Skip to main content

දුෂ්කර විහාරස්ථානයක සිදුකල මහා කඨින පින්කම … 2016

By November 20, 2016November 27th, 2016Uncategorized

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම සෑම වසරකම වගේ මේ වසරෙත් දුෂ්කර  විහාරස්ථානයක කඨින මහා පින්කම සිදුකලා. ඒ බිබිල නිල්ගල පයිලේගම විහාරස්ථානයේදීයි. රාවණ යුගයට සබදකම් කියන මහා පූජණීය විහාරස්ථානයක්. මහ රහතුන් වැඩ සිටි පරම පූජණීය පින්බිමක්.

මේ මහා පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ පහත පින්වත් පිරිසයි.

චන්දිමා පීරිස් මහත්මිය රු 100,000.00
ජීවනී ආරියරත්න සොයුරිය රු 29,251.98
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 26,000.00
මුදිතා පෙරේරා සොයුරිය රු 25,000.00
කල්පන අතුරුගිරිය මහතා රු 25,000.
රුවන් ජයසිංහ මහතා සහ මිතුරන් රු 19,500.00
ඉෂාර ප්‍රනාන්දු මහතා රු 15,295.00
එරංග විතාරණ මහතා රු 15,000.00
චානක ශ්‍රී නුවන් මහතා රු 13,000.00
සමීන් අරුමදුර මහතා රු 10,912.00
රීටා දැකුම්පිටිය මාතාව රු 10,500.00
අසංක මහතා රු 10,000.34
රවි`දු දියගහගේ මහතා රු 10,000.00
කලි`දු අංජන මහතා රු 10,000.00
පුබුදුනි අක්කා රු 10,000.00
හිරන්ත මදුසංක මහතා රු 8,200.00
පුබුදු දිසානායක මහතා රු 8,000.00
තනුජ විෙජ්සිංහ මහතා රු 7,000.00
ප්‍රියදර්ශනී ප්‍රනාන්දු සොයුරිය රු 5,828.48
රංගපාලී රණවීර මහත්මිය රු 5472.00
ක්‍රිශාන්ත සමරවීර මතා රු 5,000.00
සුමිත් නන්දන මහතා රු 5000.00
චන්දන මදුරංග මහතා රු 4,356.00
යොහානි ද සිල්වා මහත්මිය  රු 3,000.00
නුවන් මලින්ත මහතා රු 3,000.00
ශමීන් බණ්ඩාර මහතා රු 3,000.00
පුලනි වෑවලගේ මහත්මිය රු 3,000.00
ලක්ෂ්මන් අබේකෝන් මහතා රු 2,500.00
රන්ද දුමිදු මහතා රු 2000.00
සුමිත් මහතා රු 2,000.00
ගයාන් ගුණතිලක මහතා රු 2,000.00
චාලික අල්විස් මහතා රු 2,000.00
සුමිත් සංජය මහතා රු 2000.00
ඉෂාන් වික්‍රම මහතා රු 2000.00
හිරාන් මදුසංක මහතා රු 1,500.00
තිලිණ විෙජ්වර්ධන මහතා රු 1,000.00
අසංක මනෝජ් මහතා රු 1,000.00
ලලින්ද සේනානායක මහතා රු 1,000.00
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 1,000.00
විජිතා වීරසිංහ මාතාව රු  500.00
චතුර මල්ලි රු  500.00පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ධර්ම දේශනා වැඩසටහනෙන් ඉතිරි මුදල් රු 21842.00
———————————–

මුලු මුදල  රු  433157.58

මීට අමතරව රේණුකා ඩයස් මහත්මිය ඇතුලු පවුලේ සැම කරඩුවක් සහ බොහෝ පූජා භාණ්ඩ ලබා දුන්නා.

