
අද දින මාවනැල්ලේ, දෙවරගම්පල ශ්‍රී නීග්‍රෝධාරාමයේ ධර්මශාලාව ඇතුලු බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලේ වහලය සදහා අවශ්‍ය සෙවිලි තහඩු ( ඇස්බැස්ටොස් ශීට් ) ලබාගැනීමටත්, වහලය සදහා අවශ්‍ය ලී සදහා ආධාර පිණිසත් රු 126,000/- ක් ශාසනයට පූජා කලා. මෙහි විශේෂත්වය ධර්ම ශාලාව සමග එය ස්වාමීන් වහන්සේලාට ලැගුම් ගෙයක් ලෙසින් ද පරිහරණයට හැකි වීමයි.
ඒ අනුව මෙය ධර්මශාලාවක්, ලැගුම් ගෙයක් වගේම දහම් පාසැල් ගොඩ නැගිල්ලක් ලෙසත් භාවිත වෙනව.
මේ පින්කම සිකුකෙරුනේ මංජුලා මහත්මියගේ දැනුවත් කිරීමක් මත වන අතර
මේ සදහා
රොෂාන් ප්‍රගීත් මහතා රු 96,000.00
පුෂ්පකුමාර කරුණාසිංහ මහතා රු 30,000.00
_______________________________________
මුලු මුදල රු 126,000.00
පින්වත් යාලුවනේ මේක සුලු පින්කමක් නෙවෙයි. අටමහ කුසල්වලට අයත් පින්කමක්. මේ බලන්නකෝ.
කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස
පටිමා කාරණං පිච
කරණං වච්චකුටියා
අට්ඨ පුඤ්ඤාති චුච්චරේ (කඨින විනිශ්චය)
ඉහත ගාථාවේ සඳහන් වන පරිදි අට මහ කුසල් වන්නේ, 1. කඨින දානය, 2. අටපිරිකර පූජාව, 3. ආවාස සාදා පූජා කිරීම, 4. බුද්ධ ප්රමුඛ මහා සංඝයාට දන් දීම, 5. ධර්මය ලිවීම, 6. කෙත්වතු පිදීම, 7. බුද්ධ ප්‍රතිමා කරවීම, 8. වැසිකිලි කැසිකිළි සෑදීම යන පූජාවන් ය.
පින්වත් යාලුවනේ අටමහා කුසල් කියන්නෙ ආනන්තරි පාපකර්ම හැර අනිත් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහත්ඵල මහානිසංශ ලබාදෙන පින්කම්. ඒ අනුව මෙය බහුකාර්ය ගොඩනැගිල්ලක් නිසා කුටි ( ආවාස ගෙය) ලෙසද, ධර්මදානය සදහා පහසුකම් සැලසීම ත් ඛර්මදාන පින්කමටම හේතුවන නිසා එලෙසින්ද යන අට මහා කුසල් දෙකකට අයත්වෙනව.
වරක් බුදුහිමියන් වහන්සේ මෙහෙම දේශනා කලා
ආරාමරොපා වනරොපා – යෙ ජනා සෙතුකාරකා
පපංච උදපානං ච – යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තො ච – සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨං සීලසම්පන්නා – තෙ ජනා සග්ගගාමිනො
– සංයුත්තනිකාය
යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන් , උයන් වවත් ද, සෙවණ පිණිස ගස් වවත් ද, ඒ දඬු පාලම් කරවත් ද, ළිං පොකුණු ආවාස හා විශ්‍රාම ශාලා කරවත් ද, එබඳු සත්පුරුෂයනට හැමදා දිවා රෑ දෙකෙහි පින් වැඩේ, පින් පිරේයි බුදුරජාණන් වහන්සේ වදාළ හ.
දුකසේ වෙහෙස මහන්සි වී උපයා සපයා ගත් ධනය මහසඟරුවන විශයෙහි කැප කරමින්, “සියල්ල දුන්නාක් වැනි යැයි” බුදු රජුන් විසින් ම වදාළ සේනාසන පූජාව, මෙසේ නිවන් අරමුණු කරගනිමින් සිදු කරගන්නට හැකි වීම අතිශයින් විශ්මිත පුණ්‍ය කර්මයකි. සිල්වතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා මෙම කුටි පරිහරණය කරන වාරයක් පාසා, මේවාගේ වැඩ වෙසෙමින් ගුණදම් වඩන වාරයක් පාසා, මෙම කුටි තනවා පූජා කළ සැදැහැවත් පින්වතුනට දිවා රෑ පින් වැඩෙන්නේ ය..
යහලුවනේ අපදාන පාලියේ 499 වන අපදානයේ දසහන් වන පරිදි නළ කුටිදායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඩුවලින් කුටියක් කොට පූජා කල පිනෙන් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැපද ලැබුවාහුය.
ආපදාන පාලියේ 345වන අපදානයේ දසහන් වන පරිදි නළාගාරික හිමි නාරද බුදුහිමිට බටකිළියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනෙන් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ සිව් පිළිසිඹියාපත් සහිතව රහත් බවද ලැබුවාහුය.
ආපදාන පාලියේ 337වන අපදානයේ තුණකුයිදායක හිමි මීට කල් අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටියදී දිනක් කැලයට ගිය විටදී ලී ගෑලි හයක් ගෙන දෙක දෙක කතිර බැද ඒ මත තෘණ අතුරා කුටියක් කොට සංඝයාට පිදූ පිනෙන්
තව්තිසා දෙව්ලොව විමනක් පහළ විය
උපනූපන් තැන සිතේ හැටියට ප්‍රසාද පහළ විය
බිය, තැතිගැනීම්, ලොමු දැහැගැනිවීම් සිදු නොවීය
සිංහ, ව්යාඝ්ර, වළස් වෘක, කරබානා වළස් ආදී සත්න් තමා යනවිට මාර්ගයෙන් ඉවත් වීම
සර්ප, භූත, නාග, රකුස් ආදීන් තමන් යනවිට මගින් ඉවත්වීම