Skip to main content

ගෞතම බුදු සසුනේ සිදුකල දෙවන බෝධි ප්‍රාකාරය …

By November 28, 2021Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

නිල්ගල මහ වන මැද පිහිටි ආරණ්‍ය සේනාසනයේ බෝධින් වහන්සේ වටා මෙම බෝධි බැම්ම ඉදිකරන්නට අපිත් දායක උනා…

අශාන්ත ආරියදාස මහතා ———-රු 25,000.00

පාත් නිර්වාණ ( ජනක) මහතා—– රු 20,000.00
සුජානි ලක්ෂිකා මහත්මිය———- රු 20,000.00

දිලානි හෑගොඩ සොහොයුරිය- රු 20,000.00
සුරේෂා ගමාරච්චි සොයුරිය—— රු 15,000.00
—————————————————-
අප විසින් පරිත්‍යාග කල මුලු මුදල රු 100,000.00
බෝධි බැම්මක් යනු බෝධියේ ආරක්ෂාවට ඉදිකරන ලද්දකි. විශේෂයෙන් නිල්ගල වන ඇතුන්ගෙන් බෝධිය රැක ගැනීම උදෙසා මෙම බෝධි බැම්ම ඉදිකලා. මෙයද බෝධි පූජාවක් බැවින් බෝධි පූජාවේ ආනිසංස මෙසේ දක්වන ලදි …

බෝධි පූජාවේ ආනිසංස…

”  නමත්ථු බුද්ධානං – නමත්ථු බෝධියා,

නමෝ විමුත්තානං  –  නමෝ විමුත්තියා ”

බෝධි යන වචනයෙන් ලෝකෝත්තර මාර්ගඥාණය, සර්වඥතාඥාණය, මහ බෝසතුන්ට ලොව්තුරු බුදුබව ලැබීමට උපකාර වන වෘක්ෂය යන අර්ථ කියැවේ. එහි නියම අර්ථය නම් නිවැරදි වූ ද, පැහැදිලි වූ ද,සම්පූර්ණ වූ ද, දැනීම හා අවබෝධය යන්නයි.

සියලු මහා බෝධිසත්වයන් වහන්සේලා බුද්ධත්වයට පත්වන මිහිමත ඇති ” බෝධි මණ්ඩලය” නම් වූ  විශේෂිත ස්ථානයක උන්වහන්සේ වෙනුවෙන්ම,උන්වහන්සේ උපන් දිනයෙදිම හට ගන්නා වූ උත්තරීතර වෘක්ෂය බෝධි වෘක්ෂය නම් වේ.අප මහා ගෞතම බෝධිසත්වයන් වහන්සේ උදෙසා, ඉහත කී ජය භූමියේ ඇසතු වෘක්ෂ අංකුරයක් හට ගත්තේය.

යම් මහා බෝධිසත්වයෙක් චතුරංග සමන්නාගත වීර්යයෙන් යුක්තව යම් බෝධි මූලයක, කෙළ කෝටි ගණන් සමාපත්තීන්ට සමවැද, පස්මරුන් පරදවා,ලෝකෝත්තර මාර්ගඥාණ හා සර්වඥතාඥාණය ලබා සම්මා සම්බුද්ධත්වයට පත් විනි නම් එකී වෘක්ෂය තථාගතයන් වහන්සේ පරිභෝග කළ බැවින් වැඳුම් පිදුම් කිරීමට සුදුසු වන්නේය.

තථාගතයන් වහන්සේගේ ශ්‍රී නේත්‍ර පූජාවෙන් සතියක් මුලුල්ලේ පිදුම් ලැබූ බැවින් ඒ බෝධිවෘක්ෂය පරම පූජනීය වස්තුවක් වන්නේය. එබැවින් බෝධි පූජාව මහත්ඵල මහානිසංස ලැබදෙන පුණ්‍ය කර්මයක් වේ.

අප බුදු සසුනේදි පැවිදිව රහත් වූ පඤ්චදීපක නම් රහතන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් බුදුන්වන්සේගේ බෝධියට ධර්මයේ විශ්වාස ඇතිව පහන් පිදූ පිනෙන්,

* දෙව් ලොව මිනිස් ලොව යම්තැනෙක උපන්නේද,අහසෙහි ගිනිසිලු ලැබුවේය.

* කඳු, බිත්ති,පර්වත විනිවිද යොදුන් සියයක් දුර දැකිය හැක්කාවූ නේත්‍ර යුගළයක් ලැබීය.

* චක්ෂු නමින් සක්විති රජ විය.

* පටිසම්භිදා සතරද, විමෝක්ෂ අටද,අභිඥා සයද ලබා ඒ කුසල කර්මයේ අවශේෂයෙන් අරහත්වයට පත්විය.

බෝධිසිඤ්චක නම් රහතන් වහන්සේ පෙර භවයක,ව්පස්සී නම් බුදුන්වහන්සේ පිටදී වදාල  පාටළී නම් බෝධියට මල් සහිත පැන් වත් කළ පිනෙන්,

* කල්ප අනූවක් දුගතිගාමී නොවිණ.