වියදම්

ජාතකපොත් වහන්සේලාගේ වියදම රු 48,000.00
මුතුකුඩ හා අටපිරිකර වියදම රු 61,200.00
කරඩුවට රු 30,000.00
කැවිලි වර්ග සදහා රු 1440.00
ගමන්කල පිරිස සදහා වියදම 3060.00
පලතුරු රු9260.00
කඨින චීවරයට රු 3250.00
පිරිකර සදහා විදුලි බල්බ රු 12,000.00
රූපවාහිනිය සහ ඩීවීඩී ප්ලේයරය රු 32210.00
මල්ටි පලග් එකට වියදම රු 1050.00
ගමන් වියදම් 23700.00 (ත්‍රීවීල් හා වෑන් රථය)

——————————-
මුලු වියදම රු 225,171.00

ඉතිරි වියදම රු 207,986.80.

මේ සියලු මුදල් සෝමාවතී මහ සෑ වන්දනායට යොමු කලා.

 

කඨින පින්කම වෙනුවෙන් සියලු ස්වාමීන් වහන්සේලාට අට පිරිකර, සුලු පිරිකර වශයෙන් නැවත ආරරෝපණය කල හැකි විදුලි පන්දම්ද, පන්සිය පනස් ජාතකපොත් වහන්සේලාද, මුතු කුඩද, පලතුරු වට්ටි , කැවිලි වට්ටි, බෙහෙත් මංජුසා ආදියද විහාරස්ථානයට ධාතු කරඩු දෙකක්ද, ස්වාමීන් වහන්සේටත්, උවැසි උවසියන්ටත් බණ ඇසීමට රූපවාහිවියක් සහ ඩීවීඩී ප්ලේයරක්ද, ඇතුලු බොහෝ පූජා ද්‍රව්‍ය ලබාදුන්නා. ඒතුලින් රැස්කල පින් අප්‍රමාණයි.

අප ජීවත් වන මේ ඉරහඳ යට කෙනෙකුට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් තිබෙනවා. ඒ බව මෙම ගාථාවේ සඳහන් වෙනවා.

කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං
ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා
කරණංපීව
රණං වච්චකුටියා
අට්ඨපුඤ්ඤාණී වුච්චරේ

 

කඨින දානය.
අටපිරිකර පූජාව
ආවාස පූජාව
බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්පිදීම
ධර්මය ලිවීම
කෙත්වතු පූජා කිරීම
බුද්ධ ප්‍රතිමා කිරීම
වැසිකිළි කැසිකිළි සාදා පූජා කිරීම

යන මේ පින්කම් අට සාමාන්‍යයෙන් අටමහ කුසල් වශයෙන් ප්‍රසිද්ධයි.

ඒ අනුව කඨින චීවරයක් පූජා කිරිම අටමහ කුසල්වලට අයිති වෙනවා. මෙබඳු කඨින චීවර පූජාවක් කරන්නට පුළුවන් වෙන්නේ යම් සම්බුදුවරයෙකුගේ සාසනයක් තුළ පමණයි. එය ද කළ හැක්කේ මේ මිනිසුන් සිටින පොළෝ තලයේ පමණයි. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල තිරිසන් ආදී අපායවල මේ පින්කම කිසිසේත්ම කරන්නට බැහැ, දකින්නටත් බැහැ. මිනිස් ලෝකෙත් හැම තැනම මෙය දකින්නට හෝ කරන්නට බැහැ. මෙය වෙන පින්කම් සේ හැමදාම කරන්නටත් බැහැ. ලෝකයේ සම්මත කරගත් වෙනත් ආගම්වල මේ පින්කම දකින්නට නැහැ.

