Skip to main content

ගෞතම බුදු සසුනට ධර්මාසන පූජාවක් සිදුකල වගයි …

පින්වත් යහලුවනේ 2013 සැප්තැම්බර් 25 වැනිද ධර්ම දේශනාවක් පැවැත්තුව. ඒ අවස්ථාවේ සරත් කුමාර කියල මුහුණුපොතේ දයාබර අයිය කෙනෙක් තමයි මේ පින්කම සිදුකලේ. තමන්ගෙ පියාටත්, එයාගෙ බිරිදගෙ අම්මටත් පින්පිණිස තමයි මේ පින්කම සිදුකලේ. මේ පින්කම ගැන සදහන් කරල විනාඩි කිහිපයක් ඇතුලත ඒ පින්වත් සහෝදරය ඒ පින්කම බාරගත්ත.
“සබ්බ දානං ධම්ම දානං ජිනාති” කියල අපි අහල තියෙනව. ධර්මදානය සියලු දානයන් අභිබවයි කියල. එතකොට ධර්ම දානය කියන්නෙ ධර්මය කියවීමම පමණක් නෙවෙයි.

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

එදා පින්කම වෙලාවෙ ගෞරවනීය ස්වාමීන්වහන්සේ සදහන් කලේ මවු කුසින්උපත ලබනවිට ධර්මාසනයෙන් බැහැල යනව වගේ ඉතා සැපවන්තව උපත ලබනවලු. බෝසත්වරු උපත ලබන්නෙත් එහෙමලු. බලන්න මොන තරම් වටින පින්කමක්ද මේ.

ඉතින් මේ මහ පින්කම තුලින් ජනිතවන අප්‍රමාණ කුසල් සම්භාරයෝ සරත් අය්යගෙ දයාබර අප්පච්චිටත් එයාගෙ බිරිදගෙ අම්මටත් අනුමොදන් වේවා. ඒ ඇත්තන් කිසියම් ප්‍රමාද දෝෂයකින් නරක තැනක උපත ලබා ඉන්නවනම් ඉක්මනින්ම යහපත් උපතක් ලඅබේවා. යහපත් කැනක ඇතිනම් තව තවත් ඒ සැප වර්ධනය වේවා. පින්කම සිදුකරගත් දයාබර සරත් අයියට සහ එයාගෙ බිරිදටත් එයාගෙ අම්මටත් අක්කගෙ තාත්තටත් ඇතුලුව සියලු ඥාතීන්ටත් මේ පින් ලැබේවා. දුක් කම්කටොලු වලින් තොර, ලෙඩදුක්වලින් තොර නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. උපදින හැම භවයකම ධර්මාසනයෙන් බැස යන දේශකයන් වහන්සේ මෙන් නිදුක් නිරෝගී උත්පත්තියක්ම ලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම මේ පින් බෙලෙන් සියලු සැප සම්පත්වලින් පිරි, දුක් කම්කටොලු වලින් තොර ජීවිතයම ලැබේවා. ධර්ම දානයක් වැනිම වූ මේ පින්කම් බෙලෙන් කිසි විටක අත්වැරදීමකින් හෝ කල අකුසලයක් නිසාවත් තිරිසන්, නිර, ප්‍රේත ආදී දුගතිවල හෝ මිනිස් බව ලැබුවත් මිත්‍යාදෘෂ්ඨික භවයක නොයිපදේවා. දිව්‍ය, මනුෂාදී සුගතින්හි ධර්මය ඇසෙන, ධර්මය පිලිපදින තැන්වලම උපදීවා. තව තවත් මෙවන් පින්කම්වලට සිත් යොමුවේවා. පතන බෝධියෙන් නිවන් දැක්මට මේපින්කම් හේතුවාසනා වේව‍ා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම  එරන්ද ලක්මාල්ද සිල්වා

ධර්මාසන පූජාව

ධර්මාසන පූජාවේ මතක සටහන් …