Skip to main content

ශතාධික මහා සංඝික දානය සහ පාසැල් උපකරණ බෙදා දීම …

By December 21, 2019December 29th, 2019Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක අපි මහා පින්කමක් සිදුකලා. ඒ මොණරාගල, දඹගොල්ල තැරෑල මහ පිරිවෙන් ආයතනයේ සහ අවට පිරිවෙන් ආයතනවල පොඩි හාමුදුරුවන් වහන්සේ සියනමක් ප්‍රමුඛව 117ක් වූ මහා සංඝරත්නය විෂයයෙයි සංඝගත දක්ෂිනාවක් වගේම පිරිකර පූජාවක්, පිරිවෙන් හිමිවරුන්ට පාසැල් උපකරන හා  පාවහන් පූජාවක් සිදුකලා … ඒ වෙනුවෙන් දායකත්වය දැරූ පින්වත් පිරිස පහත දැක්වේ ….

කුමෝෂා නංගි —————————-රු 358,250,00
‍්ජනක මහතා —————————–රු 50,000.00
නිශාන් සුරංග මහතා——————— රු 40,000.00
යමුනා බටුවංගල මහත්මිය————– රු 20,000.00
චතුර විෙජ්සිංහ මහතා——————- රු 17,375.00
ලලින්ද්‍ර පෙරේරා මහතා——————- රු 13100.00
සුරේශා ගමාරච්චි සොයුරිය————– රු 13,000.00
ඉරේෂා සුදර්ෂි මහත්මිය —————–රු 12,500.00
දිනිති රණතුංග මහතා——————– රු 12334.61
අමිල ගුනවර්ධන මල්ලි——————–රු 12,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා—————– රු 10,000.00
තරිදු චානක මල්ලි ————————රු  10,000.00
නෙව්ශිකා හේරත් අක්ක—————– රු 10,000.00
සුමිත් සෙනෙවිරත්න මහතා————- රු 10,000.00
ඉශාන් වික්‍රම මල්ලි———————— රු 10 000.00
මල්ෂා රණවීර අක්කා———————රු 10,000.00
තුසිත ප්‍රසන්න මහතා——————– රු 10 000.00
ප්‍රදීපා ජයසිංහ මහත්මිය—————– රු 10 000.00
ජීවනී පූර්ණිමා මහත්මිය—————– රු 10,000.00
ෙස්පාලිකා නංගි ————————-රු 10,000.00
අචලා පෙර්රා  මහත්මිය——————- රු 9396.00
ප්‍රියංකා කුරුගල අක්කා——————– රු 7500.00
නෙවිල් කොරයා මහතා——————- රු 7,000.00
චේතන රංග මහතා———————— රු 6500.00
කුසුම් මහත්මිය—————————–රු 5000.00
අනුර විජේවර්ධන මහතා—————— රු 5000.00
දුමිලා ෙපෙර්රා—————————– රු 5000.00
කළණ අෙබ්වර්ධන මහතා————— රු 5000.00
ශශිකලා මදුශානි නංගි——————– රු 5000.00
පුමුදු පෙර්රා මහතා———————— රු 5,000.00
ඉරාණි ජයෙස්කර මහත්මිය————— රු 5000.00
සදරුවන් අකුරුගොඩ මහතා————- රු 5000.00
චාමිකර ජයසුන්දර මහතා—————– රු 5000.00
හරිත ජයවර්ධන මහතා——————- රු 5000.00
ඉසුරු ලියනෙග් මහතා——————— රු 5000.00
අනුරුද්ධ අමරකීර්ති මහතා————— රු 5000.00
ලයනල් ගුනතිලක අයියා——————–රු 5000.00
නීල් ෙකාස්තා මහතා———————-රු 4600.00
දේශානි සිල්වා නංගි————————-රු 2500.00
අතුල කුමාර මහතා————————- රු 2500.00
නදීශා වීරෙකා්න් මහත්මිය—————- රු 2500.00
දුල්ශාන් රාජපක්ෂ මහතා—————– රු 2500.00
මලිති රත්නෙස්කර මහත්මිය————-  රු 2500.00
වත්සලා ජීවපානී අක්කා———————රු 2500.00
චානක සිරිනුවන් මහතා——————-රු 25,000.00
සංජය ඉරේෂ් මහතා————————-රු 2500.00
අමින්දි රණසිංහ මහත්මිය——————රු 2,000.00
තරිදු ෙපෙර්රා මහතා———————-රු 2000.00
ප්‍රියංකා කුරුගල අක්කා———————-රු 1950.00
අමිත් ලක්ශාන් මහතා————————රු 1300.00
හිරන්ත මදුසංක මහතා———————-රු 1150.00
හිරන්ත මල්ලි———————————-රු 1100.00
අශාන් රණදේව අයියා ————————රු1000.00
නිශාමිණි අනුරාධා නංගි———————-රු 650.00