මේ පින්කමේ විශේෂත්වය තමයි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අරමුණු කරගෙන බෞද්ධ පිරිසක් හෝ එබඳු අවබෝධාත්මක සිතක් ඇති කෙනෙක් විසින් කිරීම. භික්ෂූන් නැතිව මෙම පින්කම කොහොමවත් කරන්නට බැහැ. කොහොම වෙතත් කඨින චීවරයක් පූජා කිරිම, එම චීවර පූජාව සමඟ මොනයම් හෝ ලොකුª කුඩා දෙයක් ඒ කියන්නේ අඩු තරමින් ඉඳිකට්ටක්, නූල් බෝලයක් පූජා කිරිම පවා මහා බල සම්පන්න කුසල් නැත්නම් ආනිසංස ගෙනදෙන බව කවුරු කවුරුත් බලවත් ලෙස විශ්වාස කරනවා. ඒ බව නොයෙක් ධර්ම ග්‍රන්ථවල මේ විදියහට සටහන් කරලා තිබෙනවා.

යාවතා සම්බ පරික්බාරේ
සංඝස්ස සතතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කාලං නාග්ඝති සෝළසිං

යම් කෙනෙක් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කරන සියලු පිරිකර හැමදාම නිරතුරුව පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසයත් කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසත් අතර සොළොස් කලාවෙන් කලාවක් නොවටින ගුණයක පරතරයක් තිබෙනවා. නැතිනම් කඨිනයක් පූජා කිරීමෙන් දහසය ගුණයෙන් ගුණයක් ප්‍රතිඵලයක් ලැබෙනවා.

 

ගිරිරාජ සමංරාසිං
සංඝෙ දේති තිවිවරං
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළිසිං

ලොව ඇති උසස්ම වර්ගයේ වස්ත්‍රවලින් දෙපට සිවුරු, තනිපට සිවුරු, අඳන ආදී සිවුරු වලින් මහමෙර උසට ගොඩ ගසා පූජා කළත් කඨින පූජාවක් කිරීමෙන් ලබන ආනිසංසත් එක්ක ගත්තාම දහසය පංගුවෙන් එක් කොටසක් තරම්වත් වටින්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මහමෙර උසට සිවුරු පූජා කරනවාට වඩා කඨින චීවරයක් පූජා කිරීම බලසම්පන්න බවය. මේ ගාථා දෙකම දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මහරහතන් වහන්සේලා 500ක් ඉදිරියේ දී.

තවත් ගාථා ගොඩකින්ම කඨින පූජාවක ඇති වටිනාකම කියලා තිබෙනවා.

 

යාවතා සම්බ දානානි
ඒකො වස්ස සතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං

ලෝකයේ තිබෙන සියලු වර්ගයේ දානයන් නිතර නිතර අවුරුදු 100ක් දුන්නත් එහි ආනිසංස එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස හා සැසඳීමේ දී දාසය පංගුවෙන් එකක් පමණවත් නොවේ. කඨින දානයකින් ලැබෙන ප්‍රතිඵල ඊට වඩා බල සම්පන්න වෙනවා.

යාවතා පඤ්ච හේ සජ්ජං
ඒකො වස්ස සතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං

මේ ලෝකයේ තිබෙන පස් ආකාර බෙහෙත් වර්ග අවුරුදු 100ක් දන් දුන්නත් කඨින පූජාවකින් ලැබෙන ආනිසංස එයට වඩා දහසය ගුණයෙන් ගුණයක් ප්‍රතිඵලයක් ලබා දෙනවා.

සබ්බ දානං දදන්තේන
අස්මිං පුථුවි මණ්ඩලෙ
සංඝස්ස දින්නං කඨිනංඅග්ගං
බුද්ධෙන වණ්ණිතං

මේ මිහිපිට දෙන දන් අතුරෙන් සංඝයාට දෙන ලද කඨින දානයම උසස් කොට බුදුවරුන් විසින් වර්ණනා කොට තිබෙනවා.

මානුසිකාච සම්පත්ති
දේවලෝකේච යා රතී
යාච නිබ්බාණසම්පත්ති
සබ්බමේතේන ලබ්භති

මිනිස් ලොව මිනිස් සම්පත් දෙව්ලොව දේව සම්පත් අවසානයේ උතුම් නිවන් සම්පත් සහ සියලු යස ඉසුරු ලබාදීමට මෙම කඨින පූජාවක ආනිසංසවලට බලයක් තිබෙනවා.

කඨිනානිසංස කියාදෙන නාගිත ථේරාපදානය ….

අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලේ නාගිත කියලා පිරිමි ළමයෙක් ධනවත් ගෙදරක උපන්නා. පස්සේ කාලෙක මහණ කමට හිත ගිහිල්ලා බුදු හාමුදුරුවෝ ළඟ මහණ වෙලා රහත් වුණා.

දවසක් බුදු හාමුදුරුවෝ උන්වහන්සේගේ ප්‍රිය උපස්ථායක හිමියන් වන ආනන්ද හාමුදුරුවන්ට කථා කරලා මෙහෙම කිව්වා.

“ආනන්ද අද එහි භික්ඛු උපසම්පදාවෙන් පැවිදි වෙච්ච මහ රහතන් වහන්සේලා 500ක් රැස් කරන්න” ආනන්ද හාමුදුරුවෝ ඒ කියන විදිහට කලාම ඒ 500ක් මහ රහතන් වහන්සේලා සමඟ හිමාලයේ අනවතත්ත කියන විල ළඟට වැඩියා. එතන අර කියන නාගිත මහ රහතන් වහන්සේ වැඩ හිටියා.

ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ රහතන් වහන්සේලා අමතලා මෙහෙම ඇසුවා. “මහණෙනි, ඔබ වහන්සේලා අතරින් කවුරු හරි කෙනෙක් ඉස්සර කාලේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා විශේෂ පින්කමක් කරලා තිබෙනව නම් කරුණා කරලා මට කියන්න”

මේ කාරණය අහපු මහ රහතන් වහන්සේලා අතරින් නාගිත කියන මහ රහතන් වහන්සේ ඉදිරියට ඇවිත් මේ විදිහට කියන්න පටන් ගත්තා.

“ස්වාමීනි, මාගේ බුදුරජාණන් වහන්ස ! මීට අනූ එක් කල්පයකට පෙර විපස්සි කියලා බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා හිටියා. ඒ කාලේ බන්දුමතී කියලා නුවරක තිබුණා. ඒ නුවර තමයි මම ඒ කාලේ උපන්නේ. ඒ කාලේ මම දුගී මගී යාචකයන්ට හරියට දන් දුන්නා. නිතර නිතරම පන්සිල් අටසිල් මම සමාදන් වෙලා සිල් ආරක්ෂා කළා. එක දවසක් බන්දුමතී නගරයේ රජ්ජුරුවන් සහිත පිරිස මැද්දේ සවණක් ගණ බුදුරැස් විහිඳුවමින් වැඩ සිටිය විපස්සි බුදු හාමුදුරුවන්ව දැකල බණ අහල සිත පැහැදුන නිසා උන්වහන්සේ ඇතුළු මහා සංඝයාට මම ශ්‍රද්ධාවෙන් දන් දුන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරලා වස් වැසූ ස්වාමීන් වහන්සේලාට පිරිකර සහිත කඨින චීවර දානයක් පූජා කරලා මෙයින් මට උත්තම වූ රහත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා ඉඳලා මේ වනතෙක්ම මම සතර අපායේ උපන්නේ නැහැ. දිව්‍ය ලෝකේ හරි මනුෂ්‍ය ලෝකේ හරි තමයි මම දිගටම උපන්නේ. ඒ තමයි මම කළ කඨින චීවර පූජාවේ ප්‍රතිලාභ නැත්නම් ආනිසංස.

උන් වහන්සේ පහත සඳහන් ගාථා කියමින් මේ විදිහට කඨිනයක ඇති ආනිසංස නැත්නම් ප්‍රතිඵල ගැන ප්‍රකාශ කළා.

