Skip to main content

අසිරිමත් කෙත්වතු පූජාව ..

By July 14, 2022Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

  අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

 අපි පසුගිය දිනක අපි ඇහැලියගොඩ ශ්‍රී සෝමානන්ද මහ පිරිවෙනට කෙත්වතු පූජාවක් වෙනුවෙන් දායකත්නය ලබා දුන්නා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස විසින් දායකත්වය ලබා ද්නුනා ….

 හර්ෂ ජයලත් මහතා ඇතුලු මිතුරු කැල —රු61,000.00
ප්‍රියන්ත ලියනගේ—————————— රු 10,000.00
ශම්මික අයියා———————————- රු 6,000.00
දින්ෂිලා එදිරිසිංහ——————————– රු 5,000.00
කසුන් චාමර මහතා——————————-රු 5000.00
තරංගා වාසල අක්කා————————– රු 5,000.00
කසුන් කුලතිලක මහතා———————– රු 5,000.00
ප්‍රසන්න වීරසිංහ මහතා ———————–රු 5,000.00
G.P.H.චතුරංග මහතා—————————රු 1500.00
විජිතා වීරසිංහ මාතාව—————————රු 2500.00
—————————————————————–
මුලු ලැබීම්————————————- රු 106,000.00

 පරිත්‍යාග කල මුලු මුදල රු 100,000.00

 රු ලක්ෂයක මුදලක් අප විසින් පරිත්‍යාග කල අතර ඉතිරි මුදල් විහාරස්ථාන සදහා වියලි සලාක ලබා දෙන්නට පූජා කලා …

 කෙත්වතු සඟ සතු කොට පිදීම හෙවත් සම්බුද්ධ ශාසනයේ යහ පැවැත්ම පිණිස ගොඩමඩ ඉඩ කඩම් පූජා කිරීම ඈත අතීතයේ සිට ම බෞද්ධයන් විසින් ඉමහත් ශ්‍රද්ධාවෙන් හා දුර දක්නා නුවණින් ද යුතු ව සිදු කරන ලද බවට අපේ මූලාශ්‍රය සාක්ෂි දරයි.

රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් මෙන් ම ප්‍රභූවරුන් හා සාමාන්‍ය මහජනයා විසින් ද මෙම උතුම් පින්කම සිදු කරන ලද අවස්ථා අපමණවත් දඹදිව මෙන් ම ලක්දිව ද ශාසන ඉතිහාසයෙන් සොයා ගත හැකි ය.

බුද්ධත්වයෙන් සත් මසෙක ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙන් නික්ම රජගහනුවරට නුදුරෙහි වු තල් වනයට වැඩම කළ බවත්, එහි පැමිණි පිරිවර සහිත බිම්සර රජු උන්වහන්සේ හමුවීමෙන් අනතුරුව ප්‍රසාදයට පත්ව රජගහ නුවරට වැඩමවා දන් පැන් පූජාකොට ස්වකීය රාජකීය උද්‍යානය වූ වේළුවනය පූජාකළ බවත් සඳහන් වෙයි. ඒ වනාහි සාසන ඉතිහාසයේ හමුවන ප්‍රථම කෙත්වතු පූජාව ය. “මගධෙශ්වර වූ සේනා ඇති ඒ බිම්සර රජු හට අපගේ මේ වේළුවන උයන ගමට නොදුරෙහි ය. නොලංහි ය. ගමනාගමනය ද පහසු ය. වුවමනා මිනිසුන්ට පහසුවෙන් යා හැකි ය. දහවල් ගැවසීමෙක් නැත. රාත්‍රිය නිහඬ ය. ඝෝෂා රහිත ය. ජනාවාස නැත. රහසිගත හමුවීම්වලට ද සුදුසු ය. කාය විවේකයට යෝග්‍ය ය. ඒ වේළුවන උයන බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට පුදන්නේ නම් යෙහෙකැ’ යි සිත් විය. රජතෙමේ ඒ බව බුදුරදුන්ට සැළ කළේ ය. පැන් වත්කොට පුදන ලද එම භූමිය පිළිගත් බුදුරජාණන් වහන්සේ රජුට දහම් දෙසා සිත් පහදවා සතුටු කොට භික්ෂූන් ඇමතූහ. මහණෙනි, ආරාම පිළිගැනීමට අනුදනිමි”යි. වදාළ බව විනය මහාවග්ගය සඳහන් කරයි. මෙහි ආරාමය යනු මල් පලු පල්ලවයෙන් සැදුම්ගත් උයන යි. භූමිය යි. ඇතැම්විට වර්තමානයේ අදහස් කරන පරිදි සංඝාවාසය නොවේ.

