Skip to main content

අසරණ පියෙකුට පෙනීම ලබා දුන් අයුරු ….

By May 7, 2022Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපි පසුගිය දා මහා පින්කමක් කලා. ඒ අසරණ පියෙක් වෙනුවෙන් ඇස් කාච  පරිත්‍යායක් කලා. ඒ වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගකලේ පින්වත් කුමෝෂා අබේවීර නංි විසින්…

මා රෝහල් ගතව ප්‍රතිකාර ලබාන්නා අවස්ථාවක අසරන පියෙක් පාර දෙස බලා සුසුම් හෙලන අයුරු දුටුවා. ලගට ගොස් කරුනු විමසන විට දැනන්නට ලැබුනේ ඇස් වලට කාචයක් අවශ්‍ය බවත් ඒ සදහා කාච රෝහලේ නොමැති බැවින් පුද්ලිකව නෙගන්වා ගත යුතු බවත්, ඒ සදහා මුදල් නොමැති බැවින් ආපසු යාමට සූදානම් වන බවත්ය. ඒ අනුව එම කාච පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් බාරන්නට යෙදුනා …

අප මහා බෝසතාණන් වහන්සේ සිවි නම් රජ කෙනෙකුව ඉපිද රාජ්‍ය කරන සමයෙහි උන්වහන්සේගේ දාන පාරමිතාව සපුරණු වස් සියලු දේ දන් දුන් සේක. ඉදින් මාගේ දාන පාරමිතාව මෂ්ථකප්ප්‍රාප්ත කරනු වස් යමෙක් මාගේ ශරීර අවයවයක් ඉල්ලා සිටීද එයද දන්දෙමියි සිතා ගත්තේය මෙය දුටු සක්දෙව් රජ මහලු බමුණකුව වෙස්වලා ඇවිත් ඇස්දෙක ඉල්වීය. රජ තෙම ඉතා සතුටුව සිය රාජකීය වෛද්‍යවරයා කැදවා සිය දෑසම ගලවා බමුණාට දෙන්නයැයි අන කලේය.

එවිට වෙදතෙම බොහෝ බෙහෙත් එක්කොට නිලුපුලෙක්හි ගල්වා දකුණුනාසයට එලුයේය. එකෙනෙහි ඇස්බැම වැටී නහර වැලෙහි එල්ලී සිටියේය. ඇස් දෙකෙහි අධික වේදනා උපන්නේ ය. ලේ දහරින් සළු තෙමුණේය. රජ පිරිස මහ ජනයා සමඟ රජු පාමුල ඇද වැටී හැඬූහ. වෙදතෙම වමතින් ඇස අල්ලා දකුණතින් සැතගෙන නහරය කපා රජ්ජුරුවන්ගේ අතෙහි තැබීය. රජතුමා තවමත් එල්ලෙමින් තිබෙන ඇසින් ඒ ඇස බලා බමුණා කැඳවා බුදුබවම ලැබේවායි පතා එය බමුණාට දුන්නේය. එතෙමේත් බොහෝ දෙනා බලා සිටියදී තමා ඇස් වලෙහි එය ඔබා ගත්තේ එකානෙහිම පෙනීමේ ශක්තිය ලද්දේය. රජතුමා ඉතා සතුටට පත්ව අනිත් ඇසත් ගලවා දුන්නේය. මහළු බමුණා එයද තම ඇස් මත්තේ තබා ප්‍රකෘතිමත් කොට ඉන් නික්ම ටික දුරක් ගොස් අන්තර්ධාන වී ගියේය.

පසුව බවුන් වැඩීමට ගිය රජු හට දානානිසංස බෙලෙන් නැවතත් නෙත් පහල වූ බවත් ඒව දිවය

නේත්‍ර වූ බවත් සිවි ජාතකයේ සදහන් වේ. ( සිවි ජාතකය කියවන්න – http://dhamma.ifbcnet.org/485-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA/

මේ අයුරින් සසර පුරා නෙත් දන්දිම, නෙත් සුවපත් කිරීම පමණක් නොව නෙත් වලින් රවා නොබැලීම ආදී මහා කුසලයන් නිසා බුදුවූ භවයේදී බුදුහිමියන් වහන්සේගේ නෙත් වලින් දෙතිස් මහා පුරුෂ ලක්ෂන වලින් දෙකක් විද්‍යාමාන විය.

