Skip to main content

තිස්සමහාරාම මැණික් වෙහෙර සුදු පිරියම් කල වගයි …

By October 2, 2020Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

2020 වෙසක් පොහොය නිමිත්තෙන් අපි මහ පින්කමක් සැලසුම් කලා. සිදුකලා. ඒ තමයි තිස්සමහාරාම මැණික්වෙහෙර චෙත්‍යරාජයන් වහන්සේ සුදු පිරියම් කිරීම.  ඒත් හදිසියේම ආව කොවිඩ් වසංගතය නිසා අපිට ඒ පින්කම වෙසක් පොහොයට කරගන්න බැරි උනා. ඒ  පින්කම මීට ටික දිනකට පෙර අවසන් කලා.

මේ පින්කම වෙනුවෙන් මුල් ලැබීම් …

ජනක මහත්මයා———— රු 80,000.00
ශම්මික ජයනන් අයියා——-රු 30,000.00
තනුජා මුනසිංහ මහත්මිය –රු 20,000.00
යමුනා බටුවංගල මහත්මිය- රු 20,000.00
සුනේත්‍රා මල්කාන්ති අක්කා—–17,014.00
නිලූ වීරරත්න මිය————–රු 15,000.00
kusume.hunuqe මහත්මිය—–රු 15,000.00
කමණී පතිරත්න මහත්මිය– රු 15,000.00
දිල්හානි අමරසිංහ මහත්මිය රු 10,000.81
සේපාලිකා නංගි ————–රු 10,000.00
අසංක බණ්ඩාර මහතා——-රු 10,000.00
තරිදු අබේරක්න මල්ලි——– රු 10,000.00
දුමිදු සූරියගේ මහතා———-රු 10,000.00
තුශාර අයියා———————රු 8,000.00
ලසන්ත වික්‍රම මහතා———–රු 5,000.00
මිතිලා විජේකෝන් අක්කා—– රු 5000.00
තුසිත ප්‍රසන්න මහතා———-රු 5,000.00
ඉශාන් මල්ලි———————-රු 5,000.00
ප්‍රසන්න වීරසිං මහතා———- රු 4000.00
අවන්ත ඕපාත මහතා ———-රු 3200.00
අශාන් චාරුක මහතා ———–රු 2500.00
චමිල සෙනෙවිරත්න මහතා —-රු 2500.00
පුබුදුනි රූපසිංහ අක්කා———රු 2000.00
තරිදු බණ්ඩාර මහතා———–රු 2000.00
තරිදු පෙරේරා මහතා ———–රු 2000.00
හිරන්ත මදුසංක මහතා———රු 2000.00
වසන්තා ගමාච්චිගේ සොයුරිය-රු 1600.00
මහිල් උදයංග මහතා————රු 1600.00
චතුරිකා ජයතිලක මහත්මිය —රු 1600.00
චාමර චමින්ද මහතා ————රු 1600.00.
අසංක කුරුප්පු මහතා———–රු 1000.00
ප්‍රියංකා කුරුගල අක්කා———–රු 800.00
දුමිදු රුක්ෂාන් මහතා————-රු 800.00
————————————————–
මුලු ලැබීම්————————–රු 322,214.81

විහාරස්ථානය වෙත මුල් පරිත්‍යාග කලඅතර පින්වත් ස්වාමීන් වහන්සේ විසින් සියලු කටයුතු සිදුකරනු ලැබුවා.

ඔබ සියලු දෙනා සිදුකර ඇත්තේ මහා පින්කමක්.

පලුමුවෙන් මෙහෙම පටන්ගනිමුකො. අපි හැමෝම බලාපොරොත්තු වෙනනෙ මෛත්‍රී බුදුන් දකින්නනෙ. එහෙනම් අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව.

මෛත්‍රී බුදුන් දකින්නෝ කවරහුද යත් … … තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහුද යත්? පන්සිල් රැක්කාහුද දස කුසල්වල යෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය දාගැබ් කරවූවෝද දාතු කරඩු පිදුවෝද දාන ශාලා තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

දැක්ක නේද? මෛත්‍රී බුදුන් දකින්නෙ කවුද කියල.

මේ බලන්න …

මෙයින් සිවු අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැලී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිවු අනූ කපක් දෙවු මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා, රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ “සුධා පිණ්ඩිය” යන නමින් ද හඳුන්වන ලදහ.

තවද මෙයින් දෙ අනූවන කපෙහි බුදුවූ ඵුස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහ වනයෙහි ඇතුන් විසින් පලුදු කරනු ලදුව ගස් වැවී ජරාපත් වී තිබිණ. එක් සැදැහැවතෙක් ඒ චෛත්‍යයෙහි කැඩුම් බිඳුම් වලට බදාම හා ප්‍රතිසංස්කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා ද දෙඅනු කපක් මුළුල්ලෙහි අපමණ දෙවු මිනිස් සැප විඳ අප බුද්ධ ශාසනයේ පැවිදිව රහත්ව දුක් කෙළවර කළේය. ඒ රහතන් වහන්සේ “චණ්ඩ ඵුල්ලයන්ථෙර” යන නමින් හඳුන්වන ලදහ.

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම කියා නිමකල කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

 

1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.

2.ශරීරයේ කිසිම කැළලක් හටනොගනී

3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි

4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි

5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ

6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ

7.සක්විති රජ පදවිය හිමි වේ

8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ

9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ

10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ

11.නිර්වාණය අවබෝධ වේ

12.එතෙක් කිසිදු දුගතියක නූපදී

 

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා.

මේ තරම් මහ පින්කමක් කල මගෙ මිතුරු මිතුරියන් මෙවන් පින්කමකට අපවත් සම්බන්ධ කරගැනීමෙන්ද අපමණ පින් රැස්කරගත්ත.

මේ සියල්ල චෛත්‍යයන් සම්බන්ද ආනිසංශයි.

ඉතින් පින්වත් ඔබට මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායිකමානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසානොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පිනහේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ටඅභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටනොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන්ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙනපරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපතලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා.සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙකසිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා,අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටනොලැබේවා, අපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණට, මහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවා.බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන් වහන්සේ නළල්තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා. තව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතරවරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතන උතුම් අධිගම ලාභය ඒඅයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරක බාධක, සතුරු උපද්‍ර‍,රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් ,තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන්වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදීඋප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්, තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක්ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් ඒ සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම්සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක්තත්පරයක් පාසාරත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වාවිහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍ර‍ඥා පහල වේවා. වාප පිත් සෙම් තුන්දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා,කර්ම, ඍතු, ආහාර, චතුසමුට්ඨානික, ඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා. සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන්විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා. දෙදෙව්ලොවට අධිපත්,සක්දෙවිදුන්, සුමන සමන්දෙවියන්, විෂණු කතරගම ඇතුලු මේ බුද්ධ ශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂාකරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. මේ පින්වත්පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේ දුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරනචන්ද්‍ර‍යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්,කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ,ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලුසර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී,පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී,වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවාකල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින්සාර්ථක වේවා.

මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම්වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහසෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත්බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලකදෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්,පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදිදෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින්අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්,සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධශක්තිය ලැබේවා. ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්‍යය නිවැරදිව සුවසේ අවබෝධකරගෙන දාන සීල භාවනා තිවිධ පුණ්‍ය ක්‍රියා සිදුකරමින්, සිල සමාධි ප්‍ර‍ාව ආදිී ත්‍රි ශික්ෂාව වර්ධනයකරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.‘

අපද පතන යම් බෝධියක් වේද ඒ බෝධියෙන්ම නිර්වාණ අවබෝධයට මේ පින හේතු වාසනා වේවා …

චායාරූප නරඹන්න

Manik wehera Paint...

Manik wehera Paint… – Thissamaharama