දෙවන පෑතිස් මහ රජු දවස ලක්දිවට බුදු දහමේ ආශිර්වාදය ලැබීමෙන් පසු එම රජු විසින් රාජකීය උද්‍යානය වූ මහමෙවුනා උයන මිහිඳු මාහිමියන් ප්‍රධාන මහා සංඝයා වහන්සේ වෙත පූජා කරන ලද්දේ ය.

මිහිඳු මා හිමියන් හා පිරිස රජතුමාගේ බලවත් ඇවිටිල්ල ඉවසා” නුවරට ඉතා නුදුරු ඉතා නොලං” මහමෙවුනා උයනෙහි පිහිටි රාජ මන්දිරයෙහි වැඩ විසූහ. රජතුමා තෙරුන් දකින්ට ගොස් එතැන උන්වහන්සේලාට සැප පහසු තැනක් දැයි අසා එසේ යැයි මිහිඳු මාහිමියන් වදාළ විට, රන් කෙණ්ඩියකින් මිහිඳු මාහිමියන් අත පැන් වත්කොට මහමෙවුනා උයන මහා සංඝයාට පූජා කෙළේ ය.

රජතුමා සිතෙහි හටගත් ශ්‍රද්ධාවෙහි බාහිර සංකේතයක් වූ මේ ආරාම දානයෙන් භික්ෂූන්ගේ ලෝකෝත්තර ජීවිතයට අවශ්‍ය වන ලෞකික සැප විහරණය සැලසුණේ ය. එබැවින් මිහිඳු මාහිමියෝ ‘බුදු දහම ලංකාවෙහි පිහිටන්නේ” යි යන මේ ඉතාම වැදගත් ප්‍රකාශය කළහ. මහමෙවුනා උයන සංඝයාට පූජා කිරීමෙන් පසු මහින්ද ස්ථවිරයෝ බුද්ධ ධර්මයෙහි මූලස්ථානය පිළියෙළ කරන්නට යුහුසුළු ව ක්‍රියා කළාහු ය. මතු කලක දී මෙරට බෞද්ධ සභ්‍යත්වයෙහි හා සංස්කෘතියෙහි මහා කේන්ද්‍රස්ථානය ද, ථේරවාදයෙහි බලකොටුව ද වූ මහා විහාරය බවට පෙරළුණේ මෙසේ මිහිඳු මාහිමියන් ආරම්භ කළ ස්ථානය යි. පසු කලෙක අනුරාධපුර ශුද්ධ නගරය හැටියට සැලකුණු පෙදෙසෙහි මුල් සැලැස්ම හා වින්‍යාසය කරන ලද්දේ මිහිඳු මාහිමියන් විසිනැයි සිතීමට වැදගත් හේතු ඇත. මිහිඳු මාහිමියන්ට වඩා රටතොට සැරිසරා පුරුදු උන්වහන්සේට වඩා දැනුම ඇති. වඩා උගත්, වඩා සභ්‍ය ,වඩා ශිෂ්ට සම්පන්න එක ම කෙනෙකු වත් එවකට ලංකාවේ සිටියේ නැත.

උන්වහන්සේ මගධ මහාරාජ්‍යයේ ශෝභාසම්පන්න අගනුවර වූ පාටලීපුත්‍ර නගරයෙහි වාසය කොට පුරුදු කෙනෙකි. උන්වහන්සේගේ පියාණන් විසින් කරවන ලද අශෝකාරාමාදිය හා තම මෑණියන් විසින් විදිසාවෙහි කරවන ලද චේතියගිරි (වර්තමාන සාංචි) ආදී මහා ආරාමයන් දැක පුරුදු කෙනෙකි. එබැවින් ආරාමයක සැලැස්ම සකස් කිරීමට උන්වහන්සේට වඩා සුදුස්සෙක් නොවී ය. වංසකථාවල එන ප්‍රාතිහාර්ය පිළිබඳ විස්තර ද මිත්‍යා කථා ද පැත්තකට කළ විට අපේ මනැසට පෙනී යනු ඇත්තේ සංඝ කර්ම සඳහා මාලකයක්, (සංඝයාගේ පරිහරණය සඳහා) උණු දිය නාන කාමරයක් සහිත පොකුණක්, ශී‍්‍ර මහා බෝධියට ස්ථානයත්, සංඝයාගේ උපෝසථ සාලාවත්, ලභබත් ගෙයත්, සංඝයාට බත් හලක් සහ මහාථූපය යන මේ එක එකට සුදුසු ස්ථානයක් දක්වමින් මිහිඳු මාහිමියන් දෙවනපෑතිස් රජු කැටිව නුවර වටා තැනින් තැන වඩින සැටි ය. මෙහි දී අපට මහා විහාරයෙහි මූලික සැලැස්ම පෙනේ. (ලක්දිව බුදුසමයේ ඉතිහාසය ආචාර්ය වල්පොල රාහුල හිමි)

අනුරාධපුර මහාමේඝ වනෝද්‍යාන පූජාවෙන් ආරම්භ වන ලක් ඉතිහාසයේ කෙත් වතු පූජාව යුග ගණනාවක් තිස්සේ ම විවිධ රජදරුවන් හා ජන ප්‍රධානීන් විසින් නොයෙකුත් වෙහෙර විහාර කේන්ද්‍රකොට ගෙන විවිධ පරිමාණයෙන් සිදු කරන ලද බවට අපේ ඓතිහාසික ශිලා ලේඛන හා සාහිත්‍යමය මූලාශ්‍රය ශාක්ෂි දරයි. එබඳු කෙත් වතු පූජාවන් අතුරින් සමහරක් ඉහත ආදර්ශයට ම අනුව වෙහෙර විහාර ඉදිකිරීම සඳහා ම පුදන ලදී. නාගරික ව පිහිටා තිබූ මුල් සමාජ මෙහෙවරක් ඉටු කළ ඇතැම්විට ශාසනික මූලස්ථාන හෝ සුවිසල් අධ්‍යාපන ආයතන වශයෙන් පැවැති වෙහෙර විහාරවලට එම ජාතික ,ආගමික හා අධ්‍යාපන කාර්යයන් සඳහා මෙන්ම සිය විහාරස්ථානයේ නේවාසික භික්ෂූන් වහන්සේ සඳහා වාසස්ථාන ඉදිකිරීමට හා පවත්වාගෙන යාම සඳහා ද ඉඩ කඩම් අවශ්‍ය විය. එසේම එබඳු විහාරස්ථානවල එම විවිධ කාර්යයන්හි නිරත වූ ගිහි පැවිදි ජනයාගේ නඩත්තුව උදෙසාත්, ‘ගොඩනැගිලි ආදිය පිළිසකර කිරීම පිණිසත්, දෛනික අවශ්‍යතා පිරිමසා ගැනීමටත්, ආදායම් උපයා ගත යුතු විය. මෙම තත්වය සැලකිල්ලට ගත් ලක්දිව පුරාම රජ දරුවන් විසින් අක්කර සිය ගණන් විශාල ඉඩකඩම් ඇතුළත් ගම්වර පූජා කරන ලද බව ශිලා ලේඛන, සන්නස්. කතිකාවත් ආදියෙන් පැහැදිලි වෙයි. එම කෙත් වතු පූජාවන් ඒවායෙහි පදිංචිව සිටි වැසියනට කරදරයක් නොවන පරිදි සිදු කරන ලදී. කෙත් වතු පමණක් නොව විහාරස්ථානවලට ආදායම් ලැබෙන පරිදි වැව් අමුණු හා වේලි ද, පොලී මුදල් ද, තැන්පත් මුදල් හා ධාන්‍ය ද රජුගේ අනුමැතියෙන් අය කළ බදු ද පැවැති බවට සාධක තිබේ.

“තම ආහාර සහ වස්ත්‍ර සඳහා විශාල සංඛ්‍යාවක් භික්ෂූන් හා භික්ෂුණීන් අනුන් සිය කැමැත්තෙන් දෙන දේ මත මුළුමනින් රඳාපැවැත්ම අසතුටුදායක ක්‍රියා පිළිවෙතක් විය. තම නේවාසිකයන්ගේ අත්‍යවශ්‍ය වුමනාවන් නිතිපතා සැපයීම ද, ආගමික වත්පිළිවෙත් පැවැත්වීම ද, තම ගොඩනැගිලි නඩත්තු කිරීම ද සඳහා විහාරයකට ස්ථාවර ආදායම් මාර්ගයක් තිබිය යුතු බැව් වැඩියෙන් පැහැදිලිවන්නට විය. ඒ අතර ආහාර නිෂ්පාදන තාක්ෂණ ශිල්පය වර්ධනය වීමත් සමඟ විශාල පරිත්‍යාගයන් කිරීම සඳහා වූ රාජකීයයන්ගේ හා වංශවතුන්ගේ ශක්‍යතාවය ද වර්ධනය විය. විහාර දේපළ ක්‍රමයක් වර්ධනය වීමට මෙමඟින් මග පෑදිණි.” (සිවුර සහ නඟුල – රණවීර ගුණවර්ධන)

සඟ සතු කොට පූජා කරමින් විහාරස්ථානවලට පවරා දෙන ලද කෙත්වතු වෙනත් දේපළ හා ගම්වරවලින් අයකර ගන්නා ලද බදු ආදිය කුමන කරුණු සඳහා වැය කළ යුතු දැ’යි ඇතැම් විට රජුන්, යුවරජුන් හෝ වංශවතුන් විසින් නියම කොට තිබිණ. එම දේපළවල භාරකාරත්වය දැරූ භික්ෂූන් හා එම දේපළ පාලනය පිණිස පත් කළ වගකීම් දැරූ ගිහියන් ද විසින් එම කාර්යයන් ඉටු කළ යුතු විය. සමස්තයක් වශයෙන් එසේ කළ යුතු යැයි දක්වා ඇති කටයුතු රාශියකි.

