල් හට නොගනී.සියුමැලි වේ.
🔸රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි
🔸මනාව පිහිටි පා ඇත්තේ වේ.
🔸දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උපත ලැබීමට හේතු වේ.
🔸සක්දෙව් පදවිය, සක්විති රජ පදවිය ලබන්නට සුදුසු වේ.
🔸මිනිස් ලොව උසස් තනතරු,පදවි ලබන්නට හේතු වේ
🔸දුගතියෙහි උපත නොලබයි
🔸මහත් යසස් ඇත්තේ වේ.
🔸විපත්ති දුරු වේ.හැම කල්හි ආරක්‍ෂාව ඇත්තේ වේ.
🔸බිය නැත්තේ වේ.
🔸ගුණයෙන්, ධනයෙන් පොහොසත් වේ.
🔸ප්‍රඥාවන්ත වේ.
🔸අචංචල යහපත් ගතිගුණ ඇති ගුණවන්තයෙකු වේ.
🔸අප්‍රියයන් හා එක් නොවීම පිණිස මේ පින හේතු වේ.
🔸ප්‍රියයන් හා එක් වීමට උපනිශ්‍රය වේ.
🔸නිර්වාණාවබෝධයට අපහසුවෙන් තොරව ළඟාවීමට උපනිශ්‍රය වේ.
🔸නිර්වාණය අවබෝධය පිණිස හේතු වේ
🔸එතෙක් කිසිදු දුගතියක නූපදී

 එවන් මහා ආනිසංස දායක පින්කමක්.

 බුදු පිලිම පූජා කිරීමේ ආනිසංස
දිනක් බුදු පිළිම නෙළීම පිළිබඳ ව කොසොල් රජු බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

 යේ ජීව ලොකේ පටිමා කරෙයිය
කිමානි සංඝං ලහෙතෙ මුනින්ද
පුජ්ජාමි තං සාධු – වදෙහි මයිහං
ඉදම්බ රූපී කොසගෙ භූමි පාලෙයි

 (යම් මිනිසෙක් ලෝකයේ පිළිමයක් නෙළන්නේ ද එයින් ලැබෙන ආනිසංස කවරේ ද?)

 එම පැනයම ආනන්ද හිමියන් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

 “මුනින්ද රාජේන සුදෙසියෙත
ධම්මේන ලෙවෙයිය
පණිතං දෙසං කිමානි සංසං ප්‍රතිමාලංච
දේසේතු පුච්ජාටිහි අජ්හේ පහාසිං”

 යමෙක් බුදුන් විසින් දේශනා කරන ප්‍රණීත ධර්මය ලියන්නේ ද, ප්‍රතිමා නෙළන්නේ ද එයින් ලැබෙන ආනිසංස කවරේ ද? යනුවෙනි.

 එයට පිළිතුරු ලෙස අප ගෞතමයන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.

 භයානකා පාසික සතත සංතුලෙ
දුරා සදෙ අගගි සිඛා නිරන්තරේ
මහාට්ඨපායෙ සුව සොල සුස්සාදෙ
හරායරේ ලේඛක බිම්බ කාරනා

 “භයානක වූ පාපයික සත්ත්ව සමූහයාගෙන් ගැවසුන අතොරක් නැති ගිනිසිළු කරන කොටගෙන බැලිය නොහැකි වූ අටමහ නරකයෙහි හා ඔසුපත්වල භය පෙන්වා ධර්මය ලියන්නා වූ සැදහැවතුන් හා ප්‍රතිමා කරන්නවුන් අගතියෙහි නූපදිති” (පාලිගාථා විස්ස – කෝසල බිම්බ වර්ණනාව)

 ඒ වගේමයි උන්වහන්සේ දේශනා කරනවා බුදු පිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැ කියලා. ඒකට උපමා කීපයකුත් භාවිතා වෙනවා.

 සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

 මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

 මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

 මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

 ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

 ඉතින් බුදු පිළිම කරවීම පූජා කිරීම විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේ. ඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්‍රතිමා කරවීම දක්වලා තියෙන්නේ.

  පාත්‍ර දානයේ ආනිසංස
පත්තදායක හිමි සිද්ධාර්ථ බුදු හිමිට පාත්‍රයක් පූජා කොට කල්ප අනූහතරක් දුගතියකට නො ගිය බව සඳහන් වේ. (246 වන අපදානය) පිළින්‍දිවච්ඡ හිමිට පාත්‍ර පිනින් අනුසස් දහයක් ලැබී ඇත්තා හ.

