Skip to main content

චෛත්‍යරාජයන් වහන්සේ අටපිරිකර අටකින් පුද ලද වගයි …

2013/11/10  දිනයේ පොල්ගහවෙල, පනලිය, රන්සිරි විජයාරාම විහාරස්ථානයේ පවත්වන ලද කඨින පින්කම වෙලාවෙදි අප විසින් ප්‍රතිසංසකරනය කරන ලද චෛත්‍යරාජයන් වහන්සේ ගෞතම බුදුසසුනට පූජා කලා.
ඉතින් ඒ අවස්ථාවෙදි චෛත්‍යරාජයන් වහන්සේ අටපිරිකර අටකින් පූජා ලැබුව. ඒ වෙනුවෙන් දායක උනේ මුහුණුපොතේ යහලුවන් අටදෙනෙක්.

01.  රුවන් එස් ජයසිංහ මහතා – (රු. 3250 /=)
02.  මොශාන්ත නිරන්ජන් මහතා – (රු. 2874 /=)
03.  ඉෂාර ප්‍රනාන්දු මහතා – (රු. 3502 /=)
04.  නෙව්ෂිකා හේරත් මිය – (රු. 2000/=)
05.  වත්සලා ජීවපානී මෙනෙවිය. (රු. 1000/=)
06.  මදුෂ රණතුංග මහතා (රු.2500/=)
07.  ලයනල් ගුණතිලක මහතා (රු. 5000/=)
08.  මංජුලා මහත්මිය (රු. 2000/=)

මෙහි එකතුව රු 22126/=ක් වෙනව. පිරිකරක් රු.2750/= ක මුදලට ගත්තෙ. ඒ අනුව රු. 22000/= ක මුදලක් වැය උනා. 126/= ක මුදල වෙනත් පින්කමක් සදහා බැංකු පොත තුල ඉතිරිවෙනව. මේ සියලු විස්තර, බිල්පත, හා ඡායාරූප ලිපිය අවසානයේ තියෙන ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
මේ අටපිරිකර චෛත්‍යරාජයන් වහන්සේට පූජ කරල පස්සෙ සාංඝික කරල පූජ කලා. ඉතින් ඒකෙන් දෙවරක්ම අටපිරිකර පූජා උනා.

හොදයි දැන් අටපිරිකරක් පූජා කිරීමේ ආනිසංස බලමු.

අටපිරිකර යනු මහණ උපසදම්පදාව ලැබීමට අත්‍යවශ්‍ය පිරිකර අටක එකතුවකි. අදනය, පටිය, තනිපට සිවුර, දෙපට සිවුර, පාත්‍රය, දැලිපිහිය, කරකැත්ත, පෙරහන,ඉදිකටු, නූල්බෝල වශයෙන් ශ්‍රමණ පරිසකර අට දැක්වේ. කැප සරුප් ලෙස පිළියෙළ කරන ලද අටපිරිකර පූජාවේ ආනිශංස අති මහත්ය. අරහත් භාවය ලබා ගැනීමට පවා මෙම පූජාව උපනිශ්‍රය වන බව සූත්‍ර පිටකයේ සඳහන් වේ. සියලු සැපතින් සිපිරු දෙව් මිනිස් භවයන්හි භාග්‍යමත් උපතක් ලැබීමට පවා ලෞකික වශයෙන් හේතුවන අතර, නෛර්යාණික බුදුසසුනක උතුම් පැවිද්ද ලබා අරහත් භාවයට පත්වීමටද මෙය වෙන වෙනම හේතුවන බව පිළින්දවචඡ ථෙරපදානයෙහි දැක්වේ.

අටපිරිකර පූජා කිරීමේ ආනිශංස මහත්ඵලය . මේ අසිරිමත් වු ආනිශංස ඒකාන්ත වූ සැදැහැ සිතින් දරා පූජාවන් සිදු කරන්නේය ද එය මහත්ඵල මහානිශංස වන්නේය.