  1. ඉතා නිල්වන් නෙත් ඇතිබව (අභිනීලනෙත්ත ලක්ඛණං )
  2. එකෙනෙහි උපන් වසු පැටියෙකුගේ බදු දිගු සුන්දර දැස් ඇති බව ( ගෝපකුම ලක්ඛණං )

දුටුවන් මන වශී කරනා කාන්තිමත් නෙත් යුවලක් මෙන්ම කෙතරම් බලා සිටියත් දෙව්, බඹු, මිනිස් කිසිවෙකුට තෘප්තිමත්වීමක් නැති මනස්කාන්ත නෙත් යුවලක් හිමිවීමද දිව්‍ය නේත්‍ර පහලවීමද උන් වහන්සේ සසර පුරා කරන ලද පින්කම්වල ආනිසංසයි.

මෙපින් බලෙන් ඔබ හැදූ වැඩූ පින්වත් දෙමා පියන්ට යහපතක්ම වේවා. ඔවුන් ජීවත්ව සිටීනම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු රෝග පීඩා දුරුවේවා. රෝග, ජරා, මරණ මේ කුණු කයට උරුම දේ උනත් ඉන් දැනෙන පීඩාව අවම වේවා. ඒ අය පරලෝසැපත් වී ඇතිනම් වැරදීමකින් හෝ දුගතියක ඉපිද ඇතිනම් ඉන් මිදී සුගතිගාමී වේවා. සුගතිගාමීව සිටීනම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වේවා. ඔබේ බිරිද / ස්වාමි පුරුෂයා පවා මේ පින් අනුමෝදන්වී යහපතම උදාවේවා. ඔබේ පුංචි දුවා දරැවන්ට මේ පින් ලැබී අද්‍යාපන කටයුතු ආදිය සියල්ල සාර්ථක වේවා. පවුලේ අනෙක් සියල්ලන්ටද මේ පින් ඒකාකාරවම හිමිවේවා. මියගිය ඤාතීන් පින් බලාපොරොත්තු වේනම් ඒ අයත් මේ පින් ලබා සැපවත් ජීවිත ගත කරත්වා.එතුලින් බුදුදමහ මනාව අවබෝධ කර ගන්නටත්, එනිසාම ජාතියත්, ජරාවත්, මරණයත් නැති පරම ශාන්ත නිවන් සුවයෙන්ම සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා …

නිවන් දක්නා ජාති දක්වාම ඔබට කුසගින්න යනු කුමක්දැයිවත් නොදැනේවා. සසර පුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට වත් නොලැබේවා.  ආහාර අවශ්‍ය වන විට දිව්‍ය බොජුන් පහලවේවා. දිව්‍ය ඕජස් ලැබේවා. ඔබ සිටින ගම රට පවා අතිශය සශ්‍රික වේවා. ගොවිතැන් බත්, හරකා බාන, වතුපිටි ආදිය දින දින දියුනු වේවා.  කිසිදු කලක ඔබේ භෝග, වතුපිටි, හරකබාන, වස්තුව, ගින්නෙන්, ජලයෙන්,සුලගින් වැනි ස්වාභාවික උපද්‍රවයන්ගෙන් පමණක් නොව සොර සතුරන්ගෙන් පවා ආරක්ෂා වේවා.

තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ඔබ පය තබන තැනක් පාසා කිරියෙන් පැණියෙන් ඉතිරේවා. කරන කියන හිතන පතන සෑම යහපත් දෙයක්ම ඒ අයුරින්ම ඉටුවේවා. පෘතග් ජන පුද්ගලයන් වශයෙන් ඔබේ සිතේ ඇතිවන නරක නපුරු අයහපතක් සිදුවන ඔබේ සියලු සිතිවිලි වලට බාධා ඇතිවී ඔබේ සසර ගමන යහපත් කරගැනීමට හැකිවේවා. සතර වරම්දෙවියන් සතර වයින් ඔබ ආරක්ෂා කරත්වා. නිවන් දකිනා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයවත් අසන්නටවත් නොලැබේවා.

ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. ප්‍රඥාව වර්ධනය වේවා. තාර්කික බුද්ධිය ඇතිවේවා.

මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. දාව වස්තූන් ලබාගන්නට මහා පින්වත් පුරුෂයන් ඔබට ලැබීමෙන් දාන චේතනා මස්ථකප්‍රාප්ත වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කම සිදුකල දයාබර පියාටත් මවටත් මෙපින් බලෙන් ඒ අයුරින්ම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආකරෂණයත්ලැබේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.;

චායාරූප නරඹන්න.

eye lens - kurunegala