
අද දින 2015/08/24 ජනකලියනගේ මහතා විසින් සන්නිවේදන උපකරණ කට්ටලයක් කුරුණෑගල නැළව පරමාර්ථ ධර්මායතනයට පූජා කලා .
එතුමා මේ වෙනුවෙන් රු 40,500/- ක මුදලක් යොමු කලත් ඒ සදහා අපට වියදම් වූයේ 29,200.00 ක් පමණයි. ඇම්ලිෆයරය, සහ බෆල් සදහා රු 28,500.00 ක් පමණක් වැය උනා. ප්‍රවාහනය සදහා රු 700/- ක් පමණ වැය උනා. ඉතිරි මුදල් පිලිබද එතුමා දැනුවත් කලා.
පින්වත් යාලුවනේ ඔබ හිතන්නෙ මේ දානය කුමන වර්ගයට අයත් එකක්ද කියලද ? මේක මහා ධර්ම දානයක්.
පින්වත් යාලුවනේ, බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.‘
වරත් බුදුහාමුදුරුවො දේශනා කරනව “ධම්මං විනා නත්ථි පිතාච මාතා ”කියල. ධර්මය ඉක්මවා ගිය මවෙක් පියෙක් නොමැත කියලයි කියන්නෙ.
ඊලගට “ ධම්මෝෂධ සමං නත්ථි – ඒතං පිවත භික්ඛවෝ ” කියල කියනව. ඒ කියන්නෙ ධර්මය හා සමාන ශසුවක් නැත, එය පානය කරව් කියල.
ඊලගට “සබ්බ දානං ධම්ම දානං ජිනාති ”
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ කියල කියනව. මේ සියල්ලෙන්ම ධර්මය කොතරම් අපිට වැදගත්ද කියල ඔබට හිතෙනව ඇති.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.
බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
කීර්තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)
ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.
ධර්ම දේශනා කිරීම
ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
ධර්මය ඉගැන්වීම
පිරිස් වලට බණපොත් කියවීම
අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම