Skip to main content

නව වසරට අසිරි පතමින්, ධර්ම ශාලාවක් ප්‍රතිසංස්කරණ මහ පින්කමකට දායක වෙමින්, අටවිසි බෝධි පූජාවකට සහභාගි වෙමින් 2014 වසරේ අවසන් දින රු 96,400/- මුදලක් ගෞතම බුදුසසුනට පූජා කල වගයි …

By January 8, 2015All Posts

අපි තවත් ලොකු පින්කමක් කලා. ඒ ගරා වැටී ඇති ධර්මශාලාවක් ප්‍රතිසංස්කරණය සදහා රු 96,400/- ක මුදලක් ගෞතම බුදු සසුනට පූජා කලා. ඒ වගේම ඒ සදහා මුදල් ලබාදුන් සියලු සෙනා නමින් අටවිසි පූජාවේදී අෂ්ඨ පරිෂ්කාර පූජා කලා. මේ පින්කම වෙනුවෙන් බොහෝ දෙනෙක් සහභාගි වූ අතර සමහර අයගේ නම් ගම් හරිහැටි සොයාගන්න බැරි උනා. ඒ අයගේ නම් ඉදිරියෙන් හිස්තැනක් තියල ඇති. සමහරැ කථාකල දුරකථන වැඩ කරන්නෙ නැහැ පස්සෙ. ඉතින් දුරකථන අංකයේ භාගයක් සටහන් කරල තියෙනව. බොහො දෙනෙක් තමන්ගෙ නම් ඉදිරිපත් කරනවට අකමැති නිසා නම් වල කොටස් පමණක් දාල තියෙනව.

1          කතරගම ගෞතම හිමි      රු 500.00

2          සේපාලිකා ගමගේ මෙනෙවිය   රු50000.00

3          නදීරා තේජානි මිය       රු15000.00

4          වත්සලා කරුණානායක මෙනෙවිය.      රු1000.00

5          නන්දන මහතා රු6000.00

6          රුවන් එස්. ජයසිංහ මහතා        රු1700.00

7          අමිල රුවන් මහතා       රු2000.00

8          විමලා මුණසිංහ මිය      රු2000.00

9          මංජුලා මිය       රු1500.00

10        රංජිත් මුණසිංහ මහතා රු1500.00

11        සමීර මධුරංග මහතා     රු1500.00

12        කවිදු මිහිරාන් මහතා    රු1200.00

13        අනුෂ්ක මධුරංග මහතා රු1000.00

14        දරිත ප්‍රසාද් මහතා         රු1000.00

15        ———–         රු1000.00

16        චන්දිමාල් සංජීවනී මිය රු1000.00

17        රුමේෂා තරංගනී මිය    රු1000.00

18        දු.ක. ෆෆෆෆ960           රු1000.00

19        මාධව තිලකරත්න මහතා         රු1000.00

20        පබුදුනි රූපසිංහ මෙනෙවිය       රු1000.00

21        තිළිණ විෙජ්වර්ධන මහතා.    රු500.00

22        ඩී.එස්.එම් අමුණුගම මිය           රු2000.00

23        මධුර මහතා.     රු2000.00

ලද මුලු මුදල රු 96400.00

තවත් බොහෝ දෙනෙක් මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු උනත් ඒ අයට කාලය මදිවීම ගැන කණගාටු උනා.

අද දින පින්කම් තුනක් ඔබ කරගත්ත

  1. අටපිරිකර පූජාව
  2. අටවිසි බුද්ධ පූජාව
  3. ධර්ම ශාලාවක් සාදන්න දායක වීම

අටපිරිකර යනු මහණ උපසදම්පදාව ලැබීමට අත්‍යවශ්‍ය පිරිකර අටක එකතුවකි. අදනය, පටිය,තනිපට සිවුර, දෙපට සිවුර, පාත්‍රය, දැලිපිහිය, කරකැත්ත, පෙරහන, ඉදිකටු, නූල්බෝලවශයෙන් ශ්‍රමණ පරිසකර අට දැක්වේ. කැප සරුප් ලෙස පිළියෙළ කරන ලද අටපිරිකර පූජාවේආනිශංස අති මහත්ය. අරහත් භාවය ලබා ගැනීමට පවා මෙම පූජාව උපනිශ්‍රය වන බව සූත්‍රපිටකයේ සඳහන් වේ. සියලු සැපතින් සිපිරු දෙව් මිනිස් භවයන්හි භාග්‍යමත් උපතක් ලැබීමටපවා ලෞකික වශයෙන් හේතුවන අතර, නෛර්යාණික බුදුසසුනක උතුම් පැවිද්ද ලබා අරහත්භාවයට පත්වීමටද මෙය වෙන වෙනම හේතුවන බව පිළින්දවචඡ ථෙරපදානයෙහි දැක්වේ.

අටපිරිකර පූජා කිරීමේ ආනිශංස මහත්ඵලය . මේ අසිරිමත් වු ආනිශංස ඒකාන්ත වූ සැදැහැසිතින් දරා පූජාවන් සිදු කරන්නේය ද එය මහත්ඵල මහානිශංස වන්නේය.

අටපරිකරෙහි චීවර වර්ග තුනකි. තුන් සිවුර යනුවෙන් අපි එය හඳුන්වන්නෙමු. තනිපටසිවුර, දෙපට සිවුර අදනය මෙයට අයත්ය. මෙම තුන් සිවුරු පුජා කිරීම නිසා,

1.රන්වන් සිරුරක් ලැබීම 2. ශරීරයේ දූවිලි නොවැසීම 3. රැස් ෂහිදෙන වර්ණවත් ශරීරයක්ලැබීම

4.මහත්වූ ප්‍රතාප බවක් දිස්වීම 5.සිනිඳු ශරීරයකට හිමිකම ලැබීම 6. සසර ගමනෙහි සෑමභවයකදීම සුදු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම 7. සසර ගමනේ සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්‍ෂගණනික් දැරීම 8. සසර ගමනේ සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම සිදුවේ.

අට පිරිකරට පාත්‍රය අනිවාර්ය වේ.

පාත්‍ර පිදීම නිසාද ආනිශංස දහයක් ලැබෙන බව අපදාන ග්‍රන්ථයේ දැක්වේ. එනම්, 1. රන්, රිදී,මැණික් තලි පරිභෝජනය කිරීමට ලැබේ. 2. කිසිදා උපද්‍රව සිදු නොවේ. 3. අනතුරු වලින් වලකියි.4. සෑම තැන්හි ගරු පුද ලබයි 5. ආහාර පාන වස්ත්‍ර සයනාසන නොඅඩුව ලැබේ. 6. භව බෝගනොනැසේ. 7. ස්ථීර වූ සිත් ඇතිවේ. 8. සෑම කල්හි ධර්මය රුචි කෙරේ 9. මද කෙලෙස් සහිත වේ.10. කාම භව දිට්ඨි ආශ්‍රව රහිතව ජීවත් වේ.

දැලි පිහියා පිදීමේ අනුසස් 6 කි. ඒවා නම් 1. සෑම කල්හිම සූරයෙක් වේ. 2.නොවිසිරුන සිත්ඇත්තෙක් වේ. 3.විශාරදත්වයෙහි යුතු වේ. 4. ධෛර්ය ඇතිව වෙසේ. 5. වීර්ය ඇතිව වෙසේ. 6.ඍජු සිත් ඇත්තෙක් වේ 7. කෙලෙස් සිදී සූක්‍ෂම ශ්‍රද්ධාග්‍රණය ලබයි.

පෙරහන් කඩ පිදීමේ ආනිසංස 5 කි.

1.සෑම දෙනා ඉක්මවා දීර්ඝායුෂ විදීමට 2. කිසිදාක හොරුන්ගෙන් හිංසා නොවීම 3. සතුරු විපත්නැතිවීම 4. ආයුධ වස විෂ වලින් අනතුරු නොවීම 5.අතුරු මරණ නොමැතිව පරමායුෂ වැළදීමටලැබීම

පටි පිදීමද මහානිශංස සහිතයි

1.සමාධීන් හි අකම්පිත වීමත් 2. සමාධින් හිදි වශී භාවයට පැමිණීමත්, 3.නොබිදෙන පිරිස්ඇතිවීම 4. සැම විට තම වදන් අනුන් පිළිගැනීම 5. සිහියෙන් සිටීම 6. කිසිදු භවයකදී බියක්හෝ තැති ගැනීමක් ඇති වීමක් නොවේ.

මීට අමතරව තවත් අනුසස් රාශියකි.

ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදීසත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකාසමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත්කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදීතත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැපවිඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.

එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දීඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තාපක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනාආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූනිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.

එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබාගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ.

අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එමකරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසිදහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝඅටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.

ඒ හේතුවෙන් එදා ගෞතම බුදුන් හමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගතනොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවීපිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම්එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.

මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන්වේ.

ඊට අමතරව බුද්ධ පූජාවේ අනිසංස කියල නිම කරන්න බැරි තරම්. ඊලගට ධර්ම ශාලාව ප්‍රතිසංසකරණය කියන්නෙ ධර්ම දානයක්, සදා පනින් වැඩෙන පින්කමක්,  අට මහා කුසල් වලින් එකක්. මේවගෙ ආනිසංස මම විස්තර කරල තියෙනව. නැඩි විස්තර  www.sasuna.blogspot.com මෙතනින් බලන්න පුලුවන්.

