Skip to main content

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රාථමික පාසැල් දෙකක දරුවන්ට අවශ්‍ය පාසැල් උපකරණ බෙදා දුන් වගයි …

By April 9, 2016April 11th, 2016All Posts

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් මුවපිටිය හා වැලිගම ප්‍රාාථමික විද්‍යාලයේ දූ දරුවන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධාපන කටයුතු සිදුකරන බව අපිට දැනගන්නට ලැබුන. ඒ නිසා ඒ දරුවන් වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් සිදු කරන්නට අපේ සිත්වල ඇති උන බලාපොරොත්තුවක් කමයි මේ අයුරින් මුදුන් පැමිනුනේ. පරිත්‍යාගයන් සිදුකගේ අසල විහාරස්ථානයේදියි.

මේ වෙනුවෙන් ලැබීම්

සම්පත් හේවගම මහතා රු. 15,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 15,000.00
සේපාලිකා නංගි රු 10,000.00
රොෂාන් අල්විස් මහතා රු 7500.00
සුමිත් සෙනෙවිරත්න මහතා රු 5000.00
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 2000.00
ශෙහානි බොතේජු මිය රු 2000.00
හිරන්ත මදුසංක මහතා රු. 1500.00
නුවන් කරැණාවර්ධන මහතා රු 1000.00
තිළිණ විජේවර්ධන මහතා රු 1000.00

එකතුව රු 60,000/-

වියදම්
පාසැල් උපකරන සදහා වියදම රු 41,808.00
ප්‍රවාහන වියදම රු 2,600.00 ( වෙලදසැලෙන් රැගෙන ඒම සහ පාර්සල්කොට පාසැලට ගෙනයාමට)

මුලු වියදම රු 44,408.00

ඉතිරි මුදල රු 15592.00

අලුත් අවුරුදු සහනාධාර වෙනුවෙන් ඒ මුදල අරමුදලට බැරකලා.

පින්කමට අදල සියලු ඡායාරූප පහලින් දක්වල තියෙනව.

ඉතින් මේ වෙනුවෙන් දායක වූ සියලු දෙනාට මේ වෙනුවෙන් මේ වෙනුවෙන් අප්‍රමාණවත් පින් අනුමෝදන් වෙනව. එපමණක් නොව මේ සදහා සම්බන්ධීකරණය සිදුකල රඹුක්න ප්‍රා. ලේකම් කාර්යාලයේ ලේකම් තුමා ඇතුලු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්න වෙනව. උදව් කල ඔබ සියලු දෙනාටම මේ පින්කමේ අප්‍රමාන ආනිසංශ බලයෙන් යහපතම උදාවේවා…
ඔබ වන් පින්වත් දූ පුතුන් සැදු පින්වත් දෙමාපියන්ට දීර්ගායුෂ වේවා. ඔවුන් මියගොස් ඇත්නම් ඒ ඇත්තන්ට මේ පිංකමේ බලෙන් අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා … ඔබේද දූ දරුවන්ගේද සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා … සියලු විභාග කඩඉම් ජයගන්නට මේ කුසලය හේතු වාසනා වේවා …
‍මේ වෙනුවෙන් දායක වූ මේ පින් බලයෙන් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

මෙපින් බ‍ලෙන් අපටත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙවන් මහා පින්කම් කරන්නට ශක්තිය ලැබේවා. කෙළවර අප පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින ‍හේතුවාසනා වේවා …

සතවයා කෙරේ අපමණ මෙත් සිතින් එරන්ද ලක්මාල් වන මා විසින් ගෞතම බුදු සසුන තුල මේ පින්කම සිදුකල වගයි …

චායාරූප නරඹන්න

රඹුක්කන පාසැල් උපකරණ බෙදාදීම 2016

රඹුක්කන පාසැල් උපකරණ බෙදාදීම 2016

වීඩියෝව නරඹන්න