————————————————————————

එකතුව—————————————–  802,205.61

වියදම්
‍තායි කපු සිවුරු 100ට ——————- රු 183,250.00
තායි කපු අදන 100ට ——————–රු   77,500.00
කුඩ 100———————————–රු   45,000.00
පාසැල් උපකරණ————————-රු 223,994.50
පාවහන් සදහා වියදම———————රු 125,000.00
සබන්,දත්බේත්, බුරුසු ඇතුලු පිරිකර —රු  40,000.00
ස්වාමීන්වහන්සේලාගේ ගමන් වියදම— රු 20,000.00
දානයට වියදම—————————–රු 87,000.00
————————————————————

වියදම් —————————————801,744.50

ඉතිරි මුදල ( 802,205.61 – 801,744.50) = රු 461.11

පදනනම් ගිනුමට බැරකලා ….

මෙහි පාවහන් හා සිව්රු තනිකරම බාරගත්තේ වෛද්‍ය කුමෝශා අබේවීර මහත්මියයි …

මහ පින්කමක අනුසස් දකිමු …

සාංගික දානයේ අනුසස් මෙතකැයි කියා නිමකල නොහැක. එය අප්‍රමාණ ආනිසංස ලබා දේ. අපි සෑම විටම දානය පූජා කරන්නෙ ත්‍රයිකාලික මහා සංඛරත්නය අරමුණු කොට ගෙනය. වර්තමානයේ අපිට නිතර මුණ ගැසෙන්නේ සෝවාන් ඵලය ලබන්නට පිලිපන් මහා සංඝරත්නයයි.

සාංගික දානයේ ආනිසංස සාන්දෘෂ්ටික (මෙලොවම තමා විසින් දැක ගත හැකි) දානානිසංස සතරක් පෙන්වා ඇත,

1.දායක තෙමේ බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වේ.
2. දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.
3. ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ. මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.
4. යහපත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේ.

එසේම දානානිසංස සූත්රයට අනුව,

1.ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇත. අඛණ්ඩව සිල් ආදී ගුණ, පන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය යි.
2. තව ද මරණින් මතු සුගති ලෝකයක ඉපදීමට ද මෙම දානමය පිංකම හේතුවන බව පෙන්වා දී ඇත.

 තව සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූත්රයට අනුව මෙසේ . සත්පුරුෂ දාන ආනිසංස පහ

1.ශ්‍රද්ධාවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ. එබැවින් ශ්‍රද්ධාවෙන් ම දන් දෙත්වා !
2. සකස්කොට දන්දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹුදරුවන් ස්වාමිපුත්‍රයන් දැසි දස්සන් ලැබේ. (එබැවින් දෙන දෑ සකස් කොට දීමට පුරුදු වන්න)
3. ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේ දී බොහෝ සැප සම්පත් ලැබේ.
4. ලෝභයකින් තොරව දන්දීම හේතුවෙන් හොඳ ආහාරපාන, යානවාහන, ගේදොර ආදිය පරිභෝජනය කිරිමට සිත් නැමෙනු ඇත. ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.
5. තමා ද අන් අය ද වෙහෙසට පත් නො කොට ධාර්මික වස්තුවෙන් දන්දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන්, අකීකරු දූ දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නො වේ. ලැබෙන සම්පත් සුරක්ෂිත වේ කියා ය.