අද මේ පින්කම වෙනුවෙන් දායක වූ කතරගම ගෞතම හිමි, සේපාලිකා ගමගේ මෙනෙවිය, නදීරා තේජානි මිය, වත්සලා කරුණානායක මෙනෙවිය, නන්දන මහතා,       රුවන් එස්. ජයසිංහ මහතා, අමිල රුවන් මහතා, විමලා මුණසිංහ මිය, මංජුලා මිය,  රංජිත් මුණසිංහ මහතා, සමීර මධුරංග මහතා , කවිදු මිහිරාන් මහතා,         අනුෂ්ක මධුරංග මහතා,            දරිත ප්‍රසාද් මහතා, චන්දිමාල් සංජීවනී මිය, රුමේෂා තරංගනී මිය, මාධව තිලකරත්න මහතා, පබුදුනි රූපසිංහ මෙනෙවිය, තිළිණ විෙජ්වර්ධන මහතා, ඩී.එස්.එම් අමුණුගම මිය,  මධුර මහතා,   ඇතුලු නම් සදහන් නොකල  ඔබ සියලු දෙනාම ඉතාම වටිනා පින්කම් තුනක් කරගත්තෙ. ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනෙක් අපිට නිරන්තරයෙන් දහස් ගණන්, ලක්ෂ ගණන් එවනව නොයෙක් පින්කම් කරන්න. මෙතන ඉන්න අපේ සොයුරු සොයුරියන් සිදුකරන පින්කම් රාශියක් මේවනවිටත් සිදුවෙමින් පවතිනව.

අද දින ඉතාම කාර්ය බහුල දිනක්. ගිනුම් තැබීම් ආදී රාජකාරී වැඩ රාශියක් තියෙන නිසා වෙන වෙනම පින් දෙන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා සියලු දෙනා වෙනුවෙන් මේ විදිහට එකවර පින් දෙන්නම්.

පින්වත් යහලුවනේ, අපිට මේ ලැබිල තියෙන දුර්ලභ මිනිස් දිවිය තුල, අති දුර්ලභ සම්මා සම්බුදු ධර්මය පවතින කාලයක ඔබ මේ සිදුකරගත්තෙ කල්ප කෝටි ගණනක් ආනිසංස ලැබෙන මහා පින්කම් තුනක්. ඒවානම්

  1. අටපිරිකර පූජාව

02.අටවිසි බුද්ධ පූජාව

03.ධර්ම ශාලාවක් සාදන්න දායක වීම

මේ පින්කම් තුනේම ආනිසංස කියන්න මගෙ ජීවිත කාලයත් මදිවේවි. එතරම්ම මහා පින්කමක් ඔබ සිදුකර ගත්තෙ. ඉතින් මේ මහා පින්කමමේ අනන්ත ආනුභාව බලයෙන් පළමුව ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ශා කරන මිත්‍ර මෛත්‍රී බෝධිසත්වයන් ඇතුලු දේව සමූහයාට පින් පඩුරක් ලෙස අනුමොදන් වේවා. ඊලගට ඔබ වන් වාසනාවන්ත, පින්බර දූ පුතුන් බිහිකල රත්තරන් දෙමාපියන් දෙදෙනා මියගොස්නම් ඒ අයට මේ පින් ලැබී සැපතින් සැපතට පත්වේවා. සැපවත් තැන්වල සිටීනම් ඒ සැපය වඩා වර්ධනය වේවා. ඒ පින්බර දෙමාපියන් ජීවත් වේනම් ඔවුන්ගේ කායික මානසික සියලු දුක් කම්කටොලු හිරු දුටු අදුර මෙන් විද්වංසනය වේවා. සියලු දුක් කරදර දුරුවී වාසනාවන්ත කාලයක් උදාවේවා. මියගිය අනෙත් නෑ හිත මිතකුරන්ටද හිමි වේවා‍.

ඔබේ දූ පුතුන්, පවුලේ හිතවතුන් මේපින් ලැබී සැපතින් සැපතට පත්වේවා. දූ දරුවන්ගේ සියලු අධාපනික කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් පැත්මන් ඉටු වේවා.

පින්වත් යාලුවනේ, ඔබවන් කළණ මිතුරන් නිසයි සම්බුද්ධ ශාසනය අදත් මේ ලොව තුල විරාජමාන වෙන්නෙ. ඔබ නොදන්නව උනාට ඔබ මේ කරන්නෙ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට උදාරතර සේවයක්. මින් ජනිතවන සියලු පින් ඔබේ දිවිය සාර්ථක කරත්වා. සියලු දුක් කරදර දුරුවේවා. උපදින හැම භවයකදීම නැහැ, බැහැ කියන වචන අසන්නටවත් නොලැබේවා. වැඩි වැඩියෙනක් වස්තු සම්පත් ලැබී වැඩි වැඩියෙන් දානාදී පාරමී පුරන්නට සිත් පහල වේවා. සියලු දුක් දොම්නස් දුරුවී සසර පුරාම සුගති ආත්ම වලම උත්පත්තිය ලබා කෙලවර අමා මහ නිවනින් සැනසීම ලබන්නට ඔබට හැකිවේවා.

ලබන්නාවූ නව වසර සාමය, සතුට, සම්පත පිරි සුභ අලුත් අවුරුද්දක්ම වේවා …

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා …

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා …

පුෂ්පදේව බෝධිය ...

පුෂ්පදේව බෝධිය සංරක්ෂණය …