Skip to main content

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් තවත් ආලෝක පූජාවක් සිදුකල වගයි …

By April 10, 2016May 6th, 2016All Posts

2016 මාර්තු මස 31 වැනිදා අපි තවත් විදුලි ආලෝක පින්කමක් සිදු කලා.  ඒ ඇස් පෙනීම අහිමි වූ කාන්තාවක් වෙනුවෙන් විදුලි ආලෝකය ලබාදීමයි. ඇයට ඇස්පෙනීම අහිමි උවත් ඇගේ දියණියට හා දෙමාපියන් වෙනුවෙන් ඒ ව්‍යාපෘතිය සිදුකලේ. ඒ පින්වත් මිතුරෙක් වෙනුවෙන් පින් අනුමෝදන් කරවීමටයි. ඒ විස්තර පහත දැක්වෙනව.

මේ සදහා

හිරන්ත මදුසංක මහතා   රු   7600.00
යසිත බෝගමුව මහතා   රු   1000.00
පදනමේ අරමුදලින්        රු 13,400.00
————————————————–
මුලු වියදම                      රු  22,000.00

මුලු වියදම රු 20,650.00

ඇය නිවස වයරින් කරල තිබුනෙ. ඉතිරි මුදලින් අවශ්‍ය විදුලි බල්බ ආදිය ගන්න කියල ඉතිරි රු 1350.00 ඇයටම ලබාදුන්න.

විදුලි ආලෝක පූජාවත් වැටෙන්නේ ආලෝක පූජාවක් ලෙසටයි. පහන් පූජාවේ අනුසස් විදුලි ආලෝක පූජාවේ අනුසස් වලට සමානයි. මේ බලන්න පහන් ආලෝක පූජාවේ අනුසස් මොනවද කියල.

පහන් පූජාවේ අනුසස්,

“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයිතථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේදආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි.එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑමපිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද

ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි.

පහන් ( ආලෝක) පූජාවේ අනුසස් –

ප්‍රඥාව ලැබීමට හේතු වීම

හො‍ද ඇස් ලැබීමට හේතු වීම

දිවැස් ලැබීමට හේතු වීම

පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම

ඍධිමය හැකියා පහළ වීම

ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම

ඇස් රෝග නොවැලදීම

දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝඅනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත්මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවරසහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ.පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමටකළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේවදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළසත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවාළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන්පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත්පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වාහිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටාතබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටාසර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.

එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස්ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන්වහන්සේ)

මේ පින්කමට දායක වූ හිරන්ත මල්ලිටත් යසිත මල්ලිටත් පදනමට මුදල් එවන සියලු දෙනාටත් අනේක වාරයක් පින් සිදුවේවා.  මෙපින් බලෙන් මේ භවයේ පටන් උපදින හැම භවයකදීම නැහැ බැහැ කියන වචනය ඇසෙන්මානයකවත් නොයිපදී ධනයෙන් බලයෙන් ආරූඪව උත්පත්තිය ලැබීමටත්, හැම භවයකදීම දානාදී පාරමිතා පුරන්නටත් හැකියාව ලැබේවා. දෙවි බඹුන් පවා සාදුනාද දෙන මෙවන් මහ පින්කම් වල බලයෙන්  සියලු කටයුතු සාර්ථක වේවා. සියලු අනතුරු, කරදර, දුක් කම්කටොලු අරුණ දුටු ගනදුර මෙන්,  හිරු දුටු පිණිමෙන් විද්වංසනය වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් මල් මෙන් සුපිපේවා. නිවන් දක්නා ජාති දක්වා අසවල් දේ අඩුයැයි කිව නොහැකි තරමින් ඔබේ ජීවිතය පරිපූර්ණ වේවා. උපදින හැම භවයකම බුදුබණ ඇසෙන මානයකම උපත ලැබේවා. කිසිම භවයක මිත්‍යා දෘෂිඨියක් ඇති උපතක් සිදුනොවේවා. සිදුකල ආලෝක පූජාවේ බලයෙන් උපන් උපක් ආත්මභායන්හිදී හිරුමෙන් මහා රශ්මියක් විහිදුවන අභිමානවත් බව ලැබේවා. තරු අඅතරට වන් සූර්ය රාජයෙක් සේ ඔබ අන් අය අතර බැබලේවා. ඒ විතරක් නෙවෙයි. ලබාදුන් ආලෝකයෙන් අන් අයට අදුරෙහිදී ඇති බාධා දුරු උනා වගේ ඔබගේද සියලු බාධාවෝ දුරු වේවා. සර්ප ආදී සතුන්ගෙන් අන් අයට ලබාදුන් ආරක්ෂාව තුලින් ඔබටත් සතරවරම් දෙවි රැකවරණය නිවන් දක්නා ජාති දක්වාම ලැබේවා.ආලෝකය මෙන් මහා ප්‍රඥාවෙන් යුක්තව ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධ කරගන්නට මේ පින්කම හේතුවාසනා වේවා.

මෙවන් පින්කමක් සිදුකල පුතුන් දූවරුන් බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඔවුන්ගේ ජීවිත සැපවත් වේවා. නිදුක් නිරෝගී ජීවිත හිමිවේවා. ජරා, ව්‍යාදි, මරණ යන දේවල් කාටත් පොදු උවත් ඉන් ලැබෙන අපහසුව දුරුවී සුවදායක ජීවිතයක් උදාවේවා. …

ඔබේ සමීපතමයන්ටද මේ පින් හිමිවී දිවිගමන යහපත් වේවා … . පරලෝ සැපත් වී ඇත්නම් ඒ අයට දුකින් තොර සැපවත් ජීවිතයක් ලැබේවා

මේ පිනෙන්  සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාව නිවන්දක්නා ජාති දක්වාම ඔබට හිමිවේවා. අවසනදී පතන බෝධියෙන් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා …

මෙව්න් මහ පින්කම සිදුකරන්නට අපටත්  වාසනාව ලැබුන. ඒ මහා පින් බෙලෙන් මෙවන් මහා පින්කම් වැඩි වැඩියෙන් කරන්නට ශක්තිය වාසනාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් වැඩි වැඩියෙන් මහ පින්කම් කරන්න වාසනාව ලැබේවා. කෙලවර පතන බෝධියෙන් නිර්වාණ අවබෝධයටත් ලෝක සත්වයාට නිවන් මග පෙන්වමින්, අපමණ සත්ව වර්ගයාට නිවන් මග පෙන්වීමටත් මේ පින්කම් හේතුවාසනා වේවා.

චායාරූප නරඹන්න

දෙනෙත් අද කාන්තාවක් සිටින අසරණ පවුලකට විදුලි ආලෝකය ලබාදීම ...

දෙනෙත් අද කාන්තාවක් සිටින අසරණ පවුලකට විදුලි ආලෝකය ලබාදීම … ( 2016)

වීඩියෝව නරඹන්න