මිනිස්සුන්ට රෝග වැලදුනේ සත්ව ඝාතනය නිසයි. අද ලොව දුටු බුදුනෙත ….. බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය …

By January 25, 2020Uncategorized

තෙරුවන් සරනයි පින්වත් ඔබ සියලු දෙනාටම. මේ වන විට ලෝකයම දැඩි භීතියකට පත්වෙලා. හේතුව තමයි “ කොරෝනා” වෛරසය ලෝකය ගිලගන්න මාන බලන් ඉන්න එක. මිනිසුන්ගේ අධම පාප ක්‍රියා නිසා මිනිසාටම පාපයන් පාරාවලල්ලක් වී ඇති හැටි පේනවා නේද? මිනිස්සු ලෝකය පාලනය කරන්න හදද්දි ඇහැට නොපෙනන පුංචි වෛරසයක් මිනිසා පාලනය කරන හදන හැටි පුදුමයි නේද?

කොරෝනා රෛසය නිසා මේ වනවිට 50 කට කිට්ටු පිරිසක් මිය ගිහින් කියල දැනගන්න ලැබෙනව. මේ වෛරසය මුලින්ම මිනිස් සිරුරට ඇතුලු වෙලා තියෙන්නෙ “ චෛනීස් කොබ්‍රා” නැමිති නාගයා ආහාරයට ගැනීමෙන් බවයි දැනට සොයාගෙන තියෙන්නෙ.

මාංශ ආහාරය පිලිබද බෞද්ධ විග්‍රහයෙදි බොහෝ දෙනෙක් කරන තර්කය තමයි බුදුරජාණන් වහන්සේ මාංශ භක්ෂනය ප්‍රතික්ෂේප කලේ නැහැයි කියන කාරනය. ඒක කොහොමත් සත්‍යයක්.  දෙව්දතුන්ගේ වර පහෙන් එකක් ලෙස “ භික්ෂූන් මස් මාංශ භක්ෂනයෙන් වැලකිය යුතුය” යන ප්‍රකාශයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කලේ කැමති කෙනෙක් වලදන්න අකමැති කෙනෙක් නොවළදන්න ලෙසයි.

මෙයින් උත්තේජනය වන බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ මාංශ වලදන්නට අනුබල දුන් නිසා මාංශ භක්ෂනය කිරීම සුදුසු බවයි.

එය සම්පූර්ණ වැරදි ප්‍රකාශයක් …

භාග්‍යවතුන් වහන්සේ කිසිම පුද්ගලයෙකුට මාංශ වලදන්නට දේශනා කර නැත. උන් වහන්සේ  දේශනා කොට ඇත්තේ “ මාංශ භක්ෂනය නිවනට භාදාවක් නොවන බව” පමණකි.

එහෙත් මාංශ භක්ෂනයෙන් ඇතිවන සෞක්‍ය ගැටලු උන් වහන්සේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ දේශනා කර ඇත.  එය සූත්‍රයේ මේ අයුරින් දක්වා ඇත‍

““පෙර ඕනෑකමද ( ආශාව) බඩගින්නද මහලුවීමද යන රොගතුනක් ලෝකයෙහි වූවාහුය. සතුන් මැරීම නිසා අනූඅටක් වූහ.”

ඒ අනුව පැහැදිලි වන්නේ සත්ව මාංශය මිනිසාට නුසුදුසු බව නොවේද?

එසේම සත්වයන් ඝාතනය දෙවියන් පවා කම්පා වූ බව සූත්‍රයේ සදහන් වෙනවා

“ගවයන් කෙරෙහි යම් ආයුධයක් හෙළනලද්දේද, ඉක්බිති (චාතුර්මහාරාජික) දෙවියෝද බ්‍රහ්මයෝද සක්දෙව් රජුද අසුරයෝද රාක්ෂසයෝද අධමයයි කියමින් හැඬූහ.

මේ කරුනු සලකා බැලූ විට සත්ව ඝාතනය නිසා ලෙඩ රෝග ඇතිවීම පටන් ගත්ත බව සදහන් කරන්න පුලුවන්.