අටපරිකරෙහි චීවර වර්ග තුනකි. තුන් සිවුර යනුවෙන් අපි එය හඳුන්වන්නෙමු. තනිපට සිවුර, දෙපට සිවුර අදනය මෙයට අයත්ය. මෙම තුන් සිවුරු පුජා කිරීම නිසා,

1.රන්වන් සිරුරක් ලැබීම 2. ශරීරයේ දූවිලි නොවැසීම 3. රැස් ෂහිදෙන වර්ණවත් ශරීරයක් ලැබීම

4.මහත්වූ ප්‍රතාප බවක් දිස්වීම 5.සිනිඳු ශරීරයකට හිමිකම ලැබීම 6. සසර ගමනෙහි සෑම භවයකදීම සුදු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම 7. සසර ගමනේ සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්‍ෂ ගණනික් දැරීම 8. සසර ගමනේ සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම සිදුවේ.

අට පිරිකරට පාත්‍රය අනිවාර්ය වේ.

පාත්‍ර පිදීම නිසාද ආනිශංස දහයක් ලැබෙන බව අපදාන ග්‍රන්ථයේ දැක්වේ. එනම්,1. රන්, රිදී, මැණික් තලි පරිභෝජනය කිරීමට ලැබේ. 2. කිසිදා උපද්‍රව සිදු නොවේ. 3. අනතුරු වලින් වලකියි. 4. සෑම තැන්හි ගරු පුද ලබයි 5. ආහාර පාන වස්ත්‍ර සයනාසන නොඅඩුව ලැබේ. 6. භව බෝග නොනැසේ. 7. ස්ථීර වූ සිත් ඇතිවේ. 8. සෑම කල්හි ධර්මය රුචි කෙරේ 9. මද කෙලෙස් සහිත වේ. 10. කාම භව දිට්ඨි ආශ්‍රව රහිතව ජීවත් වේ.

දැලි පිහියා පිදීමේ අනුසස් 6 කි. ඒවා නම් 1. සෑම කල්හිම සූරයෙක් වේ. 2.නොවිසිරුන සිත් ඇත්තෙක් වේ. 3.විශාරදත්වයෙහි යුතු වේ. 4. ධෛර්ය ඇතිව වෙසේ. 5. වීර්ය ඇතිව වෙසේ. 6. ඍජු සිත් ඇත්තෙක් වේ 7. කෙලෙස් සිදී සූක්‍ෂම ශ්‍රද්ධාග්‍රණය ලබයි.

පෙරහන් කඩ පිදීමේ ආනිසංස 5 කි.

1.සෑම දෙනා ඉක්මවා දීර්ඝායුෂ විදීමට 2. කිසිදාක හොරුන්ගෙන් හිංසා නොවීම 3. සතුරු විපත් නැතිවීම 4. ආයුධ වස විෂ වලින් අනතුරු නොවීම 5.අතුරු මරණ නොමැතිව පරමායුෂ වැළදීමට ලැබීම

පටි පිදීමද මහානිශංස සහිතයි

1.සමාධීන් හි අකම්පිත වීමත් 2. සමාධින් හිදි වශී භාවයට පැමිණීමත්,3.නොබිදෙන පිරිස් ඇතිවීම 4. සැම විට තම වදන් අනුන් පිළිගැනීම 5. සිහියෙන් සිටීම 6. කිසිදු භවයකදී බියක් හෝ තැති ගැනීමක් ඇති වීමක් නොවේ.

මීට අමතරව තවත් අනුසස් රාශියකි.

ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.

එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.

එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ.

අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.

ඒ හේතුවෙන් එදා ගෞතම බුදුන් හමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.
අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.

ඉතින් මේ පින්කමට අටපිරිකර පූජා කිරීමේ අනුහසින් රුවන් එස් ජයසිංහ මහතාගේ ආදරණිය පියාණන් C.P.ජයසිංහ පින්වත් පියාණන්ට මේ පින් ලැබේවා. පින්වත් රුවන් මහතා පමණක් නෙවෙයි. අපි හැමෝම සිදුකරන පින් ඒ දයාබර පියාණන්ට අනුමොදන් වේවා. යම් අත්වැරදීමකින් අභව්‍ය ස්ථානයකින් ඉපදි ඇත්නම් සුගතිගාමී වේවා. සුගතීගාමී වී ඇත්නම් තව තවත් ඒ දිව්‍ය සැප වර්ධනය වේවා. වඩා වැඩියෙන් පින්දහම් කරන්නට නිතර ශ්‍රී සද්ධර්මය ඇසෙන තුසිත දෙව්ලොව හෝ මනුලොව සම්‍යදෘෂ්ටික අප අතරම ඉපදී වඩ වඩාත් පින්දහම් කර, මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන කෙලවර අමා නිවනින් සැනසීම ලැබේවා. දයාබර රුවන් එස්. ජයසිංහ මහතාටත් ඇතුලු පවුලේ සැමට මේපින් නිවන් මග පිණිසම හේතුවාසනා වේවා…

