
කුරුණෑගල බෝයගනේ නයිලිය ප්‍රදේශයේ ජීවත්වන පුංචි පුතෙකුගේ ඇස්වල සුද මතුවීම නිසා ඔහුව ශෛල්‍යකර්මයකට භාජනය කිරිමට සිදුවි තිබෙනවා. වම් ඇසේ සුද මතුවීම නිසා 2014 නොවැම්බර් 28 දින කාචයක් බද්ද කල අතර දකුණු ඇසට කාචයක් බද්ද කරන්න උනේ මාස තුනකින්. ඒ අනුව හෙට දින (2015/04/23)දකුණු ඇසට කාචයක් බද්ද කෙරෙනව. මේ කාච යුගලය සදහාම පූර්ණ ධන පරිත්‍යාගය සිදුකලේ මා හිතාදර දුලිප් දෙනවක මහතාත්, ඔහුගේ බිරිද වන තනුජා නයෝමි නිස්සංක මහත්මියත් විසින්.
පින්වත් මිතුරාට කාරණය දන්වා පැය කිහිපයක් ඉක්ම යන්නටත් කලින් ඔහු රු 30,000ක් ලබා දුන්නා.
කාචය සහ අවශ්‍ය උපකරණ සදහා වියදම රු 26076.00 ක්වූ අතර රු 1924.00ක් ඔවුන්ට ගමන් බිමන් ආදිය සදහා පරිත්‍යාග කලා. ඉතිරි රු 2000.00 ක මුදල ශ්‍රී පුෂ්පදේව බෝධි සංවර්ධන අරමුදලට වෙන්කලා.
වම් ඇසට මුදල් පරිත්‍යාගය කල විස්තරය මෙන්න මේ ලින්ක් වලින් බලන්න පුලුවන්
https://ourproject1.ifbcnet.org/%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B7%83%E0%B7%94%E0%B6%AF-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92/
http://www.sasuna.blogspot.com/2014/11/30090.html
පින්වත් දුලිප් මිතුර, නයෝමි නංගියේ ඔබ සිදුකරගත්තේ පුංචි පින්කමක්නම් නොවේ. ඔබ විසින් රු 60,000.00කට ආසන්න මුදලක් මෙසේ පරිත්‍යාගය සිදුකරමින් ඒ අසරණ පුංචි පුතාට නේත්‍රාලෝකය ලබා දුන්නා. මම ඔට ගිය වර මෙන්ම මෙවරද ඒ අයුරින්ම පුණ්‍යානුමෝදනා සිදු කරන්නම්.
අප මහා බෝසතාණන් වහන්සේ සිවි නම් රජ කෙනෙකුව ඉපිද රාජ්‍ය කරන සමයෙහි උන්වහන්සේගේ දාන පාරමිතාව සපුරණු වස් සියලු දේ දන් දුන් සේක. ඉදින් මාගේ දාන පාරමිතාව මෂ්ථකප්ප්‍රාප්ත කරනු වස් යමෙක් මාගේ ශරීර අවයවයක් ඉල්ලා සිටීද එයද දන්දෙමියි සිතා ගත්තේය මෙය දුටු සක්දෙව් රජ මහලු බමුණකුව වෙස්වලා ඇවිත් ඇස්දෙක ඉල්වීය. රජ තෙම ඉතා සතුටුව සිය රාජකීය වෛද්‍යවරයා කැදවා සිය දෑසම ගලවා බමුණාට දෙන්නයැයි අන කලේය.
එවිට වෙදතෙම බොහෝ බෙහෙත් එක්කොට නිලුපුලෙක්හි ගල්වා දකුණුනාසයට එලුයේය. එකෙනෙහි ඇස්බැම වැටී නහර වැලෙහි එල්ලී සිටියේය. ඇස් දෙකෙහි අධික වේදනා උපන්නේ ය. ලේ දහරින් සළු තෙමුණේය. රජ පිරිස මහ ජනයා සමඟ රජු පාමුල ඇද වැටී හැඬූහ. වෙදතෙම වමතින් ඇස අල්ලා දකුණතින් සැතගෙන නහරය කපා රජ්ජුරුවන්ගේ අතෙහි තැබීය. රජතුමා තවමත් එල්ලෙමින් තිබෙන ඇසින් ඒ ඇස බලා බමුණා කැඳවා බුදුබවම ලැබේවායි පතා එය බමුණාට දුන්නේය. එතෙමේත් බොහෝ දෙනා බලා සිටියදී තමා ඇස් වලෙහි එය ඔබා ගත්තේ එකානෙහිම පෙනීමේ ශක්තිය ලද්දේය. රජතුමා ඉතා සතුටට පත්ව අනිත් ඇසත් ගලවා දුන්නේය. මහළු බමුණා එයද තම ඇස් මත්තේ තබා ප්‍රකෘතිමත් කොට ඉන් නික්ම ටික දුරක් ගොස් අන්තර්ධාන වී ගියේය.
පසුව බවුන් වැඩීමට ගිය රජු හට දානානිසංස බෙලෙන් නැවතත් නෙත් පහල වූ බවත් ඒව දිවය
නේත්‍ර වූ බවත් සිවි ජාතකයේ සදහන් වේ. ( සිවි ජාතකය කියවන්න – http://dhamma.ifbcnet.org/485-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA/
මේ අයුරින් සසර පුරා නෙත් දන්දිම, නෙත් සුවපත් කිරීම පමණක් නොව නෙත් වලින් රවා නොබැලීම ආදී මහා කුසලයන් නිසා බුදුවූ භවයේදී බුදුහිමියන් වහන්සේගේ නෙත් වලින් දෙතිස් මහා පුරුෂ ලක්ෂන වලින් දෙකක් විද්‍යාමාන විය.
ඉතා නිල්වන් නෙත් ඇතිබව (අභිනීලනෙත්ත ලක්ඛණං )
එකෙනෙහි උපන් වසු පැටියෙකුගේ බදු දිගු සුන්දර දැස් ඇති බව ( ගෝපකුම ලක්ඛණං )