අකුසලයක් නොවුනත් මාංශ භක්ෂනය මිනිස් සිරුරට ගුණයක් නැත. අදවන විට වෙලදපොලේ ඇත්තේ දැඩිලෙස වස කවනා ලද මාංශය. පෙර වසරක් කල් ජීවත් වූ බොයිලස් කුකුලන් අද දින 21කින් සිය ජීවිතය අවසන් කරය්. ඊට පසු වසරක් හෝ දෙකක් පවා ශීතකරනවල මේ සතුන්ගේ සිරුරු රදවා තබයි. මේ සතුන්ට ආහාරයට දෙන්නේ දැඩි විෂ සහිත රසායන ද්‍රව්‍යය. අපේ ගමේ අවුරුදු 04ක් වයසැති සිගිත්තියක් වැෙඩිවියට පැමිණීම මේ වසංගතයේ හොදම කතාවයි.  අදවන විට කුකුලු මස් නිසා පිලිකා වසංගතයක් මෙන් පැතිර යන බව වෛද්‍යවරුන් පෙන්වා දේ.

නොයෙක් ලෙඩ වැලදුන කුකුලන් පවා ගෙනගොස් මරා ආහාරයට එකතු කිරීම දැන් සිරිතක්. ලොකු පිලිකා සහිත සතුන් පවා ගෙන ගොස් මරා ආහාරයට ගන්නට මිනිස්සු දැන් පෙලබිලා. සියලු සතුන්ට මවකට මෙන් මෛත්‍රි කරන්නට උගන්වන අපිට සතුන් මරා අනුභව කරන්නට පුලුවන්ද ?

චීනයට දැන් ලැබී ඇත්තේ ඒ පෙලඹීම් වල අනිටු පල විපාකයයි. අහිංසක සතුන් මරා දමා ආහාරයට ගන්නා ඔවුනට අද සොබා දහම විසින්ම දැඩි දඩුවම් දෙන්න ඉදිරිපත් වෙලා …

තව ඉදිරියටත් අප්‍රමාණව වෛරස් ප්‍රහාර එල්ල වේවි.

මේ සෑම දේකින්ම පසක් වන්නේ බුද්ධ දේශනාව මොනතරම් සත්‍යයක්ද කියායි …

බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය පහතින් ….

බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය

“මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අනේපිඬුමහ සිටානන් විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරණසේක. ඉක්බිති දිරූ, වැඩිමහල්වූ, මහළුවූ කල්ගිය, අන්තිම වයසට පැමිණි, කොසොල් රට වැසි බොහෝ මහාසාර බ්‍රාහ්මණයන් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටුවූහ. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාවකොට නිමවා එකත් පසෙකසිටි ඒ මහාසාර බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, දැන් බමුණෝ පැරණි බමුණන්ගේ බ්‍රාහ්මණ ධර්මයන් දක්වත්දැයි” ඇසූහ.

“බමුණෙනි, දැන් බමුණෝ පැරණි බමුණන්ගේ බමුණු ධර්ම නොදක්වත්.”

“භවත් ගෞතමයන් වහන්ස ඉදින් භවත්ගෞතමයන් වහන්සේට බරක්නොවේ නම් අපට පුරාණ බමුණන්ගේ බ්‍රාහ්මණ ධර්මය කියතොත් යහපති.” – “එසේ නම් බ්‍රාහ්මණයෙනි, අසව් මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි” වදාළසේක. “පින්වතුන් වහන්ස, එසේය”යි ඒ මහාසාර බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

01“සන්සුන් සිත් ඇති තපස් ඇති පූර්වඍෂීහු වූවාහුද? පස්කම් සැප හැර තමාගේ යහපත කළාහුය.
02“පැරණි බමුණන්ට සිවුපා සත්තු නොවූහ. රන් නොවූහ. ධාන්‍ය නොවූහ. මන්ත්‍ර පිරවීම නම්වූ ධන ධාන්‍ය වූවාහ. මෛත්‍රී නිධාන නම් බ්‍රහ්ම (ශුද්ධ සිත්) නිධානය පාලනය කළාහුය.

“ගෙනෙනලද දොරටුවෙහි තබනලද මේ බමුණන් උදෙසා ශ්‍රද්ධාවෙන් කරණලද යමක්වේද, එය මොවුන්ට දියයුතුකොට සිතූහ.