 

  1. භික්ෂූන්ගේදෛනික අවශ්‍යතා සැපයීම
  2. භික්ෂූන්ටවෛද්‍ය පහසුකම් ලබා දීම
  3. ආරාමිකගොඩනැගිලි ඉදිකිරීම හා නඩත්තුව
  4. ආගමිකවත් පිළිවෙත් සඳහා වියදම් කිරීම
  5. අධ්‍යාපනආයතන පවත්වාගෙන යාම
  6. සේවකාදීන්ටවැටුප් ගෙවීම් ආදිය ඉන් ප්‍රමුඛත්වයක් ගත්තේ ය.

 ඇතැම් විහාරස්ථාන සතු ඉඩකඩම් ආදිය පරිපාලනය කිරීම භාරදූර වූ විශාල කාර්යභාරයක් විය. එබැවින් ඒ සඳහා විවිධ ගිහි පැවිදි නිලදරුවන් හා සේවකයන් පත් කරන ලදී. එසේම ඊට අදාළ වු නීති රීති ද සකස් විය.

විහාර ඉඩකඩම් ආරාමයට පමණක් නොව ඒවායේ රාජකාරිය කළවුන්ට ද ආදායම් මාර්ගයක් විය. රජය මේ ගම්බිම්වලින් කෙත්වතුවලින් බදු අය කෙළේ නැත. රාජපුරුෂයන්ට රාජකාරියට එහි ඇතුළුවීම තහනම් විය. යමෙක් ආරක්ෂාව හෝ අභය හෝ පතා මේ ඉඩම්වලට හෝ ගම්වලට හෝ වැදුණේ නම් එහි සිටින තාක් ඔහු රාජ පුරුෂයන් විසින් අල්ලා නොගත යුතු ය. ආරක්ෂාව නො ලැබිය යුතු අය විහාර ගමකට වැදුණොත් ඔවුන් අල්ලා ගත යුතු වුයේ ගමින් පිටමං කරවා ගත් පසු පමණි. මේ ඉඩම්වල මායිම් ඇතුළත දි රාජ පුරුෂයන් විසින් ඔවුන් අල්ලා ගැනීම තහනම් විය.

ලක්දිව පුරාණ බෞද්ධාචාර්යවරුන්ට අනුව කෙත් වතු පිදීම මහ පින්කමකි. එය ගරුක පුණ්‍ය කර්මයකි. අටමහ පින්කම් අතර එකකි. කඨින මහ පින්කම ය, අටපිරිකර පූජාව ය, ආවාස තනවා පිදීම ය, බුද්ධ ප්‍රමුඛ සඟ සතු දානය, දහම් පොත පත පිදීම ය , වැසිකිළි කැසිකිළි කරවීම ය, කෙත්වතු පූජාව ය, බුද්ධ ප්‍රතිමා කරවීම ය, යනු අට මහා පින්කම් ය. මිනිසුන් අතින් සිදුකෙරෙන කුඩා පව්කම් ද පින්කම් ද පසුපසට තල්ලු කොට ඉදිරියට පැමිණ සැප විපාක දෙන පින්කම් අටමහා පින්කම් වේ. සසර දී සිදුකර ගත හැකි, සසරට පිහිට වන, මෙලොවට ද පරලොවට ද තමන්ට මෙන් ම අනුන්ට ද බොහෝ අනුසස් දෙන මේ පින්කම් ගරුක පුණ්‍ය කර්ම ලෙස සැලකෙයි.

තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම

  උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා / ප්‍රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්‍රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්‍රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

  අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද ? බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්‍ය ප්‍රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

  නොපැමිණි / උතුම් වූ ඒ භාග්‍යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

  අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු 7 නිරවද්‍ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්‍රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

  ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබත් අන් සියලු දෙනාගේම පවුලේ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම් වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

  ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

  එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

  එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්‍රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන් ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා. අපිට ආහාර පාන නවාතැන් ලබාදුන් සියලු පින්වතුන්ටත් මේ පින් හිමිවේවා.

  ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්. සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා. ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

  පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

  ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

  පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

  බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

 විස්තර නරඹන්න

kethwathu_Pooja