තවත් දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ.

  1. තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්‍යයන් ඊට සහභාගී කර නො ගනී. ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.
    2. තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට ඒ අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.
    3. තමා ද දන් නො දෙන අතර දෙන දානයකට ද සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙක ම නො ලැබේ.
    4. තම ධනය ද යොදා අන් අය ද ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙකම ලැබෙනු ඇත.

මේ දියල්ල කැටිකොට ගත්කල පොදුවේ ආහාර දානයේ ආනිසංස මෙසේ සදහන් කල හැක ….

ආහාර පිදීමේ ආනිසංස ලැබූ උතුමන්

මෝඝරාජ හිමි පෙර අත්ථදස්සී බුදුරජුන්ට තැම්පත් සිතින් නුවණ යොදා දඬුවැල් බෑයක් පුජා කළ පිනින් දාහතර වාරයක් සක් දෙවිඳු වුණා. පන්සිය වාරයක් සක්විති රජ වුණා. අටවිසි වතාවක් පෘථිවි රාජ්‍ය ලැබුවේය. අවසානයේ මේ පින නිවනට ද උපනිශ්‍රය වුණේ ය. (අපදාන පාලි 35 වන අපදානය)

අධිමුත්ත හිමි අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට උක්ගස් දානයක් දුන් පිනින් කල්ප එක්දාස් අට සීයක් දුගතිගාමී නොවූ බව අපදාන පාලියේ සඳහන් වේ.
(අපදාන පාලි 36 වන අපදානය)

කටච්ජුභික්ඛා දායිකා තෙරණිය පෙර එක් ජීවිතයක තිස්ස බුදු රජුන්ට එක් දන් හැන්දක් පිදූ පිනින් තිස් හය වාරයක් සක් දෙවිඳුගේ මෙහෙසිය වූවා ය. පනස් වතාවක් සක්විති රජුට අග මෙහෙසිය වුවා ය.
(07 වන ථේරී අපදානය)

උප්පල දායිකා තෙරණිය පියුමතුරා බුදුසමයෙහි එක් භික්ෂුවකට පිණ්ඩපාත දානයක් හා වස්ත්‍රයක් පුදා දහස් වතාවක් සක් දෙවිඳුගේ මෙහෙසිය වූ අතර දහස් වතාවක් සක්විති මෙහෙසිය වූවා ය. එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දී මෙම විපාකයන් ලැබී ඇත්තා හ.
(අපදාන පාලි උප්පලදායිකා අපදානය)

බොහෝ ආයුෂ ඇත්තේ වීම
බලවත් වීම
ධෛර්ය ඇත්තේ වීම
වර්ණ ඇත්තේ වීම
යසස් ඇත්තේ වීම
සුව ඇත්තේ වීම
ආහාර පාන ලැබීම

විශිෂ්ඨ රූප සම්පත් ලැබේ
ශූර වීම
නුවණැති වීම

 

  • ඔය සදහන් කලේ  දානයේ ආනිසංස වලින් ඉතාම සුලු කොටසකි

 සිවුරු වස්ත්ර දානයේ අනුසස්

 චීවරය වනාහි සියලු බුදුවරුන්ෙග් පටන් මහා සංඝරත්නය දක්වා ෙපාරවා ගන්නා වස්ත්‍රයයි. සිවුරු පිදීෙම් අනුසස් ෙමානවාදැයි බලමු …

දස්සානි සුගතේ දත්වා

සංඝේ ගණවරුත්තමේ

අට්ඨානිසංසේ අනුභොමි

කම්මානුච්ඡවිකේ මම

ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්රමුඛ ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දිනකට දහස බැගින් දිනපතා සියක් දිනක් පුරා දන් දීමේදී සෑම භික්ෂූන් වහන්සේ නමකටම චීවර සඳහා වස්ත්ර පූජා කෙළෙමි. ඒ පිනේ බලයෙන් උපනුපන් ආත්මභාවයන්හිදී ආනිශංස අටක් ඒ කුශල කර්මයට අනුරූපව මට ලැබුණේය.