“නොයෙක් වර්ණවත් වස්ත්‍රයන්ගෙන් හා ආසනයන්ගෙන්ද, වාසස්ථානවලින්ද ජනපද රටවල වාසය කරන්නාහු සමෘද්ධ වූවාහුද ඔහු බමුණන් වැන්දාහ.

“ධර්මයෙන් රැකුණු ඒ බ්‍රාහ්මණයෝ පැරදවිය නොහැක්කාහුද, දඬුවම් නොකළයුත්තාහුද වූහ. කිසිවෙක් ඔවුන් කුළගෙවල දොරින් නොවැළැක්වූවාහුය.

“ඔව්හු සතළිස් අට වර්ෂයක් කුමාර බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණාහුය. පැරණි බමුණෝ විද්‍යාවන් හා චරණයන් සොයමින් හැසුරුණාහ.

“බමුණෝ අනෙකක් කරා නොගියහ. ඔව්හු භාර්යාවන් මිලදී නොගත්තාහ. ඔවුනොවුන් හා ප්‍රෙමයෙන් සමග වාසයට පැමිණ සංවාසය රුචිකළහ.

“ඒ කාලය අත්හැර සෘතු භාවයෙන් වෙන්වූ තැනැත්තිය ලඟට අතරෙහිදී මෛථුන කර්මයට නොගියාහුය.

“මෛථුනයෙන් වෙන්වීමද, ශීලයද, ඍජුබවද මෘදුබවද තපස (ඉන්ද්‍රිය සංවරය) අනුකූලබවද අවිහිංසාවද ඉවසීමද වර්ණනා කළාහුය.

“තදවීර්ය ඇති යම් බ්‍රහ්මයෙක් බ්‍රහ්ම වැනි බමුණෙක් ඔවුන්ට ශ්‍රෙෂ්ඨවීද හෙතෙමේද සිහිනෙනුදු මෛථුනයට නොගියේය.

“ඔහුගේ සිරිත් අනුගමනයකර හික්මෙන්නාවූ මේ ලොකයෙහි ඇතැම් ඤාණවන්තයෝ බ්‍රහ්මචර්යාවද ඉවසීමද වර්ණනා කළාහුය.

“සහල්ද, ආසනද, වස්ත්‍රද, ගිතෙල්ද, තලතෙල්ද ඉල්වාගෙන දැහැමින් එක්කොට ඉන් යාගකළාහුය. යාගය පැමිණ සිටි කල්හි ඔව්හු දෙන්නු නොමැරූහ.

“මව්පිය සහෝදරයන් හෝ අන්‍ය නෑයන් හෝ යම්සේද, යමක් කෙරෙහි බෙහෙත් උපදිත්ද, ඒ ගවයෝ අපගේ ශ්‍රෙෂ්ඨ මිත්‍රයෝය.

“ආහාර දෙන්නෝය. ශක්තිය දෙන්නෝය. ශරීර වර්ණය දෙන්නෝය. සැප දෙන්නෝය. එසේම මේ කාරණය දැනගෙන ඔව්හු ගවයන් නොමරත්.

“සියුමැලි මහත් ශරීර ඇති, පැහැ ඇති, කීර්තිමත් බමුණෝ ස්වකීය ධර්මයන්ගෙන් යුක්තව කුදුමහත් කටයුත්තෙහි උනන්දු වූවාහුය. බ්‍රාහ්මණයෝ යම්තාක් ලෝකයෙහි පැවැත්තාහුද, මේ ප්‍රජාව සැප වින්දාහුය.

“රජුන්ගේ සම්පත්තියද අලංකෘත ස්ත්‍රීන්ද අණුවෙන් අණුවට දැක ඔවුන්ගේ විපර්යාසය විය.

“ආජානෙය අසුන් යොදනලද, මනාකොට කරණ ලද කොටස් වශයෙන් බෙදනලද, චිත්‍ර මසනලද රථද ගෘහවස්තුද වාසස්ථානද

“වගමණ්ඩලවලින් වටකළ, උතුම් ස්ත්‍රීසමූහයා ඇති, මහත් මනුෂ්‍ය සම්පත බමුණෝ කැමතිවූහ.