 

කඨින දානං දත්වාන
සංඝෙ ගුණවරුත්තමෙ
ඉතෝ තිංසෙ මහා කප්පේ
නාභිජානාමි දුග්ගතිං

උතුම් වූ ගුණ ඇති සංඝයා කෙරෙහි කඨින දානයක් දී මහා කල්ප තිහක් දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨිනයක ආනිසංස.

අට්ඨාරසන්නං කප්පානං
දෙවලෝකේ රාමමහං
චතුත්තිංසක්ඛත්තුං දෙවින්දො
දෙවරජ්ජමකාරයිං

කල්ප දහ අටක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වාසය කළා. තිස්හතර වාරයක් සක් දෙව් රජුව ඉපදුණා. මේ තමයි කඨිනයක් පූජා කිරීමෙන් ලැබුණු ප්‍රතිඵල.

ආරපථෙ ආරපෙථ
චක්කවත්ති සිරිං ලභෙ
අසිතිං ච චතුක්ඛත්තුං
චක්කවත්ති අහොසහං

ගැසූ ගැසූ එක ඉදිකටු පාරක් පාසා තිසිහතර වාරයක් බැගින් සක්විති රජ වන්නට හේතු සම්පත් ඇත ද සසර එපමණ බොහෝ කලක් නොසිටි හෙයින් අසූ හතර වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබූ බව දැක්වීමෙන් කඨින දානයෙහි අනුසස් පැවැසූ අයුරුයි.

යත්ථයත්ථූපපජ්ජාමි
ලභිත්වා සබ්බසම්පදං
පුරිසානං උත්තමො හොමි
කඨිනදානස්සිදං ඵලං

උපනූපන් සෑම තැනම සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වුණා. මේ තමයි කඨින දානයක ආනිසංස.

දේව භවේ උපපජ්ජාමි
දෙවෙවා පි ච මානුසෙ
අඤ්ඤං ගතිං න ජානාමි
කඨිනදානස්සිදං ඵලං

දිව්‍ය ලෝකෙත්, මනුෂ්‍ය ලෝකෙත්, හැර නරකාදී දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨිනානිසංස,

දේව කුලේ උපපජ්ජාමි
බත්තියෙ වා පි බ්‍රාහ්මණෙ
හීනෙ කුලෙ න ජානාමි
කඨිනදානස්සිදං ඵලං

රජ සහ බ්‍රහ්මණ යන කුල දෙකේ හැර එයින් පහත් කුලයක උපන්නේ නැහැ. මේ තමයි කඨින දානයේ ප්‍රතිලාභ.

චක්කවාළමූපාදාය
මහිං සාගර කුණ්ඩලං
බොමදූස්සෙහි ජාදෙය්‍යං
කඨිනදානස්සිදං ඵලං

චතුස්සාගර පර්යන්ත වූ චක්‍රවාට පර්වතය ඇතුළත මුළු පොළොව සුදු පටපිළියෙන් වසන්ට පොහොසත් වුණා. මේ කඨින දානයෙහි අනුසස් තමයි.

අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ
අහෝ සංඝස්ස සම්පදා
පරිත්තදානං දත්වාන
ලද්ධං මේවිපුලං සුබං

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ අර්හත්වය, නෛයර්්‍යාණිකත්වය, දක්ෂිණාර්හත්වය ආදී ගුණ විශේෂ ආශ්චර්යය, මවිසින් එක කඨින චීවරයක් දුන් විපාකයෙන් මේසා මහත් සම්පත් ලැබුවා.

තෙනෙව කුසලකම්මෙන
පියොහං දෙවමානුසෙ
තස්සෙ ව භද්දකම්මස්ස
පත්තොස්මි අමතං පදං

ඒ කඨින චීවර දානමය කුසල චේතනාව නිසා දෙව්ලොව උපන් විට දෙවියන්ට ද, මිනිස් ලොව උපන් විට මිනිසුන්ට ද, ප්‍රියමනාප පුද්ගලයෙක් වූයෙමි. ඒ යහපත් කුසල කර්මයෙන් නිවනද ලැබුණා.