සුවණ්ණ වණ්ණෝ විරජෝ

සප්පහාසෝ පතාපවා

සිනිද්ධං හෝති මේ ගත්තං

භවේ සංසරතෝ මම

 

උපනුපන් ආත්මභාවයන්හිදී රන්වන් පාටින් යුත් ශරීර ඇත්තෙක් වීමි. ප්රතාපවත් වූ ද සිත් පිනවන පි්තරයශීලී ස්වරූපයකින් යුක්ත වූ ද ශරීර ලැබීමි. එනිසාම හැම තැනකදී ම ජනාදරයට පත්වූ පුද්ගලයෙක් වීමි.

දුස්සසතසහස්සානි
සේතා පීතා ච ලෝභිතා
ධාරෙන්ති මත්ථකේ මය්හං
දුස්සදානස්සිංද ඵලං

භවයෙහි උපත ලද සෑම ආත්මභාවයකදී ම වර්ණවත් විවිධ පාටින් යුත් අගනා වස්ත්ර ලක්ෂ ගණනින් මට ලැබෙන්නට විය. එයින් ප්රමාණවත් පරිදි මම ද පරිහරණය කරමින් අඹුදරු ඥාති මිත්රාදීන්ට අගහිඟකම් ඇති අයට ද පරිත්යාග කෙළෙමි. එයින් මා ලද මානසික සහනය කියා නිම් හිම් කළ නොහැකි තරම් ය.

එය කෙටිකොට ගත්කල මේ ආනිසංස දක්වන්නට පුලුවනි …

රන්වන් සිරුරු ඇත්තෙක් විම
ශරීරයේ කුණු දූවිලි නැත්තෙක් වීම
රැස් විහිදෙන ශරීර ඇත්තේ වීම
ප්‍රතාප ඇත්තේ විම
සිනිදු සිරුරක් ඇත්තේ වීම
හිස මස්තකයෙහි සුදු,කහ,රතු පැහැ ඇත්තා වූ ලක්ෂ ගණනින් වස්ත්‍ර දරා සිටීම

 

 පාවහන් පූජාවේ ආනිශංස පහ

පාවහන් පිදීම ඉමහත් අානිසංස ෙගන ෙදන පින්කමකි …

  1. උපනුපන් ආත්මභාවයන්හිදී අශ්වවාහන, ඇත්වාහන සහ දෝලා, සිවිකාදිය ද ගමන් බිමන් සඳහා ඒ ඒ කාලවලදී පැවති විවිධ යාන වාහන ලැබීම.
  2. පයට පහසුව ගෙනදෙන අගනා පාවහන් ලැබීම.
  3. කිසිදු ආත්මභාවයකදී දෙපයේ සහ පතුල්වල රෝගාබාධයක් ඇති නොවීම.
  4. අහසින් යාම බඳු සෘද්ධි බල ලැබීම.
  5. උපනුපන් ආත්මභාවයන්හිදී දර්ශනීය පාද යුග්මයක් ලැබීම.

පාහනදායක හිමි චන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින් නුවණ යොදා පාවහන් යුවලක් පිදූ පිනින් කල්ප අනු එකක් දුගතියකට නො ගියේ ය.

(අපදාන පාලි 256 අපදානය)

පනාධිදායක හිමි අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට පයේ දා සිටි පාවහන් යුවල පුදා පනස් පස් වතාවක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුව උපන්නේය. දහස් වරක් සක්විති රජවිය. ඒ පිනින් සසර ගමනේ දී

වේගයෙන් යා හැකි යාන වාහන ලැබුණා.
ප්‍රසාද, රන් සිවිකා, වටිනා ඇතුන් අසුන් ද ලැබුනා හ.
අග්‍ර ගණයේ පාවහන් ද ලැබී ඇත. (අපදාන පාලි 479 වන අපදානය)