 බොහෝ වටිනා රන් රිදී තලි ලැබේ.
උපද්‍රව නැත්තෙක් වේ.
අනතුරු නැත්තෙක් වේ.
අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ.
ආහාර පාන, වස්ත්‍ර, සයනාසන පහසුවෙන් ලැබේ.
ලැබෙන සම්පත් අකාලයේ විනාශ නො වේ.
ස්ථීර සිත් ඇත්තෙකු වේ.
හැම කල්හි ම ධර්මයට කැමති වේ.
කෙලෙස් අඩු කෙනෙක් වේ.
ආශ්‍රව ද රහිත වෙත්.
මුතු කුඩ (ජත්‍ර) දානයේ අනුසස් දැනගනිමු.

  ජත්‍රදායක හිමි පෙර ජීවිතයක පැවිදි ව රහත්ව පිරිනීවය. එම පිරිනිවන් සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලක් සෑයට කුඩයක් කොට නැංවූ පිනෙන් කල්ප අනූ හතරක් සැප විපාක ලැබු අතර ඒ පිනෙන් තෙවරක් සක්විති රජ විය.

ඒත ඥත්ත හිමි පෙර අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනෙන් කල්ප හැත්තෑ හතක් සැප ලැබී ඇත. එසේම එම කුසල බලයෙන් හැත්තෑ හත් වතාවක් සක්දෙවිඳු වූ අතර දහස් වතාවක් සක්විති රජ විය.

 පිළින්දිවච්ඡ හිමිට ජත්‍ර දානයේ අනුසස් අටක් ලැබී ඇත.

  1. ශීතලෙන්පීඩා නොලැබේ.
    2. තම ශරීරයෙහි කුණු නොඇලෙයි.
    3. උපද්‍රවයක් නැත්තෙක් වෙයි.
    4. හැම කල්හි අන්‍යයන් විසින් ගරැ කරන ලද්දෙක් වෙයි.
    5. සියුම් වූ සමක් ඇත්තකු වේ.
    6. සිත පිරිසිදු වේ.
    7. ඌෂ්ණයෙන් පීඩා නොලැබේ.
    8. බොහෝ විචිත්‍ර කුඩ ලැබේ.

 ගාථා සහිත පුවරු පූජාව …

“සබ්බ දානං ධම්ම දානං ජිනාති
සබ්බ රසං ධම්ම රසො ජිනාති
සබ්බ රතිං ධම්ම රතිං ජිනාති
තණහකඛයො සබ්බ දුකඛං ජිනාති”

 බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන කාලයේ තව්තිසා දෙව්ලොව දෙවියෝ ‘දානයන් අතුරෙන් කවර දානයක් ශ්‍රේෂ්ඨද, රසයන් අතුරෙන් කවර රසයක් ශ්‍රේෂ්ඨද, ඇලීම් අතුරෙන් කවර ඇල්මක් ශ්‍රේෂ්ඨද, අර්හත් ඵලය කවර හෙයින් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ

ධර්ම දානයේ ආනිසංස මෙතකැයි කියන්න බැහැ. එහෙත් අවස්ථාවේ හැටියට අපි මෙසේ කෙටි කරලා දක්වන්නට යෙදුනා.

  එසේම කරඩුන් වහන්සේගේත් බුදුපිලිම වහන්සේගේත් අභිමානය වැඩිකරගන්නට පූජා කල ඇත්දල යුගල දෙක පූජාවත් ඉතාම වටින පූජාවක්. කරඩුවට හා බුදු පිලිම වහන්සේට මහා අභිමානයක් ලැබුනා. බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් සිදුකල ඒ අභිමානවත් පූජාවත් ඉතාම වටිනවා.

  බුද්ධ ප්‍රමුඛ තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම
——————————————————————————————

කෝටි ලක්ෂයක් සක්වලට ආඥා චක්‍රය පැතිර වූ භාග්‍යවතුන් වහන්සේටද,

උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්රශ්රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්රාවකයන් වහන්සේලා / ප්රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

  අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද ? බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්ය ප්රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

  නොපැමිණි / උතුම් වූ ඒ භාග්යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

  අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු / නිරවද්ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

  ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබත් අන් සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

 ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්රඥාවයි. මෙපින් බලෙන් ප්රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

  එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්රමාණයද අප්රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්යයක්..

  එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු  ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා. අපිට ආහාර පාන නවාතැන් ලබාදුන් සියලු පින්වතුන්ටත් මේ පින් හිමිවේවා.

  ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

  පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්රාර්ථනාවන් ඉටුවේවා. ව්යාපාර, අධ්යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

  ජයශ්රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ ඒ දිව්යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

  පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

   බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම  වෙනුවෙන් මම එරන්ද ලක්මාල් …