Skip to main content

පින්වත් මිතුරන්ගේ පූර්ණ දායකත්වයෙන් කෝඩුකාරයන් රැගෙන සිරිපා කරුණ‍ාකල වගයි …

By March 15, 2016May 6th, 2016All Posts

පින්වත් යාලුවනේ අපි පසුගියදා මහා පින්කමකට දායක උනා. ඒ පසුගිය මාර්තු 10 වැනිදා කෝඩුකාරයන් සමග සිරිපා කරුණා කලා. කවදාවත්  සිරිපා කරුණා කරන්න අවස්ථාවක් නැතිව තිබූ අහිංසක දෙමාපියන් ඇතුලුව පුංචි දුවා දරුවන් සමගයි අපි කරාණා කරන්න ගියේ.

Nelosendi Sendi මහතා රු 16343.00
සමීර ධනුෂ්ක රු 5000.00
ක්‍රිෂාන්ත ගමගේ මහතා රු 5000.00
මදු සුදාරි නංගියා රු 2,000.00
දිනේශාන් උදාය කුමාර මහතා රු 1500.00
රුවන් ධනුෂ්ක මහතා රු 1,500.00
චතුරි විසුම්පෙරුම නංගියා රු 1000.00
නුවන් කරුණාවර්ධන මහතා රු 500.00
හිරන්ත මදුසංක මහතා රු 500.00
———————————————
මලු එකතුව  රු 33343.00

 

වියදම්

බස්රථය සදහා රු 20,000.00
සියලු මව්පියන් දරුවන් සදහා දින දෙකකට ආහාර වියදම රු 8,250.00
ආලේක පූජාවට හා සංවර්ධන අරමුදලට පරිත්‍යාග කිරීම් රු රු 2500.00
———————————————-
මුලු වියදම රු 30,750.00

ඉතිරි මුදල් රු 2593.00 ඉදිරි පින්කමක් සදහා අරමුදලට බැරකලා.
පිංවත් යාලුවනේ අපි සිරිපා කරුණා කරනවටත් වඩා මහා පිනක් තව කෙනෙතුට ඒ සදහා අවස්ථාව සලසා දෙන එක. ඉදුනිල් මිණි මැණිකක් මත පිහිටියා වූ ලොව්තුරා බුදුහිමියන් වහන්සේගේ 108ක් මගුල් ලකුණින් විසිතුරු වූ පරම පූජණීය රන් සිරිපා පියුම වැදගන්නට අපිත් එක්ක කෝඩුකාර දෙමාපියන් සහ පුංචි දරුවන් සහභාගි උනා. කිසිම දවසක සිරිපා කරුණා නොකල ඒ අහිංසක දෙමාපියන්ට ආයෙත් කවදාවත් සිරිපා කරුණා කරන්න යන්න වෙන්නෙ නැතිවෙන්න පුලුවන්. මොකද වැඩි දෙනෙක් බොහොම වියපත් වෙමින් සිටින දෙමාපියන්. නැවත ඒ අයට ශ්‍රීපා කරුණා කරන්න යන්න තරම් ශක්තියක් නැතිවේවි. ඒ තරමටම වයසයි. ඉතින් ජීවිතේ එකම වතාවක් හරි රන් සිරිපා පියුමේ හිස තියල ආශිර්වාද ලබන්න ඒ ඇත්තන් වාසනාවන්ත උනා. ඒ සියලු පින්කවල අපමණ බලමහිමය පින්වත් ඔබට ලැබෙනව. මේ මහා පින්කමේ  අනුහසින් පින්වත ඔබවන් දරුවන් බිහිදල රත්තරන් දෙමාපියන්ට නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. ඒ අය මියපරලොව ගොස් ඇත්නම් වඩාත් සුව දායක දිවියක් උදාවේවා. ඔබගේ දයාබර දුවා දරුවන්ටත්, සොහායුරු සොහොයුරියන්ටත් මේ පින් හිමිවේවා. ඒ අයගේ සියලු යහපත් පැතුම් ඉටුවේවා.

 

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

අසිරිමත් සිරිපා වන්දනාව - 2016

අසිරිමත් සිරිපා වන්දනාව – 2016

වීඩියෝව නරඹන්න. වීඩියෝ ගත කිරීමට අවසර නොමැති තැන් පිලිබද උපුටාගැනීම් කල බව කරුණාවෙන් සලකන්න.