* අට වරක් උදකාසේචන නමින් මහත් බල ඇති සක්විති රජ විය.

* ෂඩ් අභිඥා, සිව් පිළිසිඹ්යා ඥාණ සහිතව අරහත්වයට පත් විය.

ධජදායක නම් රහතන් වහන්සේ පෙර භවයක මෙයින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වී වදාළ පදුමුත්තර නම් බුදුන්වහන්සේගේ ශාල බෝධියට කොඩි පූජාවක් කළ පිනෙන්

* කල්ප ලක්ෂයක් දුගතියකට නොගියේය.

* බොහෝ කාළයක් දෙව් සැප, රජ සැප වින්ඳේය.

* උග්ගත නමින් සක්විති රජ විය.

* අරහත්වයෙන් නිර්වාණය සාක්ෂාත් කළේය.

විපස්සී බුදුන් වහන්සේ පිට දී වදාළ පාටළී බෝධියට ඇඳිලි බැඳ බුදුන්වහන්සේට වඳින්නාක් මෙන් ගරුකොට වන්දනා කළ පිනෙන් බෝධි වන්දක නම් රහතන් වහන්සේ කල්ප අනූවක් දුගතියකට නොගිය බව උන්වහ්න්සේගේ අපදානයේ දැක්වේ.

විපස්සී නම් ලෝකනාථයන් වහන්සේ පිටදී වදාළ,පළොල් බෝධියට මල් තුනක් පිදූ පිනෙන් තිපුප්ඵික නම් රහතන් වහන්සේ,

* කල්ප අනූවක් දුගතියට නොගියේය.

* සමන්ත පාසදික නමින් තෙළෙස් වරක් රජ විය.

* මහා බලැති සක්විති රජෙක් විය.

* උතුම් වූ අරහත්වය ලැබීය.

( අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ බෝධි පූජාව ග්‍රන්ථය ඇසුරෙන්)

මෙසේ මහානුභාව සම්පන්න විපාක ලැබෙන්නා වූ උතුම් බෝධි පූජාව නිර්වාණයම අරමුණු කරගෙන ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණයන් සිහිකරමින් ශ්‍රද්ධා සිත් පෙරටු කරගෙන සිදුකිරීමට සියල්ලෝම වීර්යය වඩත්වා..!!

තථාගත පිළිරූ 18 ක් මහත් හරසරින් පෙරහැරින් වඩම්මවා,මලින් සැරසූ බුදුකුටි මත වඩා හිඳුවා,සුවඳ මල් අතුරා, සුවඳ දුම් අල්ලා, පහන් ප්‍රදීප දල්වා, බෙහෙත් ගිලන්පස, අෂ්ටපාන පුදා,

සාදු සාදු සාදු ….

තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම

උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්රශ්රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්රාවකයන් වහන්සේලා / ප්රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද ? බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්ය ප්රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

නොපැමිණි / උතුම් වූ ඒ භාග්යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු 7 නිරවද්ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

ඉතින් දායක වූ පින්වත් ඔබසැමට මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්මකායික මානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේපින හේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ටඅභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටනොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන්ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙනපරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපතලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙකසිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා, අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටනොලැබේවා, අපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණට, මහ මුහුදේ ජල බින්දු තරමටලැබේවා. බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන්වහන්සේ නළල් තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා. තව තවත් සම්බුද්ධ ශාසනයටසේවය කිරීමට සතර වරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතනඋතුම් අධිගම ලාභය ඒ අයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරකබාධක, සතුරු උපද්‍ර‍, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවිආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් , තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්,පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන් වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදී උප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්,තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක් ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් ඒ සියල්ල ඉරු දුටුඅදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම් සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක් තත්පරයක් පාසාරත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේබලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වා විහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍ර‍ඥා පහල වේවා. වාප පිත් සෙම් තුන් දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා,කර්ම, ඍතු, ආහාර, චතු සමුට්ඨානික, ඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා. සියලුරෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා. දෙදෙව්ලොවට අධිපත්, සක්දෙවිදුන්, සුමන සමන්දෙවියන්, විෂණු කතරගම ඇතුලු මේ බුද්ධශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේඅරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. මේ පින්වත් පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේදුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්‍ර‍යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනාඥානයන් පහල වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණසෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන්වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන්වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ,සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු,මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේබුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතයඅතිශයින් සාර්ථක වේවා.

මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම්වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහසෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත්බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලකදෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදිදෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින්අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බලයෝධ ශක්තිය ලැබේවා. ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්‍යය නිවැරදිව සුවසේඅවබෝධ කරගෙන දාන සීල භාවනා තිවිධ පුණ්‍ය ක්‍රියා සිදුකරමින්, සිල සමාධි ප්‍ර‍ාව ආදිී ත්‍රි ශික්ෂාව වර්ධනයකරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

චායාරූප නරඹන්න

Boodhi bamma 02

Boodhi bamma 02 – Nilgala