ඒවං නාගව්හයෝ ථෙරො
මජ්ක්ධ සංඝස්ස සොභනො
පකාසෙයි සකං කම්මං
අනොතත්ත මහාසරෙ

මසේ සඟ මැද බබලන ශාන්ත වූ ගුණ ඇති නාගිත මහරහතන් වහන්සේ අනොතත්ත මහවිල්හිදී තමන් වහන්සේ විසින් පෙර කරන ලද කඨින චීවර දානයේ ආනිසංස ප්‍රකාශ කළා.

කඨින චීවරයක් මහා සංඝයා වහන්සේට පූජා කරන්නට ලැබෙන එක වාසනාවනක්, එයින් ලැබෙන පින මහා බලසම්පන්නයි. ඒ පින සොර සතුරටන්ට ගන්න බැහැ. රජවරුන්ට, ආණ්ඩුවලට රාජසන්තක කරන්න බැහැ. අව්වෙන් වැස්සෙන් ගින්නෙන් අවි ආයුධ වලින් විෂ වර්ගවලින් හෝ වෙනත් යන්ත්‍ර මන්ත්‍රවලින් විනාශ කරන්න බැහැ. ඒ නිසාම එයට කඨිනය කියන තේරුම ලැබිල තියෙනවා.

කඨිනය කියන එකේ තේරුම තමයි තද බව, ඝන බව, ශක්තිමත් බව, ස්ථාවර බව, කියන එක.

 

පඨවිරිව න ජාතු කම්පතෙ
නචලති මේරු රිවාති වායුනා
වජිරමිව න භිජ්ජතෙ ඝනං
තමිද මතො කඨිනන්ති චුච්චනි

කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින මහ පොළොව මෙන් කම්පා වන්නේ නැහැ. කම්පා කරවන්නත් බැහැ. මහ මේරු පර්වතය මෙන් සුළඟින් සොළවන්නත් බැහැ. දියමන්ති කන්දක් බිඳින්න බැරුව වගේ කඨිනයෙන් ලබන පිනද බිඳින්න බැහැ. ඒ තරමට ඒ පින ස්ථාවරයි. ශක්තිමත් බලසම්පන්නයි.

ඉතින් දායක වූ පින්වත් ඔබසැමට මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා, අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවා, අපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණට, මහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවා. බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන් වහන්සේ නළල් තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා. තව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතර වරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතන උතුම් අධිගම ලාභය ඒ අයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරක බාධක, සතුරු උපද්‍ර‍, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් , තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන් වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදී උප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්, තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක් ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් ඒ සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම් සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක් තත්පරයක් පාසාරත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වා විහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍ර‍ඥා පහල වේවා. වාප පිත් සෙම් තුන් දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා,කර්ම, ඍතු, ආහාර, චතු සමුට්ඨානික, ඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා. සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා. දෙදෙව්ලොවට අධිපත්, සක්දෙවිදුන්, සුමන සමන්දෙවියන්, විෂණු කතරගම ඇතුලු මේ බුද්ධ ශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. මේ පින්වත් පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේ දුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්‍ර‍යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා.

මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්‍යය නිවැරදිව සුවසේ අවබෝධ කරගෙන දාන සීල භාවනා තිවිධ පුණ්‍ය ක්‍රියා සිදුකරමින්, සිල සමාධි ප්‍ර‍ාව ආදිී ත්‍රි ශික්ෂාව වර්ධනය කරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

චායාරූප නරඹන්න

කඨින මහා පින්කම 2016

බිබිල නිල්ගල පයි‍ලේගම සම්‍බෝධි විහාරස්ථානය …

සියලු වීඩියෝ නරඹන්න