“ඔව්හු එහි සිට මන්ත්‍ර ගොතා ඒ ඔක්කාක රජු වෙතට පැමිණ යාගකරව. තොපට බොහෝ වස්තු වන්නේය. යාගකරව, වස්තුව බොහෝ වන්නේය. ධනය බොහෝ වන්නේය.

“බමුණන් විසින් දක්වනලද රථයන්ට වෘෂභයෙකු වැනි රජතෙම අසුන් මරණ යාගද, පුරුෂයන් මරණ යාගද සම්මාපාස නම් යාත්‍රා යාගයද වාජපෙය්‍ය නම් තිරිසනුන් මරණ යාගයද නිරග්ගල නම් යාගයද යන මේ යාගයන් කොට බමුණන්ට ධනය දුන්නේය.

“ගවයන්ද, අසුන්ද, වස්ත්‍රද ඉතා අලංකාර කළ ස්ත්‍රීන්ද ආජානෙය අසුන් යුත් මනාකොට මසනලද චිත්‍ර ඇති රථද,

“කොටස් වශයෙන් බෙදනලද රම්‍ය වාසස්ථානද නොයෙක් නොයෙක් ධාන්‍යයෙන් පුරවා බමුණන්ට දුන්නේය.

“ඔව්හුද එහි ධනය ලැබ නිදන්කොට තබන්ට කැමතිවූවාහුය, ආශාවට බැසගත් ඔවුන්ට බොහෝ සෙයින් තෘෂ්ණාව වැඩිවිය. ඔව්හු එහිදී මන්ත්‍ර ගොතා නැවතද ඔක්කාක රජු ලඟට ගියාහුය.

“ජලය පෘථුවිය රන්රුවන් ධන ධාන්‍ය යම්සේද ගවයෝ මිනිසුන්ට එසේය. එයම ප්‍රාණීන්ට උපකරණවේ. ඔබගේ බොහෝ වූ වස්තුව යාගකරන්න. ඔබගේ බොහෝ වූ ධනය යාග කරන්න.

“බමුණන් විසින් සංඥාකරණ ලද රථයන්ට වෘෂභයෙකු වැනි රජතෙම නොයෙක් ලක්ෂගණන් ගවයන් යාගයෙහි මැරවූයේය.

“පාවලින්වත් අංවලින්වත් හෝ කිසිවකිනුත් හිංසා නොකළ, ඇලුම්වත්, කළ ගණන් දොවින එලුවන් වැනි ගවයන් ඒ රජතෙම අංවලින් අල්ලා ආයුධයෙන් මැරුවේය.

“ගවයන් කෙරෙහි යම් ආයුධයක් හෙළනලද්දේද, ඉක්බිති (චාතුර්මහාරාජික) දෙවියෝද බ්‍රහ්මයෝද සක්දෙව් රජුද අසුරයෝද රාක්ෂසයෝද අධමයයි කියමින් හැඬූහ.

“පෙර ඕනෑකමද බඩගින්නද මහලුවීමද යන රොගතුනක් ලෝකයෙහි වූවාහුය. සතුන් මැරීම නිසා අනූඅටක් වූහ.

“ත්‍රිවිධ දණ්ඩන අතර පුරාණවූ, මේ බැසගැනීම අධර්මයෙකි. යාගකරන්නේ අනුන්ට ද්වෙෂ නොකරණ ගවයන් මරත්ද, ධර්මයෙන් පිරිහෙත්.

“මෙසේ මෙය හීන ක්‍රියාවකි. පුරාණය දන්නවුන් විසින් ගරහන ලද්දේය. යම් තැනක මෙබන්දක් දකීද, ජනයා යාගකරන්නාට ගර්හා කරයි.

“මෙසේ (පුරාණ බ්‍රාහ්මණ) ධර්මයනට කල්හි ශුද්‍රයන් හා වෛශ්‍යයෝ භෙදවූහ. ක්ෂත්‍රියයෝද බෙහෙවින් භෙදවූහ. භාර්යාව ස්වාමියාට අවනම්බු කළාහුය.

“ක්ෂත්‍රියයෝද, බ්‍රාහ්මණයෝද ගොත්‍රය රකින යම් අන් කෙනෙක්වේද; ජාතිවාදය නිසා නැසී කාමයන්ගේ වසඟයට ගියාහුය.”

සියලු සත්වයෝ සුවපත් වේවා …

 

 

Leave a Reply