Skip to main content

භග්‍යවතුන් වහන්සේ උදෙසා සිදුකල අසිරිමත් 25වන කරඩු පූජාව …

By February 11, 2021Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය දවසක අපි තවත් අසිරිමත් කරඩු පූජාවක් කලා. ඒ අම්පාර මහා වාපිය විහාරස්ථාවයටයි.

.මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි හා චානක මහත්මයා විසින්. මේ වෙනුවෙන් ලබා දුන් මුදල රු 125,000.00ක්.

 වියදම්

අඩි 04.5 කරඩුවට———- රු 90,000.00
ප්‍රවාහන වියදම්————– රු 3,000.00
———————————————-
වියදම———————– රු 93,000.00

 ඉතිරි මුදල————————————– රු 32,000.00

 ඊලග පින්කම වෙනුවෙන් මෙම මුදල් යොමු කෙරේ.

 . බුදු හිමියන්ගේ ශ්‍රී මුඛ දේශනා වල දාගැබ්නිර්මාණය කිරීමේ ආනිසංස මෙසේ දැක්වෙනවා …

 “ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්බුදු රජහු ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයා සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව් ලොවෙහි උපදිති….. සිව් මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද සකසා වන්දනා කරන්නාහු ද සිත හෝ පහදවා ගන්නාහු ද එය ඔවුන්හට බොහෝකල් හිත සුව පිණිස වන්නේය.”

  (මහා පරිනිබ්බාන සූත්‍රය – දී. නි. 2)

  “නයිමස්මිං ලෝකේ පරස්මිං වා පන
 බුද්ධේන සෙට්ඨෝ ව සමෝ ව විජ්ජති
ආහුනෙය්‍ය තං පරමාහුතිං ගතෝ
පුඤ්ඤත්ථිකානං විපුල ඵලේ ඨිතන්ති.”

 “මෙලොව හෝ පරලොව හෝ පිනෙන් ප්‍රයෝජන ඇති මහත් වූ පින් පල කැමැත්තවුන්හට, පුද පූජා පැවැත්විය යුතු උතුමන් අතර පරම පූජනීය භාවයට පැමිණි බුදුරජාණන් වහන්සේ ම ශ්‍රේෂ්ඨ වන සේක. බුදුරජුන් හා පූජනීය භාවයෙන් සම වූ කෙනෙක් නැත්තේම ය.”

  (මහාරථ විමාන – විමාන වත්ථුපාළි)

  පුන්නාගපුප්පිය රහතන් වහන්සේගේ ථේර ගාථා මීට කල්ප අනූ දෙකකට පෙරමනුෂ්‍ය ලෝකයේ වැද්දෙක් වූ මම එක්තරා දිනක මහා වනයට පිවිසියෙමි. පිපුන මල් ඇති දොඹ ගසක් දැක බුදුරජාණන් වහන්සේව සිහි කලෙමි. බුදු රජාණන් වහන්සේ උදෙසා වැලි වලින් සෑයක් කොට දොඹ මල් නෙලා සෑයටපූජා කලෙමි. එදා මම බුදු රජාණන් වහන්සේ උදෙසා සිදු කල ඒ උතුම් පූජාව නිසා කිසි කලෙක දුගතියක (කල්ප අනූදෙකක් ) නොඉපදුනෙමි. ඒ පිනෙන් මෙයින් අනූ එක වෙනි කල්පයෙහි සක්විති රජ කෙනෙක් වුනෙමි. මේ ජීවිතයේදීසිව්පිලිසිබියාවන් සහිත අරහත්වයට පත් වුනෙමි. (අපදාන පාලිය ඇසුරෙනි)

  ඉතින් මේ කරඩුව පූජා කිරීමෙන්ද ඒ හා සමාන විපාක ලැබෙනවා.

  අපි දැන් දාගැබ් කරවීමේ ආනිශංස මොනවාදැයි විමසා බලමු.

 1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.

2’ශරීරයේ කිසිම කැළලක් හටනොගනී

3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි

4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි

5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ

6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ

7.සක්විති රජ පදවිය හිමි වේ

8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ

9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ

10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ

11.නිර්වාණය අවබෝධ වේ

12.එතෙක් කිසිදු දුගතියක නූපදී

  පිරිසිදු සිතින් තමන්ට හැකි අයුරින් පුංචි වූ පිංකමක් කලද එහි වටිනාකම කියා නිම කල නොහැක . නිවන් දක්නා ජාති දක්වාම සැප විපාක ගෙනදෙන්නකි.

බුද්ධ ප්‍රමුඛ තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම
—————————————————————————————–
කෝටි ලක්ෂයක් සක්වලට ආඥා චක්‍රය පැතිර වූ භාග්‍යවතුන් වහන්සේටද,

උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්රශ්රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්රාවකයන් වහන්සේලා / ප්රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

 අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද ? බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්ය ප්රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

 නොපැමිණි / උතුම් වූ ඒ භාග්යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

 අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු / නිරවද්ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

  ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබත් අන් සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

 ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්රඥාවයි. මෙපින් බලෙන් ප්රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

 එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්රමාණයද අප්රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්යයක්..

  එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු  ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා. අපිට ආහාර පාන නවාතැන් ලබාදුන් සියලු පින්වතුන්ටත් මේ පින් හිමිවේවා.

  ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.

 සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

 පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්රාර්ථනාවන් ඉටුවේවා. ව්යාපාර, අධ්යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

විශේෂයෙන්ම කායිකමානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසානොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පිනහේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ටඅභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටනොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන්ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙනපරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපතලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා.සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙකසිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා,අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටනොලැබේවා, අපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණට, මහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවා.බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන් වහන්සේ නළල්තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා. තව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතරවරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතන උතුම් අධිගම ලාභය ඒඅයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරක බාධක, සතුරු උපද්‍ර‍,රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් ,තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන්වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදීඋප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්, තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක්ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් ඒ සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම්සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක්තත්පරයක් පාසාරත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වාවිහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍ර‍ඥා පහල වේවා. වාප පිත් සෙම් තුන්දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා,කර්ම, ඍතු, ආහාර, චතුසමුට්ඨානික, ඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා. සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන්විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා

 

 

 ජයශ්රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ ඒ දිව්යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

 පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

  බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම  වෙනුවෙන් මම එරන්ද ලක්මාල් …

Karandu Pooja -25

Karandu Pooja -25 _Mahawapiya