මොශාන්ත නිරන්ජන් මහතාගේ පවුලේ සැමට මේ පින් හේතුවාසනා වේවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ජීවිතයක් වෙනුවෙන්ද මලගිය පින්බලාපොරොත්තු වන ඥාතීන්ට මේ පින් බෙලෙන් කල්ප වෘක්ෂ පහලවී සැප සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනයද අපි සිදු කරමු. ඔබේ සියලු යහපත් පැතුම් ඉටුවේව‍ා. අපි කල සියලු පින්ද ඔබත් එබේ පවුලේ සැමත් මියගිය සියලු ඥාතීන්ද අනුමොදන් වී සැපතින් සැපතට පත්වේවා. කෙලවර අමා මහ නිවනින් සැනසීම ලබත්වා.

එසේම 2013 ඔක්තෝබර් 31 දින උපන්දිනය සැමරූ කේෂරා කෙත්මිණි ෆර්නෑන්ඩෝ පුංචි දුවට නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් ගත කරන්නටත්, ඉගෙනීම් ආදී සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්නටත්, ඇගේ සියලු යහපත් පැත්ම් ඉටුවන්නටත්, මේ පින්බිම වෙනුවෙන්  ඇගේ ඉහලම සේවය ලබාදෙමින් මේ රටත් සම්බුද්ද ශාසනයත් වෙනුවෙන් ඉහලම මෙහෙයක් ඉටුකරන්නටත් හැකියාව ලැබේවා. ඇගේ පියා විසින් සිදුකල අටපිරිකර පූජාවේ ආනිසංස වගේම අප සියලු දෙනා සිදුකල පින්වල ආනිසංස ඇයට ලැබේවා. පුංචි දුවට ජයශ්‍රී මහා බෝධින් වහන්සේ, දළදා හාමුදුරුවන් වහන්සේ, සෝමාවතී මහසෑ රදුන් වහන්සේ ඇතුලු තුන්ලෝකයේම වැඩ සිටින සියලු ධාතූන්වහන්සේලා, පුතිමා වහන්සේලා, බෝධීන් වහන්සේලාගේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබේවා. දෙව්මිනිස් සැප කෙළවර අමාමහ නිවන් සැනසෙන්නට පුංචි දුවට මේපින හේතුවාසනා වේවා …

නෙව්ශිකා හේරත් දයාබර අක්කේ. ඔබ මා අදුනගත් දා පටන් නිතර මා අගයමින් මට ලබාදෙන්නෙ පුදුම ශක්තියක්. ඔබ මේ සිදුකල මහ පින් බලෙන්ද අප රැස්කර ගත් සියලු පින් බෙලෙන්ද ඔබේත්, ඔබේ පවුලේ සැමගේත් සියලු යහපත් පැතුමන් ඉටුවේවා. ඔබේ සියලු මියගිය ඥාතීන් මේ පින් අනුමොදන් වේවා.  ඔබේ සියලු යහපත් පැතුම් ඉටුවේවා… කෙලවර අමා මහ නිවනින් සැනසීම ලැබේවා.

වත්සලා ජීවපානී දයාබර අක්කේ. ඔබ මා අදුනගත් දා පටන් නිරන්තරයෙන් මා පිලිබද සොයමින් මාගේ සෞඛ්‍යය ගැන නිතර සොයා බලමින් මට ලොකු ශක්තියක් ලබාදෙනව. නිතර දුරකථනයෙන් මට කථා කර  මට ඇති අඩුපාඩු සම්පූර්ණ කරන්නට පවා ඔබ කාරුණික උනා. ඔබ මේ සිදුකල පින් බලය මෙන්ම අප රැස්කල පින්ද ඔබත් අනුමෝදන් වෙන්න. ඔබට ජීවිතයේ තියෙන යම් කරදර බාධක සියල්ල මේ පින් ‍ෙබලෙන් දුරුවේවා. අපි සිදුකල  අටමහ කුසල් වලට යටපත් කරන්න බැරි පංච ආනන්තරිය පාප කර්ම පමණයි. ඔබ මේ ජීවිතයේදී පංච ආනන්තරිය පාකර්ම එක් අකුසලයක්වත් සිදුකර නැහැ. ඒ නිසා මේපින් බෙලෙන් ඔබේ සියලු පුරාණ කර්ම යටපත්වේවා. ඔබගේ ජීවිතය් සියලු යහපත් පැතුම් ඉටුවේව‍ා. කෙලවර මේ පින් බලය අමා මහ නිවනටම හේතුවේවා… වාසනා වේවා.

මදුෂ රණතුංග මහතාණෙනි, මුහුණුපොතින් මා හදුනා, මේ පින්කම්වල අගය වටහාගෙන ඔබත් සිදුකරගත්තේ මහ පින්කමක්. මේ පින් බෙලෙන් ඔබේ පවුලේ සැමට යහපතම උදාවේවා. සියලු දුක් කම්කටොලු බාධක දුරුවේව‍ා. මියගිය ඥාතීන්ට මේපින් ලැබේවා. ඔබේත් පවුලේ සැමගේත් යහපත පිණිස මේපින් හේතුවේවා. කෙලවර අමා මහ නිවනින් සැනසේවා.

ලයනල් ගුනතිලක මහතාණෙනි, මේ පින්කමට අදාලව පින්කම් දෙකක් ඔබ සිදුකරගත්තා. අටපිරිකර පූජාව වගේම බුදුපිලිම වහන්සේලා දෙනම පූජාව. ඒ පිලිබදව ලිපිය හෙට පලකෙරෙනව. මේ පින් බෙලෙන් ඔබේ පවුලේ සැමට යහපතම උදාවේවා. සියලු දුක් කම්කටොලු බාධක දුරුවේව‍ා. මියගිය ඥාතීන්ට මේපින් ලැබේවා. සියලු රැකියාකටයුතු ආදිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔබේත් පවුලේ සැමගේත් යහපත පිණිස මේපින් හේතුවේවා. කෙලවර අමා මහ නිවනින් සැනසේවා.

දයාබර මංජු අක්කේ. ඔබ පිලිබද සටහන් තබන්නට මට තව ලිපි දහසක්වත් ලියන්න වේවි. අදුනගත් දා පටන් නිතර සෙවනැල්ලක් වූ ඔබ දුරු රටක සිටියද සැබැවින්ම මා පසුපස සිටින යෝධ ශක්තියක්. ඉතින් තවදුරටත් මොනවා කියන්නද? ඔබ සිදුකරනා මේ මහ පින් බලය ඔබේ මියගිය පින්වත් මවුතුමියට මහපින්කමක් ලෙස පූජාවේවා. ඔබේ පුංචි පුතාට මේ පින්බලය යෝධ ශක්තියක් වී ඉගෙනීමට මහා ශක්තියල් ලබාදේවා. ඔබ මා සිදුකරන මහා ශාසනික මෙහෙවර තවදුරටත් ගෙනය්නට මේ පින්කම් හේතුවාසනා වේවා…

මේ මහ පින්කමට වචනයෙන්, ශෙයා කිරීමෙන්, ලයික් කිරිමෙන් ආදීයෙන් පවා දායක වූ සැමට මේපින් හේතුවේවා. සියලයෙහපත් පැතුමන් ඉටුවේවා. ‍ෙකලවර අමා මහ නිවන්නින් සැනසීම ලැබේවා …

බෞද්ධ සක්කිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම  වනුවෙන් මම එන්ද ලක්මාල්ද සිල්වා.

බුදුපිලිම වහන්සේ දෙනමක් පූජා කිරීම

බුදුපිලිම වහන්සේ දෙනමක් ගෞතම බුදු සසුනට පූජාකිරීම