ඡත්ර ( කුඩ ) පූජාවේ ආනිශංස

ඡත්තේ සුගතෙ දත්වා
සංඝේ ගණවරුත්තමේ
අට්ඨානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

බුදුරජාණන් වහන්සේ ප්රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට සියක් දිනක් පුරා දහස දහස බැගින් දන්දීමේ අලංකාර ඡත්ර – කුඩ එක නමට එක බැගින් සවි කෙළෙමි. එයින් මම සසර පුරා ආනිශංස අටක් සෑම ආත්මභාවයකදී ම මේ ඡත්ර පූජාවෙන් ලැබූවෙමි.

සීතං උණහං න ජානාමි – රජෝජල්ලං න ලිම්පති

අනුපද්දවෝ අනීතී ච – හෝමි අපචිතෝ සදා

කිසිම ආත්මයක දී සීතෙන් හෝ උෂ්ණත්වයෙන් පීඩා නො ලැබූවෙමි. කවදාවත් අධික සීත ඇති රටක, කවදාවත් දැඩි ඌෂ්ණය ඇති රටක උපතක් සිදු නොවිනි.

මාගේ ශරීරයෙහි කුණු ඇලෙන ගතියක් නැත. ඒ නිසා දහදිය වැගිරීමක් ද නැත. උවදුරකට මුහුණ දීමට සිදු නොවිනි. සැමදා ගිය ගිය තැන සැමගේ ගෞරව ලබන කෙනෙක්වම සිටියෙමි.

සුඛුමච්ඡවිකෝ හෝමි – විසදං හෝති මානසං

සත්ත සතසහස්සානි – භවේ සංසරතෝ මම

ඉකුත් කල්ප ලක්ෂය පුරාම පින්කම නිසා උපනුපන් ආත්මභාවයන්හිදී සිනිදු එසේම පිරිසිදු වර්ණවත් ශරීරයක්ම ලැබීමි.

උපනුපන් තන්හිදී අලංකාර ඡත්ර, අලංකාර නිවාස ලැබීමට මේ පුණ්යකර්මය මට හේතු විය. ප්රධානත්වය – මූලිකත්වය සැමතැනදී ම ලදිමි.

මීලගට අපි සදහන් කරන්ෙන් සබන්,ෙර්සර්, දත්මදින බුරුසු හා දත් ෙබෙහත් පූජා කිරීෙම් අානිසංසයි …

දැලි පිහියා ( වර්තමානෙය් ෙර්සර් ) පිදීමේ ආනිසංස

හැම කල්හි ම ශූරයෙක් වේ.

තැම්පත් සිත් ඇත්තෙකු වේ.

විශාරද පුද්ගලයෙකු වේ.

ධෛර්යවන්තයෙක් වේ.

වීර්යවන්තයෙක් වේ.

ඔසවා ගන්නා ලද සිත් ඇත්තෙක් වේ.

තීක්‍ෂණ නුවණ ලැබේ.

 

මුව පිරිසිදු කරන දෑ දීමේ ආනිසංස

  පිරිසිදු උගුර ඇත්තේ වේ.

  • මිහිරි හඬ ඇත්තේ වේ.
  • කාශ රෝග නැත්තේ වේ.
  • ස්වාස රෝග නැත්තේ වේ.
  • දුගඳ නො හමන, සුවඳ හමන මුව මඩලක් ලැබේ.

(පිළින්දිවච්ඡ අපදානය)

සබන් ආදිය පිදීමේදී ආයු වර්ණ සැප බල ප්‍රඥා හිමි වන බව සදහන් වේ ….

තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම

——————————————————–

 

උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා / ප්‍රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්‍රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්‍රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද ? බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්‍ය ප්‍රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

නොපැමිණි / උතුම් වූ ඒ භාග්‍යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු 7 නිරවද්‍ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්‍රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්‍රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

 

විස්තර නරඹන්න

Piriwen Donation

Piriwen Donation – Monaragala