Skip to main content

රු. 10,500/= ක් වටිනා පිත්තල පාත්‍ර තුනක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි …

By August 7, 2014All Posts

අපි තවත් ලොකු පින්කමක් සිදුකර ගත්ත. ඒ තමයි පිත්තලෙක් නිර්මානය කල පාත්‍රා තුනක් ගෞතම බුදුසසුනට පූජාකිරීම. පින්වත් සොයුරියක් ගූගල් වෙබ් අඩවිය තුල මෙහෙණි ආරාම පිලිබද  පිලිබද සොයමින් සිටියදී මා විසින් සිදුකල පින්කමක් නරඹා මට කථා කලා. ඒ අනුව එතුමිය යම් පින්කමකට සම්බන්ද වෙන්න අවශය බව පැවසුව. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ පාත්‍ර තුන පූජා කිරීම සිදු උනේ.

මේ පාත්‍ර තුන පූජා කලේ කුරුණෑගල බොයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම පුරාණ විහාරස්ථානයටයි. ඉතින් අපි පාත්‍ර පිදීමේ අනුසස් පොඩ්ඩක් හොයල බලමු.

ආහාර පාත්ර – භාජන පිදීමේ අනුසස් දහය

පත්තේ සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දසානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

බුදුරජාණන් වහන්සේට ද මහා සංඝයා වහන්සේට ද පාත්ර සහ ආහාර ගැනීමේදී උවමනා කරන අනෙකුත් භාජන උපකරණ පූජා කිරීම නිසා ඊට අනුකූල වූ ආනිශංස දහයක් සසර උපදින උපදින ආත්මභාවයක් පාසා ම ලබයි.

1. රන් රිදී භාජන සහ අගනා පිඟන් කෝප්පාදී භාජන ලැබීම
2. ආහාර පාන ගැනීමේදී කැස්ස – හිරවීම, දිව තොල හැපීම් බඳු උපද්රව ඇති නොවීම.
3. ඉතා පහසුවෙන් ආහාර පානාදිය ලැබීම.
4. සැමදා කාගේත් ගෞරවයට පාත්රවීම.
5. දේපළ ගින්නෙන්, ජලයෙන්, කෘමීන් ආදී සතුන්ගෙන් විනාශ නොවීම.
6. චංචල බවින් තොර ස්ථිර අදහස් ඇත්තකු වීම.
7. සැමදා ධර්මයට කැමැත්තකු වීම.
8. කෙළෙස් අඩු ගතිය.
9. කාගේත් හිත් දිනාගත හැකි වීම.
10. දෙව් මිනිස් දෙගතියෙහි විවිධ සම්පත් ලැබීම.

ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකරගත් දයාබර නිසංසලා සොයුරියේ. පළමුකොට මේ පින් ඔබ වැනි යහපත් දරැවකු බිහිකල දයාබර අම්මටත් අප්පච්චිටත්  අනුමොදන් වේවා. ඒ අය සුගතිගාමී වී සිටීනම් තව තවත් ඒ සැපසම්පත් වැඩිවේවා.

එසේම ඔබේ දුවා දරුවන්ගේ සියලු අධ්‍යාපනික කටයුතු සාර්ථක වේවා… සියලු අපල බාධක දුරුවි දුවා දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනික කටයුතු ආදිය සාර්තක වේවා. ඔබේ පින්වත් ස්වාමි යාටත් මේ පින් ඒකාකාරවම ලැබී සියලු දුක් කම්කටොලු බාධක දුරුවේවා. සැපතින් සැපතට පත්වේවා.

මේ පින්කම සිදුකල  දයාබර නිසංසලා ශාමිණී ගුණරත්න සොයුරියේ. සසර පුරා ඔබ සිදුකරගත් අප්‍රමාණ කුසල් බෙලෙන් ඔබ තිහේතුක ප්‍රතිසංධියක් ලැබුවා. මිනිසත් භවයක් ලැබීමත්, අංග විකල නොවීමත්, උතුම් සිරි සද්ධර්මයේ පහස ලැබීමටත් ඔබ වාසනාවන්ත උනා. ඒ විතරක් නෙවෙයි. සසර බිය හොදින් හදුනාගෙන මෙවන් පින්කම් කරමින් සසර කෙටිකරගැනීමට උත්සාහ කිරීමට තරම් ඔබ සිතිවිලි පහල කරගත්තා. ඒ සියල්ල ඔබ සසර පුරා සිදුකල යහපත් කුසල කර්මයන්ගේ ප්‍රතිඵලයි.

දයාබර සොහුරියේ, ඔබ සිදුගරගත් සියලු කුසල් මෙන්ම අද දින සිදුකල මේ සියලු කුසල් බෙලෙන්ද ඔබේ ප්‍රාර්ථනාවට යෝධ ශක්තිය ලැබේවා. මේ භවයේදීම ඔබ බලාපොරොත්තුවන උතුම් නිර්වාණ සුවයම ලැබේවා. ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරනයක් නැති අජරාමර, පරම රමණීය නිවන් සුවෙන් මේ භවයේදීම සැනසෙන්නට ඔබට යෝධ බල යෝධ ශක්තියම ලැබේවා.

අනන්ත බුදුගුන බෙලෙන් තුන්ලොවම සැනසේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …