Skip to main content

තිසා වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය …

By September 5, 2016March 17th, 2018Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

තිසා වැව යනු ජාතික සම්පතකි’.අනුරාධපුරයට පානීය ජලය ලබාදෙන්‍ නේ තිසා වැවෙනි. ඊටත් වඩා විජය ශ්‍රී ජය ශ්‍රී මහා ‍බෝධීන් වහන්‍සේට පැන් වඩන්නේ තිසා වැ‍වෙනි. ඒ නිසාම තිසා වැව ජාතික වශයෙන්ද, ආගමික වශ‍යෙන්ද, සංස්කෘතික වශ‍‍යෙන්ද ඉතා වැදගත් වාපි නිර්මාණයකි.

එ‍හෙත් පසුගිය කාලය තුල තිසා වැව දූෂණයට ලක් වූ‍යේ අ‍පේ අධම මිනිසුන්ගේ ක්‍රියා කලා හේතුවෙනි. නොයෙක් අපචාර සදහාදල ව්‍යාපාර සදහාද තිසා වැව තෝතැන්නක් විය.  ‍‍

මේ නිසා තිසා වැව සුරකින්නට මහා සංඝරත්නය පෙරමුණ ගත්තේය.

තිසා වැව සුරුකීමේ සංවිධානය බිහිවන්නේ ඒ අයුරිනි’

පූජ්‍ය  ගිනිගම මෙත්තානන්ද හිමි තිසාවැව සුරැකීමේ සංවිධානයේ සභාපති ලෙසද පූජ්‍ය  පාගොඩ ජන්තවංශ හිමි හා පූජ්‍ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමි සමලේකම් වරු ලෙසද තිසා වැව සුරකින්නට වැට බැදගත්තේ ඒ අයුරිනි.

මේ උතුම් කර්තව්‍යට විරුද්ධ වන අමන මිනිසුන් මෙන්ම නොසන්ඩාල දේශපාලූවන්ද උන්වහන්සේලා සමග මාර යුද්ධයන් දියත් කලද ඒ සියල්ල අභිබවා උන්වහන්සේලා පෙරමුණ ගෙන ක්‍රියාකරති.

ඉතින් මේ උතුම් කර්තව්‍යයට ශක්තියක් ලබාදෙන්නට බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපිද අත්වැල් බැදගත්තා. ඒ අනුව 2016 අගොස්තු 21 වැනි ඉරිදා තිසා වැව පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් දියත් කරන්නට අපිට පුලූවන් උනා.

මේ සදහා මූල්‍ය ආධර පදනමේ අරමුදලින් වෙන්කල අතර ඒ සදහා වැයවූ වියදම පහත පරිදි උනා. (රු.)

    • ශ්‍රමදානයට පැමිණෙන අයගේ ආහාර සඳහා රු 9662.75
    • බස්රථය සදහා වියදම රු 22000.00
    • එළවලු සඳහා රු 3,340.00
    • පොල් සහ පොල් තෙල් මිල දී ගැනීම රු 1,800.00
    • තණකොල කපන යන්ත්‍ර 02ක් කුලියට ගැනීම රු 1,800.00
    • තණකොල කපන යන්ත්‍ර 02ක් සඳහා ඉන්ධන වියදම රු 675.00
    • ඩීසල් අනුරාධපුර සිට පොල්ගහවෙල දක්වා රු 2,000.00
    • ඩීසල් පොල්ගහවෙල සිට අනුරාධපුරල දුටුවැව දක්වා රු 4,300.00
    • බැනරය සඳහා රු 560.00
    • තිසා වැව සුරැකීමේ අරමුදලට පරිත්‍යාගය රු 10,000.00

    ————————

    එකතුව                       56,137.75

පින්වත් යහලූවනේ බුදු රජාණන් වහන්සේගේ සම බොහොම සියුමැලි වන්නත් කුනු දූවිලි නොරදන්නත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් පහල උනේ මෙන්න මේ කියන ආකාරයෙන් ඇල දොල පිරිසිදු කල නිසා බව කියැවෙනව.

කොහොම නමුත් මේ සදහා ක්‍රියායෙව් පවා බොහො ්දෙනෙක් දායක උනා.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්මකායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ ඒ දිව්යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කම සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

චායාරූප නරඹන්න

තිසා වැව පිරිසිදු කිරීම ...

තිසා වැව පිරිසිදු කිරී‍මේ ශ්‍රමදානය 2016/08/21

වීඩි‍යෝව නරඹන්න